අලුත් ගිවිසුම 2023
පෙබරවාරි 6–12. යොහාන් 2–4: “නුඹලා අලුතින් උපදින්නට ඕනෑය”


“පෙබරවාරි 6–12. යොහාන් 2–4; ‘නුඹලා අලුතින් උපදින්නට ඕනෑය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“පෙබරවාරි 6–12. යොහාන් 2–4,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ නිකදේමුස් සමඟ කතාකරමින්

පෙබරවාරි 6–12

යොහාන් 2–4

“නුඹලා අලුතින් උපදින්නට ඕනෑය”

ඔබ යොහාන් 2–4 කියවන විට, ආත්මයාණන්වහන්සේ ඔබේම හැරීම පිළිබඳව දේවල් ඔබට උගන්වනු ඇත. උන්වහන්සේගේ පෙළඹවීම් සටහන් කරගන්න. මෙම ආකෘතියේ අධ්‍යයන අදහස් වලින් ඔබට අමතර අධ්‍යාත්මික අවබෝධයක් සොයාගත හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

කානාහි විවාහ මංගල්‍යයකදී, ක්‍රිස්තුස්වහන්සේ වතුර වයින් බවට පත්කළේය—මෙය යොහාන් “ප්‍රාතිහාර්යයන්ගේ ආරම්භය” ලෙස හැඳින්වීය (යොහාන් 2:11). එය එක් අර්ථයකට වඩා සත්‍යයකි. යේසුස්වහන්සේ ප්‍රසිද්ධියේ කළ පළමු හාස්කම මෙය වන අතර, එය තවත් ආශ්චර්‍යමත් ආරම්භයක් සංඛේතවත් කළ හැකිය—එනම්, අප වැඩි වැඩියෙන් ගැලවුම්කරුවාණන් මෙන් වන විට, අපගේ හදවත් වල සිදුවන පරිවර්තනය වීමේ ක්‍රියාවලියයි. ජීවිත කාලය තුළ මෙම හාස්කම ආරම්භ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමටත්, උන්වහන්සේ තුළින් වෙනස්වී වඩාත් හොඳ ජීවිතයක් ගතකිරීමටත් ගන්නා තීරණයත් සමඟයි. මෙම ප්‍රාතිහාර්යය ජීවිතය වෙනස් කළ හැකි එකක් වියහැකි බැවින් “නැවත ඉපදීම” එය විස්තර කළ හැකි හොඳම ක්‍රමයකි (යොහාන් 3:7). නමුත් නැවත ඉපදීම ගෝලයකු වීමේ මාවතේ ආරම්භය පමණි. ළිඳ අසල සමාරියේ කාන්තාවට ක්‍රිස්තුස්වහන්සේ පැවසූ වචන අප මෙම මාවතේ දිගටම ගමන් කරන්නේ නම්, අවසානයේදී, ශුභාරංචිය අප තුළ, “සදාකාල ජීවනය නික්මවන්නාවූ ජල උල්පතක්” වන බව අපට මතක්කර දෙයි (යොහාන් 4:14).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 2:1–11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් “උන්වහන්සේගේ මහිමය විදහා දැක්වීය.”

යොහාන් 2:1–11 හි ගැලවුම්කරුවාණන් වතුර වයින් බවට වෙනස් කිරීම ගැන කියවන විට, මරියා, ගෝලයන්, සහ වෙනත් පුද්ගලයින් ඇතුළු එහි සිටි අයගේ විවිධ දෘෂ්ටිකෝණයන් සලකා බැලීමෙන් ඔබට අමතර අවබෝධයක් ලබාගත හැකිය. මෙහි විස්තර කර ඇති සිදුවීම් ඔබ දුටුවා නම්, යේසුස්වහන්සේ ගැන ඔබේ හැඟීම කෙබඳු වනු ඇත්ද? මෙම ප්‍රාතිහාර්යය උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්ද?

යොහාන් 3:1–21

දෙවියන්වහන්සේගේ රාජධානියට ඇතුලුවීමට මම නැවත ඉපදිය යුතුම වේ.

නිකදේමුස් පෞද්ගලිකව යේසුස්වහන්සේ වෙතට පැමිණි විට, ඔහු සුපරික්ෂාකාරී නිරීක්ෂකයෙක් විය. කෙසේවෙතත්, පසුව, ඔහු ප්‍රසිද්ධියේම යේසුස්වහන්සේව ආරක්ශා කෙරූ අතර (බලන්න යොහාන් 7:45–52) ගැලවුම්කරුවාණන්ගේ භූමදානයේදී ඇදහිලිවන්තයන් සමඟ එක්වූවේය (බලන්න යොහාන් 19:38–40). යොහාන් 3:1–21 හි නිකදේමුස්ට යේසුස්වහන්සේව අනුගමනය කර නැවත ඉපදීමට පෙළඹවීමක් ඇතිකළ ඔබට සොයාගත හැකි ඉගැන්වීම් මොනවාද?

“නැවත ඉපදීම, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් නියෝගයන් තුළින් පැමිණෙන බව”, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වීය (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 95). “වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද ඉපදීම” (යොහාන් 3:5) වන—ඔබගේ බව්තීස්මය හා තහවුරු කිරීම—ඔබගේ නැවත ඉපදීම සම්බන්ධව ඉටුකරන කාර්යභාරය කුමක්ද? මෙම වෙනස්වීමේ ක්‍රියාවලිය දිගින්-දිගටම පවත්වාගැනීම සඳහා ඔබ කුමක් කරන්නේද? (බලන්න ඇල්මා 5:11–14).

තවත් බලන්න මොසායා 5:7; 27:25–26.

යොහාන් 3:16–17

ස්වර්ගික පියාණන්වහන්සේ මා හට ඇති උන්වහන්සේගේ ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පෙන්වයි.

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් ඉගැන්වූ ලෙස, මුළු සදාකාලයටම “පළමු ශ්‍රේෂ්ටතම සත්‍යය නම් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම, සහ ශක්තියෙන්ම ආදරය කරන බවයි” (“Tomorrow the Lord Will Do Wonders among You,” Liahona, May 2016, 127). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය තුළින් ඔබට උන්වහන්සේගේ ප්‍රේමය හැඟුනේ කෙසේද?

සක්‍රමේන්තුව දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය මත මෙනෙහි කිරීමට කාලය සපයයි. සක්‍රමේන්තුව තවත් අර්ථවත් කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද?

ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සහ දේවසේවය ගැන ඔබ දිගටම කියවන විට, ඔබ කියවන දේවල් දෙවියන්වහන්සේගේ ප්‍රේමය තේරුම්ගැනීමට සහ දැනීමට උපකාරී වන්නේ කෙසේදැයි ඔබෙන්ම විමසන්න.

යොහාන් 4:24

දෙවියන්වහන්සේ ආත්මයක්ද?

දෙවියන්වහන්සේ ආත්මයක් යන යේසුස්වහන්සේගේ ප්‍රකාශයෙන් සමහරුන් ව්‍යාකූල විය හැකිය. මෙම පදයේ ජෝසෆ් ස්මිත් පරිවර්තනය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයාණන්ව පොරොන්දු වී ඇති බවට වැදගත් පැහැදිලි කිරීමක් සපයයි (බලන්න Guide to the Scriptures හි ජෝසෆ් ස්මිත් පරිවර්තනය, යොහාන් 4:26). නූතන එළිදරව් කිරීම්ද මාංශ සහ අස්ථි වලින් යුත් ශරීරයක් දෙවියන්වහන්සේට ඇති බව උගන්වයි (බලන්න දහම සහ ගිවිසුම් 130:22–23; තවත් බලන්න උත්පත්ති 5:1–3; හේබ්‍රව් 1:1–3).

යොහාන් 4:5–26

ක්‍රිස්තුස්වහන්සේ මට උන්වහන්සේගේ ජීවන ජලය පිරිනමන සේක.

උන්වහන්සේ පිරිනමන ජලය බොන කෙනෙකුට කිසිදවසක පිපාසය ඇති නොවන බව සමාරියේ කාන්තාවට පැවසීමෙන් යේසුස්වහන්සේ කුමක් අදහස් කරන්නට ඇත්ද? ශුභාරංචිය ජීවන ජලය මෙන් වන්නේ කෙසේද?

රූපය
ජල ධාරාවක්

ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ ප්‍රාණයන් පෝෂණය කරනු ලබන ජීවන ජලයයි.

සමාරියේ කාන්තාවට ගැලවුම්කරුවාණන්ගෙන් ලැබුණු එක් පණිවිඩයක් වූයේ අප නමස්කාර කරන ආකාරය අප නමස්කාර කරන ස්ථානයට වඩා වැදගත්ය යන්නයි (බලන්න යොහාන් 4:21–24). “අත්මයෙන්ද සැබෑකමින්ද දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට” ඔබ කරන්නේ මොනවාද? (යොහාන් 4:23).

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

යොහාන් 2–4.මෙම සතිය තුළ ඔබේ පවුල මෙම පරිච්ඡේද කියවන විට, ආත්මික සත්‍යයන් ඉගැන්වීම සඳහා ගැලවුම්කරුවාණන්—උපත, සුළඟ, ජලය, සහ ආහාර—වැනි එදිනෙදා දේවල් භාවිතා කර ඇත්තේ කෙසේද කියා විශේෂ අවධානයක් යොමුකරන්න. ආත්මික සත්‍යයන් ඉගැන්වීම සඳහා ඔබේ නිවසේ ඇති ඔබට භාවිතා කළ හැකි අයිතම මොනවාද?

යොහාන් 2:13–17.ඔබේ නිවස—දේවමාළිගාව ලෙස, පූජනීය ස්ථානයක් කරගැනීමට ඔබේ පවුල විසින් එයින් බැහැර කළයුතු අපිරිසිඳු බලපෑම් මොනවාද? එම දේවල් බැහැර කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

යොහාන් 3:1–6.ගර්භණීභාවය සහ උපත වන—ජීවමාන, බුද්ධිමත් ජීවියෙකු නිර්මාණය කිරීමේ ආශ්චර්ය පිළිබඳව ඔබේ පවුල සමඟ සාකච්ඡා කරන්න. දෙවියන්වහන්සේගේ රාජධානියට ඇතුළුවීමට ප්‍රථමයෙන් අප නැවත උපත ලැබිය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්වීය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට පෙර අප විසින් කළයුතු වෙනස සඳහා නැවත ඉපදීම හොඳ රූපකයක් වන්නේ කෙසේද? අධ්‍යාත්මික නැවත ඉපදීමේ ක්‍රියාවලිය අපට අත්විඳිය හැක්කේ කෙසේද?

යොහාන් 3:16–17.මෙම පද මිතුරෙකුට පැහැදිලි කිරීමක් මෙන් ඔවුන්ගේම වචන වලින් ඒවා නැවත සඳහන් කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උපකාර කර ඇත්තේ කෙසේද?

යොහාන් 4:5–15.ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ශුභාරංචිය ජීවන ජලය සමඟ සංසන්දනය කිරීමෙන් අපට ඉගැන්වූයේ කුමක්ද? සමහරවිට ඔබේ පවුලට ගලා යන ජලය දෙස බලා ජලයේ ගුණාංග විස්තර කළ හැකිය. සෑමදිනකම අපට ජලය පානය කිරීම අවශ්‍ය වන්නේ ඇයි? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “සදාකාල ජීවනය දෙසට නික්මවන්නාවූ ජල උල්පතක්” හා සමාන වන්නේ කුමන ආකාර වලින්ද? (යොහාන් 4:14).

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

සංඛේත සොයන්න. ආත්මික සත්‍යයන් නිරූපනය කිරීමට ශුද්ධලියවිලි බොහෝවිට වස්තූන්, සිදුවීම්, හෝ ක්‍රියාවන් භාවිතා කරයි. මෙම සංඛේතයන්ට උගන්වනු ලබන දහම පිළිබඳව ඔබගේ අවබෝධය පොහොසත් කළ හැකිය. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් හැරීම නැවත ඉපදීමකට සමාන කළේය.

රූපය
ළිඳ අසළ සිටින යේසුස්වහන්සේ සහ සමාරියේ කාන්තාව

සයිමන් ඩුවී විසින්, Living Water [ජීවන ජලය]

මුද්‍රණය කරන්න