අලුත් ගිවිසුම 2023
ජනවාරි 30–පෙබරවාරි 5. මතෙව් 4; ලූක් 4–5: “ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිටය”


“ජනවාරි 30–පෙබරවාරි 5. මතෙව් 4; ලූක් 4–5: ‘ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිටය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජනවාරි 30–පෙබරවාරි 5. මතෙව් 4; ලූක් 4–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ පාළුකරයේ සිටගෙන සිටිමින්

ඒවා කොලිවා තිමෝති විසින්, Into the Wilderness [පාළුකරය තුළට]

ජනවාරි 30–පෙබරවාරි 5

මතෙව් 4; ලූක් 4–5

“ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිටය”

සාතන්ගේ පරීක්ෂාවන්ට එරෙහි වීමට සහ උන්වහන්සේගේම දිව්‍යමය මෙහෙවර ගැන සාක්ෂි දැරීමට ගැලවුම්කරුවාණන් ශුද්ධලියවිලි පද භාවිතා කළේය (බලන්න ලූක් 4:1–21). ශුද්ධලියවිලි වලට ඔබේ ඇදහිල්ල සහ පරික්ෂා කිරීම් වලට එරෙහි වීමට ඔබේ අධිෂ්ඨානය ගොඩනැගීමට හැක්කේ කෙසේදැයි සිතා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

තමාට අද්විතීය, පාරිශුද්ධ මෙහෙවරක් ඇතිබව යේසුස්වහන්සේ කුඩා කල සිටම දැනසිටි බව පෙනේ. නමුත් යේසුස්වහන්සේ තම ලෞකික දේවසේවය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී, සතුරා ගැලවුම්කරුවාණන්ගේ මනසෙහි සැකයක් ඇතිකිරීමට උත්සහ කළේය. “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නම්,” සාතන් පැවසීය (ලූක් 4:3, ඇල අකුරු එකතු කරන ලදි). නමුත් ගැලවුම්කරුවාණන් ස්වර්ගයේ සිටින තම පියාණන්වහන්සේ සමඟ සංවාදයේ යෙදී සිට තිබිණි. උන්වහන්සේ ශුද්ධලියවිලි දැනසිටියේය, එසේම උන්වහන්සේ කවුරුන්ව සිටියාද යන වග උන්වහන්සේ දැනසිටියේය. උන්වහන්සේ කෙරෙහි, සාතන්ගේ ඉල්ලීම—“මේ සියලු බලය මම ඔබට දෙන්නෙමි” (ලූක් 4:6)—එය හිස් එකක් විය, ගැලවුම්කරුවාණන්ගේ ජීවිත කාලය පුරාම සූදානම් වීම නිසා උන්වහන්සේට “ආත්මයාණන්ගේ බලය” ලැබුණි (ලූක් 4:14). එමනිසා, පරීක්ෂාව, පීඩා, සහ ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව පත්කරන ලද කාර්යයෙන් කිසිවිටෙකත් වෙනස් නොවීය: “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනා කරන්ට ඕනෑය … මක්නිසාද ඒ පිණිස එවන ලද්දෙමි” (ලූක් 4:43).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 4:1–2

දෙවියන්වහන්සේ සමඟ කතාකිරීම උන්වහන්සේට සේවය කිරීමට මාව සූදානම් කරයි.

උන්වහන්සේගේ ධර්මදූතය සඳහා සූදානම් වීමට, යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේ සමඟ සිටීමට” පාළුකරයට ගියේය (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 4:1). දෙවියන්වහන්සේට සමීප වීමට ඔබට කරන දේ ගැන සිතන්න. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන කාර්යයට මෙය ඔබව සූදානම් කරන්නේ කෙසේද?

මතෙව් 4:1–11; ලූක් 4:1–13

පරීක්ෂාවන්ට විරුද්ධ වීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආදර්ශයක් තැබූ සේක.

සමහරවිට මිනිසුන් පව් කිරීමට පෙළඹෙන විට වරදකාරි හැඟීමක් ඇතිවේ. නමුත් “පාපය නොමැතිව” ජීවත්වූ ගැලවුම්කරුවාණන් පවා (හෙබ්‍රෙව් 4:15) පරීක්ෂාවට ලක්විය. අප මුහුණදෙන පරීක්ෂාවන් සහ ඒවා ජයගැනීමට අපට උපකාර කළ යුතු ආකාරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දනියි (බලන්න හෙබ්‍රෙව් 2:18; ඇල්මා 7:11–12).

ඔබ මතෙව් 4:1–11 සහ ලූක් 4:1–13 කියවන විට, ඔබ පරීක්ෂාවන්ට මුහුණදෙන විට ඔබට උපකාරවත් විය හැකි ඔබ ඉගෙනගත් දේවල් මොනවාද? ඔබේ සිතුවිලි මෙවැනි වගුවක සංවිධානය කළ හැකිය:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

මම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

සාතන් ක්‍රිස්තුස්වහන්සේව පරීක්ෂාවට පැමිණවූයේ කුමක් කිරීමටද?

මම

සාතන් මාව පරීක්ෂාවට පමුණුවන්නේ කුමක් කිරීමටද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

පරීක්ෂාවන්ට විරුද්ධ වීමට ක්‍රිස්තුස්වහන්සේ සූදානම් වී සිටියේ කෙසේද?

මම

පරීක්ෂාවන්ට විරුද්ධ වීමට මට සූදානම් විය හැක්කේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

මම

තවත් බලන්න 1 කොරින්ති 10:13; ඇල්මා 13:28; මෝසෙස් 1:10–22.

ලූක් 4:16–32

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු එළිදරව් කළ මෙසියස්වහන්සේය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පොළොවට එව්වේ කුමක් කිරීමටද යැයි විස්තර කරන්නට කියා ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ මොනවාද? මෙසියස්වහන්සේ ගැන යෙසායාගේ අනාවැකියක් උපුටා දැක්වීමෙන්, ගැලවුම්කරුවාණන් තම මෙහෙවරේ අංශ විස්තර කළේය (බලන්න ලූක් 4:18–19; යෙසායා 61:1–2). මෙම පද කියවන විට උන්වහන්සේගේ මෙහෙවර ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

උන්වහන්සේගේ කාර්යයන්ට සහභාගී වන ලෙස ගැලවුම්කරුවාණන් ඔබට ආරාධනා කරන සමහරක් ක්‍රම මොනවාද?

රූපය
යේසුස්වහන්සේ සිනගෝගයේ සිටගෙන සිටිමින්

යෙසායාගේ අනාවැකිය ඉටුවන තෙක් යුදෙව්වන් සියවස් ගණනාවක් බලා සිටියත්, “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණ විය” (ලූක් 4:21) ලෙස ප්‍රකාශ කළ විට වුවද යේසුස්වහන්සේ මෙසියස් බව බොහෝදෙනෙක් පිළිගත්තේ නැත. ඔබ ලූක් 4:20–30 කියවන විට (තවත් බලන්න මාර්ක් 6:1–6), නාසරෙත්හි ජනයා වෙනුවට ඔබම සිටිනවා යැයි සිතීමට උත්සහ කරන්න. ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කරුවාණන් ලෙස සම්පූර්ණව පිළිගැනීමෙන් ඔබව වළක්වාලන කිසිවක් තිබේද?

තවත් බලන්න මොසායා 3:5–12.

මතෙව් 4:18–22; ලූක් 5:1–11

මම ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, මගේ දිව්‍යමය හැකියාවන් කරා ලඟාවීමට උන්වහන්සේට මට උපකාර කළ හැකිය.

සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන් මෙසේ ඉගැන්වීය, “දෙවියන්වහන්සේ වෙතට තම ජීවිතය හරවන පුරුෂයන් හා ස්ත්‍රීන් තම ජීවිතයෙන් තමන්ට හැකි බොහෝ දේටත් වඩා දේවල් උන්වහන්සේට ඔවුන්ගේ ජීවිතයේ කළ හැකි බව සොයාගනිති” (Teachings of Presidents of the Church: Ezra Taft Benson [2014], 42). සීමොන් පේත්‍රැස්ට සහ ඔහුගේ සෙසු ධීවරයින්ට සිදුවූයේ මෙයයි. ඔවුන් ඔවුන් තුළ දුටුවාට වඩා වැඩි යමක් යේසුස්වහන්සේ ඔවුන් තුළ දුටුවේය. උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන්ව “මනුෂ්‍යයන් අල්ලන්නන්” කිරීමටයි (මතෙව් 4:19; තවත් බලන්න ලූක් 5:10).

ඔබ මතෙව් 4:18–22 සහ ලූක් 5:1–11 කියවන විට, ඔබට කුමන කෙනෙක් වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපකාර කරන්නේ දැයි සිතා බලන්න. උන්වහන්සේව අනුගමනය කිරීමට උන්වහන්සේ ඔබට ආරාධනා කරන බව ඔබට හැඟෙන්නේ කෙසේද? උන්වහන්සේව අනුගමනය කිරීම සඳහා සියල්ල අත්හැරීමට ඔබ කැමති බව ඔබට ස්වාමින්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද? (බලන්න ලූක් 5:11).

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 4:1–2; ලූක් 4:1–2.නිරාහාරව සිටීමේ බලය පිළිබඳව අපට මෙම වාර්තාවෙන් ලබාගත හැකි අවබෝධයන් මොනවාද? නිරාහාරව සිටීමෙන් පවුලේ සාමාජිකයින් ලද අත්දැකීම් ඔවුන්ට බෙදාගත හැකිය. නිශ්චිත අරමුණක් සඳහා එකට නිරාහාරව සිටීමට ඔබට යාච්ඤාශීලීව සැලසුම් කළ හැකිය.

මතෙව් 4:3–4; ලූක් 4:3–4.ගලක් පාන් බවට හැරවීමට සාතන් ක්‍රිස්තුස්වහන්සේව පොළඹවන විට, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්” කියා පවසමින් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය අනන්‍යතාවයට ඔහු අභියෝග කළේය (මතෙව් 4:3, ඇල අකුරු එකතු කරන ලදි). අපගේ—සහ ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමය අනන්‍යතාවය ගැන සැක කිරීමට අපව පෙළඹවීමට සාතන් උත්සහ කරන්නේ ඇයි? ඔහු මෙය කිරීමට උත්සහ කරන්නේ කෙසේද? (තවත් බලන්න මෝසෙස් 1:10–23.)

ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 4:11.යේසුස්වහන්සේව ශාරීරිකව හා ආත්මිකව පරීක්ෂාවට ලක්කළ පසු, උන්වහන්සේගේ සිතුවිලි සිරගතව සිටි යොහාන් බව්තීස්තගේ අවශ්‍යතා වෙත යොමුවිය: “යොහාන්ව සිරගත කරනු ලැබූ බව යේසුස්වහන්සේ දැන සිටියේය, උන්වහන්සේ දේවදූතයන් යැව්වේය, එසේය, බලන්න, ඔව්හු ඇවිත් ඔහුට [යොහාන්ට] දේවසේවය කළහ” (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 4:11 [in the Guide to the Scriptures]). අන් අය ගැන සිතීමේ ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන විට අප ආශිර්වාද ලබන්නේ කෙසේද?

ලූක් 4:16–21.බිඳුණු හදවතක් ඇති හෝ “නිදහස් කළ යුතුව සිටින” අයව අපි දන්නවාද? (ලූක් 4:18). ගැලවුම්කරුවාණන්ගේ සුවය සහ ගැලවීම ලබාගැනීමට අපි අන් අයට උදව් කරන්නේ කෙසේද? දේවමාළිගාවේ නියෝග ක්‍රියාත්මක කිරීම “වහලුන්ට මිදීම” ගෙන ඒමට උපකාර කරන්නේ කෙසේද යන්නත් ඔබට සාකච්ඡා කළ හැකිය (ලූක් 4:18).

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වන්න. “සමහරවිට [දෙමාපියෙක් වශයෙන් හෝ ගුරුවරයෙකු වශයෙන්] ඔබට කළහැකි වැදගත්ම දෙය වන්නේ … ඔබේ හදවතින්ම ශුහාරංචිය අනුව ජීවත්වීමයි. … ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිත්‍රත්වය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රධානම ක්‍රමය මෙයයි. ඔබ පරිපූර්ණ වියයුතු නැත, උද්යෝගයෙන් උත්සහ කරන්න—සහ ඔබ පැකිලෙන සෑම අවස්ථාවකදීම ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් සමාව සොයන්න” (Teaching in the Savior’s Way13).

රූපය
යේසුස්වහන්සේ ප්‍රේරිතවරුන්ව මනුෂ්‍යයින් අල්ලන්නන් වීමට කැඳවමින්

Christ Calling the Apostles James and John [ක්‍රිස්තුස්වහන්සේ යාකොබ් සහ යොහාන් යන ප්‍රේරිතවරුන්ව කැඳවමින්], එඩ්වඩ් ආමිටේජ් (1817-96)/ෂෙෆීල්ඩ් ගැලරි සහ කෞතුකාගාර භාරය, එක්සත් රාජධානිය/© කෞතුකාගාර ෂෙෆීල්ඩ්/බ්‍රිජ්මන් කලා පුස්තකාල ජාත්‍යන්තරය

මුද්‍රණය කරන්න