එන්න, මා අනුගමනය කරන්න 2024
ජූලි 22–28: “මෙම වචනය ඔබේ හදවත් තුළ රෝපණය කරන්න.” ඇල්මා 32–35


“ජූලි 22–28: ‘මෙම වචනය ඔබේ හදවත් තුළ රෝපණය කරන්න.’ ඇල්මා 32–35,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජූලි 22–28. ඇල්මා 32–35,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ළමයෙකුගේ අතේ බීජයක්

ජූලි 22–28: “මෙම වචනය ඔබේ හදවත් තුළ රෝපණය කරන්න”

ඇල්මා 32–35

සෝරාම්වරුන්ට, යාච්ඤාව කියන්නෙ සියල්ලන්ටම පෙනෙන තැනක සිටගෙන හිස්, ස්වයං-තෘප්තිමත් වචන නැවත නැවත පැවසීමයි. සෝරාම්වරුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබුනේ නෑ—ඔවුන් උන්වහන්සේගේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කළා—ඒවගේම ඔවුන් දුප්පතුන්ට හිංසා පීඩා කළා (බලන්න ඇල්මා 31:9–25). ඊට වෙනස්ව, පොදු වේදිකාවට වඩා අපගේ හදවතේ සිදුවන දේ සමඟ යාච්ඤාවට වැඩි සම්බන්ධයක් ඇති බව ඇල්මා සහ අමුලෙක් ඉගැන්වූවා. අපි අවශ්‍යතා ඇති මිනිසුන්ට දයානුකම්පාව පෙන්වන්නේ නැති නම්, අපගේ යාච්ඤාව “නිෂ්ඵලයි … තවද කිසි ප්‍රයෝජනයක් [නෑ]” (ඇල්මා 34:28). වැදගත්ම දෙය තමයි, අපි යාච්ඤා කරන්නේ “අසීමිත සහ සදාකාලික පරිත්‍යාගය” තුළින් මිදීම ලබා දෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපිට ඇදහිල්ල තියන නිසයි (ඇල්මා 34:10). එවැනි ඇදහිල්ල නිහතමානීකම සහ “විශ්වාස කිරීමට ඇති අභිප්‍රාය” සමඟ ආරම්භ වන බව ඇල්මා පැහැදිලි කළා (ඇල්මා 32:27). කාලයාගේ ඇවෑමෙන්, නිරන්තර පෝෂණය සමඟ, එය “සදාකාල ජීවනය දක්වා හටගන්නා ගසක්” වන තෙක් දෙවියන්වහන්සේගේ වචනය අපගේ හදවත් තුළ මුල් බැස ගගන්නවා (ඇල්මා 32:41).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 32:17–43

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන්නේ උන්වහන්සේගේ වචනය මගේ හදවතේ රෝපණය කර පෝෂණය කිරීමෙන්.

ඔබ ඇල්මා 32:17–43 කියවද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කළ යුතු ආකාරය තේරුම්ගැනීමට උදවු වන වචන සහ වාක්‍ය සටහන් කරන්න. ඇදහිල්ල කියන්නෙ මොකක්ද සහ ඇදහිල්ල නොවන්නේ මොකක්ද ලෙස ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ඇල්මා 32 අධ්‍යයනය කිරීමට තවත් ක්‍රමයක් තමයි බීජයක වර්ධනයේ විවිධ අවධීන් නියෝජනය කරන පින්තූර ඇඳීම. ඉන්පසු සෑම පින්තූරයක්ම ඇල්මා 32:28–43 දක්වා ඇති වචන සමඟ ලේබල් කරන්න, එය ඔබේ හදවතේ දෙවියන්වහන්සේගේ වචනය රෝපණය කර පෝෂණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උදවු වෙයි.

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැවත නැගිට ඇත; උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කඳු තරණය කරයි,” ලියහෝනා, මැයි 2021, 101–4.

ඇල්මා 32:26–43

මට මා වෙනුවෙන්ම දැනගන්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේ ගැන ඇල්මාගේ සාක්ෂිය කෙරෙහි තවමත් විශ්වාසයක් නොතිබූ සෝරාම්වරුන්ට, ඇල්මා “අත්හදා බැලීමක්” යෝජනා කළා (බලන්න ඇල්මා 32:27). අත්හදා බැලීම් සඳහා අභිප්‍රාය, කුතුහලය, ක්‍රියාව සහ අවම වශයෙන් කුඩා ඇදහිල්ලක්වත් අවශ්‍යයි—ඒවාට අපූරු සොයාගැනීම් වලට මගපෙන්වන්න පුළුවන්! ඔබ දැක ඇති හෝ සහභාගී වූ අත්හදා බැලීම් ගැන සිතන්න. ඇල්මා 32:26–36 ට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කිරීමට මගපෙන්වන්නේ කුමන ආකාරයේ අත්හදා බැලීම්ද?

ඔබ දෙවියන්වහන්සේගේ වචනය “අත්හදා බලා” එම “වචනය යහපත්” බව දැනගත්තේ කොහොමද? (ඇල්මා 32:28).

ඇල්මා 33:2–11; 34:17–29

මට යාච්ඤාවෙන් ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දෙවියන්වහන්සේට නමස්කාර කරන්න පුළුවන්.

නමස්කාරය සහ යාච්ඤාව පිළිබඳ ඇල්මා සහ අමුලෙක්ගේ උපදෙස් ලබාදුන්නේ සෝරාම්වරුන්ගේ නිශ්චිත වැරදි වැටහීම් නිවැරදි කිරීම සඳහායි. ඒවා ලැයිස්තුගත කිරීම සලකා බලන්න (බලන්න ඇල්මා 31:13–23). එම ලැයිස්තුවට යාබදව, ඔබට ඇල්මා 33:2–11 සහ 34:17-–29 තුළ ඇති යාච්ඤාවේ සත්‍යයන් පිළිබඳ ලැයිස්තුවක් හදන්න පුළුවන්. මෙම පද වලින් ඔබ ඉගෙනගන්නා දේවල් ඔබ යාච්ඤා කරන හා නමස්කාර කරන ආකාරයට බලපාන්නේ කොහොමද?

ඇල්මා 34:9–16

රූපය
seminary icon
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සහ උන්වහන්සේගේ වන්දිගෙවීම අවශ්‍යයි.

ඇල්මා 34:9–14 තුළ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාව විස්තර කිරීමට අමුලෙක් අනන්ත සහ සදාකාලික යන වචන කොපමණ වාරයක් භාවිතා කළාද යන්න සැලකිල්ලට ගන්න. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අනන්ත සහ සදාකාලික බව දැනගැනීම වැදගත් වන්නේ ඇයි? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ මෙම පදවලින් සොයන්න: හෙබ්‍රෙව් 10:10; 2 නෙපි 9:21; මොසායා 3:13.

ගැලවීම සඳහා යේසුස්වහන්සේගේ බලය අසීමිත සහ සදාකාලික බව අප දැන සිටියත්, එය අපට හෝ අපට විරුද්ධව පව් කළ කෙනෙකුට අදාළ වේදැයි අපට සමහර විට සැක හිතෙන්න පුළුවන්. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් වරක් “ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල ඇති බව පෙනෙන්නට තිබුණත් උන්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද ඔවුන්ට ලැබේ යැයි විශ්වාස නොකරන” මිනිසුන් ගැන කතා කළා (“If Ye Had Known Me,” Liahona, Nov. 2016, 104). ගැලවුම්කරුවාණන්ගේ බලය සම්පූර්ණයෙන්ම ලැබීමෙන් අපව වළක්වන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අනන්ත සහ සදාකාලික බව ඔබට දැනගත හැක්කේ කෙසේදැයි මෙනෙහි කරන්න.

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ඔබට කොපමණ අවශ්‍ය දැයි මෙනෙහි කිරීමට, ඔබට දිනපතා අවශ්‍ය දෙයක් ගැන සිතීම උදවු වෙන්න පුළුවන්. ඔබෙන්ම මෙසේ අසන්න: “මෙය නොමැතිව මගේ ජීවිතය කොයි වගේ වෙයිද?” ඉන්පසුව, ඔබ ඇල්මා 34:9–16 අධ්‍යයනය කරද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව ඔබේ ජීවිතය කොයි වගේ වෙයිද කියා සිතා බලන්න. ඔබට 2 නෙපි 9:7–9 තුළ වෙනත් අවබෝධයන් වුවත් සොයාගන්න පුළුවන්. ඔබ ඇල්මා 34:9–10 එක වාක්‍යයකින් සාරාංශ කරන්නේ කොහොමද?

තවත් බලන්න මයිකල් ජෝන් යූ. ටේ, “අපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන්,” ලියහෝනා, මැයි 2021, 99–101.

ඇල්මා 34:30–41

“දැන් ඔබේ ගැලවීමේ කාලය සහ දවසයි.”

ඔබට මැරතන් තරගයකට හෝ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට අවශ්‍ය යැයි සිතන්න. ඔබ උත්සවය පැවැත්වෙන දිනය දක්වා සූදානම් වීමට බලා සිටියහොත් කුමක් වෙයිද? මෙම උදාහරණය ඇල්මා 34:32–35 තුළ ඇති අමුලෙක්ගේ අනතුරු ඇඟවීම්වලට සම්බන්ධ වන්නේ කොහොමද? පසුතැවිලි වී වෙනස් වීමට අප ගන්නා උත්සාහයන් ප්‍රමාද කිරීමේ අන්තරාය කුමක්ද?

තමන් දැනටමත් බොහෝ කාලයක් ප්‍රමාද වී ඇති බවත් පසුතැවිලි වීමට ප්‍රමාද වැඩි බවත් කරදර විය හැකි පුද්ගලයින් සඳහා පණිවිඩයක් 31 වෙනි පදයේ තිබෙනවා. ඔබ සිතන විදියට ඒ පණිවිඩය මොකක්ද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 32:1–16

මම නිහතමානී වීමට තීරණය කරද්දි ස්වාමින්වහන්සේට මට උගන්වන්න පුළුවන්.

  • නිහතමානී වූ සෝරාම්වරුන්ට ඉගැන්වීමේදී ඇල්මා සහ අමුලෙක් සාර්ථක වුණා. නිහතමානී වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඇල්මා 32:13–16 තුළ මෙම වචනවල තේරුම ගැන අපට සොයාගත හැකි වෙනත් ඉඟි මොනවාද? “මම කරද්දි මම නිහතමානී වෙනවා” වැනි වාක්‍යයක් සම්පූර්ණ කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

ඇල්මා 32:28–43

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂිය පෝෂණය කරද්දි එය වර්ධනය වෙනවා.

  • බීජ, ගස් සහ පලතුරු කියන්නෙ දරුවන්ට ඇදහිල්ල සහ සාක්ෂිය වැනි වියුක්ත මූලධර්ම තේරුම් ගැනීමට උදවු කළ හැකි හුරුපුරුදු වස්තූන්. ඔබ ඇල්මා 32:28 කියවන අතරතුර ඔබේ දරුවන්ට බීජයක් අල්ලාගෙන සිටීමට ඉඩ දෙන්න. ඉන්පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සාක්ෂියක් වර්ධනය කරගැනීම බීජයක් සිටුවා පෝෂණය කිරීම හා සමාන වන ආකාර ගැන සිතීමට ඔබට උදවු කරන ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. සමහර විට ඔබට ඔබේ බීජ රෝපණය කර බීජයක් වර්ධනය වීමට—නැතහොත් සාක්ෂියක්—වර්ධනය වීමට අවශ්‍ය දේ ගැන කතා කරන්න පුළුවන්.

  • මෙම දළ සටහන සමඟ ගසක පින්තූරයක් තිබෙනවා; ඇල්මා 32:28–43 තුළ ඇල්මාගේ වචන නිදර්ශනය කිරීමට ඔබට එය භාවිතා කරන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබට වර්ධනයේ විවිධ අවස්ථා වල තිබෙන පැල සොයාගැනීමට ඇවිද යා හැකි අතර වර්ධනය වන ශාකයක් අපගේ ඇදහිල්ලට සංසන්දනය කරන පද ඇල්මා 32 තුළ කියවන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබේ දරුවන්ට ලෑල්ලක් මත ගසක් ඇඳ, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය වර්ධනය කරගැනීමට ඔවුන්ට කළ හැකි දෙයක් ගැන සිතන සෑම විටම කොළයක් හෝ ගෙඩියක් එයට එකතු කරන්න පුළුවන්.

  • බීජයක්, (දෙවියන්වහන්සේගේ වචනය නියෝජනය කරයි) ගලකට (උඩඟු හදවතක් නියෝජනය කරයි) සහ මෘදු පසකට (නිහතමානී හදවතක් නියෝජනය කරයි) ඇතුල් කිරීමට ඔබට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න පුළුවන්. එකට එක් වී ඇල්මා 32:27–28 කියවන්න. අපගේ හදවත් තුළ දෙවියන්වහන්සේගේ වචනය සඳහා “ස්ථානයක් ලබා දීම” (27 වෙනි පදය) යන්නෙහි තේරුම ගැන කතා කරන්න.

පින්තූර අඳින්න. සමහර පුද්ගලයින් තමන් ඉගෙන ගන්නා දේවල් පිළිබඳ පින්තූරයක් අඳිද්දි වඩාත් හොඳින් ඉගෙන ගන්නවා. ඔබේ දරුවන් ඇල්මා 32 අධ්‍යයනය කරද්දි බීජයක් ගසක් දක්වා වැඩෙන ආකාරය චිත්‍රයට නැගීමෙන් සතුටු වෙන්න පුළුවන්.

ඇල්මා 33:2–11; 34:17–27

මට ඕනෑම වේලාවක, ඕනෑම දෙයක් ගැන ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කරන්න පුළුවන්.

  • අපට යාච්ඤා කළ හැකි ස්ථාන (ඇල්මා 33:4–11 තුළ) සහ අපට යාච්ඤා කළ හැකි දේවල් (ඇල්මා 34:17–27 තුළ) විස්තර කරන වාක්‍ය ඛණ්ඩ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. සමහරවිට ඔවුන් මෙම ස්ථානවල යාච්ඤා කරන ආකාරයද ඔවුන්ට චිත්‍රයට නගන්න පුළුවන්. ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබගේ යාච්ඤාවලට සවන් දුන් අත්දැකීම් එකිනෙකා සමඟ බෙදාගන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ගසක් මත ඵල

“තවද නුඹගේ උද්‍යෝගයද, නුඹගේ ඇදහිල්ලද, නුඹගේ ඉවසිල්ල සමඟ වචනය පෝෂණය කළ නිසා, … බලන්න, මද කලකින් නුඹ එහිවූ ඵල නෙලාගන්නෙහිය, ඒවා ඉතා අගනේය” (ඇල්මා 32:42).

මුද්‍රණය කරන්න