එන්න, මා අනුගමනය කරන්න 2024
අප්‍රියෙල් 8–14: “ස්වාමින්වහන්සේ අප සමඟ වෙහෙස වන සේක.” යාකොබ් 5–7


“අප්‍රියෙල් 8–14: ‘ස්වාමින්වහන්සේ අප සමඟ වෙහෙස වන සේක.’ යාකොබ් 8–14,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“අප්‍රියෙල් 8–14: යාකොබ් 5–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ඔලිව් ගස් වත්තක වැඩ කරන මිනිසුන්

බ්‍රැඩ් ටියර් විසින්, Allegory of the Olive Tree [ඔලිව් ගසෙහි උපමාව]

අප්‍රියෙල් 8–14: ස්වාමින්වහන්සේ අප සමඟ වෙහෙස වන සේක

යාකොබ් 5–7

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මෙතෙක් අසා නැති බොහෝ දෙනෙක් සිටිනවා. ස්වාමින්වහන්සේගේ සභාවට එක්රැස් කිරීමේ කාර්යයේ දැවැන්තකම ගැන ඔබට කවදා හෝ දැනී තිබෙනවා නම්, යාකොබ් 5 තුළ ඇති ඔලිව් ගස්වල උපමාවෙහි සැනසිලිදායක මතක් කිරීමක් තිබෙනවා: මිදිවත්ත අයිති ස්වාමින්වහන්සේටයි. උන්වහන්සේගේ කාර්යයට සහය වීම සඳහා උන්වහන්සේ අප සෑම කෙනෙකුටම කුඩා ප්‍රදේශයක් ලබා දී තිබෙනවා—අපගේ පවුල, අපගේ මිතුරන්ගේ කවය, අපගේ බලපෑම් කලාපය. ඒ වගේම සමහරවිට අපි රැස්කිරීමට උදව් කරන පළමු පුද්ගලයා අපිමයි. මිදිවත්තේ ස්වාමින්වහන්සේ සිය සේවකයන් සමඟ වෙහෙස මහන්සි වී වැඩ කරන නිසා අපි කිසිවිටෙකත් මේ කාර්යයේ තනි වෙන්නෙ නෑ (බලන්න යාකොබ් 5:72). දෙවියන්වහන්සේ තම දරුවන්ව දන්නවා ඒ වගේම ඔවුන්ට ප්‍රේම කරවා, ඒ වගේම අතීතයේදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කළ අය ඇතුළු, සෑම කෙනෙකුටම තම ශුභාරංචිය ඇසීමට මාර්ගයක් සූදානම් කරනවා (බලන්න යාකොබ් 4:15–18). ඊට පස්සෙ, ඒ කාර්යය අවසන් වුණාම, “[උන්වහන්සේ] සමඟ වෙහෙස මහන්සි වී වැඩ කළ සියල්ලන්ම [උන්වහන්සේගේ] මිදිවත්තේ ඵලය නිසා [උන්වහන්සේ] සමඟ ප්‍රීති [වෙනවා]” (යාකොබ් 5:75).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යාකොබ් 5

මිදිවත්තේ ස්වාමියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.

යාකොබ් 5 කියන්නෙ සංකේතාත්මක අර්ථයක් සහිත කතාවක්. එය ගස් හා පලතුරු හා කම්කරුවන් පිළිබඳ විස්තර කරනවා, ඒත් එය ඇත්තෙන්ම ඉතිහාසය පුරාම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ සමඟ කළ ක්‍රියාවන් ගැන කතාවක්. එනිසා ඔබ ඒ මූලික කතාව කියවද්දි, කතාවේ සමහර දේවල් සංකේතවත් කරන්නේ මොනවා ගැනද කියා සිතන්න.

උදාහරණයක් විදියට, මිදි වත්තෙන් ලෝකය සංකේතවත් කරනවා නම් සහ හීලෑ ඔලිව් ගස ඉශ්‍රායෙලය (හෝ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගත් අය; බලන්න යාකොබ් 5:3) සංකේතවත් කරනවා නම්, වල් ඔලිව් ගස් සංකේතවත් කරන්නේ කුමක්ද? නරක සහ හොඳ පළතුරුවලින් සංකේතවත් කළ හැක්කේ මොනවාද? ඔබ දකින අනෙකුත් සංකේත මොනවාද?

යාකොබ් 5 ජාතීන් සහ සියවස් ගණනාවක ලෝක ඉතිහාසය ගැන ඉගැන්වුවත්, එය ඔබ සහ ඔබේ ජීවිතය ගැනද වෙනවා. ඔබ විසින් යාකොබ් 5 තුළ ඔබ සඳහා සොයාගන්නා පණිවිඩ මොනවාද?

සමහරවිට වඩාත් වැදගත්වම යාකොබ් 5 තුළ කතා කරන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනයි. ඔබ කියවද්දි උන්වහන්සේව සොයන්න. උදාහරණයක් වශයෙන් 40-41, 46-47 පද, වලින් ඔබ උන්වහන්සේ ගැන ඉගෙන ගන්නේ මොනවාද?

යාකොබ් 5 පිළිබඳ අමතර අවබෝධයක් සඳහා, මෙම ආකෘතිය අවසානයේ ඇති රූප සටහන බලන්න.

රූපය
සෙමනේරි නිරූපකය

යාකොබ් 5:61–75

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ මිදි වත්තේ උන්වහන්සේ සමඟ වැඩ කිරීමට මට ආරාධනා කරනවා.

ස්වාමින්වහන්සේගේ මිදි වත්තට කැඳවනු ලැබූ “අනෙකුත් සේවකයන්ට” (යාකොබ් 5:70) ඔබ වැනි අය ද ඇතුළත්. ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ වැඩකිරීම ගැන යාකොබ් 5 තුළ, විශේෂයෙන් පද 61–62 සහ 70–75 තුළ, ඔබ සොයාගත් සත්‍යයන් මොනවාද? උන්වහන්සේගේ කාර්යයන් වලට උදව් කිරීමෙන් ඔබ උන්වහන්සේ ගැන ඉගෙන ගෙන ඇත්තේ මොනවාද?

ස්වාමින්වහන්සේ සිය මිදිවත්තේ වෙහෙස මහන්සි වී වැඩ කරන “අන්තිම අවස්ථාව” ගැන ඔබ කියවද්දි, “ඔබේ බලයෙන්” ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබව පොළඹවන්නේ කුමක්ද? (යාකොබ් 5:71). මිදිවත්තේ ස්වාමින්වහන්සේට සේවය කරද්දි—නිදසුනක් විදියට ශුභාරංචිය බෙදාගැනීම, දේවමාළිගාවේ සේවය කිරීම හෝ අනෙක් අයව ශක්තිමත් කිරීම වැනි ඔබ ප්‍රීතිය අත්විඳි අත්දැකීම් ඔබට බෙදාගන්න පුළුවන්. වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් ඔහුගේ පණිවිඩයේ බෙදාගත් උදාහරණ ඔබට ගවේෂණය කරන්න පුළුවන් “සරලව අලංකාරයි—අලංකාර ලෙස සරලයි” (ලියහෝනා, නොවැ. 2021, 47–50).

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්නුවා: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවායේ අත්‍යවශ්‍ය බව්තීස්ම සහ දේවමාළිගා නියෝග ලබාගැනීමට පියවරක් ගැනීමට—තිරයේ ඕනෑම පැත්තක—ඕනෑම කෙනෙකුට උදවු වන ඕනෑම දෙයක් ඔබ ඕනෑම අවස්ථාවක කරද්දි, ඔබ ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් වෙනවා. එය ඒ තරම්ම සරලයි” (“Hope of Israel” [worldwide youth devotional, June 3, 2018], ChurchofJesusChrist.org). ඉශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් පිළිබඳ අදහස් ලැයිස්තුවක් ආරම්භ කිරීම සලකා බලන්න. ඔබට හැඟෙන ආකාරයට ඔබගේ ලැයිස්තුවෙන්, ස්වාමින්වහන්සේගේ මිදි වත්තේ අද දින කිරීමට ස්වාමින්වහන්සේ ඔබගෙන් ඉල්ලන්නේ මොනවාද? 75 වෙනි පදයට අනුව, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ මිදි වත්තේ සේවය සඳහා අපට විපාක දෙන්නේ කොහොමද?

දහම උගන්වන්න. ඔබගේ සාකච්ඡා ශුද්ධලියවිලි වල ඇති පදනම් දහම කෙරෙහි අවධානය යොමු කරන බවට වගබලාගන්න. එකට එකතු වී ශුද්ධලියවිලි කියවා ඔබ සොයා ගන්නා සත්‍යයන් එකිනෙකා සමඟ බෙදාගැනීමෙන් සහ එම සත්‍යයන් තුළ ජීවත් වී අත්දැකීම් ලබා ගැනීමෙන්ද ඔබට මෙය කරන්න පුළුවන්.

යාකොබ් 6:4–5

ස්වාමින්වහන්සේ තම සෙනඟ ආදරයෙන් හා දයාවෙන් සිහිපත් කරනවා.

බැඳී සිටීම යන වචනයේ එක් අර්ථයක් තමයි ස්ථිරව, සමීපව සහ නොසැලෙන ලෙස යමක් පිළිපැදීම හෝ යමකට ඇලී සිටීම. එම නිර්වචනය ඔබ යාකොබ් 6:4–5 තුළ තේරුම්ගන්නා ආකාරයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද? ඔලිව් ගසේ උපමාවේ, මිදිවත්තේ ස්වාමියා ඔහුගේ “දයාවේ හස්තය” දිගු කළේ කොහොමද? (උදාහරණයක් ලෙස බලන්න, යාකොබ් 5:47, 51, 60–61, 71–72). උන්වහන්සේ ඔබ වෙනුවෙන් මෙය කර ඇත්තේ කොහොමද?

යාකොබ් 7:1–23

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ ඇදහිල්ලට, අනෙක් අය අභියෝග කරද්දි මට ශක්තිමත්ව ඉන්න පුළුවන්.

ෂෙරෙම් සමඟ නෙපීවරුන්ගේ අත්දැකීම් අද දිනයේ බොහෝ විට පුනරාවර්තනය වෙනවා: ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල විනාශ කිරීමට උත්සාහ කරන උගත්, හොඳින් කතා කරන පුද්ගලයන් ඉන්න පුළුවන්. යාකොබ්ගේ ඇදහිල්ලට පහරදුන් විට ඔහු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? ඔහුගේ ප්‍රතිචාර වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල අභියෝගයට ලක්වන අවස්ථාවන්ට සූදානම් වීමට ඔබට දැන් කරන්න පුළුවන් මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යාකොබ් 5

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ ගැන සැලකිලිමත් වෙනවා.

  • ඔලිව් ගස් පිළිබඳ උපමාව ඔබේ දරුවන්ට තේරුම් ගත හැකි ආකාරයෙන් බෙදාගන්නේ කොහොමද? එක් ක්‍රමයක් තමයි ගසක් දෙස බැලීමට එළිපෙහෙලියේ ඇවිදින අතරතුර කතාවේ ප්‍රධාන කරුණු කෙටියෙන් සමාලෝචනය කිරීම. මිදිවත්තේ ස්වාමියා තම ගස් සඳහා කළේ කුමක්ද? අපට මේ උපමාවේ සේවකයන් මෙන් වෙන්න පුළුවන් කොහොමද, ඒ වගේම ගැලවුම්කරුවාණන්ගේ ආදරය අනෙක් අයට දැනෙන්නට උදවු කරන්නේ කොහොමද?

  • යාකොබ් ඔලිව් ගස් පිළිබඳ උපමාව බෙදාගත්තේ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස තම ජනතාවට ආරාධනා කිරීමටයි. ඔබේ දරුවන්ටත් එය එසේම වෙන්න පුළුවන්. සමහරවිට ඔබට යාකොබ් 5:3–4, 28–29, 47 සහ 70–72 වැනි පද සමඟ කතාව සාරාංශ කරන්න පුළුවන්. පසුව ඔබට හෝ ඔබේ දරුවන්ට මිදිවත්තේ ස්වාමියා (යේසුස් ක්‍රිස්තුස්වහන්සේ) ගස් ගැන කොච්චර සැලකිල්ලක් දැක්වුවාද කියා පෙන්වන දේවල් සොයමින් යාකොබ් 5:11, 41, 47, සහ 72 කියවන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් අප ගැන සැලකිලිමත්ව වන බව පෙන්වීමට කරන්නේ මොනවාද?

යාකොබ් 6:4–5

මම පසුතැවිලි වෙද්දි ස්වර්ගික පියාණන්වහන්සේ මට ප්‍රේම කරනවා මෙන්ම මට සමාව දෙනවා.

  • අපි වැරදි තේරීම් කරන කොට යාකොබ් 6:4–5 අපට වැදගත් පණිවිඩයක් දෙනවා. සමහර විට එය සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ මිදීමේ ප්‍රේමය ගැන අපට බලාපොරොත්තුවක් ලබා දෙන්නේ මෙම පදවල කුමන වචනද? දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ සුරැකීම පිණිස අප කළ යුතු දේ ගැන යාකොබ් 6:4–5 අපට උගන්වන්නේ මොනවාද?

යාකොබ් 7:1–23

මා දන්නා දේ සත්‍ය බව පෙන්වීමට මට නැගී සිටින්න පුළුවන්.

  • යාකොබ් මෙන් සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට ඔබ ඔබේ දරුවන්ව පොලඹවන්නේ කොහොමද? යාකොබ් තමන් සත්‍ය බව දැන සිටි දේ වෙනුවෙන් නැගී සිටියේ කොහොමද? ඔබේ දරුවන්ට ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටි අවස්ථාවක අත්දැකීම් බෙදා ගැනීමට ආරාධනා කරන්න, නැතිනම් ඔබේම අත්දැකීමක් බෙදාගන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

මුද්‍රණය කරන්න