අලුත් ගිවිසුම 2023
මාර්තු 6–12. මතෙව් 9–10; මාර්ක් 5; ලූක් 9: “යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය”


“මාර්තු 6–12. මතෙව් 9–10; මාර්ක් 5; ලූක් 9: ‘යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මාර්තු 6–12. මතෙව් 9–10; මාර්ක් 5; ලූක් 9,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ පේත්‍රැස්ව නියම කරමින්

මාර්තු 6–12

මතෙව් 9–10; මාර්ක් 5; ලූක් 9

“යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය”

මෙම පොතෙහි ඇති අධ්‍යයන අදහස් ලබාදී ඇත්තේ, ශුද්ධලියවිලි වල පුද්ගලික අර්ථය සොයාගැනීමට ඔබට උපකාර කිරීමටය. කෙසේවෙතත්, ඒවා ඔබ අධ්‍යයනය කළ යුතු ඡේද හෝ ඒවා අධ්‍යයනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට ලැබිය හැකි පුද්ගලික එළිදරව් කිරීම් ප්‍රතිස්ථාපනය නොකළ යුතුය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස්වහන්සේගේ සුවකිරීමේ හාස්කම් පිළිබඳ වචනය ඉක්මණින් පැතිර ගියේය. ඔවුන්ගේ අසනීප වලින් මිදීමට බලාපොරොත්තුවෙන්, බහුතරයක් උන්වහන්සේව අනුගමනය කළහ. නමුත් ගැලවුම්කරුවාණන් සමූහයා දෙස බැලූ විට, ඔවුන්ගේ ශාරීරික රෝග වලට වඩා යමක් උන්වහන්සේ දුටු සේක. දයානුකම්පාවෙන් පරිපූර්ණ වූ උන්වහන්සේ “එඬේරෙකු නැති බැටළුවන්ව” දුටුවේය (මතෙව් 9:36). “ගොයම නම් බොහෝය,” උන්වහන්සේ නිරීක්ෂණය කළේය, “නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” (මතෙව් 9:37). එනිසා උන්වහන්සේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙකු කැඳවා, “ඔවුන්ට බලය ලබාදී,” “ඊශ්‍රායෙල් නිවසේ නැතිවූ බැටළුවන්ට” ඉගැන්වීමට සහ දේවසේවයේ යෙදීමට ඔවුන්ව යැවීය (මතෙව් 10:1, 6). අදත් ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම සඳහා සේවකයින් බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවය එදා මෙන්ම විශාලය. ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙක් තවමත් සිටිති, නමුත් වෙන කවරදාකටත් වඩා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්—“ස්වර්ග රාජ්‍යය අත ළඟය” කියා ලොවට ප්‍රකාශ කළ හැකි මිනිසුන් බොහෝ සිටිති (මතෙව් 10:7).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 9:18–26; මාර්ක් 9:18–26

“බිය නොවන්න, විශ්වාස කරන්න.”

“මරණ මොහොතේ” සිටි තම දියණිය සුවකරන ලෙස යායිරස් මුලින්ම යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටි විට, යායිරස් හදිසියෙන් නමුත් බලාපොරොත්තු සහගතව කතා කළේය: “ඈ සුව වී ජීවත්වන පිණිස, … ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනව” (මාර්ක් 5:23). නමුත් ඔවුන් යන විට, පණිවිඩකරුවෙකු යායිරස්ට පැවසුවේ ඔහු ප්‍රමාද වැඩි බවයි: “නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිද?” (35 පදය). ඒ හා සමානව, වසර 12 ක් තිස්සේ රෝගයකින් පීඩා විඳි, මාර්ක් 5:25–34 හි විස්තර කර ඇති කාන්තාවට එය ප්‍රමාද වැඩි බවක් පෙනෙන්නට තිබුණි.

ඔබ මෙම වාර්තා කියවන විට, “මරණ මොහොතේ” හෝ සුවවීමට ප්‍රමාද යැයි පෙනෙන දේවල් ඇතුළුව—ඔබේ ජීවිතයට හෝ ඔබේ පවුලට සුවය අවශ්‍ය දේවල් ගැන ඔබට සිතන්නට පුළුවන. මෙම වාර්තා වල ඇති ඇදහිල්ලේ ප්‍රකාශයන් ගැන ඔබව පුදුමයට පත්කරන්නේ මොනවාද? යේසුස්වහන්සේ එම ස්ත්‍රියට සහ යායිරස්ට පැවසූ දේද සැලකිල්ලට ගන්න. උන්වහන්සේ ඔබට පවසන බව ඔබට හැඟෙන්නේ මොනවාද?

තවත් බලන්න ලූක් 8:41–56.

රූපය
යේසුස්වහන්සේගේ වස්ත්‍රය ස්පර්ශ කිරීමට කාන්තාවක් අත දිගු කරමින්

ලිස් ලෙමන් ස්වින්ඩල් විසින්, Trust in the Lord [ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න]

මතෙව් 10; ලූක් 9:1–6

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට උන්වහන්සේගේ කාර්යය කිරීමේ බලය ලබාදේ.

යේසුස්වහන්සේ මතෙව් 10 හි උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට දුන් උපදෙස් අපටද අදාළ විය හැක, මන්ද අප සැමට ස්වාමින්වහන්සේගේ කාර්යයේ කොටසක් ඇත. තම ධර්මදූතය සම්පූර්ණ කිරීමට ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට ලබාදුන් බලය කුමක්ද? ඔබව කැඳවනු ලබා ඇති කාර්යයේදී ඔබ උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්නේ කෙසේද? (බලන්න 2 කොරින්ති 6:1–10; දහම සහ ගිවිසුම් 121:34–46).

ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට දුන් නියෝගය ඔබ කියවන විට, ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන කාර්යයන් පිළිබඳ හැඟීම් ඔබට ලැබෙනු ඇත. පහත ආකාරයේ වැනි වගුවක් ඔබේ සිතුවිලි සංවිධානය කිරීමට උපකාරී වේ.

මතෙව් 10

මට ලැබුණු හැඟීම්

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ගෝලයන්ට බලය ලබාදුන්නේය.

දෙවියන්වහන්සේ මගේ කාර්යයන් කිරීමට අවශ්‍ය බලය මට ලබාදෙනු ඇත.

තවත් බලන්න මාර්ක් 6:7–13; ඇදහිල්ලේ කරුණු 1:6.

මතෙව් 10:17–20

මම ස්වාමින්වහන්සේගේ සේවයේ යෙදී සිටින විට, මම කිවයුත්තේ කුමක්ද කියා උන්වහන්සේ මට පෙළඹවීම් ලබාදෙනු ඇත.

තම ගෝලයන්ට පීඩා කරනු ඇති බවත් ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳව ප්‍රශ්ණ කරනු ඇති බවත් ස්වාමින්වහන්සේ කලින් දුටුවේය—එය අද ගෝලයන්ට අත්විඳිය හැකි දේට සමාන දෙයකි. නමුත් ශුද්ධාත්මයාණන් තුළින් කිවයුත්තේ කුමක්ද කියා ඔවුන්ට දැනගත හැකිබව උන්වහන්සේ ගෝලයන්ට පොරොන්දු වූ සේක. සමරවිට ඔබ ඔබේ සාක්ශිය බෙදාගත් විට, ආශිර්වාදයක් ලබාදුන් විට, හෝ කෙනෙකු සමග සංවාදයකදී, මෙම දිව්‍යමය ආශිර්වාද ඔබගේ ජීවිතයේ ඉටුවූ අත්දැකීම් ඔබට තිබෙනවාද? ඔබේ අත්දැකීම් ආදරණීය කෙනෙකු සමඟ බෙදාගැනීම හෝ දිනපොතක සටහන් කිරීම සලකා බලන්න. ඔබට එවැනි අත්දැකීම් නිතර අත්විඳීමට හැකිවන පරිදි ඔබට කුමන දේවල් කරන්නට පෙළඹවීමක් ලැබෙනවාද?

ලූක් 12:11–12; තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:85.

මතෙව් 10:34–39

“මම සමාදානය නොව, කඩුවක් දෙන්නට ආවෙමි” යන්නෙන් යේසුස්වහන්සේ අදහස් කළේ කුමක්ද?

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් ඉගැන්වූ ලෙස: “ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගෙන උන්වහන්සේගේ ගිවිසුමට එළඹෙද්දී ඔබගෙන් බොහෝදෙනෙක් පියා සහ මව, සහෝදර සහෝදරියන් විසින් ප්‍රතික්ෂේප කොට නෙරපා හැර ඇති බව මට විශ්වාසයි. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ උසස් ප්‍රේමය උදෙසා ඔබ ආදරය කරන සබඳතා වල කැපකිරීම් අවශ්‍යව ඇති අතර ඔබ බොහෝ කඳුළු සලා තිබෙන්නට පුළුවන්. එහෙත් ඔබේ ප්‍රේමය හීන නොවී, ඔබ මේ කුරුසිය යට ස්ථීරව සිටිමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන ලැජ්ජා නොවෙමින් සිටින බව ඔබ පෙන්වමින් සිටියි” (“Finding Your Life,” Ensign, Mar. 2016, 28).

ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීම සඳහා ආදරණීය සබඳතා අහිමිකර ගැනීමට ඇති මෙම කැමැත්ත “මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට එය සම්බවේ” (මතෙව් 10:39) යන පොරොන්දුව සමග පැමිණේ.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මාර්ක් 5:22–43.ඔබේ පවුලේ අය මෙම කතාව එකට එක්ව කියවන විට, ඔබේ පවුලේ සාමාජිකයින් ඒ යායිරස්, එම ස්ත්‍රිය, හෝ එම කතාවේ සිටින වෙනත් අය නම් ඔවුන්ට කෙසේ හැඟේදැයි විමසීමට ඔබට විරාමයක් ලබාගත හැකිය. මෙම පොතෙහි ඇති ඒවා වැනි එම කතාවේ පින්තූරද ඔබට පෙන්විය හැකිය. කතන්දර වල ඒ මිනිසුන්ගේ ඇදහිල්ල මෙම පින්තූර වලින් නිරූපණය කරන්නේ කෙසේද? ඔබේ පවුල මුහුණදෙන අභියෝග කිහිපයක්ද ඔබට සලකා බැලිය හැකිය. “බිය නොවන්න, විශ්වාස කරන්න” යන උන්වහන්සේගේ වචන අපට අදාළ කරගත හැක්කේ කෙසේද? (මාර්ක් 5:36).

මතෙව් 10:39; ලූක් 9:23–26.අපගේ ජීවිතය “අහිමි” කරගැනීම සහ එය “සොයාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මතෙව් 10:39). සමහරවිට පවුලේ සාමාජිකයන්ට මෙම පද වල යේසුස්වහන්සේගේ ඉගැන්වීම් නිදර්ශනය කරන අත්දැකීම්ද බෙදාගත හැකිය.

මතෙව් 10:40.ඔබ සහ ඔබේ පවුලේ අය වර්තමාන ප්‍රේරිතවරුන්ගේ උපදෙස් ලබාගෙන ඒවා පිළිපදින්නේ කෙසේද? ඔවුන්ගේ උපදෙස් වලට ඇති අපගේ කීකරුකම අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ලං කරන්නේ කෙසේද?

ලූක් 9:61–62.නගුලට අත තැබීමෙන් පසු ආපසු හැරීබැලීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ආකල්පය නිසා අපව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නොගැලපෙන්නේ ඇයි?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ආත්මයාණන්වහන්සේට ඇහුම්කන්දෙන්න. ඔබ අධ්‍යයනය කරන විට, ඔබ කියවන දෙයට අදාළ නොවන ලෙස පෙණුනත්, ඔබගේ සිතුවිලි සහ හැඟීම් වලට අවධානය යොමුකරන්න (බලන්න දහම සහ ගිවිසුම් 8:2–3). එම හැඟීම් දෙවියන්වහන්සේ ඔබ දැනගන්නවාට සහ කරනවාට කැමති දේ විය හැකිය.

රූපය
යේසුස්වහන්සේ ගැහැණු ළමයාව ඇඳෙන් නැගිටුවමින්

ඒවා කොලේවා තිමොති විසින්, Talitha Cumi [ටලිතා කුමි]

මුද්‍රණය කරන්න