අලුත් ගිවිසුම 2023
පෙබරවාරි 27–මාර්තු 5. මතෙව් 8; මාර්ක් 2–4; ලූක් 7: “නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය”


“පෙබරවාරි 27–මාර්තු 5. මතෙව් 8; මාර්ක් 2–4; ලූක් 7: ‘නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“පෙබරවාරි 27–මාර්තු 5. මතෙව් 8; මාර්ක් 2–4; ලූක් 7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ මිනිසාව ඇඳෙන් නැගිටුවමින්

පෙබරවාරි 27–මාර්තු 5

මතෙව් 8; මාර්ක් 2–4; ලූක් 7

“නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය”

ඔබේ ශුද්ධලියවිලි පද හදිසියෙන් අධ්‍යයනය නොකිරීමට වගබලා ගන්න. සෑම පදයක්ම කියවීමට ඔබට වෙලාවක් නොමැති බව අදහස් වුවත්, යාච්ඤා පූර්වකව මෙනෙහි කිරීමට කාලය ගන්න. මෙනෙහි කිරීමේ මෙම අවස්ථා බොහෝවිට පුද්ගලික එළිදරව් වලට හේතුවේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

අලුත් ගිවිසුමේ ඇති පැහැදිලි පණිවිඩයක් නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සුවකරන්නෙකු බවයි. උණ වැළඳී ඇති කාන්තාවකගේ සිට මියගිය වැන්දඹුවකගේ පුත්‍රයා දක්වා—ගැලවුම්කරුවාණන් ලෙඩුන් සහ පීඩිතයන් සුවකිරීම පිළිබඳ වාර්තා බොහෝය. ශාරීරික සුවය කෙරෙහි අවධානය යොමුකරන්නේ ඇයි? මෙම ප්‍රාතිහාර්යයන් තුළ අපට තිබිය හැකි පණිවිඩ මොනවාද? නිසැකවම එක් පැහැදිලි පණිවිඩයක් නම්, අපගේ ශාරීරික වේදනා සහ අඩුපාඩු ඇතුළු, සියලු දේ අභිබවා බලය ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවය. එහෙත් සැක සහිත ලියන්නන්ට උන්වහන්සේ දුන් වචන වලින් තවත් අර්ථයක් තිබේ: “නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය” (මාර්ක් 2:10). එබැවින් අන්ධ පුද්ගලයෙකු හෝ ලාදුරු රෝගියෙකු සුවය ලැබීම ගැන කියවන විට, ඔබට ගැලවුම්කරුවාණන්ගෙන් ලැබිය හැකි සුවය—එනම් ආත්මික හා ශාරීරික සුවය ගැන—ඔබට සිතිය හැකිය සහ “නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය” ලෙස උන්වහන්සේ ඔබට කියනවා ඇසිය හැකිය (ලූක් 7:50).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 8; මාර්ක් 2–3; ලූක් 7

ගැලවුම්කරුවාණන්ට දුර්වලතා සහ රෝග සුවකළ හැකිය.

මෙම පරිච්ඡේද කිහිපයෙන් ගැලවුම්කරුවාණන් විසින් සිදුකරන ලද ආශ්චර්යමත් සුවකිරීම් පිළිබඳ බොහෝ අවස්ථා වාර්තා වේ. ඔබ මෙම සුවකිරීම් අධ්‍යයනය කරන විට, ඔබ සඳහා තිබිය හැකි පණිවිඩ සොයන්න. ඔබට ඔබෙන්ම මෙසේ අසාගත හැකිය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳව මෙම කතාවෙන් උගන්වන්නේ කුමක්ද? මෙම කතාවෙන් ගැලවුම්කරුවාණන් ගැන උගන්වන්නේ කුමක්ද? මේ ප්‍රාතිහාර්යයෙන් දෙවියන්වහන්සේ මා ඉගෙනගන්නවාට කැමති කුමක්ද? මෙන්න උදාහරණ කිහිපයක්, නමුත් තවත් බොහෝ දේ ඇත:

මාක් 2:15–17; ලූක් 7:36–50.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ පව්කාරයන්ව හෙළාදැකීමට නොව ඔවුන්ව සුවකිරීමටය.

ලියන්නන් සහ පරිසිවරුන් සමඟ යේසුස්වහන්සේගේ අන්තර්ක්‍රියා ගැන ඔබ මෙම පද වල කියවන විට, මෙම වාර්තා වල ඔබ ඔබවම දකිනවාද යන්න ඔබට සලකා බැලිය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබේ සිතුවිලි සහ ක්‍රියා කවදා හෝ පරිසිවරයා වූ සීමොන් මෙන් වූවේද? යේසුස්වහන්සේ පව්කාරයන්ව දුටු ආකාරය සහ සීමොන් වැනි පරිසිවරුන් ඔවුන්ව දුටු ආකාරය අතර වෙනස ඔබ විස්තර කරන්නේ කෙසේද? පාපයෙන් බර වී සිටින අයට ගැලවුම්කරුවාණන් සමඟ සිටින විට හැඟෙන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔවුන් ඔබ සමඟ සිටින විට ඔවුන්ට කෙසේ හැඟෙයිද?

ඔබ ලූක් 7:36–50 හි විස්තර කර ඇති ස්ත්‍රිය හා සමාන වන්නේ කෙසේදැයි ඔබට සිතා බැලිය හැකිය. ගැලවුම්කරුවාණන්වහන්සේ ඇයට පෙන්වූ මෘදු මොලොක් බව සහ දයාව ඔබ අත්විඳ ඇත්තේ කවදාද? ඇදහිල්ල, ප්‍රේමය, සහ නිහතමානිකම පිළිබඳ ඇගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න යොහාන් 3:17; ලූක් 9:51–56.

මතෙව් 8:18–22; මාර්ක් 3:31–35

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ මම උන්වහන්සේට මගේ ජීවිතයේ මුල්තැන දෙන බවයි.

සමහර අවස්ථා වලදී එයින් අදහස් කරන්නේ අප අගය කරන වෙනත් දේ ඒ වෙනුවෙන් පරිත්‍යාග කළයුතු බවම වුවත්, උන්වහන්සේගේ ගෝලයන් වීමට උන්වහන්සේට අපගේ ජීවිතයේ මුල්තැන දියයුතු බව මෙම පද වලින් යේසුස්වහන්සේ ඉගැන්වූවේය. ඔබ මෙම ඡේද අධ්‍යයනය කරන විට, ඔබේම අනුගාමිකත්වය ගැන මෙනෙහි කරන්න. ගැලවුම්කරුවාණන්ට මුල්තැන දීමට ගෝලයන් කැමතිවිය යුත්තේ ඇයි? යේසුස්වහන්සේට මුල්තැන දීම සඳහා ඔබ අත්හැරිය යුත්තේ මොනවාද? (තවත් බලන්න ලූක් 9:57–62.)

මතෙව් 8:23–27; මාර්ක් 4:35–41

ජීවිතයේ කුණාටු මධ්‍යයේ සාමය ගෙන ඒමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇත.

මුහුදේ ඇතිවූ කුණාටුවේදී ජල රැළි බෝට්ටුව පුරවාගෙන, “ස්වාමීනි, අපි විනාශ නොවන්නැයි ඔබ සිතන්නේද?” යනුවෙන් අසමින්—යේසුස්වහන්සේගේ ගෝලයන් හැසිරුණු ආකාරයට ඔබට කවදා හෝ දැනී තිබේද?

මාර්ක් 4:35–41 හි, ඔබට ප්‍රශ්න හතරක් හමුවනු ඇත. ඒ සෑම එකක්ම ලැයිස්තුගත කර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවිතයේ අභියෝගයන්ට මුහුණදීම පිළිබඳව එය ඔබට උගන්වන දේ ගැන මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතයේ කුණාටු වලට ගැලවුම්කරුවාණන් සාමය ගෙනඑන්නේ කෙසේද?

රූපය
යේසුස්වහන්සේ බෝට්ටුවේ සිට කුණාටුව සන්සුන් කරමින්

හොවාර්ඩ් ලියොන් විසින්, From Fear to Faith [බියෙන් ඇදහිල්ලට]

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 8; මාර්ක් 2–4; ලූක් 7.මෙම පරිච්ඡේද වල විස්තර කර ඇති ප්‍රාතිහාර්යයන් ලැයිස්තුවක් නිර්මාණය කිරීම සලකා බලන්න. ඒවායින් සමහරක් සොයාගැනීමට හෝ ඇඳීමට උත්සාහ කරන්න (බලන්න the Gospel Art Book හෝ ChurchofJesusChrist.org). පවුලේ සෑම සාමාජිකයෙකුටම එක් ප්‍රාතිහාර්යයක් ගැන පැවසීමට සහ එයින් ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට පින්තූර භාවිතා කළ හැකිය. අපේ කාලයේ ඔබ දැක ඇති හෝ කියවා ඇති ප්‍රාතිහාර්යයන් පිළිබඳ උදාහරණ කිහිපයක් ඔබට බෙදාගත හැකිය.

මතෙව් 8:5–13; ලූක් 7:1–10.ශතාධිපතියාගේ ඇදහිල්ල ගැන යේසුස්වහන්සේගේ සිත්ගත්තේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපට ඒ හා සමාන ඇදහිල්ලක් පෙන්විය හැක්කේ කෙසේද?

මාර්ක් 2:1–12. ඇවිදීමට නොහැකි මිනිසාගේ මිතුරන් මෙන් අපට විය හැක්කේ කෙසේද? අපට එවැනි මිතුරෙකු වී ඇත්තේ කවුද?

මාර්ක් 4:35–41.පවුලේ සාමාජිකයින්ට බියක් දැනෙන විට මෙම කතාවට ඔවුන්ට උපකාර කළ හැකිද? සමහරවිට ඔවුන්ට 39 වන පදය කියවා, ගැලවුම්කරුවාණන් ඔවුන්ට සාමය දැනීමට උපකාර කළ ආකාරයේ අත්දැකීම් බෙදාගත හැකිය.

යමෙක් මාර්ක් 4:35–38 කියවන අතර, ඔවුන් කුණාටු සහිත මුහුදක බෝට්ටුවක සිටින බව රඟ දැක්වීමෙන් ළමයින් සතුටු විය හැකිය. එවිට, යමෙක් 39 පදය කියවන විට, ඔවුන්ට සන්සුන් මුහුදක බෝට්ටුවක සිටින බව රඟ දැක්වීමට හැකිය.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ලබාගත හැකි සහ ලඟාවිය හැකිවන්න. හොඳම ඉගැන්වීම් අවස්ථා සමහරක් ආරම්භ වන්නේ පවුලේ සාමාජිකයන්ගේ හදවතේ ප්‍රශ්න හා ගැටලු වශයෙනි. ඔබ ඒවා ඇසීමට උනන්දුවක් දක්වන බව ඔබේ වචන හා ක්‍රියාවෙන් පවුලේ සාමාජිකයින්ට දන්වන්න. (බලන්න Teaching in the Savior’s Way16.)

රූපය
වහලයෙන් පහත් කළ රෝගී මිනිසා සමඟ යේසුස්වහන්සේ

ජේ. කර්ක් රිචඩ්ස් විසින්, Christ and the Palsied Man [ක්‍රිස්තුස්වහන්සේ සහ අංශභාගී මිනිසා]

මුද්‍රණය කරන්න