එන්න, මා අනුගමනය කරන්න 2024
අගෝස්තු 5–11: “ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම.” ඇල්මා 39–42


“අගෝස්තු 5–11: ‘ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම.’ ඇල්මා 39–42,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“අගෝස්තු 5–11. ඇල්මා 39–42,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යේසුස්වහන්සේ සොහොන් ගෙය හැරයමින්

ඩෙල් පාර්සන් විසින්, He Is Risen [උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට ඇති සේක]

අගෝස්තු 5–11: “ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම”

ඇල්මා 39–42

අප ආදරය කරන කෙනෙකු බරපතල වැරැද්දක් කර තිබෙද්දි, ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැනගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. පසුතැවිලි වීමට තමාගේම දරුණු පාපයන් තිබූ—ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වූ ඇල්මා—එවැනි තත්වයක් හසුරුවන ආකාරය හෙළිකිරීම ඇල්මා 39–42 යන කොටස මෙතරම් වටින්න එක් හේතුවක් වෙනවා. ඇල්මාගේ පුත් කොරියැන්තොන් ලිංගික පාපයක් කර තිබුණා, ඒවගේම ඇල්මා, ඔහුගේ දේවසේවයේදී කිරීමට ඉගෙන ගත් පරිදි, තම පුතාට සදාකාලික ඉදිරිදර්ශනයක් ලබා දීමට සහ පසුතැවිල්ලට දිරිගැන්වීම සඳහා සැබෑ දහමේ බලය විශ්වාස කළා (බලන්න ඇල්මා 4:19; 31:5). මෙම පරිච්ඡේද වල, පාපය හෙළාදැකීමට ඇල්මාගේ නිර්භීතකම සහ කොරියැන්තොන් කෙරෙහි ඔහුගේ මුදු මොළොක් බව හා ආදරය අපි නිරීක්ෂණය කරනවා. ඒවගේම “ලෝකයේ පාපය ඉවතට ගැනීමටත් [එමෙන්ම] උන්වහන්සේගේ ජනතාව උදෙසා ගැලවීමේ සුභ ආරංචි ප්‍රකාශ කිරීමටත්” ස්වාමින්වහන්සේ පැමිණෙන බවට වූ ඇල්මාගේ ආත්ම-විශ්වාසය අපට දැනෙනවා (ඇල්මා 39:15). අපගේම පව් ගැන හෝ අපි ආදරය කරන කෙනෙකුගේ පව් නිසා අපි කැලඹී ඉද්දි, කොරියැන්තොන් පසුතැවිලි වී අවසානයේදී දේවසේවයට නැවත පැමිණීම යන කතාවෙන් (බලන්න ඇල්මා 49:30) අපට සමාව හා මිදීම සඳහා බලාපොරොත්තුවක් ලබා දෙනවා (බලන්න ඇල්මා 42:29).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 39

රූපය
seminary icon
මට ලිංගික පාපයෙන් වැළකී ඉන්න පුළුවන්.

ඇල්මා 39 තුළ ඔහුගේ පුත් කොරියැන්තොන්ට ඇල්මා දෙන උපදේශනය, අසභ්‍ය දර්ශන ඇතුළු ලිංගික පාපයේ විනාශකාරී බලපෑම් ගැන ඉගෙන ගැනීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා. සමහර විට වඩා වැදගත් දේ තමයි, පසුතැවිලි වන මිනිසුන්ට ගැලවුම්කරුවාණන් ලබාදෙන සමාව සහ සුවය තේරුම් ගැනීමටත් එය ඔබට උදවු කරනවා. පහත ප්‍රශ්න සහ ක්‍රියාකාරකම් උපකාරයක් වෙයි:

  • කොරියැන්තොන්ට පවිත්‍ර බවේ නීතිය කඩ කිරීමට හේතු වූ වැරදි මොනවාද? (බලන්න ඇල්මා 39:2–4, 8–9). ඔහුගේ ක්‍රියා නිසා ඇති වූ ප්‍රතිවිපාක මොනවාද? (බලන්න 5–13 පද). කොරියැන්තොන් පසුතැවිලි වූ බවට අපට ඇති සාක්ෂි මොනවාද? (බලන්න ඇල්මා 42:31; 49:30; 48:18). මෙම අත්දැකීමෙන් ඔබ ගැලවුම්කරුවාණන් ගැන ඉගෙන ගන්නේ මොනවාද?

  • යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශකයක් තුළ 19–20 පිටු කියවන්න. ඉන්පසු කාමුක දර්ශන යනු කුමක්ද, එය භයානක වන්නේ ඇයි සහ ඔබට එය හමු වූ විට ඔබ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබේම පැහැදිලි කිරීමක් ලියන්න. (තවත් බලන්න මතෙව් 5:27–28 සහ දහම සහ ගිවිසුම් 63:16.)

  • ඔබ කාමුක දර්ශන නැරඹීමෙන් වැළකී පවිත්‍ර බවේ නීතියට අනුව ජීවත් වීමට තීරණය කරන්නේ මන්දැයි ඔබ මිතුරෙකුට පැහැදිලි කරන්නේ කොහොමද? යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් (පිටු 22–29) තුළ “ඔබේ ශරීරය පරිශුද්ධයි” වෙතින් ඔබට බෙදාගත හැකි අදහස් මොනවාද?

තවත් බලන්න බ්‍රැඩ්ලි ආර්. විල්කොක්ස්, “සුදුසුබව යනු දෝෂ රහිත බව නොවේ,” ලියහෝනා, නොවැ. 2021, 61–67

ඇල්මා 40–41

මම මැරුණට පස්සේ මොනවා වෙයිද?

මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව කොරියැන්තොන්ට ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඔහුගේ එම ප්‍රශ්න ඇල්මාට ඇල්මා 40–41 තුළ තිබෙන මූලධර්ම ඉගැන්වීමට හේතුවක් වුණා. ඔබ අධ්‍යයනය කරද්දි, ආත්මික ලෝකය, මරණයෙන් නැවත නැගිටීම සහ විනිශ්චය වැනි දේවල් ගැන ඔබ සොයා ගන්නා සත්‍යයන් ලැයිස්තුවක් සාදන්න. කොරියැන්තොන් වැනි පසුතැවිලි වීමට අවශ්‍ය කෙනෙකුගේ දෘෂ්ටිකෝණයෙන් මෙම පරිච්ඡේද කියවීම ගැන සලකා බලන්න—සියල්ලට පසු, එය අප සැමට සත්‍යයක් වෙනවා.

ඇල්මා 40

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව මට මගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පුළුවන්.

සෑම ශුභාරංචි ප්‍රශ්නයකටම පිළිතුර අනාගතවක්තෘවරුන් දන්නා බව සමහරවිට අප සිතනවා. නමුත් 40 වෙනි පරිච්ඡේදයේ ඇල්මාට තිබූ පිළිතුරු නැති ප්‍රශ්න සැලකිල්ලට ගන්න. පිළිතුරු සෙවීමට ඔහු කළේ මොනවාද? ඔහුට පිළිතුරු නොමැති විට ඔහු කළේ මොනවාද? ඇල්මාගේ ආදර්ශය ඔබට උදවු කරන්නේ කොහොමද?

රූපය
කාන්තාවක් යාච්ඤා කරමින්

යාච්ඤාව යනු ශුභාරංචි ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත හැකි එක් ක්‍රමයක්.

ඇල්මා 42

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මගින් මිදීම යතාර්ථයක් කරනවා.

පාප වලට දඬුවම් කිරීම සාධාරණ නැති බව කොරියැන්තොන් විශ්වාස කළා (බලන්න ඇල්මා 42:1). ඇල්මා 42 තුළ, ඇල්මා ඔහුගේ ගැටළුව යොමු කළේ කොහොමද? “දෙවියන්වහන්සේ යුක්තිසහගතය” සහ “දෙවියන්වහන්සේ දයාවන්තය” ලෙස ඔබට මෙම පරිච්ඡේදයේ ඡේද කොටස් දෙකකට සංවිධානය කරන්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම යුක්තිය සහ දයාව යන දෙකම ඉටුකරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 39:1, 10–11

මගේ හොඳ ආදර්ශය අන් අයව ක්‍රිස්තුස්වහන්සේ වෙත ගෙන යාමට මගපෙන්වීමක් වෙන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් වීමේ වැදගත්කම තේරුම් ගැනීමට ඇල්මා විසින් කොරියැන්තොන් වෙත ලබා දෙන උපදේශනය උපකාරයක් වෙන්න පුළුවන්. එකට එකතු වී ඇල්මා 39:1 කියවීම ගැන සලකා බලන්න. කොරියැන්තොන්ගේ සහෝදරයා වූ ෂිබ්ලොන් හොඳ ආදර්ශයක් වුණේ කොහොමද? ඔබේ දරුවන්ට ඇල්මා 38:2–4 තුළ මෙම ප්‍රශ්නයට අමතර පිළිතුරු සොයාගන්න පුළුවන්.

  • ඔබ සහ ඔබේ දරුවන් මාරුවෙන් මාරුවට එකිනෙකාව අනුගමනය කරන හෝ අනුකරණය කරන ක්‍රීඩාවක් කිරීමටද ඔබට පුළුවන්. අපගේ ක්‍රියාවන් අන් අයට හොඳ තේරීම් කිරීමට උදවු වන ආකාරය නිදර්ශනය කිරීමට මෙම ක්‍රීඩාව භාවිතා කරන්න. ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් විය හැකි ආකාරය ගැන සිතීමට උදවු කරන්න.

  • විදුලි පහනක් සමඟ හෝ සූර්යයාගේ පින්තූරයක් සමඟ, ඔබට ආලෝකය, හොඳ උදාහරණයක බලය සමඟ සසඳන්න පුළුවන්. ඔබටත් ඔබේ දරුවන්ටත් යේසුස්වහන්සේ යහපත් දේවල් කරන ආකාරය දැක්වෙන පින්තූර දෙස බලමින් උන්වහන්සේ අපට තැබූ ආදර්ශය ගැන කතා කරන්න පුළුවන්.

ඇල්මා 39:9–13

මම වැරදි කරද්දි මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා පසුතැවිලි වෙන්න පුළුවන්.

  • කොරියැන්තොන්ගේ පාපයේ ස්වභාවය ගැන විස්තර නොකර, ඔහු වැරදි තේරීමක් කළ බව පැහැදිලි කරන්න. ඔහුට උදවු කිරීමට අපට කියන්න පුළුවන් මොනවාද? ඔබේ දරුවන්ට ඇල්මා 39:9 කියවීම ගැන සලකා බලන්න, ඉන්පසු පසුතැවිලි වීම සහ අත්හැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔවුන්ට උදවු කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පසුතැවිලි වීම යතාර්ථයක් වන බව සාක්ෂි දරන්න.

  • පසුතැවිල්ලේ ප්‍රීතිය නිදර්ශනය කිරීම සඳහා භාණ්ඩ යොදාගන්නා පාඩමක් මෙන්න: යම්කිසි වැරැද්දක් කළ සහ එය නරකයි කියා හැඟුණු කෙනෙකු පිළිබඳ කතාවක් පවසන අතරතුර ඔබේ ළමයාට ඔසවාගෙන සිටීමට යම් බර දෙයක් දෙන්න. අපි වරදක් කළ විට අපට ඇති විය හැකි නරක හැඟීම් ඒ බර වගේ බව ඔබේ දරුවන්ට කියන්න. අපි පසුතැවිලි වෙද්දි, ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඒ බර, නරක හැඟීම් ඉවත් කර අපට තව තවත් යහපත් වීමට උදවු කරන්න පුළුවන් බවට ඔබ සාක්ෂි දරන අතරතුර, ඒ බර දෙය ළමයාගෙන් ඉවතට ගන්න.

ඇල්මා 40:6–7, 11–14, 21–23

අප මිය ගිය පසු, මරණයෙන් නැවත නැගිටීම සහ විනිශ්චය එන තෙක් අපගේ ආත්මය ආත්මික ලෝකයට යනවා.

  • මැරුණට පස්සේ අපිට මොකද වෙන්නේ කියලා හිතන එක ස්වභාවිකයි. දේවානුභාවයෙන් යුත් පිළිතුරු සොයාගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද? ඔබට මරණය, ආත්මික ලෝකය (පාරාදීසය සහ ආත්ම බන්ධනාගාරය), මරණයෙන් නැවත නැගිටීම සහ විනිශ්චය යන වචන වෙන වෙනම කඩදාසි මත ලියන්න පුළුවන්. මෙම වචනවල තේරුම තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. ඔබ එකට එකතු වී ඇල්මා 40:6–7, 11–14, 21–23 කියවද්දි, ඔබේ දරුවන්ට එම වචන මෙම පද වලට ගැලපෙන අයුරින් පිළිවෙලට තබන්නට පුළුවන්.

  • ඇල්මා 40:6–7, 11–14, 21–23 තුළ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වැඩිහිටි දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි. “මම මරණයෙන් නැවත නැගිටිද්දි මගේ ශරීරය මොන වගේ වෙයිද?” වැනි මෙම පද තුළින් පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න ඔබේ දරුවන්ගෙන් ඇසීම ගැන සලකා බලන්න. සුදුසු පද තුළ එම පිළිතුරු සෙවීමට ඔවුන්ට ආරාධනා කරන්න.

    රූපය
    මරියා සහ යේසුස්වහන්සේ

    හැරී ඇන්ඩර්සන් විසින්, Mary and the Resurrected Lord [මරියා සහ මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේ]

  • ඔබේ දරුවන් දන්න මිය ගිය කෙනෙකු ඉන්නවද? සමහරවිට ඔබට ඒ පුද්ගලයා ගැන කෙටියෙන් කතා කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා කවදහරි ඇය හෝ ඔහු සහ—අන් සියල්ලන්ම—මරණයෙන් නැවත නැගිටින බවට ඔබේ සාක්ෂිය යම් කෙනෙකු සමඟ බෙදාගන්න. අවශ්‍ය නම්, මරණයෙන් නැවත නැගිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිලි කිරීමට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ඇල්මා සහ කොරියැන්තොන්

එල්ස්පෙත් කේට්ලින් යන්ග් විසින්, This My Son [මේ මාගේ පුත්‍රයා]

මුද්‍රණය කරන්න