එන්න, මා අනුගමනය කරන්න 2024
ඔක්තෝම්බර් 28–නොවැම්බර් 3: “සියල්ලන්වම පසුතැවිලි වීමට … සූදානම් කිරීමට මට හැකිවන්නේ නම් මම කැමැත්තෙමි.” මොර්මොන් 1–6


“ඔක්තෝම්බර් 28–නොවැම්බර් 3: ‘සියල්ලන්වම පසුතැවිලි වීමට … සූදානම් කිරීමට මට හැකිවන්නේ නම් මම කැමැත්තෙමි.’ මොර්මොන් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ඔක්තෝම්බර් 28–නොවැම්බර් 3. මොර්මොන් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මොර්මොන් රන් තහඩු මත ලියමින්

ටොම් ලොවෙල් විසින්, Mormon Abridging the Plates [මොර්මොන් රන් තහඩු සංක්ෂිප්ත කරමින්]

ඔක්තෝම්බර් 28–නොවැම්බර් 3: “සියල්ලන්වම පසුතැවිලි වීමට … සූදානම් කිරීමට මට හැකිවන්නේ නම් මම කැමැත්තෙමි”

මොර්මොන් 1–6

නෙපීවරුන් අතර දුටු දුෂ්ඨකම සහ ලේ වැගිරීම් පිළිබඳ “භයානක දර්ශනය” පිළිබඳ “සම්පූර්ණ විස්තරයෙන්” මොර්මොන් අපව බේරුවා (මොර්මොන් 2:18; 5:8). නමුත් ඔහු මොර්මොන් 1–6 දක්වා වාර්තා කර ඇති දෙය ධර්මිෂ්ඨ මිනිසුන්ට කොතරම් දුරට වටහාගන්න පුළුවන්ද කියලා අපට මතක්කර දීමට තරම් ප්‍රමාණවත්. මෙතරම් දුෂ්ඨකම් මධ්‍යයේ, වෙහෙසට පත්වීම හා අධෛර්යමත් වීම ගැන මොර්මොන්ට දොස් පවරන්න කාටවත් බෑ. ඒ වුනත්, ඔහු දුටු හා අත්විඳින ලද සෑම දෙයකින්ම, දෙවියන්වහන්සේගේ මහත් දයාව පිළිබඳ හැඟීම සහ පසුතැවීම එය ලැබිය යුතු මාර්ගය වන බවට වූ ඔහුගේ විශ්වාසය ඔහු කිසිදිනක අහිමි කරගත්තේ නෑ. පසුතැවිලි වන ලෙස ඔහු කළ ආයාචනය මොර්මොන්ගේම මිනිසුන් ප්‍රතික්ෂේප කළත්, ඒත්තු ගැන්වීමට ඔහුට විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටින බව ඔහු දැනගෙන සිටියා. “බලන්න,” ඔහු කිව්වා, “මම පොළොවේ සියලු කෙළවරට ලියමි.” වෙනත් වචන වලින් කියනවා නම්, ඔහු ලිව්වේ ඔබටයි (බලන්න මොර්මොන් 3:17–20). අද දින, ඔහු ඔබට දුන් පණිවිඩය, නෙපීවරුන්ගේ කාලයේදී ඔවුන්ව බේරාගැනීමට තිබූ ඒ එකම පණිවිඩයමයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කරන්න. … පසුතැවිලි වී, තවද ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ සිටගැනීමට සූදානම් වන්න” (මොර්මොන් 3:21–22).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

මොර්මොන් 1–6

රූපය
සෙමනේරි නිරූපකය
අනිත් අය මොනවා කළත් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න පුළුවන්.

මොර්මොන්ට වයස අවුරුදු 10ක් පමණ වන විට, ඔහු ඔහු වටා සිටි මිනිසුන්ට වඩා කැපී පෙනෙන ලෙස වෙනස් කෙනෙක් වුණා. ඔබ මොර්මොන් 1–6 කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මොර්මොන්ගේ ඇදහිල්ල ඔහුව අද්විතීය කෙනෙක් කළ අතර අන් අයට සේවය කිරීමට සහ ආශිර්වාද කිරීමට ඔහුට අවස්ථා ලබා දුන් ආකාරය සොයන්න. පහත සඳහන් පද වලින් ඔබට පටන් ගන්න පුළුවන්:

මොර්මොන් 1:2–3, 13–17.මොර්මොන් සහ ඔහුගේ මිනිසුන් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? එවන් දුෂ්කර කාලයකදී ආත්මිකව ශක්තිමත්ව සිටීමට ඔහුට උදවු කළ ගුණාංග මොනවාද?

මොර්මොන් 2:18–19.ඔහු ජීවත් වූ ලෝකය විස්තර කිරීමට මොර්මොන් භාවිතා කළ වචන මොනවාද? ඔහුගේ වටපිටාවේ තත්වයන් තිබියදීත් ඔහු බලාපොරොත්තු තබාගත්තේ කොහොමද?

මොර්මොන් 3:12.ඔහු වටා සිටින මිනිසුන් ගැන මොර්මොන්ට හැඟුණේ කොහොමද? ඔහු තුළ තිබූ ආදරය වැනි ආදරයක් වර්ධනය කර ගැනීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

මොර්මොන් 1–6 තුළ ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මොර්මොන්ගේ ඇදහිල්ල ඉස්මතු කරන වෙනත් පද මොනවාද? ඔහු ඇදහිලිවන්තව සිටීමට තීරණය කළ නිසා ඔහුට ලැබුණු අවස්ථා මොනවාද?

ඔබ මෙවැනි වාක්‍ය සම්පූර්ණ කරන්නේ කොහොමද? “ යන පුද්ගලයාගේ යන ක්‍රියාවෙන් ඔහු [හෝ ඇය] මට ආදර්ශයක් වුණා. මෙය මට උදව් වුණේ ලෙසයි.”

මොර්මොන්ගේ ආදර්ශය ඔහුගේ ජනතාවට වෙනසක් නොකරන බව මොර්මොන්ට දැනෙන්න ඇති. ඔබට මොර්මොන් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලැබුනේ නම්, ඔහුගේ ආදර්ශය ඔබගේ වෙනසක් කර ඇති ආකාරය ගැන ඔබ ඔහුට පවසන්නේ මොනවාද?

අනෙක් අය ඉගෙන ගන්නා දේ බෙදා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. මිනිසුන් තමන් ඉගෙනගත් දේ බෙදා ගද්දි, ඔවුන් තමන්ගේම ඇදහිල්ල සහ අන් අයගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා (බලන්න දහම සහ ගිවිසුම් 88:122). දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන විට ඔබේ පවුලේ අය හෝ පන්තියේ අය ලැබූ අත්දැකීම් මොනවාදැයි ඔවුන්ගෙන් ඇසීමට උත්සහ කරන්න.

රූපය
නෙපීවරු සහ ලාමන්වරු එකිනෙකා සමඟ පොරබදිමින්

ජොර්ජ් කොකෝ විසින්, Battle [සටන]

මොර්මොන් 2:10–15

දේව ශෝකය මාව ක්‍රිස්තුස්වහන්සේ වෙතට සහ කල්පවත්නා වෙනසක් කරා ගෙන යනවා.

මොර්මොන් තම ජනතාවගේ ශෝකය දුටු විට, ඔවුන් පසුතැවිලි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුණා. නමුත් “ඔවුන් ශෝක වුණේ පසුතැවිලි වීම උදෙසා නොවේ” (මොර්මොන් 2:13)—එය දේව ශෝකයක් නොවේ නමුත් ලෞකික ශෝකයක්. ඒ වෙනස තේරුම් ගැනීමට, ඔබ මොර්මොන් 2:10–15 තුළ ඉගෙන ගන්නා දේ මෙවැනි ප්‍රස්ථාරයකින් වාර්තා කිරීම ගැන සලකා බලන්න:

දේව ශෝකය

ලෞකික ශෝකය

යේසුස්වහන්සේ වෙත පැමිණීම (14 වෙනි පදය)

දෙවියන්වහන්සේට ශාප කිරීම (14 වෙනි පදය)

ඔබේ ශෝකය දේවමය හෝ ලෞකික දැයි ඔබ දැනගන්නේ කොහොමද? ඔබ ලෞකික ශෝකයක් අත්විඳිනවා නම්, එය දේව ශෝකයක් බවට පත් කරගන්නේ කොහොමද?

තවත් බලන්න 2 කොරින්ති 7:8–11; මිෂෙල් ඩී. ක්‍රේග්, “දිව්‍යමය නොසන්සුන්තාවය,” ලියහෝනා, නොවැ. 2018, 52–55.

මොර්මොන් 3:3, 9

“ඔවුන්ව බේරුවේ ස්වාමින්වහන්සේ බව ඔවුන් දැන සිටියේ නැත.”

ස්වාමින්වහන්සේ නෙපීවරුන්ට ආශිර්වාද කළ ආකාරය ඔවුන් පිළිනොගත් බව මොර්මොන් නිරීක්ෂණය කළා. ඔබ මොර්මොන් 3:3, 9 කියවද්දි, ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ බලපෑම ඔබ පිළිගන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න ඔබට පුළුවන්. උන්වහන්සේගේ බලපෑම ඔබ පිළිගත් විට ලැබෙන ආශිර්වාද මොනවාද? උන්වහන්සේව නොපිළිගැනීමෙහි ප්‍රතිවිපාක මොනවාද? (බලන්න මොර්මොන් 2:26; දහම සහ ගිවිසුම් 59:21).

මොර්මොන් 5:8–24; 6:16–22

මාව පිළිගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවෘත දෑත් සමඟ සිටිනවා.

ඔබේම පාපයන් ගැන ඔබට කවදා හෝ අධෛර්යයක් දැනෙන විටෙක, ගැලවුම්කරුවාණන් “ඔබව පිළිගැනීමට විවෘත දෑතින්” සිටගෙන සිටින බවට වූ මොර්මොන්ගේ විස්තරය ඔබට සහනයක් ලබාදෙයි. ඔබ මොර්මොන් 5:8–24 සහ 6:16–22 කියවද්දි, ඔබ පව් කරන විට පවා, ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට ඔබ කෙරෙහි ඇති හැඟීම් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවෘත දෑත් සමඟ ඔබ ළඟට එන බව ඔබට හැඟී ඇත්තේ කොහොමද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද?

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොර්මොන් 1:1–3; 2:1, 23–24; 3:1–3, 12, 17–22

මටත් මොර්මොන් වගේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න පුළුවන්.

  • ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගන්නා විට මොර්මොන් තරමක් කුඩා වූ නිසා, ඔහු ඔබේ දරුවන්ට දේවානුභාවයක් වෙන්න පුළුවන්. සමහර විට ඔබට මොර්මොන් 1:1–3 කියවන අතරතුර, ඇමරොන් මොර්මොන්ට විශේෂ ධර්මදූතයක් ලබා දෙද්දි ඔහුගේ වයස කීයද කියා ඔබේ දරුවන්ට සවන් දෙන්න පුළුවන්. ඇමරොන් මොර්මොන් තුළ දුටු ගුණාංග මෙම පදවල සොයා ගැනීමට ඔබට ඔවුන්ට උදවු කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට මෙම ගුණාංග අපට උදවු වෙන්නෙ කොහොමද?

    රූපය
    මොර්මොන් තරුණ පිරිමි ළමයෙකු ලෙස

    ස්කොට් එම්. ස්නෝ විසින්, Mormon, Age 10 [මොර්මොන්, වයස 10]

  • මොර්මොන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ නිසා, ඔහුට සේවය කිරීමටත් අන් අයට ආශිර්වාද කිරීමටත් අවස්ථාව ලබා දී තිබුණා. පහත සඳහන් ඡේදවලින් එකක් හෝ කිහිපයක් කියවන්නට ආරාධනා කර, ඔබේ දරුවන් මොර්මොන් ගැන ඉගෙන ගන්නා දේවල් බෙදා ගැනීමට ඔවුන්ට උදවු කිරීමට ඔබට පුළුවන්: මොර්මොන් 1:1–3; 2:1, 23–24; සහ 3:1–3, 12, 20–22. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල අන් අයට උදවු කළේ හෝ ආශිර්වාද කළේ කොහොමද? අප දන්නා හඳුනන අයට අපගේ ඇදහිල්ල උදවුවක් වෙන්න පුළුවන් කොහොමද?

මොර්මොන් 2:8–15

දේව ශෝකය මාව ක්‍රිස්තුස්වහන්සේ වෙතට සහ කල්පවත්නා වෙනසක් කරා ගෙන යනවා.

  • ඔබේ දරුවන්ට මොර්මොන් 2:8, 10–15 කියවද්දි, ලෞකික හා දේව ශෝකය අතර වෙනස තේරුම් ගැනීමට උදවු කිරීම සඳහා “නිවසේ සහ සභාවේ ඉගෙනීමට අදහස්” තුළ තිබෙන ආකාරයේ ප්‍රස්ථාරයක් ඔබට හදන්න පුළුවන්. පසුතැවිලි වීම අපගේ “හදව[ත්] … ප්‍රීති වීමට” සලස්වන්නේ ඇයි කියා හේතු සෙවීමට ඔවුන්ට මොර්මොන් 2:12 උවමනාවෙන් කියවන්න පුළුවන්. අපගේ පව් ගැන අපට දැනෙන ශෝකය, අපට වෙනස් වීමට දෙවියන්වහන්සේගේ උදවු පැතීමට අපව පොලඹවන්නේ කොහොමද?

මොර්මොන් 3:3, 9

ස්වර්ගීය පියාණන්වහන්සේ මට බොහෝ ආශිර්වාද ලබා දෙනවා.

  • ඔවුන් ස්තූතිවන්ත වෙන සමහර දේවල් ලැයිස්තුගත කිරීමට (හෝ පින්තූර ඇඳීමට) ඔබේ දරුවන්ට ආරාධනා කිරීම දෙවියන්වහන්සේට කෘතඥතාව පෙන්වීමට ඔවුන්ට උදවු කිරීමට හොඳ මාර්ගයක් වෙන්න පුළුවන්. ඔවුන් ලැයිස්තුවක් සෑදූ පසු, ඔබට මොර්මොන් 3:3, 9 කියවා, ස්වර්ගික පියාණන්වහන්සේ නෙපීවරුන්ටද ආශිර්වාද කර තිබුණත්, ඔවුන් එය හඳුනාගෙන නොතිබුණු බව පැහැදිලි කරන්න පුළුවන්. අපගේ ආශිර්වාද සඳහා අපි ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූතිවන්ත වන බව පෙන්වීමට අපට කරන්න පුළුවන් මොනවාද?

මොර්මොන් 3:12

මම සෑම කෙනෙක්ටම ආදරය කිරීම ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.

  • නෙපීවරුන් දුෂ්ට වුනත්, මොර්මොන් කිසි විටෙකත් ඔවුන්ට ආදරය කිරීම නතර කළේ නෑ. මොර්මොන් 3:12 තුළ “ප්‍රේමය” සහ “ප්‍රේම කළෙමි” යන වචන සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට උන්වහන්සේ දක්වන ප්‍රේමය ගැන සාක්ෂි දරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
රන් තහඩු

“ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කරන පිණිස” මොර්මොන්ගේ පොත ලියා ඇත්තේය (මොර්මොන් 3:21).

මුද්‍රණය කරන්න