එන්න, මා අනුගමනය කරන්න 2024
මාර්තු 4–10: “අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නෙමු.” 2 නෙපී 20–25


“මාර්තු 4–10: ‘අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නෙමු.’ 2 නෙපී 20–25,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මාර්තු 4–10. 2 නෙපී 20–25,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
පවුලක් අධ්‍යයනය කරමින්

මාර්තු 4–10: “අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නෙමු”

2 නෙපී 20–25

යෙසායාගේ ලියවිලිවල ප්‍රබල අනතුරු ඇඟවීම් ඇතුළත් වන නමුත්, ඒවා බලාපොරොත්තුව සහ ප්‍රීතිය ද ලබා දෙනවා. නෙපී ඒවා ඔහුගේ වාර්තාවට ඇතුළත් කිරීමට එක් හේතුවක් වන්නේ මෙයයි: ඔහු මෙසේ පැවසුවා: “තවද මම යෙසායාගේ සමහරක් වචන ලියන්නෙමි, එනම් කවරෙක් වුවත් මෙම වචන දැක ඔවුන්ගේ හදවත් ඔසවමින් ප්‍රීති ප්‍රමුදිත වන පිණිසය” (2 නෙපී 11:8). එක අතකින්, යෙසායාගේ ලිවීම් කියවීමට ආරාධනා කිරීම ප්‍රීති වීමට ආරාධනයක්. ඉශ්‍රායෙලය එක්රැස් කිරීම, මෙසියස්වහන්සේගේ පැමිණීම සහ ධර්මිෂ්ඨයන්ට පොරොන්දු වූ සාමය පිළිබඳ යෙසායාගේ අනාවැකි වලින් නෙපී මෙන්, ඔබටත් සතුටු වෙන්න පුළුවන්. ස්වාමින්වහන්සේ “ජාතීන් උදෙසා කොඩියක් ඔසවා, ඉශ්‍රායෙලයේ නෙරපූවන්ව එකතු කරන්නේය” (2 නෙපී 21:12) යනුවෙන් පුරෝකථනය කළ ඒ දවසෙහි ජීවත් වීම ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ ධර්මිෂ්ඨකම සඳහා පිපාසයෙන් සිටිද්දි, ඔබට “ප්‍රීතියෙන් යුතුව … ගැලවීමේ ළිංවලින් ජලය ඇද ගැනීමට” පුළුවන් (2 නෙපී 22:3). වෙනත් වචන වලින් කියනවානම්, ඔබට “ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමුදිත වෙන්න පුළුවන්” (2 නෙපී 25:26).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 නෙපී 21–22

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සාමය සොයාගන්න පුළුවන්.

ලෙහිගේ දරුවන්ට සෑම විටම මතභේද ඇතිකරගැනීමේ ගැටළුවක් තිබුණා. අනාගත පරම්පරාවන් තුළ එම ගැටලුව වඩාත් නරක අතට හැරී, බෙදීම, වහල්භාවය, දුක සහ විනාශය කරා ගෙන ගියා. ඒ වගේම මතභේද අදටත් ගැටලුවක් වී තිබෙනවා.

ඒ සියල්ල මනසේ තබාගෙන, 2 නෙපී 21–22 තුළ ඇති අනාවැකි ගැන සිතන්න. ගැලවුම්කරුවාණන් මෙම අනාවැකි ඉටු කරන ආකාරය ගැන සලකා බලන්න. වෘකයා “බැටළු පැටවා සමඟ වාසය කරයි” යන අනාවැකියෙන් ඔබට අදහස් වෙන්නේ මොකක්ද? (2 නෙපී 21:6). සාමය ඇති කරන්නෙකු වීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න.

බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “පසුතැවීම: ප්‍රීතිමත් තෝරාගැනීමක්,” ලියහෝනා, නොවැ. 2021, 83–85.

2 නෙපී 21:9–12

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ එක්රැස් කරනවා.

නෙපී සහ ඔහුගේ පවුලේ අය ඉශ්‍රායෙලය විසිරී යාමේ සාක්ෂිකරුවන් (බලන්න 2 නෙපී 25:10). දැන් ඔබට ඉශ්‍රායෙලයේ එක්රැස්වීමට සහභාගී වෙන්න පුළුවන් (බලන්න 2 නෙපී 21:12). ඔබ 2 නෙපී 21:9–12 කියවද්දි, මෙම පදවල විස්තර කරන අනාවැකි ඉටු කිරීමට ඔබට උදවු කළ හැකි ආකාරය ගැන සිතන්න.

උදාහරණයක් විදියට, දෙවියන්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීම සඳහා ඔසවනු ලබන “කොඩිය” ගැන ඔබ කියවද්දි, දෙවියන්වහන්සේ තම සෙනඟව ශාරීරිකව හා අධ්‍යාත්මිකව එක්රැස් කිරීම ඔබ දැක ඇති ආකාරය ගැන සිතන්න. ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව වෙත මිනිසුන්ව ආකර්ෂණය කරන්නේ මොනවාද?

දෙවියන්වහන්සේගේ සෙනග එක්රැස් කිරීමට උදවු කිරීමට ඔබව පොළඹවන්නේ මොනවා කරන්නටද?

2 නෙපී 23–24

බැබිලෝනියේ ලෞකිකත්වය වැටෙනවා.

බැබිලෝනි රාජධානිය පුරාණ ඉශ්‍රායෙලයට බලවත් දේශපාලන හා යුධමය තර්ජනයක් වුණා. නමුත් නෙපීගේ සෙනඟට—සහ අද අපට—ලොකුම තර්ජනය වන්නේ බැබිලෝනිය නියෝජනය කරන දෙයයි: ඒ තමයි ලෞකිකත්වය සහ පාපය. 2 නෙපී 23–24 තුළ අනතුරු ඇඟවීම්, බැබිලෝනියේ ධනය හා බලය කෙරෙහි බිය වූ හෝ ඒවා අගය කළ හෝ විශ්වාස කළ මිනිසුන්ට බලපෑවේ කෙසේද කියා සලකා බලන්න (උදාහරණයක් ලෙස බලන්න 23:6–9, 11, 19–22; 24:10–19). අද අප බිය විය හැකි හෝ අගය කළ හැකි හෝ විශ්වාස කළ හැකි ඒ හා සමාන සමහර දේවල් මොනවාද? ඔබට හැඟෙන ලෙස මෙම පරිච්ඡේද තුළ ඔබට ස්වාමින්වහන්සේගේ පණිවිඩය කුමක් විය හැකිද? “[ස්වාමින්වහන්සේගේ] උසස්කම ගැන ප්‍රීති වන” බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද කියා මෙනෙහි කරන්න (2 නෙපී 23:3).

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 25:19–29

“අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරමු … අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වෙමු.”

විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ නෙපීගේ සාක්ෂිය ඇතුලුව තම විශ්වාසයන් බෙදාගැනීම ගැන නෙපී විවෘතව සිටියා. 2 නෙපී 25 පිළිබඳ ඔබේ අධ්‍යයනය පුරාම, “[ඔහුගේ] දරුවන් … ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස [කරනවාට] සහ දෙවියන්වහන්සේ සමඟ සමාදාන [වෙනවාට]” නෙපීට තිබූ ආශාවන් ගැන සිතන්න (2 නෙපී 25:23). නෙපී කැමති වුණේ ගැලවුම්කරුවාණන් ගැන මිනිසුන් කුමක් දැනගන්නවාටද? (බලන්න 12–13, 16 පද). උන්වහන්සේව විශ්වාස කිරීමට මිනිසුන්ව පෙලඹවීමට නෙපී උත්සාහ කළේ කොහොමද? (බලන්න පද 19–29). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට සහ අනුගමනය කිරීමට ඔබව පොළඹවන මෙම පරිච්ඡේදවල ඇති කොටස් වලට අවධානය දෙන්න.

ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරද්දි නෙපී තරම් නිර්භීත බවක් අපෙන් සමහරෙකුට දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් සමහර විට ඔබට 2 නෙපී 25:23–26 තුළ නෙපීගේ ඉගැන්වීම් තුළින් උන්වහන්සේ ගැන අන් අය සමඟ වඩාත් විවෘතව කතා කිරීමට ඔබව පොළඹවන දෙයක් සොයාගන්න පුළුවන් වෙයි. උදාහරණයක් විදියට, නෙපීගේ “අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වෙමු” යන ප්‍රකාශය, ගැලවුම්කරුවාණන් ඔබට ප්‍රීතිය ගෙන දෙන ආකාරය සහ ඔබට එම ප්‍රීතිය අන් අය සමඟ බෙදා ගත හැකි ආකාරය ගැන සිතා බැලීමට ඔබව පොළඹවන්න පුළුවන්.

අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරමු” (ලියහෝනා, 2020 නොවැ. 88–91) යන වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ පණිවිඩය අපට ක්‍රිස්තුස්වහන්සේ ගැන විවිධ සැකසුම් තුළ වඩා විවෘතව කතා කළ හැකි ආකාර යෝජනා කරනවා. ඔහුගේ යෝජනා අතරින් ඔබට කැපී පෙනෙන්නේ කුමන එකද? ක්‍රිස්තුස්වහන්සේ ගැන අන් අය සමඟ කතා කිරීමට ඔබට ඇති අවස්ථා මොනවාද?

ඔබට පෙළඹවීමක් දැනෙන්නේ අන් අය සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කුමක් පැවසීමටද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 21:1–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.

  • ඔබේ දරුවන්ට මෙම පද සිතින් මවා ගැනීමට උදවු කිරීම සඳහා, ඔබට කපා දැමූ ගසක් හෝ ගසකින් වැඩෙන අත්තක් [ශාඛාවක්] සොයා ගත හැකි දැයි බලන්න (නැතහොත් පෙන්වීමට පහත පින්තූරය යොදාගන්න). 2 නෙපී 21:1 තුළ ඇති “ශාඛාව” නියෝජනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නම්, 2–5 පද උන්වහන්සේ ගැන අපට උගන්වන්නේ මොනවාද?

රූපය
ගස් කඳින් කුඩා ශාකයක් වැඩීම

2 නෙපී 21:6–9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාමය හා ප්‍රීතිය ගෙන එනවා.

  • සෑම කෙනෙකුම ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරද්දි සිදුවිය හැකි දේ ගැන 2 නෙපී 21:6–9 තුළින් උගන්වන්නේ මොනවාද? (තවත් බලන්න 4 නෙපී 1:15–18). අපි අපේ නිවස තව තවත් මේ වගේ කරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සතුරන් වන නමුත් යේසුස්වහන්සේ නැවත පැමිණෙද්දි එකිනෙකාට රිදවන්නේ නැති සතුන්—වන 6–7 පදවල සඳහන් වන සතුන්ගේ පින්තූර බැලීමෙන් ඔබේ දරුවන්ට සතුටු වෙන්න පුළුවන් (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න). ඔබේ දරුවන් සහ මෙම සතුන් යේසුස්වහන්සේ සමඟ සාමකාමීව ජීවත් වන ආකාරය ගැන චිත්‍ර ඔවුන්ට අඳින්න පුළුවන්.

2 නෙපී 21:11–1222.

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ එක්රැස් කරනවා.

  • මිනිසුන්ට උන්වහන්සේ වෙත රැස් වීමට උදවු කිරීම සඳහා ස්වාමින්වහන්සේ “ජාතීන් සඳහා ධජයක්” පිහිටුවන බව යෙසායා පැවසුවා (බලන්න2 නෙපී 21:11–12). ධජයක් කොඩියකට සමාන බව තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. සමහරවිට ඔවුන්ට තමන්ගේම කොඩියක් ඇඳීමෙන් සතුටු වෙන්න පුළුවන්. ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සහ උන්වහන්සේගේ සභාව වෙත පැමිණීමට හේතු නියෝජනය කරන පින්තූර හෝ වචන ඒවායෙහි ඇතුළත් කරන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ කොඩි ගැන කතා කිරීමට ඉඩදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට “එක් රැස් වීමට” අන් අයට උදවු කරන්නේ කෙසේදැයි සිතා බැලීමට ඔවුන්ට උදවු කරන්න.

  • එකට එකතු වී 2 නෙපී 22:4–5 කියවීමෙන් පසු, ඔබට ස්වාමින්වහන්සේ කර ඇති සමහර “විශිෂ්ට දේවල්” ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න පුළුවන්. අපට ප්‍රකාශ කළ හැකි “[අපි] අතරේ සිදුවන” ස්වාමින්වහන්සේගේ සමහර ක්‍රියා මොනවාද? ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇති දේ ගැන දැනගැනීමට අපට අනෙක් අයට උදවු කරන්න පුළුවන් කොහොමද?

2 නෙපී 25:26

“අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නෙමු.”

  • “ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වීමට” ඔබේ දරුවන්ට ඔබ උදවු කරන්නේ කොහොමද? ඔබ එකට එකතු වී 2 නෙපී 25:26 කියවද්දි, ඔවුන් “ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නේ” ඇයි කියා ඔවුන්ට කතා කරන්න පුළුවන්.

ක්‍රිස්තුවහන්සේගේ ගැන සාක්ෂි දරන්න. ගැලවුම්කරුවාණන් ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ පවුලේ අය දන්නවා යැයි නිගමනය කරන්න එපා. ඒ බව ඔවුන්ට කියන්න, ඒ වගේම ඔබ ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය තුළින් ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ හැඟීම් ඉස්මතු වීමට ඉඩ දෙන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ධර්මදූතයින් පවුලකට උගන්වමින්

රෝමන් එලී ගර්සියා රිවාස් විසින්, I’ll Go Where You Want Me to Go [මම ඔබට යාමට අවශ්‍ය තැනට යන්නම්]

මුද්‍රණය කරන්න