එන්න, මා අනුගමනය කරන්න 2024
පෙබරවාරි 26–මාර්තු 3: “උන්වහන්සේගේ නාමය … සාමයේ කුමරා යැයි හඳුන්වනු ලැබෙන්නේය.” 2 නෙපී 11–19


“පෙබරවාරි 26–මාර්තු 3: ‘උන්වහන්සේගේ නාමය … සාමයේ කුමරා යැයි හඳුන්වනු ලැබෙන්නේය.’ 2 නෙපී 11–19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“පෙබරවාරි 26–මාර්තු 3. 2 නෙපී 11–19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
යෙසායා පත්තිරු මත ලියමින්

පෙබරවාරි 26–මාර්තු 3: “උන්වහන්සේගේ නාමය … සාමයේ කුමරා යැයි හඳුන්වනු ලැබෙන්නේය”

2 නෙපී 11–19

ලෝහ තහඩු මත කැටයම් කිරීම පහසු නොවන අතර නෙපීගේ කුඩා තහඩු වල ඉඩ සීමිත වුණා. එසේනම් අනාගතවක්තෘ යෙසායාගේ ලියවිලි බොහොමයක් ඔහුගේ වාර්තාවට පිටපත් කිරීමට නෙපී උත්සාහ කළේ ඇයි? සරලව කිව්වොත්, ඔහු එහෙම කළේ අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීම ඔහුට අවශ්‍ය වූ නිසායි. ඔහු මෙහෙම ලිවුවා, “මගේ ජනතාවට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ සත්‍ය ඔප්පු කිරීමට මාගේ ප්‍රාණය ප්‍රමෝදමත් වෙයි” (2 නෙපී 11:4). අනාගත පරම්පරාවේදී තම සෙනඟට සිදු වන දේ නෙපී දැක තිබුණා. ඔවුන්ට මහත් ආශිර්වාද තිබියදීත්, ඔවුන් උඩඟු, විවාදශීලී සහ ලෞකික බවට පත් වන බව ඔහු දුටුවා (බලන්න 1 නෙපී 12; 15:4–6). ඔහු අපේ කාලය තුළද එවැනිම ගැටලු දුටුවා (බලන්න 1 නෙපී 14). එවැනි දුෂ්ටකම් ගැන යෙසායාගේ ලියවිලි අනතුරු ඇඟෙව්වා. නමුත් ඒවා නෙපීට තේජාන්විත අනාගතයක—දුෂ්ටකමේ අවසානයක, ඇදහිලිවන්තයන්ගේ එකතු වීමක සහ “අන්ධකාරයේ ගමන් කළ” අයට “මහා ආලෝකයක” බලාපොරොත්තු ලබාදුන්නා (2 නෙපී 19:2). මේ සියල්ල සිදුවනු ඇත්තේ, සියලු ආරවුල් අවසන් කළ හැකි දරුවෙකු, “සාමයේ කුමරෙකු”—“උපත ලද නිසයි” (2 නෙපී 19:6).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මට යෙසායාගේ ඉගැන්වීම් වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් කොහොමද?

“යෙසායාගේ වචන සරල නැති” බව නෙපී පිළිගත්තා (2 නෙපී 25:4). නමුත් නෙපී යෙසායාගේ ලියවිලි වල අර්ථය සොයාගැනීමට අපට අදහස් ලබාදුන්නා:

  • ඔබ කෙරෙහි “ඔහුගේ වචන අදාළ කරගන්න” (2 නෙපී 11:2). යෙසායාගේ බොහෝ ඉගැන්වීම් වලට විවිධ අර්ථයන් සහ යෙදුම් තිබෙනවා. උදාහරණයක් ලෙස 2 නෙපී 14:5–6 තුළ වාසස්ථාන ගැන කියවද්දි, මෙම පද ඔබේ නිවසට අදාළ වන ආකාරය ගැන සලකා බලන්න. “මම ඉගෙනගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති දේවල් මොනවාද?” කියා ඔබෙන්ම අසන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සංකේත සොයන්න (බලන්න 2 නෙපී 11:4). ගැලවුම්කරුවාණන් ගැන යෙසායාගේ ඉගැන්වීම් බොහොමයක් ගෙන හැර දක්වන්නේ සංකේත හරහායි. උදාහරණයක් විදියට, 2 නෙපී 19:2 තුළ ගැලවුම්කරුවාණන්ව නියෝජනය වෙන්නේ කොහොමද? මෙම සංකේතයෙන් උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්ද?

  • “අනාවැකි ආත්මයෙන් පූර්ණ වීමට” උත්සාහ කරන්න” (2 නෙපී 25:4). ඔබ අධ්‍යයනය කරද්දි, ආත්මික මගපෙන්වීම සඳහා යාච්ඤා කරන්න. ඔබට සියල්ල එකවරම තේරෙන්නෙ නැති වෙයි, නමුත් ඔබ දැනගත යුතු දේ ඉගෙනගැනීමට ආත්මයාණන්ට උදවු කරන්න පුළුවන්.

පාද සටහන්, පරිච්ඡේදයේ ශීර්ෂ පාඨ, යනාදිය ඇතුළු අධ්‍යයන උපකාර ඔබට උදවු වෙන බවත් ඔබ සොයාගනියි. යෙසායාගේ ඉගැන්වීම්වල ඓතිහාසික සම්බන්ධය ගැන ඉගෙන ගැනීමට ඔබට උදවු කළ හැකි අමතර තොරතුරු මොර්මොන්ගේ පොත සහ පරණ ගිවිසුමේ ආයතනික පන්ති අත්පොතේ තිබෙනවා.

2 නෙපී 11–19

යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරුවා.

යෙසායා සංකේතාත්මක භාෂාවක් භාවිත කළ නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔහුගේ බලවත් සාක්ෂිය නොසලකා හැරීම පහසු වෙන්න පුළුවන්. 2 නෙපී 13:13; 14:4–6; 15:1–7; 16:1–7; 17:14; 18:14–15; 22:2 තුළ ගැලවුම්කරුවාණන්ව සොයන්න. මෙම පද උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද?

2 නෙපී 19:6 තුළ ඇති අනාවැකියේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මාතෘකා කිහිපයක් ලැයිස්තුගත කර තිබෙනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ ජීවිතයේ මෙම භූමිකාවන් ඉටුකර තිබෙන්නේ කොහොමද?

තවත් බලන්න උලිසෙස් සෝරෙස්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: අපගේ ප්‍රාණයන් රැකබලාගන්නා,” ලියහෝනා, මැයි 2021, 82–84.

2 නෙපී 12–1315.

උඩඟු හා ලෞකිකයන් නිහතමානී වෙනවා.

උඩඟුකම තම ජනතාවගේ පරිහානියට හේතුවන බව නෙපී කලින්ම දැක තිබුණා (බලන්න 1 නෙපී 12:19). ඒ නිසා නෙපී තම ජනතාව සමඟ උඩඟුකමට අනතුරු ඇඟවීමේ යෙසායාගේ වචන නැවත නැවතත් බෙදාගැනීම පුදුමයක් නොවේ. 12 සහ 13 වෙනි පරිච්ඡේදවල, අහංකාරකම සහ මානය වැනි උඩඟුකම විස්තර කිරීමට යෙසායා භාවිතා කළ වචන සොයන්න. 2 නෙපී 15:1–24 තුළ, උඩඟුකමේ සහ ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසීමේ ප්‍රතිවිපාක විස්තර කරන සංකේතාත්මක භාෂාව ගැන බලන්න. ඉන්පසු ඔබ කියවා ඇති දේ ඔබේම වචනවලින් සාරාංශ කිරීමට ඔබට උත්සාහ කරන්න පුළුවන්. ඔබ නිහතමානී වීමට තෝරා ගන්නේ කොහොමද කියා සිතා බලන්න.

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 12:2–3

දේවමාළිගාව කියන්නෙ ස්වාමින්වහන්සේගේ නිවස.

යෙසායා දේවමාළිගාව විස්තර කළේ “ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද” ලෙසයි.(2 නෙපී 12: 2). දේවමාළිගාව සඳහා කන්දක් හොඳ සංකේතයක් වන්නේ ඇයි?

අපට දේවමාළිගාවක් අවශ්‍ය වන්නේ ඇයි කියා ඔබ යමෙකුට පැහැදිලි කරන්නේ කොහොමද? ඔබට 2 නෙපී 12:2–3 සහ සභාපති රසල් එම්. නෙල්සන්ගේ “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම” (ලියහෝනා, 2021 නොවැ. 93–96) යන පණිවිඩයෙන් පිළිතුරු කිහිපයක් සොයාගන්න පුළුවන්. ඔබ කියවූ දේ මත පදනම්ව, ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයේ මොන දේවල් ඉගෙනගෙන අත්විඳිනවාටද? එහිදී ඔබ ලැබූ අත්දැකීම් මොනවාද?

ඔබට දේවමාළිගා නිර්දේශ සම්මුඛ සාකච්ඡා ප්‍රශ්න යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශය තුළ සොයාගන්න පුළුවන්. ඒවා එකින් එක කියවා “මෙම ප්‍රශ්නය ස්වාමින්වහන්සේගේ මාර්ග ගැන මට උගන්වන්නේ කුමක්ද” කියා ඔබෙන්ම අසන්න? “උන්වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට” එය මට උදවු කරන්නේ කොහොමද?

2 නෙපී 12–19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ජනයාව මුදා ගන්නවා.

ඔහු නිරීක්ෂණය කළ අධර්මිෂ්ඨකම අතර වුවද, අනාගතය ගැන බලාපොරොත්තු තබාගැනීමට යෙසායා හේතුවක් දුටුවා. පහත සඳහන් එක් එක් ඡේදය අධ්‍යයනය කිරීම ගැන සලකා බලන්න. සෑම ඡේදයක්ම අපේ දවස ගැන උගන්වන එක් සත්‍යයක් හෝ සත්‍යයන් කිහිපයක් ලියන්න: 2 නෙපී 12:1–5; 14:2–6; 15:20–26; 19:2–8. මෙම ඡේද තේරුම් ගැනීම අපට වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

රටාවන් ගැන සොයා බලන්න. ස්වාමින්වහන්සේ ක්‍රියා කරන ආකාරය පෙන්වන රටා ශුද්ධලියවිලි වලින් අපට සොයාගන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, 2 නෙපී 11–19 දක්වා, ස්වාමින්වහන්සේ පාපය ගැන අනතුරු අඟවන සහ පසුතැවිලි වන අයට සමාවදෙන ආකාරය පෙන්වන රටා ඔබට සොයාගන්න පුළුවන්

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 12:2–3

දේවමාළිගාව කියන්නෙ ස්වාමින්වහන්සේගේ නිවස.

  • යෙසායා දේවමාළිගාව විස්තර කළේ “ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද” ලෙසයි. ඔබ 2 නෙපී 12:2–3 කියවද්දි ඔබේ දරුවන්ට කන්දක් නගින බව රඟපාමින් සතුටු වෙන්න පුළුවන්. අපට දේවමාළිගා ඇත්තේ ඇයිදැයි විස්තර කරන මෙම පදවල වාක්‍ය ඛණ්ඩ සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න.

  • 2 නෙපී 12:3 තුළ “අපි උන්වහන්සේගේ මාවතේ ගමන් කරන්නෙමු” යන වාක්‍ය ඛණ්ඩය නිදර්ශනය කිරීම සඳහා, ඔබට දේවමාළිගාවක පින්තූරයකට දෙසට මගපෙන්වන මාර්ගයක් බිම සාදා ගන්න පුළුවන්. ඔබේ දරුවන් ඒ මාර්ගයේ ගමන් කරන අතරතුර, ස්වාමින්වහන්සේගේ මාවත්වල ගමන් කිරීමට ඔවුන්ට කළ හැකි දේවල් නම් කරන්න පුළුවන්.

  • සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන් දේවමාළිගාවට යන ආකාරයේ චිත්‍රයක් අඳින්නත් පුළුවන්.

2 නෙපී 11:4-7; 17:14; 19:6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ මාගේ ගැලවුම්කරුවාණන්.

  • 2 නෙපී 11:4–7; 17:14; 19:6 තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නම් කිහිපයක් තිබෙනවා. ඔබේ දරුවන්ට එම නම් සොයා ගැනීමට සහ ඒවායින් අදහස් කරන දේ ගැන කතා කිරීමට උදවු කරන්න. උදාහරණයක් විදියට, “ක්‍රිස්තුස්” යන්නෙන් අදහස් කරන්නේ “අභිෂේක ලත් තැනැත්තා” සහ “ඉමැනුවෙල්” යන්නෙන් අදහස් කරන්නේ “දෙවියන්වහන්සේ අප සමඟ” යන්නයි. මෙම නම්වලින් යේසුස්වහන්සේ ගැන අපට උගන්වන්නේ මොනවාද?

  • අපි උන්වහන්සේව නැවත දකිද්දි අපට කෙසේ හැඟේවිද?

2 නෙපී 15:20

හොඳ සහ නරක ගැන මාව වියවුල් කිරීමට සාතන් උත්සහ කරනවා.

  • ලෙමන් පෙත්තක් වැනි තිත්ත හෝ ඇඹුල් යමක් රසකැවිලි දවටනයක් තුළ දමා ඔබේ දරුවන්ට පෙන්වන්න. එකට එකතු වී 2 නෙපී 15:20 කියවන්න. සාතන් නපුරු දේවල් වල හොඳ පෙනුමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ කොහොමද? මාළු අල්ලන්නා ඔහුගේ කොක්ක සඟවාගැනීමට යමක් එහි අමුණන්නේ ඇයි? සාතන් පව් සඟවන්නේ ඇයි? සාතන්ගේ රැවටීමෙන් වැළකී සිටීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උදවු කරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
පැනමා හි පැනමා නගරයේ දේවමාළිගාව

පැනමා හි පැනමා නගරයේ දේවමාළිගාව “ස්වාමින්වහන්සේගේ නිවෙස් කඳු මුදුන් මත පිහිටුවනු ලබන්නේය, … තවද සියළු ජාතීහු ඒ වෙතට ගලා එන්නෝය” (2 නෙපී 12:2).

මුද්‍රණය කරන්න