අලුත් ගිවිසුම 2023
පෙබරවාරි 20–26. මතෙව් 6–7: “අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය”


“පෙබරවාරි 20–26. මතෙව් 6–7: ‘අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“පෙබරවාරි 20–26. මතෙව් 6–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ මුහුදු වෙරළේ උගන්වමින්

ජේම්ස් ටිසොට් විසින්, Jesus Teaching the People by the Seashore [යේසුස්වහන්සේ මිනිසුන්ට මුහුදු වෙරළේ සිට උගන්වමින්]

පෙබරවාරි 20–26

මතෙව් 6–7

“අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය”

මනසේ ප්‍රශ්ණයක් තබාගෙන හා ස්වර්ගික පියාණන්වහන්සේ අප දැනගන්නවාට කැමති දේ තේරුම්ගැනීමට අවංක ආශාවකින් අප ශුද්ධලියවිලි කියවන විට, අපව පොළඹවන ලෙස ශුද්ධාත්මයාණන්ට අපි ආරාධනා කරමු. ඔබ මතෙව් 6–7 කියවන විට, මෙම හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

කන්ද උඩ දේශනාව ක්‍රිස්තියානි දහමේ ප්‍රසිද්ධ කතිකාවකි. ගැලවුම්කරුවාණන් කඳු මුදුනක පිහිටුවා ඇති නගරයක්, කෙතේ ලිලී මල්, සහ බැටළුවන් මෙන් වෙස්වළාගත් වෘකයන් වැනි පොහොසත් රූප වලින් ඉගැන්වීය. නමුත් කන්ද උඩ දේශනාව ලස්සන කතාවකට වඩා වැඩි දෙයකි. විශේෂයෙන් අප ඒවා අනුව ජීවත්වන විට, උන්වහන්සේගේ ගෝලයන්ට ඉගැන්වීමේ ගැලවුම්කරුවාණන්ගේ බලයට අපගේ ජීවිත වෙනස්කළ හැකිය. එවිට උන්වහන්සේගේ වචන, වචන වලට වඩා වැඩි දෙයක් විය; ඒවා ඥානවන්ත මිනිසාගේ නිවස මෙන්, ලෝකයේ සුළං හා ගංවතුරට ඔරොත්තු දියහැකි ජීවිතයට ස්ථිර පදනමක් බවට පත්විය (බලන්න මතෙව් 7:24–25).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 6–7

ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලට අනුව ජීවත් වීම මට උන්වහන්සේ හා සමාන වීමට උපකාර කළ හැකිය.

කන්ද උඩ දේශනාවේ බොහෝ ශුභාරංචි මූලධර්ම අඩංගු වේ. ඔබ මෙම පරිච්ඡේද අධ්‍යයනය කරන විට, ඔබ ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ උන්වහන්සේගෙන් අසන්න.

ඔබට සොයාගත හැකි එක් ප්‍රතිපත්තියක් නම් ලෝකයේ දේවල් වලට වඩා දෙවියන්වහන්සේගේ දේවල් වලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවයයි. ස්වර්ගීය දේවල් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබට උපකාර වන මතෙව් 6–7 දක්වා ඇති ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් මොනවාද? ඔබට ඇති වෙනත් සිතුවිලි හෝ හැඟීම් මොනවාද? ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද? ඔබේ හැඟීම් සටහන් කිරීම සලකා බලන්න. උදාහරණයක් ලෙස:

මතෙව් 6:1–4

අන් අය සිතනවාට වඩා දෙවියන්වහන්සේ මා ගැන සිතන දේ ගැන මා සැලකිලිමත් වීම අවශ්‍යය.

මතෙව් 6–7 හි තවත් තේමාවක් වන්නේ යාච්ඤාවයි. ඔබේ යාච්ඤා ඇගයීමට මොහොතක් ගතකරන්න. යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේ වෙතට ලංවීමට ඔබ දරන උත්සාහයේ ඔබ සිටිනා තැන පිළිබඳව ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබ යාච්ඤා කරන ආකාරය වැඩිදියුණු කිරීමට ඔබව පොළඹවන මතෙව් 6–7 හි ඇති ඉගැන්වීම් මොනවාද? ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. උදාහරණයක් ලෙස:

මතෙව් 6:9

මම යාච්ඤා කරන විට, ස්වර්ගික පියාණන්ගේ නාමයට ගෞරවයෙන් සැලකීමට මට අවශ්‍යය.

මතෙව් 6:10

මම යාච්ඤා කරන විට, ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීමට මාගේ කැමැත්ත ප්‍රකාශ කිරීම අවශ්‍යය.

ඔබට විශේෂයෙන් අදාළ වන වෙනත් පුනරාවර්තන මූලධර්ම හෝ පණිවිඩ සොයමින්, කන්ද උඩ දේශනාව නැවත කියවීම ඔබට සලකා බැලිය හැකිය. ඔබේ සිතුවිලි සහ හැඟීම් ඇතුළුව ඔබ සොයාගත් දේ අධ්‍යයන සඟරාවක සටහන් කරන්න.

රූපය
පවුලක් යාච්ඤා කරමින්

යාච්ඤාව තුළින් අපට දෙවියන්වහන්සේට ලංවිය හැකිය.

මතෙව් 6:7

යාච්ඤාවකදී “නිෂ්ඵල පුනරාවර්තන” භාවිතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බොහෝවිට “නිෂ්ඵල පුනරාවර්තන” යන්නෙන් අදහස් වන්නේ එකම වචන නැවත නැවතත් භාවිතා කිරීම බව මිනිසුන් තේරුම්ගනී. කෙසේවෙතත්, නිෂ්ඵල යන වචනය විස්තර කරන්නේ කිසිඳු වටිනාකමක් නැති දෙයක් යන්නයි. යාච්ඤාවේදී “නිෂ්ඵල පුනරාවර්තන” භාවිතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ අවංක, හෘදයාංගම හැඟීමකින් තොරව යාච්ඤා කිරීමයි (බලන්න ඇල්මා 31:12–23).

මතෙව් 7:1–5

මට ධර්මිෂ්ඨව විනිශ්චය කළ හැකිය.

මතෙව් 7:1 හි, ගැලවුම්කරුවාණන් අප කිසිවිටෙකත් විනිශ්චය නොකළ යුතු යැයි පවසන බවක් පෙනෙන්නට තිබුණත්, වෙනත් ශුද්ධලියවිලි පදවල (මෙම පරිච්ඡේදයේ වෙනත් පද ඇතුළුව), විනිශ්චය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උන්වහන්සේ අපට උපදෙස් ලබාදෙයි. එය ප්‍රහේලිකාවක් ලෙස පෙනේ නම්, මෙම පදයේ ජෝසෆ් ස්මිත් පරිවර්තනය, අපව විනිශ්චය කරනු නොලබන පිණිස අපට අධර්මිෂ්ඨව විනිශ්චය නොකළ යුතු බවත්, එහෙත් අපි ධර්මිෂ්ඨ විනිශ්චයක් විනිශ්චය කළ යුතු බවත්, ප්‍රකාශ කරන විට එය ඔබට අවබෝධ කරගැනීමට උපකාර වනු ඇත (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තන උපග්‍රන්ථය, මතෙව් 7:1). මතෙව් 7:1–5 දක්වා සහ පරිච්ඡේදයේ ඉතිරි කොටසේ “ධර්මිෂ්ඨව විනිශ්චය කරන්නේ” කෙසේදැයි දැනගැනීමට ඔබට උපකාරවත් වන ඔබ සොයාගන්නා දේවල් මොනවාද?

මතෙව් 7:21–23

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනහඳුනාගන්නේ උන්වහන්සේගේ කැමැත්ත කිරීමෙනි.

මතෙව් 7:23 හි “මම ඔබව දැන නොසිටියෙමි” යන වාක්‍ය ඛණ්ඩය ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ “ඔබ මාව කවදාවත් දැනසිටියේ නැත” ලෙස වෙනස්කර ඇත (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 7:33). ස්වාමින්වහන්සේ තම කැමැත්ත කිරීම පිළිබඳව 21–22 පද වල ඉගැන්වූ දේ වඩාත් හොඳින් තේරුම්ගැනීමට මෙම වෙනස ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔබ කෙතරම් දුරට ස්වාමින්වහන්සේව හඳුනන බව ඔබට දැනෙනවාද? උන්වහන්සේව වඩා හොඳින් දැනහඳුනාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

මතෙව් 7:24–27

ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලට කීකරු වීම මගේ ජීවිතයට ස්ථිර පදනමක් නිර්මාණය කරයි.

ශුභාරංචිය අනුව ජීවත්වීම අපගේ ජීවිත වලින් විපත්තිය ඉවත් නොකරයි. මතෙව් 7:24–27 හි ගැලවුම්කරුවාණන්ගේ උපමාවේ නිවාස දෙකම එකම කුණාටුවකට මුහුණ දුන්නේය. නමුත් එක් නිවසක් එයට ඔරොත්තු දීමට සමත් විය. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අනුව ජීවත්වීම ඔබට ශක්තිමත් පදනමක් නිර්මාණය කර දී ඇත්තේ කෙසේද? ඔබේ “පර්වතයක් මත නිවස” දිගටම පවත්වාගෙන යාම සඳහා ඔබට පෙළඹවීමක් දැනෙන්නේ කුමක් කිරීමටද? (බලන්න 24 වන පදය).

තවත් බලන්න හිලමන් 5:12.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 6:5–13.ගැලවුම්කරුවාණන් යාච්ඤා කළ ආකාරයෙන් අපට යාච්ඤාව ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? අපගේ පෞද්ගලික හා පවුලේ යාච්ඤාවන් වැඩිදියුණු කරගැනීම සඳහා උන්වහන්සේගේ යාච්ඤාව ආදර්ශයක් ලෙස භාවිතා කරන්නේ කෙසේද? (තවත් බලන්න ලූක් 11:1–13). ඔබට කුඩා දරුවන් සිටීනම්, ඔබට එකට යාච්ඤා කිරීමට පුරුදුවිය හැකිය.

මතෙව් 6:33.“පළමුව දෙවියන්වහන්සේගේ … රාජ්‍යය සෙවීම” යන්නෙහි තේරුම කුමක්ද? අපි පුද්ගලිකව සහ පවුලක් ලෙස මෙය කරන්නේ කෙසේද?

මතෙව් 7:1–5.මෙම පදවල ඉගැන්වීම් දෘශ්‍යමාන කිරීමට, ඔබේ පවුලේ අයට රොඩ්ඩක් (කුඩා ලී කැබැල්ලක්) සහ දැවයක් (විශාල ලී කැබැල්ලක්) සොයාගත හැකිය. මේ දෙක සංසන්දනය කිරීමෙන් අන් අයව විනිශ්චය කිරීම ගැන අපට උගන්වන්නේ කුමක්ද?

මතෙව් 7:24–27.ගැලවුම්කරුවාණන්ගේ ඥාණවන්ත මිනිසාගේ හා මෝඩ මිනිසාගේ උපමාව වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කිරීම සඳහා, ඔබට ඔවුන්ට වැලි සහ පසුව ගලක් මත ජලය වත්කිරීමට ඉඩදිය හැකිය. අපි පර්වතයක් මත අපගේ අධ්‍යාත්මික පදනම් ගොඩනගන්නේ කෙසේද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

අදහස් බෙදාගන්න. ඔබේ පුද්ගලික අධ්‍යයනයෙන් ඔබ ඉගෙනගත් මූලධර්ම සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීමට හොඳ ක්‍රමයක් පමණක් නොව, ඔබේම අවබෝධය ශක්තිමත් කිරීමටද එය උපකාරී වේ. මෙම සතියේ ඔබ ඉගෙනගත් මූලධර්මයක් පවුලේ සාමාජිකයෙකු සමඟ හෝ සභාවේ පන්තිවල බෙදාගැනීමට උත්සහ කරන්න.

රූපය
යේසුස්වහන්සේ යාච්ඤා කරමින්

ඩෙල් පාර්සන් විසින්, I Have Prayed for Thee [මම ඔබ වෙනුවෙන් යාච්ඤා කර ඇත්තෙමි]

මුද්‍රණය කරන්න