එන්න, මා අනුගමනය කරන්න 2024
අප්‍රියෙල් 22–28: “දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී.” මොසායා 1–3


“අප්‍රියෙල් 22–28: ‘දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී.’ මොසායා 1–3,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“අප්‍රියෙල් 22–28. මොසායා 1–3,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
බෙන්යමින් රජු ඔහුගේ සෙනගට උගන්වමින්

මාරියා අලිහෙන්ද්‍රා ගිල් විසින්, Receiving the Teachings of King Benjamin [බෙන්යමින් රජුගේ ඉගැන්වීම් ලබාගැනීම]

අප්‍රියෙල් 22–28: “දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී”

මොසායා 1–3

රජ යන වචනය ඇසෙද්දි ඔබට ඔටුනු, මාළිගා, සේවකයන් සහ සිංහාසන ගැන සිහියට නැගෙනවා වෙන්න පුළුවන්. මොසායා 1–3 තුළ, ඔබට වෙනත් ආකාරයේ රජෙකු ගැන කියවන්න පුළුවන්. බෙන්යමින් රජ තම සෙනගගේ වෙහෙස මහන්සියෙන් ජීවත්වෙනවා වෙනුවට “තමාගේම දෑතින් වෙහෙස මහන්සි වී වැඩ කළා” (මොසායා 2:14). අන් අයගෙන් තමාට සේවය ලබාගන්නවා වෙනුවට, “ස්වාමින්වහන්සේ ඔහුට දුන් සියලු බලයෙන්, මනසින් හා ශක්තියෙන්” ඔහු තම සෙනගට සේවය කළා (මොසායා 2:11). මේ රජුට තම ජනතාවගේ නමස්කාරය අවශ්‍ය වුනේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ට ඉගැන්වූයේ ඔවුන්ගේ ස්වර්ගිය රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කරන ලෙසටයි. “ස්වර්ගයෙන් පහතට බැස” පසුව “තම ස්වකීයයන් වෙත ගිය, … උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල තුළින් වුවත් මනුෂ්‍ය දරුවන් හට ගැලවීම පැමිණෙන” (මොසායා 3:5, 9) “රජ කරන්නාවූ සර්ව බලධාරී දෙවියන්වහන්සේ” (මොසායා 3:5) උන්වහන්සේ බව බෙන්යමින් රජ තේරුම් ගත්තා.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොසායා 1:1–7

“උද්යෝගයෙන් (ශුද්ධලියවිලි) කියවන්න.”

මෙම පදවල, පූජනීය වාර්තා බෙන්යමින් රජුගේ සෙනඟට ආශිර්වාද කළ ආකාරය බලන්න. ඔබට ශුද්ධලියවිලි ඇති නිසා ඔබේ ජීවිතය යහපත් වන්නේ කොහොමද?

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 2:10–26

මම අනෙක් අයට සේවය කරද්දි, මම දෙවියන්වහන්සේටද සේවය කරනවා.

ඔහුගේ සම්පූර්ණ “බලයෙන්, මනසින් හා ශක්තියෙන්” ඔහු සේවය කළේ ඇයි කියා ඔබ ඔහුගෙන් ඇසුවොත් බෙන්යමින් රජු කුමක් කියයිද? (මොසායා 2:11). ඔබ මොසායා 2:10–26 කියවද්දි මේ ගැන සිතන්න. අන් අයට වඩා අර්ථවත් ලෙස සේවය කිරීමට ඔබව පොළඹවන බෙන්යමින් රජුගේ ඉගැන්වීම් මොනවාද? උදාහරණයක් වශයෙන්, ඔබ මිනිසුන්ට සේවය කරද්දි, ඔබ දෙවියන්වහසේටත් සේවය කරන බව දැනගැනීම ඔබට අර්ථවත් වන්නේ කොහොමද? (බලන්න මොසායා 2:17). මෙම සතියේ ඔබට යමෙකුට සේවය කරන්න පුළුවන් ආකාරය පිළිබඳ පෙළඹවීමක් සොයන්න.

අන් අයට සේවය කළ යුතු බව අපි දැන සිටියත්, සමහර විට අපි අභියෝගවලට මුහුණ දෙනවා. මොසායා 2:10–26 අධ්‍යයනය කිරීමට තවත් එක් ක්‍රමයක් තමයි ඔබව සේවය කිරීමෙන් වලක්වන අභියෝග වලින් ජයගත හැකි බෙන්යමින් රජ ඉගැන්වූ සත්‍යයන් ලැයිස්තුවක් සෑදීම. බෙන්යමින් රජු ඉගැන්වූ දේ සත්‍ය බව ඔබට පෙන්වා දී ඇති අත්දැකීම් මොනවාද?

සභාපති ජෝයි ඩී. ජෝන්ස් අන් අයට සේවය කිරීම දෙස බලන ආකාරය වෙනස් කළ ප්‍රබල අත්දැකීමක් බෙදා ගත්තා. “උන්වහන්සේ වෙනුවෙන්” (එන්සයින් හෝ ලියහෝනා, 2018 නොවැ. 50–52), තුළ ඒ ගැන කියවා අන් අයට සේවය කිරීමට ඔබට ඇති අවස්ථා ගැන සිතන්න. ඔබට ඒවායින් කිහිපයක් ලැයිස්තුගත කර, මොසායා 2:17 සමඟ සභාපති ජෝන්ස්ගේ පණිවිඩය, මෙම අවස්ථාවන්ට ප්‍රවේශ වන ආකාරය කෙරෙහි බලපාන්නේ කොහොමද කියා මෙනෙහි කරන්න පුළුවන්.

මතෙව් 25:40.

රූපය
කාන්තාවන් දෙදෙනෙක් වැළඳගනිමින්

මම අනෙක් අයට සේවය කරද්දි, මම දෙවියන්වහන්සේටද සේවය කරනවා.

මොසායා 2:38–41

සතුට ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන්.

දෙවියන්වහන්සේට කීකරු වීමෙන් ලැබෙන සතුට ඔබ විස්තර කරන්නේ කොහොමද? මොසායා 2:38–41 තුළ ඔබ උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට ඔබට උදවු වන වාක්‍ය ඛණ්ඩ තිබෙනවාද?

මොසායා 3:1–20

ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මට ශුද්ධවන්තයෙකු වෙන්න පුළුවන්.

බෙන්යමින් රජතුමා සියලු අනාගතවක්තෘවරුන් මෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරුවා, ඒ ඔහුගේ සෙනග “ඔවුන්ගේ පාප වලට පව්කමාව ලබා, බලවත් වූ ප්‍රීතියකින් ප්‍රීති වන පිණිස[යි]” (මොසායා 3:13). මොසායා 3:1–20 තුළ බෙන්යමින් රජුගේ ගැලවුම්කරුවාණන් පිළිබඳ සාක්ෂිය කියවද්දි මෙනෙහි කළ යුතු ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ධර්මදූතය ගැන මෙම පද වලින් මා ඉගෙනගන්නේ මොනවාද?

  • ශුද්ධවන්තයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා මොසායා 3:18–19 තුළින් මා ඉගෙනගන්නේ මොනවාද?

  • මගේ ස්වභාවය වෙනස්කර ශුද්ධවන්තයෙකු මෙන් වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට උදවු කර ඇත්තේ කොහොමද?

මොසායා 3:5–21

“සර්වබලධාරී ස්වාමින්වහන්සේ … ස්වර්ගයෙන් බැස එන සේක.”

විදුලි බලය ඔබට හැකියාව ලබාදෙන්නේ මොනවා කිරීමටද? එය නොමැතිව ඔබේ ජීවිතය වෙනස් වන්නේ කොහොමද? ගැලවුම්කරුවාණන්ට ඔබේ ජීවිතයට ගෙන ආ හැකි එයටත් වඩා විශාල බලයක් ගැන මෙනෙහි කිරීමට මෙම ප්‍රශ්න ඔබට උදවු කරයි.

බෙන්යමින් රජුට දර්ශනය වූ දේවදූතයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හැඳින්වූයේ “සර්වබලධාරී ස්වාමින්වහන්සේ” ලෙසයි, එම නමින් අවධාරණය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සියලු බලය ඇති බවයි. ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ එම බලය භාවිතා කරන ආකාරය ගැන මොසායා 3:5–21 වෙතින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබ ඔබේ ජීවිතය තුළ සහ ඔබ වටා සිටින අයගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ බලය දැක තිබෙන්නේ කොහොමද? උන්වහන්සේගේ බලය ඔබට උදවු කරන්නේ කුමක් කිරීමටද ඒවගේම කවුරුන් වීමටද? එය නොමැතිව ඔබේ ජීවිතය වෙනස් වන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 2:11–18

මම අන් අයට සේවය කරද්දි, මම දෙවියන්වහන්සේටත් සේවය කරනවා.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවේ ඔබේ දරුවන්ට හදන්න පුළුවන් සරල ඔටුන්නක් තිබෙනවා. මොසායා 2–3 තුළ දක්නට ලැබෙන බෙන්යමින් රජු තම ජනතාවට ඉගැන්වූ සමහර දේවල් ඔබ බෙදා ගන්නා අතරේ පුටුවක හෝ කුඩා මේසයක සිටගෙන බෙන්යමින් රජු ලෙස මාරුවෙන් මාරුවට පෙනී සිටීමට ඔවුන් කැමති වෙන්න පුළුවන්.

  • මොසායා 2:17 ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට හොඳ පදයක් වෙන්න පුළුවන්. ඔබට එය වරකට වචන කිහිපයක් බැගින් නැවත නැවත කීමට ඔවුන්ට උදවු කරන්න පුළුවන්. නැතහොත් ඔබට මේ පදයේ ප්‍රධාන වචන කිහිපයක් අතහැර පදය ලියා, අත්හැරපු වචන සොයා දෙන ලෙස ඔබේ දරුවන්ට කියන්න පුළුවන්. අපි එකිනෙකාට සේවය කිරීම දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි කියා ඔබට ඔබේ දරුවන් සමඟ කතා කරන්න පුළුවන්.

  • මොසායා 2:11–18 තුළ අන් අයට සේවය කිරීමට බෙන්යමින් රජතුමා කළේ කුමක්ද කියා ඔබේ දරුවන්ට සොයා ගැනීමට ඔබට උදවු කරන්න පුළුවන්. එවිට ඔබේ දරුවන්ට පවුලේ සාමාජිකයන්ට සේවය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් කඩදාසි තීරු මත ලියන්න පුළුවන්. කඩදාසි තීරු බහාලුමක දමා තබන්න, ඊට පස්සෙ ඔබේ දරුවන්ට සෑම දිනකම එයින් එකක් තෝරාගෙන යම් කෙනෙකු සඳහා එහි සඳහන් සේවය කරන්න පුළුවන්.

යමක් නැවත නැවත කිරීමෙන් දරුවන්ට ප්‍රයෝජන ලැබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් සමඟ, ක්‍රියාකාරකම් කිහිප වතාවක් නැවත නැවත කිරීමට බය වෙන්න එපා. නැවත නැවත කිරීම දරුවන්ට තමන් ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමට උදවු කරනවා.

රූපය
දරුවන් රෙදි කැබැල්ලක් නමමින්

අනෙක් අයට සේවය කිරීමෙන් අපිට දෙවියන්වහන්සේට සේවය කරන්න පුළුවන් බව බෙන්යමින් රජු ඉගැන්නුවා.

මොසායා 2:19–25

මගේ සියලු ආශිර්වාද පැමිණෙන්නේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන්.

  • බෙන්යමින් රජු තම සෙනඟට කළ සේවය දෙවියන්වහන්සේට ඔහුගේ තිබූ ගැඹුරු කෘතඥතාවයෙන් ලද පෙළඹීමක්. ඔබේ දරුවන් තුළ ඒ හා සමාන හැඟීම් ඇති කිරීමට ඔබ ඔවුන්ව පොළඹවන්නේ කොහොමද? එකට එකතු වී මොසායා 2:21 කියවා ස්වර්ගික පියාණන්වහන්සේ අපට දී ඇති ආශිර්වාද ලැයිස්තුවක් ලිවීම ආරම්භ කරන්න ඔබට පුළුවන්. එවිට ඔබේ දරුවන්ට සිතෙන වෙනත් ආශිර්වාදද ඔබට එම ලැයිස්තුවට එකතු කරන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට ස්වර්ගික පියාණන්ගේ ආශිර්වාද හඳුනා ගැනීමට උදවු කිරීමට කරන්න පුළුවන් ක්‍රීඩාවක් මෙන්න. කෘතඥතාව පිළිබඳ ගීතයක් ගායනා කරද්දි හෝ සවන් දෙද්දි දරුවන්ට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් අතින් අතට යවන්න පුළුවන්. වරින් වර ගායනය හෝ සංගීතය නවත්වද්දි, පින්තුරය අතැතිව සිටින ඕනෑම කෙනෙකුට ඔවුන් ස්තූතිවන්ත වන ආශිර්වාදයක් ගැන කතා කිරීමට දරුවන්ට ආරාධනා කරන්න. මොසායා 2:22–24 අනුව අපි අපගේ ආශිර්වාදවලට ස්තූතිවන්ත වන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

මොසායා 3:5–10; 27:19.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට උන්වහන්සේ වගේ වෙන්න උදවු කරනවා.

  • දේවදූතයෙක් බෙන්යමින් රජුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ දේවසේවය ගැන වැදගත් සත්‍යයන් පැවසුවා. සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට මොසායා 3:5–10 තුළ සඳහන් සමහර සිදුවීම්වල පින්තූර සොයන්න පුළුවන්. මොසායා 3:5–10 කියවද්දි, ඒ ඡේදයේ සඳහන් වන යමක පින්තූරයක් තිබේ නම් ඔබේ දරුවන්ට ඔවුන්ගේ අත් ඔසවන්න පුළුවන්.

  • වට්ටෝරුවක් භාවිතයෙන් ආහාර පිළියෙළ කිරීමට ඔබේ දරුවන් කවදා හෝ උදව් කර තිබෙනවාද? සමහරවිට ඔබට ඒ අත්දැකීම ගැන කතා කර මොසායා 3:19 භාවිතා කර අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය හැක්කේ කොහොමද යන්න සඳහා “වට්ටෝරුවක්” හදන්න පුළුවන්. යේසුස්වහන්සේ අපිට උන්වහන්සේ මෙන් වීමට උදවු කරන්නේ කොහොමද?

රූපය
බෙන්යමින් රජු ඔහුගේ සෙනගට දේශනා කරමින්

ජෙරමි වින්බෝර්ග් විසින්, King Benjamin’s Address [බෙන්යමින් රජුගේ කථාව]

මුද්‍රණය කරන්න