එන්න, මා අනුගමනය කරන්න 2024
දෙසැම්බර් 9–15: “ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවනු ලැබේවා.” මොරෝනි 7–9


“දෙසැම්බර් 9–15: ‘ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවනු ලැබේවා.’ මොරෝනි 7–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“දෙසැම්බර් 9–15. මොරෝනි 7–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මොරෝනි රන් තහඩු මත ලියමින්

මිනර්වා කේ. ටීචර්ට් (1888–1976), Moroni: The Last Nephite [මොරෝනි: අවසාන නෙපීවරයා] 1949–1951, මේසොනයිට් මත තෙල්, අඟල් 34 3/4 × 47. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969

දෙසැම්බර් 9–15: “ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවනු ලැබේවා”

මොරෝනි 7–9

මොර්මොන්ගේ පොත ලෙස අද අප දන්නා වාර්තාව ඔහුගේම අවසන් වචන වලින් අවසන් කිරීමට පෙර, මොරෝනි ඔහු තම පියා වන මොර්මොන්ගෙන් පණිවිඩ තුනක් බෙදා ගත්තා: ඒ “ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්ට” කළ ඇමතීමක් (මොරෝනි 7:3) සහ මොර්මොන් මොරෝනි වෙත ලියූ ලිපි දෙකක්. සමහරවිට මොරෝනි මොර්මොන්ගේ පොතට මෙම පණිවිඩ ඇතුළත් කර ඇත්තේ ඔහුගේ කාලයේ හා අපේ කාලයේ අන්තරායන් අතර සමානකම් කලින් දුටු නිසා වෙන්න පුළුවන්. මෙම වචන ලියමින් සිටින අතරතුර, නෙපී ජනතාව ගැලවුම්කරුවාණන්ගෙන් ඉවතට හැරෙමින් සිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ගෙන් “එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමය නැතිවී” තිබූ අතර ඔවුන් “යහපත් දේ හැර අන් සියල්ල ගැන” සතුටු වුණා (මොරෝනි 9:5, 19). නමුත්, බලාපොරොත්තුව කියන්නෙ ලෝකයේ ගැටලු නොසලකා හැරීම හෝ බොළඳ වීම නොවන බව අපට උගන්වමින්, මොර්මොන් තවමත් බලාපොරොත්තුව සඳහා හේතුවක් සොයාගෙන තිබෙනවා. බලාපොරොත්තුව යන්නෙන් අදහස් කරන්නේ එම ගැටලුවලට වඩා බලවත් හා සදාකාලික බලයක් ඇති ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීමයි. එහි තේරුම තමයි “සියලු යහපත් දේ මත අල්ලාගැනීම” (මොරෝනි 7:19). එහි තේරුම තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම “සහ උන්වහන්සේගේ මහිමය හා සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ඔබේ මනසෙහි රැඳෙන්නට” ඉඩහැරීම (මොරෝනි 9:25).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

මොරෝනි 7:12–20

ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය මට වැරදි දේවල් වලින් සත්‍යය වෙන්කර හඳුනාගන්න උදවු කරනවා.

බොහෝ අය මෙහෙම කල්පනා කරනවා, “මට එන යම් හැඟීමක් එන්නේ දෙවියන්වහන්සේගෙන්ද නැත්නම් මගේම සිතුවිලිවලින්ද කියා මම දැනගන්නේ කොහොමද?” නැත්නම් “අද මෙතරම් රැවටීමක් තිබෙද්දිත්, හරි වැරැද්ද කුමක්දැයි දැනගන්නේ කොහොමද?” මොරෝනි 7 තුළ ඇති මොර්මොන්ගේ වචන අපට මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට භාවිතා කරන්න පුළුවන් මූලධර්ම කිහිපයක් ලබා දෙනවා. විශේෂයෙන් 12–20 පදවල ඒවා සොයන්න. ඔබට මෙම සතියේ හමුවන පණිවිඩ සහ ඔබට ඇති අත්දැකීම් ඇගයීමට උදවු කිරීමට ඔබට මෙම සත්‍යයන් භාවිතා කරන්න පුළුවන්.

මොරෝනි 7:20–48

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට “සෑම යහපත් දෙයක්ම අල්ලාගෙන සිටින්න” පුළුවන්.

අද දින විශේෂයෙන් වැදගත් යැයි පෙනෙන ප්‍රශ්නයක් මොර්මොන් ඇසුවා: “සෑම යහපත් දෙයක්ම අල්ලා ගත හැක්කේ කෙසේද?” (මොරෝනි 7:20). ඉන්පසු ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, බලාපොරොත්තුව සහ පිවිතුරු ප්‍රේමය ගැන ඉගැන්වුවා. ඔබ 20–48 පද කියවද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ලැබෙන යහපත්කම සොයාගැනීමට සහ “එය අල්ලාගෙන සිටීමට” මේ එක් එක් ගුණාංග ඔබට උදවු කරන්නේ කොහොමද කියා සොයා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකුට මෙම ගුණාංග අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

මොරෝනි 7:44–48

රූපය
සෙමනේරි නිරූපකය
“පිවිතුරු ප්‍රේමය කියන්නෙ ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව, අපට පිවිතුරු ප්‍රේමයක් ඇති කරගැනීමට අපව යොමු කරන බව මොර්මොන් නිරීක්ෂණය කළා. ඒත් පිවිතුරු ප්‍රේමය කියන්නෙ මොකක්ද? පිවිතුරු ප්‍රේමය කියන්නෙ … ලෙස ඔබට ලියන්න පුළුවන්, පසුව එම වාක්‍යය සම්පූර්ණ කළ හැකි වචන හෝ වාක්‍ය ඛණ්ඩ සොයමින්, මොරෝනි 7:44–48 කියවන්න. ඔබ අවසන් කළාම, පිවිතුරු ප්‍රේමය යන වචනය වෙනුවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යන නම යෙදීම ගැන සලකා බලන්න. මෙයින් ඔබට ගැලවුම්කරුවාණන් ගැන උගන්වන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය පෙන්නුම් කර තිබෙන්නේ කොහොමද? ශුද්ධලියවිලි වල සහ ඔබේම ජීවිතයේ උදාහරණ ගැන සිතන්න.

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ නිරීක්ෂණය කළා: “පිවිතුරු ප්‍රේමය කිසිවිටෙකත් අසාර්ථක නොවීමට හේතුව සහ ප්‍රේමය වඩා වැදගත් යහපත් ක්‍රියාවන්ට වඩා විශාල වීමට හේතුව නම්… එම පිවිතුරු ප්‍රේමය, ‘එනම් ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය’ [මොරෝනි 7:47], එය ක්‍රියාවක් නොව නමුත් තත්වයක් හෝ පැවැත්මක් වීමයි. … පිවිතුරු ප්‍රේමය යනු කෙනෙකු පත්වන දෙයකි” (“The Challenge to Become,” Ensign, Nov. 2000, 34). මෙම ප්‍රකාශය මනසේ තබාගෙන, ඔබට වැඩිහිටි මැසීමෝ ඩි ෆෙඕගේ “පවිත්‍ර ආදරය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම සත්‍ය අනුගාමිකයෙකුගේම සැබෑ සංකේතය” (ලියහෝනා, මැයි 2018, 81–83) යන පණිවිඩය කියවන්න පුළුවන්. ඔබේ අනුගාමිකත්වයට පිවිතුරු ප්‍රේමය බලපාන්නේ කොහොමද? ඔබට “පිවිතුරු ප්‍රේමයට ඇලී සිටිය හැක්කේ” කොහොමද? (46 වෙනි පදය).

තවත් බලන්න 1 කොරින්ති 13:1–13; ඊතර් 12:33–34.

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න.

මොරෝනි 9:3–5

කෝපය ශෝකයට හා දුකට හේතු වෙනවා.

මොරෝනි 7:44–48 තුළ ප්‍රේමය පිළිබඳ මොර්මොන්ගේ පණිවිඩයට ප්‍රතිවිරුද්ධව, මොර්මොන් විසින් මොරෝනි වෙත යැවූ දෙවන ලිපියෙහි අද බොහෝ දෙනා අරගල කරන දෙයකට එරෙහිව අනතුරු ඇඟවීම් ඇතුළත් වෙනවා—ඒ තමයි කෝපය. මොරෝනි 9:3–5 ට අනුව, නෙපීවරුන්ගේ කෝපයේ සමහර ප්‍රතිවිපාක මොනවාද? 3–5, 18–20, 23 පදවලින් අපට ගත හැකි අනතුරු ඇඟවීම් මොනවාද?

මොරෝනි 9:25–26

මගේ තත්වයන් නොසලකා මට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්.

තමා දුටු දුෂ්ඨකම විස්තර කිරීමෙන් පසු, මොර්මොන් තම පුතාට දුක් නොවන්නැයි කිව්වා. මොර්මොන්ගේ බලාපොරොත්තුව පිළිබඳ පණිවිඩය ගැන ඔබව පුදුම කරවන්නේ මොනවාද? ක්‍රිස්තුස්වහන්සේ “ඔබව ඔසවා තැබීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? “ඔබේ මනසෙහි රැඳී” ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන, ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග සහ උන්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම මොනවාද? (මොරෝනි 9:25).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොරෝනි 7:33

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙනවා නම්, උන්වහන්සේට අවශ්‍ය ඕනෑම දෙයක් මට කරන්න පුළුවන්.

  • ශුද්ධලියවිලි වල සිටින කෙනෙකු වැදගත් දෙයක් ඉටු කරන බව පෙන්වන පින්තූර කිහිපයක් එකට එක්ව බැලීම ගැන සලකා බලන්න. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම මෙම උදාහරණවල වෙනසක් ඇති කළේ කොහොමද? එවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපට ඇදහිල්ල ඇති විට අපට කළ හැකි දේවල් ගැන සොයමින්, ඔබට සහ ඔබේ දරුවන්ට මොරෝනි 7:33 කියවන්න පුළුවන්. දෙවියන්වහන්සේ ඔබට උන්වහන්සේගේ කැමැත්ත කිරීමට බලය ලබා දී ආශිර්වාද කර ඇති ආකාරය ගැන අත්දැකීම් ඔබට එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්.

මොරෝනි 7:41

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමෙන් මට බලාපොරොත්තුවක් ලබාදෙනවා.

  • ඔබ ඔබේ දරුවන්ට මොරෝනි 7:41 කියවද්දි, අපි බලාපොරොත්තු විය යුතු යැයි මොර්මොන් පැවසූ දෙයක් ඇසෙන විට ඔවුන්ට අත් ඔසවන්නට පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඔබට දැනෙන බලාපොරොත්තුව ගැන ඔවුන්ට කියන්න.

  • ඔබට සහ ඔබේ දරුවන්ට යම් දෙයක් සමඟ අමාරුවෙන් සිටින කෙනෙකු ගැන වුනත් සිතන්න පුළුවන්. සමහරවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට ඔහුට හෝ ඇයට මතක් කර දිය හැකි චිත්‍රයක් ඔබේ දරුවන්ට අඳින්න පුළුවන්.

මොරෝනි 7:40–41; 9:25–26

දුෂ්කර පරීක්ෂාවලදී පවා මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති බලාපොරොත්තුව ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, ඔබට පැහැදිලි භාජනයක් වතුරෙන් පුරවා, පාවෙන සහ ගිලෙන වස්තූන් දෙකක් එයට දාන්න පුළුවන්. ඔබ එකට එකතු වී මොරෝනි 7:40–41 සහ 9:25–26 කියවද්දි, බලාපොරොත්තුව අප වෙනුවෙන් කරන්නේ මොනවාද කියා ඔබේ දරුවන්ට සොයා බලන්න පුළුවන්. එවිට ඔවුන්ට පාවෙන වස්තුව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුට සමාන කරන්න පුළුවන්. අප දුෂ්කර පරීක්ෂාවලට මුහුණ දෙද්දි උන්වහන්සේ “[අපව] ඔසවන්නේ” කොහොමද? ගැලවුම්කරුවාණන්ව සහ උන්වහන්සේගේ දිරිගන්වනසුලු ඉගැන්වීම් “[ඔවුන්ගේ] මනසෙහි සදාකාලිකව” තබාගත හැකි ක්‍රම ගැන සිතන්නට ඔබේ දරුවන්ට උදවු කරන්න.

මොරෝනි 7:45–48

“පිවිතුරු ප්‍රේමය කියන්නෙ ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි.”

  • ඔබට මොරෝනි 7:47 කියවීමට හෝ සාරාංශ කිරීමට පුළුවන්, ඒ වගේම ඔවුන් යමෙකුට ප්‍රේමය පෙන්වන ආකාරයේ චිත්‍ර ඇඳීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. යේසුස්වහන්සේ මෙන් අන් අයට ප්‍රේම කිරීමට ඔවුන්ට මතක් කර දෙන තැනක ඔවුන්ගේ චිත්‍රය තැබීමට යෝජනා කරන්න.

  • ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය ඔවුන්ගේ ජීවිත තුළ සෙවීමට සහ වර්ධනය කරගැනීමට ඔබ ඔබේ දරුවන්ව පොළඹවන්නේ කොහොමද? සමහර විට ඔබට යේසුස්වහන්සේ පිවිතුරු ප්‍රේමය පෙන්වූ ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට උදවු වෙන්න පුළුවන් (උදාහරණයක් ලෙස බලන්න, ලූක් 23:34; යොහාන් 8:1–11; ඊතර් 12:33–34). උන්වහන්සේගේ ආදර්ශය අපට අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

හෙන්රිච් හොෆ්මන් විසින්, Portrait of Christ the Savior [ගැලවුම්කරුවාණන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ චිත්‍රය]

මුද්‍රණය කරන්න