එන්න, මා අනුගමනය කරන්න 2024
ජූලි 8–14: “ඔවුන් කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය.” ඇල්මා 23–29


“ජූලි 8–14: ‘ඔවුන් “කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය.”’ ඇල්මා 23–29,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජූලි 8–14. ඇල්මා 23–29,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ වළලමින්

ජෝඩි ලිවින්ග්ස්ටන් විසින්, Anti-Nephi-Lehies Bury Their Weapons of War [විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ඔවුන්ගේ යුධ ආයුධ වළලමින්]

ඇල්මා 8–14: “ඔවුන් කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය.”

ඇල්මා 23–29

මිනිසුන්ට ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්ද කියා ඔබ සමහරවිට කල්පනා කරනවාද? සමහරවිට ඔබ කළ දුර්වල තේරීම් හෝ ඔබ විසින් වර්ධනය කරගෙන තිබෙන නරක පුරුදු මගහරවා ගතහැකිද කියා ඔබ කනස්සල්ලට පත්වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ ආදරණීයයන් සම්බන්ධව ඔබට ඒ හා සමාන ගැටලු තිබෙන්න පුළුවන්. එසේනම්, විරුද්ධ-නෙපී-ලෙහිවරුන්ගේ කතාව ඔබට ඒ සඳහා උදවු වෙයි. මෙම ජනතාව නෙපීවරුන්ගේ දිවුරුම් දුන් සතුරෝ වුණා. මොසායාගේ පුත්‍රයන් නෙපීවරුන්ට ශුභාරංචිය දේශනා කිරීමට තීරණය කළ විට, නෙපීවරු “[ඔවුන්ට] නින්දා කිරීමට හඬනගා සිනාසු[ණා].” ලාමන්වරුන්ව ඝාතනය කිරීම ඔවුන්ව හැරවීමට වඩා පිළිගත හැකි විසඳුමක් සේ පෙනෙන්නට තිබුණා. (බලන්න ඇල්මා 26:23–25.)

නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හැරවීමේ බලය තුළින්—ලාමන්වරු වෙනස් වුණා. කාලයක් ඔවුන්ව “දැඩි සහ නපුරු ජනතාවක්” ලෙස හැඳින්වුවා (ඇල්මා 17:14), නමුත් “ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අඛණ්ඩ කැපවූ ප්‍රයත්නය නිසා ඔවුන් විශිෂ්ට පිරිසක්” බවට පත්වුණා (ඇල්මා 27:27). ඇත්තවශයෙන්ම, ඔවුන් “කිසිදිනක ඇදහිල්ලෙන් [වැටුනේ නෑ]” (ඇල්මා 23:6).

සමහරවිට ඔබට වෙනස් කිරීමට යම් සිතුවිලි හෝ ක්‍රියා හෝ බිම දැමීමට “කැරැල්ලේ ආයුධ” තිබෙන්න පුළුවන් (ඇල්මා 23:7). එසේත් නැතිනම් ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි තව ටිකක් අඛණ්ඩ කැපවූ ප්‍රයත්න දැරීම අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය වෙනස්කම් කුමක් වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය තුළින් දීර්ඝකාලීන වෙනසක් සිදුවිය හැකි බවට ඇල්මා 23–29 තුළින් ඔබට බලාපොරොත්තුවක් ලබාදෙනවා.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 23–25; 27

රූපය
seminary icon
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හා උන්වහන්සේගේ ශුභාරංචිය වෙත මගේ හැරීම මගේ ජීවිතය වෙනස් කරනවා.

ලාමන්වරුන් හැරීම සඳහා අපේක්ෂකයන් විය නොහැකි බව පෙනෙන්නට තිබුණත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ආශ්චර්යමත් වෙනස්කම් අත්වින්දා. මෙම හැරුණු ලාමන්වරුන් තමන්ව හැඳින්වූයේ විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ලෙසින්.

ඇල්මා 23–25; 27 කියවීමෙන් “ස්වාමින්වහන්සේ වෙතට” ඔබේම හැරීම ගැන මෙනෙහි කිරීමට ඔබව පොළඹවයි. විරුද්ධ-නෙපී-ලෙහිවරුන් වෙනස් වුණේ—ඔවුන් “ස්වාමින්වහන්සේ වෙතට” හැරුණේ කොහොමද කියා සොයා බලන්න (ඇල්මා 23:6). පහත දැක්වෙන පද වලින් ඔබට ආරම්භ කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ඔබව වෙනස් කර ඇත්තේ කුමන ආකාර වලින්ද? ඔබට උන්වහන්සේට සමීප බවක් දැනුණේ කවදාද? ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරෙමින් සිටිනවාද කියා ඔබට කියන්නට පුළුවන් කොහොමද? ආත්මයාණන් ඔබව පොළඹවන්නේ මීළඟට කුමක් කරන්නටද?

ඩේල් ජී. රෙන්ලන්ඩ්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නොසැලෙන කැපවීම,” ලියහෝනා, නොවැම්බර් 2019, 22–25.

ඇල්මා 24:7–19; 26:17–22

දෙවියන්වහන්සේ දයාවන්ත බැවින්, මම පසුතැවිලි වෙද්දි උන්වහන්සේ මට සමාව දෙනවා.

විරුද්ධ-නෙපී-ලෙහිවරුන් අත්විඳින ලද වෙනස හුදෙක් හැසිරීමේ වෙනසකට වඩා වැඩි දෙයක්—එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ අවංක පසුතැවිල්ලෙන් උපන් හදවතේ වෙනසක්. සමහර විට ඔබට ඇල්මා 24:7–19 තුළ සෑම පදයකම පසුතැවිලි වීම පිළිබඳ සත්‍යයක් සොයාගන්න පුළුවන් වෙයි. පසුතැවිලි වන අය කෙරෙහි දෙවියන්වහන්සේගේ දයාව ගැන මෙම පදවලින් උගන්වන්නේ මොනවාද? ඇල්මා 26:17–22 තුළ ඔබ ඉගෙනගන්නා අමතර සත්‍යයන් මොනවාද?

දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ දයාව පෙන්වා ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබට ඔබේ ස්තූතිවන්ත බව උන්වහන්සේට පෙන්වන්න පුළුවන් කොහොමද?

ඇල්මා 26; 29

ශුභාරංචිය බෙදාගැනීම මට ප්‍රීතිය ගෙන දෙනවා.

ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය අනුව ජීවත්වීමේදී සහ එය බෙදාගැනීමේදී ප්‍රීතිය ලබාගන්නා ආකාරය ඉගෙන ගැනීමට මෙම පරිච්ඡේද හොඳ මූලාශ්‍රයක් බවට පත් කරමින්, ප්‍රීතිය යන වචනය ඇල්මා 23–29 තුළ 24 වතාවක් තිබෙනවා. අම්මොන්ගේ, මොසායාගේ පුත්‍රයන්ගේ සහ ඇල්මාගේ ප්‍රීති වීමට හේතු සොයමින්, ඇල්මා 26:12–22, 35–37; සහ 29:1–17, අධ්‍යයනය කිරීම සලකා බලන්න. ඔබේ ජීවිතයට වැඩි සතුටක් ගෙන දිය හැකි ඔබ මෙම ඡේදවලින් ඉගෙනගන්නා දේවල් මොනවාද?

වැඩිහිටි මාකස් බී. නෑෂ් මෙසේ ඉගැන්වුවා: “ශුභාරංචිය බෙදාගැනීම තුළින් ලබාදෙන්නාගේ මෙන්ම ලබන්නාගේද යන දෙදෙනාගේම ප්‍රාණයන්හි ප්‍රීතිය හා බලාපොරොත්තු දල්වනවා. … ශුභාරංචිය බෙදාගැනීම ප්‍රීතිය මත ප්‍රීතියයි, බලාපොරොත්තුව මත බලාපොරොත්තුවයි (“ඔබේ ආලෝකය ඔසවන්න,” ලියහෝනා, නොවැ. 2021, 71). අන් අය සමඟ ශුභාරංචිය බෙදාගැනීමේදී ඔබට ලැබී ඇ​ති අත්දැකීම් මොනවාද? ශුභාරංචිය බෙදා ගැනීමට උත්සාහ කිරීමේදී ඔබ මුහුණ දෙන අභියෝග මොනවාද? මෙම අභියෝග ජය ගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට උදවු කරන්නේ කොහොමද?

මොර්මොන්ගේ පොත ගැන ඔබ මිතුරෙකු සමඟ බෙදා ගන්නා දේවල් ලැයිස්තුවක් සෑදීම ගැන සිතන්න. මොර්මොන්ගේ පොතේ යෙදුම භාවිත කර මොර්මොන්ගේ පොත බෙදාගැනීමට උත්සහ කරන්න.

රටා සහ තේමාවන් සොයන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය කරද්දි, නැවත නැවතත් කියවෙන වචන, වාක්‍ය ඛණ්ඩ හෝ අදහස් සෙවීමෙන් අපට වටිනා සත්‍යයන් සොයාගන්න පුළුවන්. එම පුනරාවර්තන අදහස් බැලීම පහසු කිරීම සඳහා ඒවා ඔබේ ශුද්ධලියවිලිවල හරස්-යොමු කිරීමට හෝ එකිනෙකට සම්බන්ධ කිරීමට පුළුවන්.

ඇල්මා 26:5–7

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළ නවාතැන් සොයාගන්න පුළුවන්.

අස්වැන්න නෙළන වේලාවේදී ධාන්‍ය බොහෝ විට ගොයම් මිටි ලෙස හැඳින්වෙන මිටි වලට එකතු කර, සමහර අවස්ථා වල ධාන්‍යාගාර ලෙස හැඳින්වෙන ගබඩා වල තැන්පත් කරනවා. ඇල්මා 26:5–7 තුළ, ගොයම් මිටි, ධාන්‍යාගාර සහ කුණාටුව යන ඒවා ඔබේ ජීවිතය තුළ නියෝජනය කරන්නේ මොනවාද කියා මෙනෙහි කරන්න. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නවාතැන් සොයාගන්නේ කොහොමද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 93–96.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 24:6–24

මම ස්වාමින්වහන්සේට දුන් පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කරද්දි උන්වහන්සේ මට ආශිර්වාද කරනවා.

  • සමහර විට ඔබේ දරුවන් විරුද්ධ-නෙපී-ලෙහිවරුන් මෙන් ඔවුන්ගේ “ආයුධ” වැළලීමෙන් සතුටු වෙයි. ඔබට ඇල්මා 24:6–24 තුළ පද කිහිපයක් කියවා විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට දුන් පොරොන්දු ගැන දරුවන්ට උගන්වන්න පුළුවන්. එවිට ඔවුන්ට උන්වහන්සේව අනුගමනය කිරීමට වෙනස් කළ යුතු දෙයක් ගැන සිතා, එය මේ සතියේ ක්‍රියාකාරකම් පිටුවේ ලියන්නට පුළුවන්, ඒවගේම වළක් හාරා තම ආයුධය වළ දමන්නාක් මෙන් මවා පෑමටත් ඔවුන්ට පුළුවන්.

  • ඔබේ දරුවන්ට ඇල්මා 24:15–19 කියවා, විරුද්ධ-නෙපී-ලෙහිවරුන් “දෙවියන්වහන්සේට සාක්ෂියක් ලෙස” කළේ කුමක්දැයි සොයන්නට පුළුවන්. අපගේ ගිවිසුම් “දෙවියන්වහන්සේට සාක්ෂියක්” විය හැකි ආකාරය ගැන එවිට ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන් (18 වෙනි පදය). ඔබේ දරුවන්ට දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය බව ඔවුන් උන්වහන්සේට පෙන්වන්නේ කොහොමද කියා කතා කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න.

ඇල්මා 24:7–10; 26:23–34; 27:27–30

මට පසුතැවිලි වෙන්න පුළුවන්.

  • අපි පසුතැවිලි වෙද්දි අපට වෙනස් වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උදවු වෙන්න පුළුවන් කෙසේදැයි බැලීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, ඔබට ඔවුන්ට විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ගැන උගන්වන්න පුළුවන්. මෙය සිදු කිරීම සඳහා, ඔබට “පෙර” සහ “පසු” යනුවෙන් භාජන දෙකක් ලේබල් කරන්න පුළුවන්. එවිට ඔබේ දරුවන්ට ඇල්මා 17:14–15 සහ 27:27–30 කියවා, පසුතැවිලි වීමට පෙර සහ පසු ලාමන්වරුන් කෙබඳුදැයි ලියා, ඒවා නිවැරදි භාජනයට දමන්න පුළුවන්. ඇල්මා 24:7–10 ට අනුව, ඔවුන්ට වෙනස් කිරීමට උදවු කළේ මොනවාද? දෙවියන්වහන්සේගේ දයාව සඳහා අපිට අපගේ ස්තූතිය පෙන්වන්න පුළුවන් කොහොමද?

ඇල්මා 26; 29

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ප්‍රීතිය ගෙන දෙනවා, ඒවගේම මට මෙම ප්‍රීතිය බෙදා ගන්න පුළුවන්.

  • සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ඔබට ප්‍රීතිය ගෙන දෙන දේවල් ගැන චිත්‍ර ඇඳීමෙන් සතුටක් ලබන්න පුළුවන්. ඔබේ පින්තූරය ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න, ඒවගේම යම් පුද්ගලයෙකුට ප්‍රීතිය දැනීමට උදවු කිරීම සඳහා ඔවුන්ගේ පින්තූරය යමෙකු සමඟ බෙදා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • ඇල්මා 26 සහ 29 තුළ ප්‍රීතිය සහ ප්‍රීති ප්‍රමුදිත වීම යන වචන සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. අම්මොන් සහ ඇල්මාට ප්‍රීතිය ගෙන දුන් හෝ ඔවුන්ට ප්‍රීති ප්‍රමුදිත වීමට සැලැස්වූ හේතු කාරණා මොනවාද? මෙම ප්‍රශ්නය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමෙන් හෝ එය බෙදාගැනීමෙන් ලැබෙන ප්‍රීතිය පිළිබඳ සාකච්ඡාවකට මගපාදනවා.

ඇල්මා 27:20–30

මට මගේ මිතුරන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමට උදවු වෙන්න පුළුවන්.

  • නැවත කිසිදා සටන් නොකරන බවට වූ ප්‍රතිඥාව ඉටු කිරීමට විරුද්ධ-නෙපී-ලෙහිවරුන්ට උදවු කිරීමට නෙපීවරුන් කළ දේ සොයමින්, ඔබේ දරුවන්ට ඇල්මා 27:22–23 කියවන්න පුළුවන්. අපගේ මිතුරන්ට ඔවුන්ගේ පොරොන්දු ඉටු කිරීමට අපට උදවු වෙන්න පුළුවන් කොහොමද? ඔබේ දරුවන්ට එම අවස්ථා රඟ දක්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, බොරු කීමට හෝ නපුරු වීමට කැමති මිතුරෙකුට අපට කියන්න පුළුවන් මොනවාද?

රූපය
විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ වළලමින්

ඩෑන් බර් විසින් විරුද්ධ-නෙපී-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ වළලා දැමූ ආකාරය පිළිබඳ නිදර්ශනය

මුද්‍රණය කරන්න