එන්න, මා අනුගමනය කරන්න 2024
මාර්තු 11–17: “පුදුමාකාර කාර්යයක් සහ ආශ්චර්යක්.” 2 නෙපී 26–30


“මාර්තු 11–17: ‘පුදුමාකාර කාර්යයක් සහ ආශ්චර්යක්.’ 2 නෙපී 26–30,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මාර්තු 11–17. 2 නෙපී 26–30,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
යේසුස්වහන්සේ ස්ත්‍රියක් වෙත ලඟාවෙමින්

සැන්ඩ්‍රා රාස්ට් විසින්, He Will Lead Thee by the Hand [උන්වහන්සේ ඔබව අතින් අල්ලාගෙන මෙහෙයවනු ඇත]

මාර්තු 11–17: “පුදුමාකාර කාර්යයක් සහ ආශ්චර්යක්”

2 නෙපී 26–30

“මම ඔබට අන්තිම දවස් ගැන අනාවැකි කියන්නෙමි,” කියා නෙපී ලිව්වා (2 නෙපී 26:14). වෙනත් වචන වලින් කියනවා නම්, ඔහු ලියමින් සිටියේ අපේ දවස් ගැනයි. ඒ වගේම මිනිසුන් දෙවියන්වහන්සේගේ බලය හා ප්‍රාතිහාර්යයන් ප්‍රතික්ෂේප කිරීම, අධික ලෙස පැතිරී ඇති ඊර්ෂ්‍යාව සහ ආරවුල් වැනි; ඔහු දුටු දේ ගැන ගැටළුකාරීව හිතන්න හේතුවක් තිබෙනවා. නමුත් විරුද්ධවාදියා විසින් මෙහෙයවන ලද මෙම පසුදවස් වල “අන්ධකාරයේ ක්‍රියා” (2 නෙපී 26:10, 22) වලට අමතරව, නෙපී දෙවියන්වහන්සේ විසින්ම මෙහෙයවන ලද “පුදුමාකාර ක්‍රියාවක් සහ ආශ්චර්යයක්” ගැනද කතා කළා (2 නෙපී 27:26) . එම කාර්යයන් කේන්ද්‍රීය කරගෙන පොතක් තිබෙනවා—එය සාතන්ගේ බොරු හෙළි කරන සහ ධර්මිෂ්ඨයන් එකතු කරන පොතක්. ඒ තමයි මොර්මොන්ගේ පොත, ඒ වගේම පුදුමාකාර කාර්යයක් කියන්නෙ පසුදවස් වල ස්වාමින්වහන්සේගේ සභාවේ කාර්යය, ඒ වගේම ආශ්චර්ය තමයි අපගේ දුර්වලතා මධ්‍යයේ වුවත්, එක්රැස් කිරීම සඳහා සහභාගී වීමට උන්වහන්සේ අප සැමට ආරාධනා කිරීම.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 නෙපී 26–27; 29–30

දෙවියන්වහන්සේ අපේ දවස සඳහා මොර්මොන්ගේ පොත සූදානම් කළා.

2 නෙපී 26–27 තුළ, නෙපී යෙසායාගේ පූර්ව අනාවැකියකින් (බලන්න යෙසායා 29) දැඩි ලෙස උපුටා ගත්තා, ඒ වගේම එය ඔහුගේ සෙනඟට සහ ඔවුන්ගේ වාර්තාව වන මොර්මොන්ගේ පොතට අදාළ කරගත්තා. මොර්මොන්ගේ පොත සම්පූර්ණයෙන් ලිවීමට පෙර පවා එය “මනුෂ්‍ය දරුවන්ට ඉතා වටිනා” බව නෙපී එළිදරව්වෙන් දැන සිටියා (2 නෙපී 28:2). මොර්මොන්ගේ පොත ඔබට ඉතා වටින්නේ ඇයි? ඔබ 2 නෙපී 29–30 කියවද්දි මෙම ප්‍රශ්නය ගැන සිතන්න. මොර්මොන්ගේ පොත තුළින් දෙවියන්වහන්සේ ලෝකය තුළ සහ ඔබගේ ජීවිතය තුළ ඉටුකරන “පුදුමාකාර” (2 නෙපී 27:26) ක්‍රියා මොනවාද?

බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:62–65.

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 26:23–33

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුටම උන්වහන්සේ වෙතට එන ලෙස ආරාධනා කරනවා.

2 නෙපී 26:23–24 තුළ සලකා බැලිය යුතු බොහෝ සුන්දර සත්‍යයන් තිබෙනවා. උදාහරණයක් විදියට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයේ ප්‍රයෝජනය සඳහා” සහ ඔබ සඳහා කර ඇති දේවල් ගැන ඔබට සිතන්න පුළුවන්. උන්වහන්සේ “සෑම මනුෂ්‍යයෙකුවම” සහ ඔබව “උන්වහන්සේ වෙතට” සමීප කරගන්නේ කොහොමද? උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් ඔබට දේවානුභාවයක් දැනෙන්නේ මොනවා කිරීමටද?

25–33 පද කියවමින් ගැලවුම්කරුවාණන් පිළිබඳ සත්‍යයන් සොයන්න. උන්වහන්සේගේ ආරාධනා විශේෂයෙන් සැලකිල්ලට ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට දුන් පණිවිඩය ඔබ එක වාක්‍යයකින් සාරාංශ කරන්නේ කොහොමද?

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ “අයිති වීමේ දහම” (ලියහෝනා, 2022 නොවැ. 53–56) යන පණිවිඩය තුළ ඔබට සමහර අදහස් සොයාගන්න පුළුවන්.

තවත් බලන්න 3 නෙපී 18:30–32; සභාපති ඩැලන් එච්. ඕක්ස් “අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?,” ලියහෝනා, මැයි 2021, 75–77.

නිශ්ශබ්දතාවයට බිය වෙන්න එපා. හොඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කාලය ගත වෙනවා. එම ප්‍රශ්න වලට සෙවීම, සිතීම සහ දේවානුභාවය අවශ්‍ය වෙනවා. ප්‍රශ්නයකට පිළිතුරු බලාපොරොත්තුවෙන් ඔබ ගත කරන කාලය මෙනෙහි කිරීමේ පූජනීය කාලයක් වෙන්න පුළුවන්. වෙනත් දෙයකට මාරු වීමෙන් මෙම කාලය ඉක්මනින් අවසන් කිරීමට පෙළඹෙන පරීක්ශාවෙන් වළකින්න.

2 නෙපී 28

සාතන් උත්සහ කරන්නේ රැවටීමටයි.

සාතන්ගේ බොහෝ බොරු සහ උපක්‍රම 2 නෙපී 28 තුළින් හෙළිදරව් කරනවා. 6, 8, 21–23, 29 පදවල ඒවා සොයන්න. සාතන්ගේ බොරු ගැන ඔබ දැනගත යුත්තේ ඇයි? සතුරා ඔබව රවටා ගැනීමට උත්සාහ කරද්දි ඔබ කරන්නේ කුමක්ද?

සාතන්ගේ බොරු ප්‍රතික්ෂේප කරන ශුද්ධලියවිලි පද කිහිපයක් පහත ලැයිස්තුගත කර තිබෙනවා. ඔබට මෙම පදවල ඇති සත්‍ය දහම 2 නෙපී 28 තුළ නෙපී අපට අනතුරු අඟවන ව්‍යාජ දහම සමඟ සැසඳිය හැකිදැයි බලන්න:

තවත් බලන්න ගැරී ඊ. ස්ටීවන්සන් “මාව රවටන්න එපා ,“ ලියහෝනා, නොවැ. 2019, 93–96.

2 නෙපී 28:27–3129

දෙවියන්වහන්සේ තම දරුවන්ට මගපෙන්වීම සඳහා දිගින් දිගටම එළිදරව් ලබාදෙනවා.

පසුදවස් වල ශුද්ධවන්තයන් වශයෙන් අපව දෙවියන්වහන්සේගේ වචනයේ බහුලත්වයෙන් ආශිර්වාද කර තිබෙනවා. එහෙත්, නෙපී අනතුරු ඇඟවූ පරිදි, “අපට ප්‍රමාණවත්ව තිබේ” යැයි අපට කිසි විටෙකත් හැඟිය යුතු නෑ. 2 නෙපී 28:27–31 සහ 2 නෙපී 29 තුළ තිබෙන අනතුරු ඇඟවීම් ගැන කියවද්දි, මෙවැනි ප්‍රශ්න මෙනෙහි කරන්න:

  • ස්වාමින්වහන්සේ කැමති මට උන්වහන්සේගේ වචනය ගැන කෙසේ හැඟෙනවාටද සහ මම කෙසේ ප්‍රතිචාර දක්වනවාටද?

  • දෙවියන්වහන්සේගෙන් තවත් සත්‍යයක් ලැබීම ගැන මිනිසුන් සමහරවිට “කෝප වන්නේ” ඇයි? (2 නෙපී 28:28). මට කවදා හෝ මේ ආකාරයෙන් දැනී ඇත්ද? එසේ නම්, මට වෙනස් වෙන්න පුළුවන් කොහොමද?

  • දෙවියන්වහන්සේගේ වචනය ලැබීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේගේ වචනයෙන් වැඩි යමක් ලබාගැනීමට මට අවශ්‍ය බව මම උන්වහන්සේට පෙන්වන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 26:23–28, 33

සෑම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම උන්වහන්සේට අවශ්‍යයි.

  • මෙම පදවල ඇති ගැලවුම්කරුවාණන්ගේ ආරාධනා ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, උපන් දින සාදයක් වැනි විශේෂ උත්සවයකට ඔවුන් පුද්ගලයින්ට ආරාධනා කළ අවස්ථා ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. එවිට ඔබට එකට එකතු වී 2 නෙපී 26:23–28 කියවා යේසුස්වහන්සේ අපට ආරාධනා කරන්නේ කුමක් කිරීමටදැයි සොයා බලන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස යමෙකුට ආරාධනා කරන කාඩ්පතක් සෑදීමට ඔබේ දරුවන් කැමති වෙන්න පුළුවන්. ඔවුන්ගේ කාඩ්පත් වලට මෙම පදවලින් වාක්‍ය ඛණ්ඩයක් භාවිතා කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • මෙම දළ සටහනේ අවසානයේ ඇති සිතුවම බොහෝ පසුබිම්වලින් එන පුද්ගලයින්ව පෙන්වනවා. ඔබ 2 නෙපී 26:33 කියවද්දි ඔබේ දරුවන්ට මෙම පින්තූරය දෙස බලන්න පුළුවන්. ඔබේ දරුවන් මේ පින්තූරයේ සිටින එක් එක් පුද්ගලයාව පෙන්වා දෙද්දි සහ—පසුව ඔවුන්වම පෙන්වන විටදීත් “උන්වහන්සේ වෙත පැමිණෙන ලෙස සෑම කෙනෙක්ටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආරාධනා කරනවා” යන වාක්‍ය ඛණ්ඩය ඔබට නැවත නැවතත් කියවන්න පුළුවන්. අපි යේසුස්වහන්සේ ළඟට පැමිණෙන්නේ කොහොමද?

2 නෙපී 28:2; 29:7–11; 30:3–6

මෝර්මන්ගේ පොත කියන්නෙ ආශිර්වාදයක්.

  • මොර්මොන්ගේ පොතට “බලවත් වටිනාකමක්” ඇති බව ඔබේ දරුවන්ට හැඟෙන්නට උදවු කිරීම සඳහා (2 නෙපී 28:2), මෙම පොතේ පිටපතක් තෑග්ගක් ලෙස ඔතා එහි ඇති දේ අනුමාන කිරීමට ඔබට ඔවුන්ට ඉඩ දෙන්න පුළුවන්. ඔවුන්ට 2 නෙපී 30:3–6 තුළ හෝඩුවාවන් සොයන්න පුළුවන්. මොර්මොන්ගේ පොත ඔබට ඉතා වටින්නේ ඇයිදැයි ඔබේ දරුවන්ට කියන්න, ඒ වගේම ඔවුන්ටත් ඔවුන්ගේ හැඟීම් බෙදා ගැනීමට ඉඩ ලබාදෙන්න.

  • මිතුරෙකු මෙසේ පවසනවා යැයි සිතීමට දරුවන්ට කියන්න, “මට මොර්මොන්ගේ පොත කියවීමට අවශ්‍ය නැහැ. මම දැනටමත් බයිබලය කියවා තිබෙනවා.” අපිට අපේ මේ මිතුරාට කියන්න පුළුවන් මොනවාද? එකට එකතු වී 2 නෙපී 29:7–11 කියවා, අපට මේ පොත් දෙකම තිබීම දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි කියා ඉගෙනගන්න.

2 නෙපී 28:30–31

ස්වර්ගික පියාණන්වහන්සේ මට උගන්වන්නේ ටිකින් ටිකයි.

  • “පේළියෙන් පේළියට” ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු වීමට භාණ්ඩ භාවිතයෙන් කරන පාඩමක් ගැන ඔබට සිතන්න පුළුවන්. උදාහරණයක් විදියට, ඔවුන්ට ප්‍රහේලිකාවක් විසඳීමට හෝ වරකට එක් කොටසක් බැගින් ගෙන ප්ලාස්ටික් කැබලි වලින් යමක් ගොඩනගන්න පුළුවන්. එසේත් නැතිනම් බෝ පටියක් ගැටගැසීම හෝ චිත්‍රයක් ඇඳීම වැනි කුසලතාවයක් පියවරෙන් පියවර ඔවුන්ට උගන්වන්න. එවිට ඔබට 2 නෙපී 28:30 කියවා ස්වර්ගීය පියාණන්වහන්සේ අපට වරකට එක සත්‍යයක් බැගින් උගන්වන ආකාරය සාකච්ඡා කරන්න පුළුවන්.

  • 2 නෙපී 28:30 තුළින් වාක්‍ය ඛණ්ඩයක් තෝරාගෙන එය වරකට එක වචනයක් බැගින් ලිවීම තවත් එවැනි අදහසක්. මෙය දෙවියන්වහන්සේ අපට සත්‍යය ලබාදෙන ආකාරය හා සමාන වන්නේ කොහොමද? එකවරම හෙළිකරනවා වෙනුවට, දෙවියන්වහන්සේ අපට “පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක්ය එහි ටිකක්ය” ලෙස සත්‍යය හෙළිකරන්නේ ඇයි? අපට උන්වහන්සේගෙන් තව තවත් සත්‍යය ලබාගැනීමට අවශ්‍ය බව අපට දෙවියන්වහන්සේට පෙන්වන්න පුළුවන් කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සෙනඟ මැද

ජුඩිත් ඒ. මෙර් විසින්, Christ in the Midst [ක්‍රිස්තුස්වහන්සේ මැද සිටිමින්]

මුද්‍රණය කරන්න