එන්න, මා අනුගමනය කරන්න 2024
මාර්තු 18–24: “මාර්ගය මෙය වේ.” 2 නෙපී 31–33


“මාර්තු 18–24: ‘මාර්ගය මෙය වේ.’ 2 නෙපී 31–33,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මාර්තු 18–24. 2 නෙපී 31–33,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
යේසුස්වහන්සේ තම ගෝලයන්ට උගන්වමින්

ජස්ටින් කුන්ස් විසින්, Christ Teaching His Disciples [ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන්ට උගන්වමින්]

මාර්තු 18–24: “මාර්ගය මෙය වේ”

2 නෙපී 31–33

නෙපීගේ අවසන් වරට වාර්තා කරන ලද වචන අතර, අපිට මෙම ප්‍රකාශය දක්නට ලැබෙනවා: “ස්වාමින්වහන්සේ මට ආඥා කර ඇත්තේ මෙසේය, තවද මා කීකරු විය යුතුය” (2 නෙපී 33:15). මෙය නෙපීගේ ජීවිතය පිළිබඳ හොඳ සාරාංශයක්. ඔහු දෙවියන්වහන්සේගේ කැමැත්ත සෙවූ අතර එයට කීකරු වීමට ධෛර්යවන්ත වුණා—එය ලාබන්ගෙන් පිත්තල තහඩු ලබාගැනීමට ඔහුගේ ජීවිතය අනතුරේ දමාගැනීම, බෝට්ටුවක් තනා මුහුද තරණය කිරීම හෝ ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරලව හා බලයෙන් යුතුව ඉගැන්වීම යන ආදියට වුවත් එහෙමයි. “සදාකාලික ජීවිතයට මගපෙන්වන පටු සහ අවහිර මාර්ගය” අනුගමනය කිරීමේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව ඉදිරියට යාමේ” අවශ්‍යතාවය ගැන නෙපීට ඒත්තුගන්වන ආකාරයෙන් කථා කරන්න පුළුවන් (2 නෙපී 31:20, 18), මොකද ඔහු අනුගමනය කළ මාර්ගය තමයි ඒ. යම් අවස්ථා වලදී අසීරු වුණත්, මෙම මාර්ගය ප්‍රීතිමත් බවත්, “තවද ස්වර්ගයෙන් යට දෙවියන්වහන්සේගේ රාජ්‍යයයේ මනුෂ්‍යයාට ගැලවීම ලබාගැනීමට දී ඇති වෙන මාර්ගයක් හෝ නාමයක් නොමැති” බවත් ඔහු අත්දැකීමෙන් දැන සිටියා (2 නෙපී 31:21).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 නෙපී 31.

සදාකාල ජීවනයට ඇති එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ දහමයි.

සදාකාල ජීවනයට යන මාවත වචන කිහිපයකින් සාරාංශ කිරීමට ඔබට සිදුවුවහොත්, ඔබ කියන්නේ කුමක්ද? 2 නෙපී 31 තුළ නෙපී එය විස්තර කළ ආකාරය සැලකිල්ලට ගන්න. මාර්ගයක් ඇඳ, මෙම පරිච්ඡේදවල ඔබ සොයා ගන්නා සමහර මූලධර්ම එහි ලිවීම ගැන සලකා බලන්න. මේ සෑම මූලධර්මයක්ම ගැන නෙපී ඉගැන්වූ දේ පිළිබඳ ඔබේම සාරාංශයක් ඔබේ චිත්‍රයට එකතු කරන්න ඔබට පුළුවන්.

ඔබ 2 නෙපී 31:18–20 කියවද්දි, ශුභාරංචි මාර්ගය දිගේ “ඉදිරියට ගමන් කිරීමට” ඔබ දරන ඔබේම උත්සාහයන් ඇගයීමට ලක් කරන්න.

රූපය
පවුලක් එක්ව යාච්ඤා කරමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම, අපව සදාකාල ජීවනයට යොමුකරනවා.

2 නෙපී 31:4–13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව්තීස්ම වී කීකරුකමට කදිම ආදර්ශයක් තැබුවා.

ඔබගේ බව්තීස්මය සිදු වූයේ ඊයේ හෝ වසර 80 කට පෙර වුවත්, එය වැදගත් මොහොතක්. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට සදාකාලික ගිවිසුමකට ඇතුල් වුණා. 2 නෙපී 31:4–13 තුළ ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය ගැන ඔබ කියවද්දි ඔබේම බව්තීස්මය ගැන සිතන්න. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීම ඒ සඳහා උදවු වෙන්න පුළුවන්:

  • යේසුස්වහන්සේ බව්තීස්ම වුණේ ඇයි? මම බව්තීස්ම වීමට තෝරාගත්තේ ඇයි?

  • මම බව්තීස්ම වූ විට ඇතිකරගත් පොරොන්දු මොනවාද? ස්වාමින්වහන්සේ ඒ වෙනුවෙන් පොරොන්දු වන්නේ මොනවාද? (බලන්න 12–13 පද; තවත් බලන්න මොසායා 18:10, 13).

  • මම තවමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට කැපවී සිටින බව පෙන්වන්නේ කොහොමද?

2 නෙපී 31:15–20

“අවසානය දක්වා දරාගන්නාව ගලවනු ලබන්නේය.”

ඔබ 2 නෙපී 31:15–20 කියවද්දි, ඔබෙන්ම මෙසේ අසන්න: “මම අවසානය දක්වා විඳදරාගන්නා බව මම දැනගන්නේ කොහොමද?” මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඔබට උදවු වන කුමන දේවල් ඔබ නෙපීගෙන් ඉගෙන ගන්නවාද?

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ අවසානය දක්වා විඳදරාගැනීම ගැන ඉගැන්වූවා: “අපි ශුභාරංචියේ පළමු පියවර හතර සම්පූර්ණ කර ආරක්ෂිත ස්ථානයක පදිංචි වී දත්මිටි කමින් මැරෙන්න බලාසිටිනවා මෙන්—අවසානය දක්වා විඳදරාගැනීම ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ වෙනම පියවරක් නොවේ. නැත, අවසානය දක්වා විඳදරාගැනීම යනු ක්‍රියාශීලීව සහ හිතාමතාම පියවරයන් නැවත නැවතත් කිරීමයි” (“Lifelong Conversion” [Brigham Young University devotional, Sept. 14, 2021], 2, speeches.byu.edu). ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ පියවර (ඇදහිල්ල, පසුතැවිලි වීම, බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන් ලැබීම) ඔබට නැවත නැවතත් කරන්න පුළුවන් කොහොමද?

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 32; 33:2

ක්‍රිස්තුස්වහන්සේගේ වචන තුළින් සහ ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ මා කුමක් කළ යුතු දැයි මට පෙන්වා දෙනවා.

ඔබේ ජීවිතයේ ඊළඟ පියවර ගැන ඔබට කවදා හෝ අවිනිශ්චිත බවක් දැනී තිබෙනවාද? නෙපීගේ මිනිස්සුන්ටත් එවැනි ප්‍රශ්න තිබුණා. (බලන්න 2 නෙපී 32:1). 2 නෙපී 32:2–9 තුළ නෙපීගේ පිළිතුර සොයන්න. නෙපී ඉගැන්වූ දේ ඔබ ඔබේම වචනවලින් ප්‍රකාශ කරන්නේ කොහොමද? නෙපීගේ වචන සත්‍ය බව ඔබට උගන්වා ඇති අත්දැකීම් මොනවාද?

ඔබට දෙවියන්වහන්සේගේ මගපෙන්වීම අවශ්‍ය වන තීරණ හෝ තත්වයන් (දැන් සහ අනාගතයේදී) ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. උන්වහන්සේගේ දේවානුභාවයන් ලබා ගැනීමට ඔබට උදවු වන 2 නෙපී 32 වෙතින් ඔබට ඉගෙන ගත හැකි දේවල් මොනවාද? “ශුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩි කිරීමට” මිනිසුන්ව පොලඹවන්නේ මොනවා වෙන්න පුළුවන්ද? (2 නෙපී 33:2).

ඔබ නෙපීගේ උපදෙස් මෙනෙහි කරද්දි, ඔබ ගැලවුම්කරුවාණන්ගේ වචන අධ්‍යයනය කරන ආකාරය ගැන සිතන්න. ඔබ එය විස්තර කරන්නේ කෙටි කෑමක් , සාමාන්‍ය ආහාර වේලක් නැතිනම් භෝජන සංග්‍රහයක් අතරින් කුමක් ලෙසද? ඔබේ මතය අනුව, එහි වෙනස කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ වචන සමඟ ඔබේ අත්දැකීම භෝජන සංග්‍රහයක් මෙන් කරගන්න පුළුවන් ආකාරය ගැන සලකා බලන්න. සමහරවිට ඔබට මිතුරෙකුගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් අදහස් ලබා ගන්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳින්න. ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳීමට, දේවානුභාවයන් ලබාගැනීමට, යාච්ඤා කිරීම, අධ්‍යයනයට පෙර සහ අතරතුර ප්‍රශ්න ඇසීම, වචන නිර්වචනය කිරීම, මෙනෙහි කිරීම, වෙනත් අදාළ තොරතුරු වෙත යොමුවීම, සටහන් තබාගැනීම, ශුභාරංචි සත්‍යයන් සෙවීම, සහ ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට අදාළ කර ගැනීම ඇතුළුව බොහෝ ක්‍රම තිබෙනවා (බලන්න 1 නෙපී 19:23).

ඉඳහිට පැමිණෙන ආගන්තුකයෙකුට වඩා ඔබේ ජීවිතයේ නිරන්තර සහයකයෙකු වීමට ඔබ ශුද්ධාත්මයාණන්ට ආරාධනා කරන්නේ කොහොමද?

2 නෙපී 33

මොර්මොන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට සියලු දෙනාවම පොළඹවනවා.

2 නෙපී 33 තුළ, නෙපී සිය ලේඛන අවසන් කරද්දි, ඔහු මුලින්ම ලිවීමට ආරම්භ කළේ ඇයි කියා ඔහු පැහැදිලි කළා. මෙම පරිච්ඡේදයේ ඔබට සොයාගත හැකි ඒ සඳහා වූ හේතු මොනවාද? 1 නෙපී සහ 2 නෙපී තුළ ඔබ මෙතෙක් කියවා ඇති කථා සහ ඉගැන්වීම් ගැන මෙනෙහි කරන්න. ඔබට සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ලට වඩාත්ම බලපා ඇත්තේ මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 31:4–13

මම බව්තීස්ම වූ විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනවා.

  • මෙම දළ සටහන අවසානයේ යේසුස්වහන්සේ බව්තීස්ම වන පින්තූරයක් තිබෙනවා. සමහර විට ඔබේ දරුවන්ට මෙම සිදුවීම ගැන ඔවුන් දන්නා දේ ඔබට පැවසීමට එය භාවිතා කරන්න පුළුවන් (තවත් බලන්න මතෙව් 3:13–17). උන්වහන්සේ මෙන් අපද බව්තීස්ම වීම යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? එහි හේතු දැනගැනීම සඳහා ඔබ එකට එකතු වී 2 නෙපී 31:4–13 තුළ කොටස් කියවද්දි ඔබේ දරුවන්ට එයට සවන් දෙන්න පුළුවන්. මෑතකදී බව්තීස්ම වූ කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම බෙදාගත හැකිනම්, එය වඩාත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

2 නෙපී 31

ස්වර්ගයේ පි‍යාණන්වහන්සේ වෙත නැවත යන ආකාරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා හට ඉගැන්නුවා.

  • 2 නෙපී 31 තුළ ඉගැන්වීම් දෘශ්‍යමාන කිරීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, පාඩම අවසානයේ ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් සහිත මාර්ගයක් ඔවුන්ට අඳින්න පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සහ අවසානය දක්වා විඳදරාගැනීම වැනි එම මාර්ගයේ පියවර නියෝජනය කරන පින්තූර සොයා ගැනීමට හෝ ඇඳීමට ඔවුන්ට උදවු කරන්න ඔබට පුළුවන්. ඔබ එකට එකතු වී 2 නෙපී 31:17–20 කියවද්දි ඔවුන්ට ඒ පින්තූර පෙන්වෙන්න පුළුවන්.

2 නෙපී 32:3–5

මට ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳින්න පුළුවන්.

  • ක්‍රිස්තුස්වහන්සේගේ වචන් “භුක්ති විඳීම” ගැන ඉගැන්වීමට, ඔබේ දරුවන්ට ඔවුන්ගේ ප්‍රියතම ආහාර අනුභව කරන ආකාරය රඟ දක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලන්න පුළුවන්. 2 නෙපී 32:3 තුළ, අපි භුක්ති විඳිය යුතු යැයි නෙපී පැවසූ දේවල් මොනවාද? දෙවියන්වහන්සේගේ වචනය භුක්ති විඳීම කියවීමට වඩා වෙනස් වන්නේ කොහොමද? සමහරවිට ඔබේ දරුවන්ට ඒ වෙනස්කම රඟපාන්න පුළුවන්. ඔබ ශුද්ධලියවිලි භුක්ති විඳිද්දි ඔබට ලැබුණු ආශිර්වාද ඔවුන් සමඟ බෙදා ගන්න.

2 නෙපී 32:8–9

ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මා නිතරම යාච්ඤා කිරීමයි.

  • 2 නෙපී 32:8–9 කියවීමෙන් පසු, සාතන් අප යාච්ඤා කරනවාට අකමැති ඇයි කියා ඔබේ දරුවන් සමඟ කතා කරන්න. අපි “සැමවිටම යාච්ඤා කිරීම” දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ඔබේ දරුවන්ට යාච්ඤා කළ හැකි තත්වයන් වල ලැයිස්තුවක් ලිවීමට හෝ එහි පින්තූර ඇඳීමට පුළුවන්. අප නිතරම යාච්ඤා කරද්දි දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව බව්තීස්ම කරමින්

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, To Fulfill All Righteousness [සියලු ධර්මිෂ්ඨකම් සපුරාලීම සඳහා]

මුද්‍රණය කරන්න