එන්න, මා අනුගමනය කරන්න 2024
නොවැම්බර් 25–දෙසැම්බර් 1: “ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ.” ඊතර් 12–15


“නොවැම්බර් 25–දෙසැම්බර් 1: ‘ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ.’ ඊතර් 12–15,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“නොවැම්බර් 25–දෙසැම්බර් 1. ඊතර් 12–15,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ඊතර් ගුහාවකට ඇතුලු වෙමින්

ගැරී අර්නස්ට් ස්මිත් විසින්, Ether Hiding in the Cavity of a Rock [ඊතර් පර්වත කුහරයක සැඟවී සිටිමින්]

නොවැම්බර් 25–දෙසැම්බර් 1: “ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ”

ඊතර් 12–15

යාරෙද්වරුන්ට ඊතර්ගේ අනාවැකි “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර” වුණා (ඊතර් 12:5). ඔහු “මනුෂ්‍යයාගේ ආරම්භයේ සිටම සියල්ල ඔවුන්ට [කිව්වා]” (ඊතර් 13:2). ඔහු “ක්‍රිස්තුස්වහන්සේගේ දවස්” සහ පසුදවස් වල නව යෙරුසලම දැක්කා (ඊතර් 13:4). ඔහු “යහපත් ලෝකයක් උදෙසා බලාපොරොත්තුවද, එසේය දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ ස්ථානයක්” ගැනද කතා කළා (ඊතර් 12:4). නමුත් යාරෙද්වරු ඔහුගේ වචන ප්‍රතික්ෂේප කළා, එම හේතුව නිසාම මිනිසුන් අද බොහෝවිට දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ අනාවැකි ප්‍රතික්ෂේප කරනවා—ඒ “ඔවුන් දැකලා නැති [නිසයි]” (ඊතර් 12:5). නොඇදහිලිවන්ත ජනතාවකට “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර දේවල්” ගැන අනාවැකි කීමට ඊතර් ඇදහිල්ල තබාගත්තා වගේම, අපට නොපෙනෙන දේවල් පිළිබඳ පොරොන්දු හෝ අනතුරු ඇඟවීම් විශ්වාස කිරීමටත් ඇදහිල්ල අවශ්‍ය වෙනවා. ස්වාමින්වහන්සේට මොරෝනිගේ “ලිවීමට වූ දුර්වලතාවය” ගෙන, එය ශක්තියක් බවට පත්කළ හැකි බව විශ්වාස කිරීමට මොරෝනිට ඇදහිල්ල අවශ්‍ය වුණා (බලන්න ඊතර් 12:23–27). මේ ආකාරයේ ඇදහිල්ල නිසා අපව “සහතික සහ ස්ථිර කරමින්, සෑමවිටම යහපත් ක්‍රියා වලින් පූර්ණව දෙවියන්වහන්සේව මහිමවත් කිරීමට මග [පෙන්වනවා]” (ඊතර් 12:4). “සියල්ල සම්පූර්ණ වන්නේ” මේ ආකාරයේ ඇදහිල්ලෙන් (ඊතර් 12:3).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඊතර් 12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්‍රාතිහාර්යයන් ගෙන එනවා.

දෙවියන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ බලය ගැන විශ්වාස කිරීමට පෙර සාක්ෂි දැකීමට මිනිසුන්ට අවශ්‍ය වීම ඊතර්ගේ දවසේ මෙන් අදත් සාමාන්‍ය දෙයක්. මෙම අදහස ගැන ඔබ ඊතර් 12:5–6 තුළින් ඉගෙන ගන්නේ මොනවාද?

ඔබ ඊතර් 12 කියවද්දි, ඔබ “ඇදහිල්ල” යන වචනය සොයාගත් සෑම අවස්ථාවකම ඔබට එය සටහන් කරගන්න පුළුවන්. ඒ සෑම සිද්ධියක්ම ඇදහිල්ල ගැන උගන්වන දේ ගැන සලකා බලන්න. මෙවැනි ප්‍රශ්න උදවු වෙන්න පුළුවන්: ඇදහිල්ල කියන්නෙ මොකක්ද? ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ඵල මොනවාද? “ඔබේ ඇදහිල්ලේ පරීක්ෂාවෙන් පසුව” ඔබ ලබාගත් සාක්ෂි ගැනද ඔබට ඔබේ අදහස් සටහන් කරගන්න පුළුවන් (ඊතර් 12:6).

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැවත නැගිට ඇත; උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කඳු තරණය කරයි,” ලියහෝනා, මැයි 2021, 101–4.

අනෙක් අයට බෙදා ගැනීමට සහ සමහර අවස්ථා වල ඉගැන්වීමට ඉඩ දෙන්න. ඔවුන් ඉගෙනගන්නා දේ බෙදා ගැනීමට හෝ විධිමත් පසුබිමක ඉගැන්වීමට අවස්ථාවන් ඇති විට මිනිසුන් හොඳින් ඉගෙන ගන්නවා. නිවසේ හෝ සභාවේ හෝ වේවා, යෞවනයන් ඇතුළු අනෙක් අයට පාඩමේ කොටසක් ඉගැන්වීමට ඉඩ දීම ගැන සලකා බලන්න.

ඊතර් 12:1–9, 28, 32

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට “වඩා හොඳ බලාපොරොත්තුවක්” ලබා දෙනවා.

ඇදහිල්ල පිළිබඳ ගැඹුරු තීක්ෂණ බුද්ධියකට අමතරව, ඊතර් 12 තුළ බලාපොරොත්තුව ගැන ද බොහෝ දේ කියනවා. මෙම ප්‍රශ්න වලට ඔබේ අධ්‍යයනයට මග පෙන්වීමට ඉඩ දෙන්න:

  • ඊතර්ට “වඩා හොඳ ලෝකයක් බලාපොරොත්තුවෙන්” සිටීමට තිබූ හේතු මොනවාද? (බලන්න ඊතර් 12:2–5).

  • නැංගුරමක අරමුණ මොකක්ද? නැංගුරමක් බෝට්ටුවක් සඳහා කරන දෙයට සමාන කුමන දෙයක් බලාපොරොත්තුව ඔබේ ආත්මයට කරනවාද? (බලන්න ඊතර් 12:4).

  • අප බලාපොරොත්තු විය යුත්තේ කුමක් සඳහාද? (බලන්න ඊතර් 12:4; මොරෝනි 7:41).

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඔබට “වඩා හොඳ බලාපොරොත්තුවක්” ලබා දී තිබෙන්නේ කොහොමද? (ඊතර් 12:32).

තවත් බලන්න මොරෝනි 7:40–41; ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්,” ලියහෝනා, මැයි 2020, 81–84.

ඊතර් 12:23–29

රූපය
සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාගේ දුර්වලකම ශක්තිය බවට පත්කරන්න පුළුවන්.

අපි මොරෝනිගේ ප්‍රබල ලියවිලි කියවද්දි, ඔහුගේ “ලිවීමේ දුර්වලතාවය” ගැන ඔහු කනස්සල්ලට පත්ව සිටි බවත්, ඔහුගේ වචන මිනිසුන් සමච්චල් කරනු ඇතැයි බියවූ බවත් අමතක කිරීම පහසුයි (බලන්න ඊතර් 12:23–25). ඔබට ඔබේම දුර්වලකම ගැන කනස්සල්ලක් දැනී ඇත්නම්, ඊතර් 12:23–29 තුළ මොරෝනිගේ අරගල සහ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරය ගැන කියවන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ දුර්වලකම හඳුනාගෙන, උන්වහන්සේ එය සම්පූර්ණයෙන්ම ඉවත් නොකළත්, ඔබව ශක්තිමත් කර ඇති අවස්ථාද ඔබට මෙනෙහි කරන්න පුළුවන්. ඔබ දැනට පොරබදමින් සිටින දුර්වලතා ගැනද සිතන්න. “දුර්වල දේවල් ශක්තිමත් කිරීමට” ගැලවුම්කරුවාණන්ගෙන් පොරොන්දුවක් ලැබීමට ඔබ කළ යුත්තේ මොනවාද? (ඊතර් 12:27).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වරප්‍රසාදය තුළින් ශුද්ධලියවිලිවල අනෙක් අය ශක්තිය ලබා ගත්තේ කෙසේදැයි බැලීමට පහත සඳහන් කොටස් සෙවීම සලකා බලන්න.

ඊතර් 13:13–22; 14–15

ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීම මාව අධ්‍යාත්මික අනතුරකට පත්කරනවා.

යාරෙද්වරුන්ගේ රජ බවට පත්වීම, ඓතිහාසික වශයෙන්, භයානක තත්වයක් වුණා. කොරියැන්තුමර් හට මෙය විශේෂයෙන්ම සත්‍යයක් වුණා, බොහෝ “බලවත් මනුෂ්‍යයන් … ඔහුව විනාශ කිරීමට උත්සාහ කළා” (ඊතර් 13:15–16). ඊතර් 13:15–22 තුළ, කොරියැන්තුමර් තමාව ආරක්ෂා කරගැනීමට කළ දේ සහ ඒ වෙනුවට අනාගතවක්තෘ ඊතර් ඔහුට කරන්නට උපදෙස් දුන් දේ සැලකිල්ලට ගන්න. ඊතර්ගේ පොතේ ඉතිරි කොටස ඔබ කියවද්දි, අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක ගැන මෙනෙහි කරන්න. “ස්වාමින්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පරිශ්‍රම දැරීම නවත්වන විට” මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද? (ඊතර් 15:19). මෙම වාර්තාවලින් ඔබ ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය විය හැක්කේ මොනවාද? උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ව අනුගමනය කිරීමට ඔබ කරන්නේ මොනවාද කියා සලකා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඊතර් 12:6–22

ඇදහිල්ල කියන්නෙ මට නොපෙනෙන දේවල් විශ්වාස කිරීමයි.

  • ඊතර් 12:6 තුළ ඇති “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන සහ නොපෙනෙන දේවල්” යන වාක්‍යය ඔබ සමඟ නැවත නැවත කියවීමට ඔබේ දරුවන්ට උදවු කිරීම ගැන සලකා බලන්න. ඊතර් 12:13–15, 19–21 තුළ ඇදහිල්ලේ ආදර්ශ පෙන්වන පින්තූර බැලීමෙන් ඔවුන් සතුටු වෙන්න පුළුවන් (බලන්න මේ සතියේ ක්‍රියාකාරකම් පිටුව). ඔබේ දරුවන්ට ඒ එක් එක් කතාව ගැන ඔවුන් දන්නා දේ පැහැදිලි කිරීමට ඉඩ දෙන්න. ඇදහිල්ල පිළිබඳ මෙම උදාහරණ සාකච්ඡා කිරීමට ඔබට උදවු වෙන ප්‍රශ්න කිහිපයක් මෙන්න:

    • මේ අය බලාපොරොත්තු වුණේ මොකක්ද?

    • ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වුණේ කොහොමද?

    • ඔවුන්ගේ ඇදහිල්ල නිසා සිදු වූයේ කුමක්ද?

    ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම ගැන ඔබේම අත්දැකීම් ඔබට බෙදාගන්න පුළුවන්.

ඊතර් 12:4, 32

බලාපොරොත්තුව මගේ ආත්මයට නැංගුරමක් වගේ.

  • ඊතර් 12:4 බලාපොරොත්තුව ගැන උගන්වන දේ තේරුම් ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට බෝට්ටුවක සහ නැංගුරමක පින්තූරයක් දෙස බලන්න පුළුවන්. බෝට්ටුවලට නැංගුරම් අවශ්‍ය වන්නේ ඇයි? නැංගුරමක් නොමැති බෝට්ටුවකට කුමක් සිදුවේද? ඔබ එකට එකතු වී ඊතර් 12:4 කියවද්දි, නැංගුරමක් බෝට්ටුවකට උදවු කරන ආකාරයට බලාපොරොත්තුව අපට උදවු කරන ආකාරය ගැන කතා කරන්න. බෝට්ටුවක සහ නැංගුරමක පින්තූර ඇඳීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න, එවිට ඔවුන්ට බලාපොරොත්තුව ගැන අන් අයට උගන්වන්න පුළුවන්.

  • ඊතර් 12:4, 32 අනුව, අප බලාපොරොත්තු විය යුත්තේ කුමක් සඳහාද? (තවත් බලන්න මොරෝනි 7:40–42). බලාපොරොත්තුවේ ප්‍රතිවිරුද්ධ වචන සමඟින් බලාපොරොත්තුව සඳහා වෙනත් වචන ගැන සිතීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන සමහර ශුභාරංචිය සත්‍යයන් එකිනෙකා සමඟ බෙදා ගැනීමටද ඔබට පුළුවන්.

ඊතර් 12:23–29

මට අධ්‍යාත්මිකව ශක්තිමත් වීමට උදවු වෙන්න යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පුළුවන්.

  • මොරෝනිට වුණා වගේ, දරුවන් සමහර අවස්ථාවලදී දුර්වල බවක් දැනෙන තත්වයන්ට මුහුණ දෙනවා. ඊතර් 12:23–25 තුළ මොරෝනිට එසේ හැඟුණේ ඇයි කියා සොයා බැලීමට ඔබේ දරුවන්ට උදවු කරන්න, ඔවුන්ට කවදා හෝ ඒ හා සමාන හැඟීම් ඇති වී තිබේදැයි ඔවුන්ගෙන් විමසන්න. ඉන්පසු ස්වාමින්වහන්සේ මොරෝනිට උදව් කළේ කෙසේදැයි සොයා බැලීමට 26–27 පද කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න.

  • සමහරවිට ඔබේ දරුවන්ට දුර්වල දෙයක් සහ ශක්තිමත් දෙයක් ගැන චිත්‍රයක් අඳින්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ට අපගේ දුර්වලකම ශක්තියක් බවට පත්කළ හැකි ආකාරය ගැන ඔවුන්ට උගන්වන, ඊතර් 12:23–29 තුළ ඇති සමහර වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔවුන්ට ඔවුන්ගේ චිත්‍රයට එකතු කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට ඔවුන් තුළ ඇති දුර්වලතාවයක් ගැන සිතීමටත්, ඉන්පසු ශක්තිමත් වීමට ගැලවුම්කරුවාණන්ගේ උදවු පතන්නටත් ඔවුන්ව දිරිගන්වන්න. අමාරු දෙයක් කිරීමට තරම් ශක්තිමත් වීමට ගැලවුම්කරුවාණන් ඔබට උදවු වූ අත්දැකීමක් ඔබට බෙදාගන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ගුහාවක දොරටුව අසළ ඊතර් දණ ගසමින්

වෝල්ටර් රනේ විසින්, Marvelous Were the Prophecies of Ether [ඊතර්ගේ අනාවැකි පුදුමාකාර විය]

මුද්‍රණය කරන්න