එන්න, මා අනුගමනය කරන්න 2024
නොවැම්බර් 4–10: “නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි.” මොර්මොන් 7–9


“නොවැම්බර් 4–10: ‘නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි.’ මොර්මොන් 7–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“නොවැම්බර් 4–10. මොර්මොන් 7–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මොරෝනි රන් තහඩු මත ලියමින්

ඩේල් කිල්බෝර්න් විසින්, Moroni Writing on Gold Plates [මොරෝනි රන් තහඩු මත ලියමින්]

නොවැම්බර් 4–10: “නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි”

මොර්මොන් 7–9

විශේෂයෙන්ම ඔහුගේ පියා සටනේදී මිය ගිය පසු සහ නෙපීවරුන් විනාශ වූ පසු—දුෂ්ට ලෝකයක තනිව සිටීම මොන වගේ හැඟීමක්ද කියා මොරෝනි දැන සිටියා. “ඉතිරිවූයේ මා පමණකි,” ඔහු මෙහෙම ලිව්වා. “තවද මට යහළුවන්ද නැතහොත් යාමට තැනක්ද නොමැත” (මොර්මොන් 8:3, 5). දේවල් බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබෙන්න පුළුවන්, නමුත් මොරෝනි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ “ස්වාමින්වහන්සේගේ සදාකාලික අරමුණු ඉදිරියට යන” බවට වූ ඔහුගේ සාක්ෂිය තුළ බලාපොරොත්තුවක් සොයා ගත්තා (මොර්මොන් 8:22). ඔහු දැන් උනන්දුවෙන් සම්පූර්ණ කරමින් සිටින එම වාර්තාව, යම් දිනක බොහෝ මිනිසුන්ව “ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුම” කරා ගෙන යන එම වාර්තාව වන—මොර්මොන්ගේ පොත, එම සදාකාලික අරමුණුවල ප්‍රධාන කොටසක් වන බව මොරෝනි දැන සිටියා (මොර්මොන් 8:16; 9:36). මෙම පොරොන්දු කෙරෙහි තිබූ මොරෝනිගේ ඇදහිල්ල නිසා මෙම පොතේ අනාගත පාඨකයන්ට මෙසේ ප්‍රකාශ කිරීමට ඔහුට හැකි වුණා, “නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි” එමෙන්ම “මාගේ වචනය නුඹලා ලබන්නේ යැයි මම දන්නෙමි” (මොර්මොන් 8:35; 9:30). දැන් අපට ඔහුගේ වචන තිබෙනවා, ඒවගේම ස්වාමින්වහන්සේගේ කාර්යය ඉදිරියට යමින් පවතින්නේ මොර්මොන් සහ මොරෝනි, තනිව සිටියදී පවා ඔවුන්ගේ ධර්මදූතයට එකඟව සිටි නිසයි.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

මොර්මොන් 7

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර උන්වහන්සේගේ ශුභාරංචිය “අල්ලාගෙන” සිටින්න.

මොර්මොන්ගේ ජනයාගේ වාර්තාව සංක්ෂිප්ත කිරීමෙන් පසුව, ඔහු මොර්මොන් 7 තුළින් ඔහුගේ අවසාන පණිවිඩය ලබා දුන්නා. ඔබ සිතන ආකාරයට ඔහු මෙම පණිවිඩය තෝරාගත්තේ ඇයි? “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අල්ලාගෙන සිටීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ මොකක්ද? (මොර්මොන් 7:8).

මොර්මොන්ගේ 7:8–10; 8:12–16; 9:31–37

මොර්මොන්ගේ පොත ඉතා වටිනාකමකින් යුක්තයි.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඇසුවා: “ඔබට දියමන්ති හෝ මැණික් හෝ මොර්මොන්ගේ පොත ලබාදුන්නොත් ඔබ තෝරාගන්නේ කුමක්ද? අවංකවම, ඔබට වඩා වටිනාම දේ කුමක්ද?” (“මොර්මොන්ගේ පොත: එය නැතිව ඔබේ ජීවිතය කෙසේ වේවිද?,” ලියහෝනා, නොවැ. 2017, 61).

අපේ දවසේදී මොර්මොන්ගේ පොත වටින්නේ ඇයි කියා තේරුම් ගැනීමට ඔබට උදවු වෙන කුමක් ඔබ මොර්මොන් 7:8–10; 8:12–22; සහ 9:31–37 තුළ සොයාගන්නවාද? එය ඔබට වටින්නේ ඇයි? 1 නෙපී 13:38–41; 2 නෙපී 3:11–12; සහ දහම සහ ගිවිසුම් 33:16; 42:12–13 තුළ ඔබට තවත් අදහස් සොයාගන්න පුළුවන්.

රූපය
විවිධ භාෂා වලින් මොර්මොන්ගේ පොතේ පිටපත්

මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි අපට අදාළයි

මොර්මොන් 8:1–11

අනෙක් අය ආඥා පිළි පදින්නේ නැති විට පවා මට ආඥා පිළිපදින්න පුළුවන්.

සමහර අවස්ථාවලදී ආඥා පිළිපැදීමට ඔබ දරන වෑයමේදී ඔබට තනිකමක් දැනෙන්න ඉඩ තිබෙනවා. ඔබට මොරෝනිගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් ඔබට උදවු වෙන දේවල් මොනවාද? (බලන්න මොර්මොන් 8:1–11). මොරෝනි ඇදහිලිවන්තව සිටියේ කොහොමද කියා ඔබට අසන්න පුළුවන් නම්, ඔබ සිතන විදියට ඔහු කුමක් කියයිද?

මොර්මොන් 8:26–41; 9:1–30

මොර්මොන්ගේ පොත ලියා තිබෙන්නේ අපේ දවස සඳහායි.

අපේ දවස සඳහා නිර්භීත අනතුරු ඇඟවීම් ලබා දීමට ඔහුව පෙළඹවූ, මොර්මොන්ගේ පොත එළියට පැමිණි විට (බලන්න මොර්මොන් 8:34–35) සිදුවිය හැකි දේවල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මොරෝනිට පෙන්නුවා. ඔබ මොර්මොන් 8:26–41 සහ 9:1–30 කියවද්දි, ඔහුගේ වචන ඔබට අදාළ වන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස, මෙම පදවල මොරෝනි ප්‍රශ්න 24ක් අසනවා. මොරෝනි අපේ දවස දුටු බවට මෙම ප්‍රශ්නවලින් ඔබ දකින සාක්ෂි මොනවාද? මොරෝනි කලින් දුටු අභියෝගවලට මොර්මොන්ගේ පොත උදවු වෙන්නේ කොහොමද?

ආත්මයාණන්වහන්සේට ඇහුම්කන්දෙන්න. ඔබේ කියවීමට සම්බන්ධ නැති බව පෙනුනත්, ඔබේ සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම හැඟීම් ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබ ඉගෙන ගන්නවාට කැමති දේ වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස, මොර්මොන් 9:1–30 තුළ මොරෝනි අසන ප්‍රශ්න ගැන මෙනෙහි කිරීමෙන් පසු ඔබට ඇති වුණු හැඟීම් මොනවාද?

මොර්මොන් 9:1–25

රූපය
සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ ප්‍රාතිහාර්යයේ දෙවි කෙනෙක්.

මොරෝනි තම පියාගේ ලේඛන අවසන් කළේ ප්‍රාතිහාර්යයන් විශ්වාස නොකරන අපේ කාලයේ සිටින මිනිසුන්ට ප්‍රබල පණිවිඩයක් ද සමගයි (බලන්න මොර්මොන් 8:26; 9:1, 10–11). අද දින ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාසයක් අවශ්‍ය යැයි ඔබට හැඟෙන්නේ ඇයි? මොර්මොන් 9:9–11, 15–27 සහ මොරෝනි 7:27–29 කියවමින්, මෙවැනි ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න:

  • මෙම පදවලින් ගැලවුම්කරුවාණන් ගැන මම ඉගෙන ගන්නේ මොනවාද?

  • අතීතයේ සහ වර්තමාන ප්‍රාතිහාර්යයන් ගැන මම ඉගෙන ගන්නේ මොනවාද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රාතිහාර්යයේ දෙවි කෙනෙක් බව විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මෙය විශ්වාස නොකිරීමේ විපාක මොනවාද?

  • ගැලවුම්කරුවාණන් මගේ ජීවිතය තුළට ලබා දී ඇති විශාල හා කුඩා ප්‍රාතිහාර්යයන් මොනවාද? මෙම ප්‍රාතිහාර්යයන් උන්වහන්සේ ගැන මට උගන්වන්නේ මොනවාද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස ඉගැන්වූවා: “අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “දැන් සහ නැවත පැමිණෙන කාලය අතරතුර උන්වහන්සේගේ බලවත්ම ක්‍රියා කිහිපයක් ඉටුකරනවා. පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ සහාවේ තේජසින් හා මහිමයෙන් යුතුව කටයුතු කරන බවට ආශ්චර්යමත් ඇඟවීම් අපට පෙනෙනවා” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96). ඔබට හැඟෙන ආකාරයට මෙම ප්‍රාතිහාර්යයන් සමහර විට කුමන ඒවා වෙයිද? ඒවා ඉටු කිරීමට ගැලවුම්කරුවාණන්ට උදවු කිරීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

සමෝවා, ටොංගා, ෆීජි සහ ටහිටි යන රටවල ශුද්ධවන්තයින් හමුවීමට සභාපති නෙල්සන් සහ නෙල්සන් සොහොයුරිය ගිය විට ඔවුන් ලැබූ අත්දැකීම් වලින් ඇදහිල්ල සහ ප්‍රාතිහාර්යයන් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? (බලන්න රසල් එම්. නෙල්සන්, “ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැවත නැගිට ඇත; උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කඳු තරණය කරයි,” ලියහෝනා, මැයි 2021, 101–4).

තවත් බලන්න රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ““බලන්න! මම ප්‍රාතිහාර්යයන්ගේ දෙවි කෙනෙකි,” ලියහෝනා, මැයි 2021, 109–12.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොර්මොන් 7:8–10

මොර්මොන්ගේ පොත සහ බයිබලය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

  • මොරෝනි කළාක් මෙන්, බයිබලය සහ මොර්මොන්ගේ පොත අතර ඇති සම්බන්ධය අවධාරණය කිරීමට, ඔබට ඔබේ දරුවන් සමඟ මෙවැනි ක්‍රීඩාවක් කරන්න පුළුවන්: ඔබ බයිබලයේ පිටපතක් අතැතිව සිටින විට “පරණ ගිවිසුම, අලුත් ගිවිසුම” ලෙසත්, ඔබ මොර්මොන්ගේ පොතේ පිටපතක් අතැතිව සිටින විට “තවත් ගිවිසුමක්” ලෙසත් පවසන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. යේසුස්වහන්සේගේ උපත, මරණය සහ මරණයෙන් නැවත නැගිටීම වැනි—බයිබලය සහ මොර්මොන්ගේ පොත යන දෙකම සාක්ෂි දරන සිදුවීම් කිහිපයක් ඔබට තෝරා ගන්න පුළුවන්—ඉන්පසු මෙම සිදුවීම්වලට අදාළ පින්තූර සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

  • ඔබේ දරුවන්ට ඇදහිල්ලේ කරුණු තුළ ඇති අටවන වගන්තිය ඉගෙන ගැනීමට උදවු කිරීම සඳහා, ඔබට ඒ සෑම වචනයක්ම වෙන වෙනම කඩදාසි කැබලිවල ලියන්න පුළුවන්. ඒ වචන නිවැරදි පිළිවෙලට තැබීමට සහ කිහිප වතාවක් නැවත නැවත කියවීම සඳහා එකට වැඩ කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

මොර්මොන් 8:1–7

මට තනිකමක් දැනෙන විට පවා මට ආඥා පිළිපදින්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට තනිකමක් දැනෙන විට පවා දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට මොරෝනිගේ ආදර්ශයට ඔවුන්ට දේවානුභාවයක් ලබාදෙන්න පුළුවන්. ඔබ ඔවුන් සමඟ මොර්මොන් 8:1–7 කියවීමෙන් පසු, ඔවුන් මොරෝනි වූවා නම් ඔවුන්ට හැඟෙන්නේ කෙසේදැයි ඔවුන්ට බෙදා ගන්න පුළුවන්. 1, 3 සහ 4 පදවල, මොරෝනිට කිරීමට ආඥා කළේ කුමක්ද සහ ඔහු කීකරු වූයේ කොහොමද? අපිට මොරෝනි වගේ වෙන්න පුළුවන් කොහොමද?

  • සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට කිසිවෙක් බලාගෙන ඉන්නේ නැති වෙලාවල් වලදී හරි වැරැද්ද තෝරාගත යුතු අවස්ථා ගැන කතා කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම මෙම තත්වයන් තුළ අපට උදවු වෙන්නේ කොහොමද?

මොර්මොන් 8:24–26; 9:7–26

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ ප්‍රාතිහාර්යයේ දෙවි කෙනෙක්.

  • ප්‍රාතිහාර්යයක් කියන්නෙ දෙවියන්වහන්සේගේ බලය පෙන්වීමට සහ අපගේ ජීවිතවලට ආශිර්වාද කිරීමට උන්වහන්සේ කරන දෙයක් බව ඔබේ දරුවන්ට පැහැදිලි කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් කිහිපයක් විස්තර කරන මොර්මොන් 9:11–13, 17 කියවද්දි, ඔබේ දරුවන්ට වෙනත් ප්‍රාතිහාර්යයන් ගැන කල්පනා කරන්න පුළුවන්. දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයේ කර ඇති ප්‍රාතිහාර්යයන් ගැන කතා කරන්න.

  • ඔබේ දරුවන්ට ආහාර වට්ටෝරුවක් පෙන්වන්න, ඔබ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් අත්හැරියහොත් කුමක් සිදුවේද යන්න ගැන කතා කරන්න. දෙවියන්වහන්සේකියන්නෙ ප්‍රාතිහාර්යයන් කරා අපව ගෙන යා හැකි “අමුද්‍රව්‍ය” සොයා ගැනීමට, එකට එකතු වී මොර්මොන් 8:24 සහ 9:20–21 කියවන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
මොරෝනි නෙපීවරුන්ගේ විනාශය දෙස බලා සිටී

ජෝසෆ් බ්‍රිකී විසින්, oroni Overlooking the Destruction of the Nephites [මොරෝනි නෙපීවරුන්ගේ විනාශය දෙස බලා සිටී]

මුද්‍රණය කරන්න