එන්න, මා අනුගමනය කරන්න 2024
අගෝස්තු 19–25: “උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත වී.” ඇල්මා 53–63


“අගෝස්තු 19–25: ‘උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත වී.’ ඇල්මා 53–63,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“අගෝස්තු 19–25. ඇල්මා 53–63,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
දෙදහසක් වූ තරුණ රණශූරයන්

ආර්නොල්ඩ් ෆ්‍රිබර්ග් විසින්, Two Thousand Young Warriors [දෙදහසක් වූ තරුණ රණශූරයන්]

අගෝස්තු 19–25: “උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත වී”

ඇල්මා 53–63

ලාමන්වරුන්ගේ හමුදාවන් හා සසඳද්දි, තරුණ පිරිමි ළමුන් සිටින හිලමන්ගේ “කුඩා හමුදාවට” (ඇල්මා 56:33) අවස්ථාවක් නොතිබීමට ඉඩ තිබුණා. සංඛ්‍යාවෙන් ස්වල්පයක් වීමට අමතරව, හිලමන්ගේ සොල්දාදුවන් “සියලුදෙනාම… ඉතා තරුණ වුණා,” ඒවගේම “ඔවුන් කිසිවිටෙකත් සටන් කර තිබුණේ නෑ” (ඇල්මා 56:46–47). යම් යම් ආකාර වලින්, සාතන්ට හා ලෝකයේ නපුරු බලවේගයන්ට එරෙහි අපගේ පසුදවස් වල සටනේදී සමහරවිට අභිබවා යන බවක් සහ යටකරගැනීමක් දැනෙන අපට, ඔවුන්ගේ තත්වය හුරුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්.

ඒත් හිලමන්ගේ හමුදාවට ලාමන්වරුන්ට වඩා සොල්දාදුවන් ගණන හෝ හමුදා කුසලතා සමඟ කිසිඳු සම්බන්ධයක් නැති යම් යම් වාසි තිබුණා. ඔවුන්ව මෙහෙයවීම සඳහා අනාගතවක්තෘවරයකු වූ, හිලමන්ව ඔවුන් තෝරාගත්තා (ඇල්මා 53:19); “ඔවුන් සැක නොකරන්නේ නම් දෙවියන්වහන්සේ ඔවුන්ව ගලවාගන්නා බව ඔවුන්ගේ මව්වරුන් විසින් ඔවුන්ට උගන්වා තිබුණා” (ඇල්මා 56:47); ඒවගේම ඔවුන්ට “ඉගැන්වූ දේ කෙරෙහි අධික විශ්වාසයක් ඔවුන්ට තිබුණා.” එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ව ආරක්ෂා කරනු ලැබුවේ “දෙවියන්වහන්සේගේ පුදුමාකාර බලයයි” (ඇල්මා 57:26). ඒ නිසා ජීවිතයේ සටන්වලට මුහුණ දෙද්දි, අපට ධෛර්යවන්ත වෙන්න පුළුවන්. “සාධාරණ දෙවි කෙනෙක් සිටින අතර, සැක නොකරන ඕනෑම කෙනෙක් උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් ආරක්ෂා” වන බව හිලමන්ගේ හමුදාව අපිට උගන්වනවා (ඇල්මා 57:26).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 53:10–22; 56:43–49, 55–56; 57:20–27; 58:39–40

රූපය
seminary icon
දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම මට බියෙන් මිදීමට උදවු වෙනවා.

ඔවුන්ගේ ඇදහිල්ල නොවන්නට, හිලමන්ගේ තරුණ සොල්දාදුවන්ට බිය වීමට හොඳ හේතුවක් තිබෙන්නට තිබුණා. නමුත් ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ට ධෛර්යවත් වීමට ඊටත් වඩා හේතු තිබුණා. ඔබ ඇල්මා 53–58 තුළ ඔවුන් ගැන කියවද්දි, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඔබේ බියට මුහුණ දීමට ඔබට උදවු වන දේවල් සොයන්න. පහත සඳහන් පද කෙරෙහි අවධානය යොමු කිරීම සලකා බලන්න: ඇල්මා 53:10–22; 56:43–49, 55–56; 57:20–27; සහ 58:39–40. ඔබ සොයා ගන්නා දේ වාර්තා කිරීමට මෙම වගුව ඔබට උදවු කරයි.

හිලමන්ගේ තරුණ සොල්දාදුවන්ගේ ලක්ෂණ:

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල එතරම් ශක්තිමත් වීමට හේතු:

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ඔවුන් කළ දේවල්:

දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ ආකාරය:

අපගේ අධ්‍යාත්මික සටන් ජයගැනීමට නම්, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයද අවශ්‍ය වෙනවා. ඔබට උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වෙන්න පුළුවන් කොහොමද? සභාපති රසල් එම්. නෙල්සන්ගේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිතයට ඇදගැනීම” (ලියහෝනා, මැයි 2017, 39-42) යන පණිවිඩය තුළ ඒ සඳහා පිළිතුරු සොයන්න. ඔබට ඔහුගේ උපදෙස් හිලමන්ගේ සොල්දාදුවන් කළ දේවල් සමඟ සසඳන්න පුළුවන්.

මේ දේවල් අධ්‍යයනය කිරීමෙන් පසු, ඔබේම අධ්‍යාත්මික සටන් ගැන සිතන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට ඔබට දේවානුභාවයෙන් කරන්නට හැඟෙන දේවල් ලියන්න.

තවත් බලන්න නීල් එල්. ඇන්ඩර්සන්, “තුවාල වූලියහෝනා, නොවැ. 2018, 83–86.

රූපය
තරුණ සොල්දාදුවන් ඔවුන්ගේ මව සමඟ

ජෝසෆ් බ්‍රිකී විසින්, They Did Not Doubt [ඔවුන් සැක නොකළහ]

ඇල්මා 58:1–12, 31–3761

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ ලේසියෙන් අමනාප වෙන්නේ නැහැ.

හිලමන්ට සහ පහෝරාන්ට අමනාප වෙන්න හේතු තිබුණා. හිලමන්ට ඔහුගේ හමුදාවන් සඳහා සහායක් ලැබුණේ නෑ, ඒවගේම එම සහයෝගය රඳවා නොගත් බවට මොරෝනි විසින් පහෝරාන්ට බොරු චෝදනා එල්ල කළා (බලන්න ඇල්මා 58:4–9, 31–3260). ඇල්මා 58:1–12, 31–37 සහ ඇල්මා 61 තුළ ඔවුන්ගේ ප්‍රතික්‍රියා ගැන ඔබව පුදුමයට පත්කරන්නේ කුමක්ද? ඔබට සිතෙන ආකාරයට ඔවුන් මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ ඇයි?

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් නිහතමානී බවේ උදාහරණයක් ලෙස පහෝරාන්ව පෙන්වා දුන්නා, ඒවගේම “නිහතමානී බව පිළිබඳ වඩාත්ම තේජාන්විත සහ අර්ථවත් ආදර්ශයන් ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය තුළ දක්නට ලැබෙන” බව ඉගැන්වුවා (“යටහත් පහත් සිත්”, ලියහෝනා, මැයි 2018, 32). ගැලවුම්කරුවාණන් නිහතමානී බව පෙන්වූ ආකාරය ගැන මෙනෙහි කරන්න. උදාහරණ ලෙස බලන්න, මතෙව් 27:11–26; ලූක් 22:41–42; යොහාන් 13:4–17. ඔබට ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

ඇල්මා 60:7–14

මා වටා සිටින පුද්ගලයින්ව ඔසවා තැබීමේ වගකීමක් මට තිබෙනවා.

පහෝරාන් දැන දැනම නෙපීවරුන්ගේ හමුදාවන්ගේ අවශ්‍යතා නොසලකා හැරියහොත් ඔහු දෙවියන්වහන්සේට වගකිව යුතු බව මොරෝනි ලිව්වා. අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම ගැන ඇල්මා 60:7–14 තුළ ඔබ ඉගෙන ගන්නේ මොනවාද? අනෙක් අයගේ අවශ්‍යතා ගැන වඩාත් දැනුවත් වීමට සහ ඒවා සපුරාලීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොනවාද?

ඇල්මා 62:39–51

මම නිහතමානී නම්, ජීවිතයේ අභියෝගවලට මගේ හදවත දෙවියන්වහන්සේ වෙතට හරවන්න පුළුවන්.

ඔබේ අත්දැකීම් මගින් ඔබට “මෘදු” හෝ “දැඩි” වීමට තෝරා ගත හැකි ආකාරය ගැන සිතා බැලීමට ඔබට උදවු කිරීම සඳහා අමු බිත්තරයක් සහ අල ගෙඩියක් උතුරන වතුරට දමන්න. ඔබේ බිත්තරය සහ අර්තාපල් ගෙඩිය පිසින අතරතුර, ඇල්මා 62:39–51 අධ්‍යයනය කරන්න, ඒවගේම ලාමන්වරු සමඟ එම ජනතාවගේ දිගුකාලීන යුද්ධයෙන් පසු හිලමන්ගේ දේවසේවයට ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය බලන්න. එවිට ඔබට මෙය වසර 13කට පෙර ඔහුගේ දේශනාවට ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සමඟ සසඳන්න පුළුවන් (බලන්න ඇල්මා 45:20–24). එම එකම දුක්ඛිත තත්වයන් නෙපීවරුන්ට වෙනස් ලෙස බලපෑවේ කොහොමද? බිත්තරය සහ අර්තාපල් සම්පූර්ණයෙන්ම පිසූ පසු, බිත්තරය කඩන්න, අර්තාපල් ගෙඩිය කපන්න. උතුරන වතුර ඒවාට වෙනස් ලෙස බලපෑවේ කොහොමද? පීඩාවට ප්‍රතිචාර දැක්වීමට අපට තෝරා ගත හැකි ආකාරය ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබේ පීඩා කාලවලදී ඔබට දෙවියන්වහන්සේ වෙත හැරෙන්න පුළුවන් කොහොමද?

නිවසේ අත්දැකීම් දෙස හැරන්න. ඔබ සභාවේ පන්තියකට උගන්වනවා නම්, ඔවුන් නිවසේදී ඉගෙනගත් දේ බෙදා ගැනීමට පන්තියේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න. නිදසුනක් වශයෙන්, බිත්තර හා අර්තාපල් තම්බා ගැනීමෙන් දුක් වේදනා සහ නිහතමානිකම ගැන ඔවුන් ඉගෙන ගත් දේ සොයා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 53:20–21; 56:47–48

මට හිලමන්ගේ තරුණ සොල්දාදුවන් වගේ දෙවියන්වහන්සේට ඇදහිලිවන්ත වෙන්න පුළුවන්.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව ඔබේ දරුවන්ට හිලමන්ගේ හමුදාව මෙන් විය හැකි ආකාරය ගැන සිතීමට උදවු කරයි. ඔවුන්ට එය ආරම්භ කිරීම සඳහා ඇල්මා 53:20–21 තුළ කතා කරන තරුණ සොල්දාදුවන්ගේ සමහර ගුණාංග ඔවුන් සමඟ බෙදා ගැනීම සලකා බලන්න.

ඇල්මා 56:45–48; 57:21

මගේ දෙමාපියන් ධර්මිෂ්ඨකමින් උගන්වන දේට මට ඇදහිලිවන්තව ඉන්න පුළුවන්.

  • හිලමන්ගේ තරුණ සොල්දාදුවන් විශාල අභියෝගයකට මුහුණ දුන් විට ඔවුන් ඔවුන්ගේ මව්වරුන්ගේ ඇදහිල්ල දෙස බැලුවා. සමහරවිට ඔබට ඔබේ දරුවන් සමඟ ඇල්මා 56:46–48 කියවන්න පුළුවන්, ඊට පස්සෙ මෙම තරුණයන්ගේ මව්වරුන් ඇදහිල්ල ගැන ඔවුන්ට ඉගැන්වූ දේට සවන් දීමට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් ගැන ඔවුන්ගේ දෙමාපියන්ගෙන් හෝ වෙනත් විශ්වාසවන්ත වැඩිහිටියන්ගෙන් ඔවුන් ඉගෙනගත්තේ කුමක්දැයි ඔබට ඔවුන්ගෙන් අසන්න පුළුවන්. “නිශ්චිතව” කීකරු වීම වැදගත් වන්නේ ඇයි? (ඇල්මා 57:21).

  • එම රණ ශූරයින්ගේ මව්වරුන් මෙන්—දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ඔබේ දරුවන් දැන සිටිනවා කියා ඔබට සහතික කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? එක් ක්‍රමයක් තමයි ඔබේ ඇදහිල්ල ඔබේ ජීවිතයට බලපාන ආකාරය බෙදාගැනීම. නිදසුනක් වශයෙන්, ඔබ “සැක නොකළ විට” උන්වහන්සේ ඔබව “බේරා ගත්තේ” කොහොමද?

රූපය
අම්මා ඇයගේ පුතාට උගන්වමින්

ජේ වෝඩ් විසින්, Seed of Faith [ඇදහිල්ලේ බීජය]

ඇල්මා 53:10–18

මට ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ මගේ ගිවිසුම් තබාගන්න පුළුවන්.

  • යම් කෙනෙක් ඔවුන් සමඟ පොරොන්දුවක් තබාගෙන ඔවුන් එය ඉටු කළ අවස්ථාවක් ගැන ඔබේ දරුවන්ට කතා කරන්න පුළුවන්. පොරොන්දුව ඉටු වූ විට ඔවුන්ට හැඟී ඇත්තේ කොහොමද? ඔබට ඇල්මා 53:10–18 කියවා, හිලමන්, අම්මොන්වරුන් සහ අම්මොන්වරුන්ගේ පුත්‍රයින් ඔවුන්ගේ පොරොන්දු හෝ ගිවිසුම් ඇති කර ගත් ආකාරය සහ ඒවා ඉටු කළේ කෙසේදැයි සොයා බැලීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔබ ඔබේ ගිවිසුම් රකිද්දි ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබට ආශිර්වාද කරන ආකාරය ඔබට බෙදාගන්න පුළුවන්.

ඇල්මා 61:3–14

මට තරහ නොගෙන ඉන්න තීරණය කරන්න පුළුවන්.

ඔවුන් නොකළ දෙයක් කළ බවට චෝදනා එල්ල වූ අවස්ථාවක් ගැන සිතා බැලීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. පහෝරාන්ට මෙය සිදු වූ ආකාරය ගැන ඔවුන්ට කියන්න (බලන්න ඇල්මා 60–61). පහෝරාන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඉගෙන ගැනීමට, ඇල්මා 61:3–14 තුළ ඇති පද මාරුවෙන් මාරුවට කියවන්න. මොරෝනි ඔහුට චෝදනා කළ විට පහෝරාන් කළේ කුමක්ද? (බලන්න ඇල්මා 61:2–3, 8–9). ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශයෙන් සමාව දීම ගැන අප ඉගෙනගන්නේ මොනවාද? (බලන්න ලූක් 23:34).

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
දෙදහසක් වූ තරුණ රණශූරයන්

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, It’s True, Sir, All Present and Accounted For [එය ඇත්ත, සර්, සියලුදෙනාම පැමිණ ගණන් දෙනු ලබයි]

මුද්‍රණය කරන්න