එන්න, මා අනුගමනය කරන්න 2024
නොවැම්බර් 18–24: “ඒ නපුර පහව යා හැකිය.” ඊතර් 6–11


“නොවැම්බර් 18–24: ‘ඒ නපුර පහව යා හැකිය.’ ඊතර් 6–11,”එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“නොවැම්බර් 18–24. ඊතර් 6–11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යාරෙද්ගේ බත්තල් මුහුද මත

ජොනතන් ආතර් ක්ලාක් විසින්, I Will Bring You Up Again out of the Depths [ගැඹුරින් මම නුඹව නැවත ගෙන එන්නෙමි]

නොවැම්බර් 18–24: “ඒ නපුර පහව යා හැකිය”

ඊතර් 6–11

යාරෙද්වරුන් විනාශ වී වසර සිය ගණනකට පසු, නෙපීවරු ඔවුන්ගේ පුරාණ ශිෂ්ඨාචාරයේ නටඹුන් සොයාගත්තා. මෙම නටඹුන් අතර අභිරහස් වාර්තාවක් තිබුණා—”කැටයම් වලින් පුරවා ඇති” “පිරිසිඳු රන්” තහඩු, ඒවගේම මේ නෙපීවරු එය කියවීමට “මැනිය නොහැකි තරම් ආශාවෙන් සිටි[යා]” (මොසායා 8:9; 28:12). අද ඔබට මෙම වාර්තාවේ සංක්ෂිප්තයක් තිබෙනවා, ඒවගේම එය හැඳින්වෙන්නෙ ඊතර්ගේ පොත කියලයි. නෙපීවරු එය කියවූ විට, යාරෙද්වරුන්ගේ ඛේදජනක වැටීම ගැන දැනගැනීමෙන් පස්සෙ “ඔවුන් ශෝකයෙන් පිරී ගියා”. “එසේ වුවද, එය ඔවුන්ට බොහෝ දැනුමක් ලබා දුන්[නා], ඔවුන් ඒ තුළ ප්‍රීති [වුණා]” (මොසායා 28:12, 18). ඔබටත් මේ පොතේ දුක්ඛිත අවස්ථා හමුවෙන්න පුළුවන්. නමුත් මෙම දැනුමේ ත්‍යාගය ගැන ඔබට සතුටු වෙන්නත් පුළුවන්. මොරෝනි මෙහෙම ලිව්වා, “මේ දේවල් ඔබට පෙන්වීම දෙවියන්වහන්සේ තුළ ප්‍රඥාව වන්නේය … තවද නපුර පහකර දැමීමටය, තවද එනම් මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මතට යක්ෂයාගේ බලයක් නොවීමේ කාලයක් පැමිණෙන්නේය” (ඊතර් 8:26).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඊතර් 6:1–12

ස්වාමින්වහන්සේ මගේ ලෞකික ගමන හරහා මට මගපෙන්වනවා.

සාගරය හරහා යාරෙද්වරුන්ගේ මුහුදු ගමන ඔබේ ජීවන ගමන සමඟ සන්සන්දනය කළහොත් ඔබට අධ්‍යාත්මික අවබෝධයක් ලබාගන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, යාරෙද්වරුන්ගේ බත්තල් වල ඇති ගල් මෙන් ඔබේ මාර්ගය ආලෝකවත් කිරීමට ස්වාමින්වහන්සේ සපයා ඇත්තේ මොනවාද? බත්තල් වලින් හෝ “පොරොන්දු දේශය දෙසට හමන සුළං” වලින් නියෝජනය විය හැකි දේවල් මොනවාද? (ඊතර් 6:8). මුහුදු ගමනට පෙර, අතරතුර සහ පසු යාරෙද්වරුන්ගේ ක්‍රියාවන්ගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ පොරොන්දු දේශය දෙසට ස්වාමින්වහන්සේ ඔබව ගෙනයන්නේ කොහොමද?

“ස්වාමින්වහන්සේට ප්‍රශංසා ගී ගයන්න.” යාරෙද්වරුන් දෙවියන්වහන්සේට ඔවුන්ගේ කෘතඥතාව සහ ප්‍රේමය ගීතිකා සහ ප්‍රශංසා මගින් ප්‍රකාශ කළා (බලන්න ඊතර් 6:9). නිවසේදී සහ සභාවේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට සංගීතය සහ හෘදයාංගම සාක්ෂි භාවිතා කිරීමට අවස්ථා සෙවීමට හෝ අවස්ථා නිර්මාණය කරන්නට ඔබට පුළුවන්.

රූපය
යාරෙද්ගේ පවුල බත්තල් ඇතුළත

රේ ජොන්සන් විසින්, Baby on Board [බෝට්ටුවේ දරුවෙක්]

ඊතර් 6:5–18, 30; 9:28–35; 10:1–2

“ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව ගමන් කරන්න.”

උඩඟුකම සහ අධර්මිෂ්ඨකම යාරෙද්වරුන්ගේ ඉතිහාසයේ ආධිපත්‍යය දරන බවක් පෙනෙන්නට තිබුණත්, මෙම පරිච්ඡේද වල—විශේෂයෙන් ඊතර් 6:5–18, 30; 9:28–35; සහ 10:1–2 යන පදවල නිහතමානීකම පිළිබඳ උදාහරණද තිබෙනවා. පහත සඳහන් ප්‍රශ්න ගැන මෙනෙහි කිරීමෙන් ඔබට මෙම උදාහරණ වලින් ඉගෙනගන්න පුළුවන්: යාරෙද්වරු මෙම තත්වයන් තුළ නිහතමානී වූයේ ඇයි? ඔවුන් ඔවුන්ගේ නිහතමානීකම පෙන්වූයේ කොහොමද? එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ට ආදිර්වාද කළේ කොහොමද? නිහතමානී වීමට බල කරනවාට වඩා “ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව ගමන් කිරීමට”(ඊතර් 6:17) ඔබට කරන්න පුළුවන් දේවල් මොනවාද කියා සලකා බලන්න (බලන්න මොසායා 4:11–12; ඇල්මා 32:14–18).

තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්න,” ලියහෝනා, නොවැ. 2020, 109–12.

ඊතර් 7–11

රූපය
සෙමනේරි නිරූපකය
මට ක්‍රිස්තුස්වහන්සේ වගේ නායකයෙක් වෙන්න පුළුවන්.

ඊතර් 7–11 පරිච්ඡේද අවම වශයෙන් පරම්පරා 28 ක් ආවරණය කරනවා. එවැනි කුඩා ඉඩක් තුළ කුඩා විස්තරයක් ලබා දිය හැකි වුනත්, ධර්මිෂ්ඨ සහ දුෂ්ට නායකත්වයේ ප්‍රතිවිපාක ගැන රටාවක් ඉක්මනින් මතු වෙනවා. පහත ලැයිස්තුගත කර ඇති රජුන්ගේ සෘණාත්මක සහ ධනාත්මක උදාහරණ වලින් ඔබ නායකත්වය ගැන ඉගෙන ගන්නේ මොනවාද?

නායකත්වය දෙන පුද්ගලයින් තුළ මෙම මූලධර්ම හෝ රටාවන් පෙන්නුම් කරනවා ඔබ දැක තිබෙන්නේ කවදාද?

ඔබ ඉගෙන ගත් දේ ගැන මෙනෙහි කරද්දි, ඔබේ නිවසේ, ප්‍රජාවේ, සභා කැඳවීම් සහ එවැනි දේවල් වලදී අන් අයට නායකත්වය දීමට හෝ බලපෑම් කිරීමට ඔබට ඇති අවස්ථා ගැන සිතන්න. ඔබට නිශ්චිත නායකත්ව පැවරුමක් නොමැති වුවත්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගේ වැනි නායකත්වයක ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් කොහොමද?

සභා නායකත්වයේ මූලධර්ම,” ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 4.2 (ChurchofJesusChrist.org).

ඊතර් 8:7–26

ස්වාමින්වහන්සේ අන්ධකාරයේ වැඩ කරන්නේ නෑ.

පුද්ගලයන් ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා රහසිගතව තබාගැනීමට කුමන්ත්‍රණය කරද්දි, ඔවුන් රහසිගත සම්බන්ධයකට සම්බන්ධ වෙනවා. ඊතර් 8:7–18 තුළ විස්තර කර ඇති රහස් සම්බන්ධතා වලට අමතරව, වෙනත් උදාහරණ හිලමන් 1:9–12; 2:2–11; 6:16–30; මෝසෙස් 5:29–33 තුළින් සොයාගන්න පුළුවන්. මෙම පද, නෙපී විසින් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය කරන ආකාරය විස්තර කර තිබෙන 2 නෙපී 26:22–24 සමඟ සැසඳීම සලකා බලන්න. ඔබ සිතන ආකාරයට රහස් සම්බන්ධතා ගැන මොරෝනි කළ දේවල් ලිවීමට ඔහුට ආඥාවක් ලැබුනේ ඇයි?

ඊතර් 8:26 තුළ විස්තර කර ඇති ආශිර්වාද ලබා ගැනීමට ඔබට උදවු කළ හැකි කුමන දේවල් ඔබ ඊතර් පොතෙන් ඉගෙනගෙන තිබෙනවාද?

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඊතර් 6:1–12

මම බියෙන් සිටින විට ස්වර්ගික පියාණන්වහන්සේ මාව සනසනු ඇතැයි මට විශ්වාස කරන්න පුළුවන්.

  • සෑම කෙනෙකුටම—කුඩා දරුවන්ට පවා අමාරු දවස් තිබෙනවා. යම් යම් දුෂ්කර සහ භයානක දිනවලදී යාරෙද්වරු දෙවියන්වහන්සේව විශ්වාස කළ ආකාරය පෙන්වන වචන සහ වාක්‍ය ඛණ්ඩ ඊතර් 6:1–12 තුළින් සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ දුෂ්කර කාලවලදී දෙවියන්වහන්සේ ඔබට උදවු කළ සමහර අත්දැකීම් එකිනෙකා සමඟ බෙදාගැනීම ගැන සලකා බලන්න.

ඊතර් 6:9, 12, 30; 7:27; 10:2

ස්වාමින්වහන්සේ කළ දේවල් සිහිපත් කිරීමෙන් කෘතඥතාව සහ සාමය ගෙන එනවා.

  • පොරොන්දු වූ දේශයට ආරක්ෂිතව පැමිණීමෙන් පසු, යාරෙද්වරු “ප්‍රීතියෙන් කඳුළු හෙළූ” තරමට ස්තූතිවන්ත වුණා (ඊතර් 6:12). යාරෙද්වරු දෙවියන්වහන්සේට ඔවුන්ගේ ස්තූතිය ප්‍රකාශ කළ ආකාරය පෙන්වන ඊතර් 6:9, 12 තුළ ඇති වාක්‍ය ඛණ්ඩ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීමෙන් දෙවියන්වහන්සේගේ ආශිර්වාද වලට ස්තූතිවන්ත වීමට ඔබට ඔබේ දරුවන්ව පොළඹවන්න පුළුවන්. ඔබේ දරුවන් ස්තූතිවන්ත වන සමහර දේවල් ගැන ඔබට කියන ලෙස ඔවුන්ගෙන් ඉල්ලන්න.

  • සමහරවිට ඔබේ දරුවන්ට ඊතර් 6:30; 7:27; සහ 10:2 කියවා, මෙම ධර්මිෂ්ඨ රජවරුන් මතක තබාගත් දේවල් සොයාගන්න පුළුවන්. ඔවුන් ඔවුන්ගේ ජනතාවට මගපෙන්වපු ආකාරය කෙරෙහි එය බලපෑවේ කොහොමද? දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති දේවල් ගැන ඔබට මතක් කර දිය හැකි ආකාර ගැන ඔබට සහ ඔබේ දරුවන්ට සාකච්ඡා කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, සමහර විට ඔවුන්ට ඒ ගැන ලිවීමට හෝ චිත්‍ර ඇඳීමට පුළුවන්. දෙවියන්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාද ලියා තැබීමට ඔවුන් නිතිපතා පුරුදු විය යුතු බව ඔබට ඔවුන්ට යෝජනා කරන්න පුළුවන්.

ඊතර් 7:24–27

මම දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කරද්දි මට ආශිර්වාද ලැබෙනවා.

  • සමහරවිට ඔබ සහ ඔබේ දරුවන් අනාගතවක්තෘවරයා අපට කිරීමට උගන්වා ඇති සමහර දේවල් රඟ දැක්වීමෙන් සතුටක් ලබයි. ක්‍රියාවන් නියෝජනය කරන්නේ කුමක්දැයි අනුමාන කරන ක්‍රීඩාවක් බවට ඔබට එය පත්කරගන්නත් පුළුවන්. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම වැදගත් වන්නේ ඇයි කියා සාකච්ඡා කිරීමට මෙය ඔබේ දරුවන්ව සූදානම් කරන්න පුළුවන්. ඊට පස්සෙ, මිනිසුන් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාට කීකරු වූ විට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ඔබට ඊතර් 7:24–27 කියවන්න පුළුවන්. වර්තමානයේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමෙන් අපට ආශිර්වාද ලැබෙන්නේ කොහොමද?

ඊතර් 9:28–35; 11:5–8

මම පසුතැවිලි වෙද්දි ස්වාමින්වහන්සේ දයාවන්ත වෙනවා.

  • රටාවන් සෙවීම ප්‍රයෝජනවත් ශුද්ධලියවිලි අධ්‍යයන කුසලතාවක්. ඊතර් පොතේ ස්වාමින්වහන්සේගේ දයාව නැවත නැවතත් අවධාරණය කරන රටාවක් අඩංගු වෙනවා. ඔබේ දරුවන්ට මෙම රටාව සොයා ගැනීමට උදවු කිරීම සඳහා, එම වාර්තා දෙක අතර සමානකම් සොයමින් ඊතර් 9:28–35 සහ ඊතර් 11:5–8 කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න. මේ කතන්දර වලින් අප ඉගෙනගන්නේ මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යාරෙද්ගේ බත්තල් මුහුද මත

ගැරී අර්නස්ට් ස්මිත් විසින්, Jaredite Barges [යාරෙද්වරුන්ගේ බත්තල්]

මුද්‍රණය කරන්න