අලුත් ගිවිසුම 2023
ජනවාරි 23–29. මතෙව් 3; මාර්ක් 1; ලූක් 3: “නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න”


“ජනවාරි 23–29. මතෙව් 3; මාර්ක් 1; ලූක් 3: ‘නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජනවාරි 23–29. මතෙව් 3; මාර්ක් 1; ලූක් 3,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව බව්තීස්ම කරමින්

ටොම් හෝල්ඩ්මන් විසින්, නාවූ ඉලිනොයිස් දේවමාළිගාවේ පැල්ලම් සහිත වීදුරු කවුළුව

ජනවාරි 23–29

මතෙව් 3; මාර්ක් 1; ලූක් 3

“නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න”

මතෙව් 3; මාර්ක් 1; සහ ලූක් 3 කියවීමෙන් ආරම්භ කරන්න. මෙම පරිච්ඡේද තේරුම්ගැනීමට ඔබට උපකාර කරන ලෙස ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේ වෙනුවෙන් යාච්ඤා කරන විට, උන්වහන්සේ ඔබටම විශේෂ වූ අවබෝධයක් ලබාදෙනු ඇත. මෙම හැඟීම් වාර්තාකර, ඒවා අනුව ක්‍රියා කිරීමට සැලසුම් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට ඔබව වෙනස් කළ හැකිය. ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමේ බලපෑම විස්තර කළ යෙසායාගේ පුරාණ අනාවැකියක් ලූක් උපුටා දැක්වීය: “සෑම මිටි තැන් පුරවනු ලබන්නේය, සෑම කඳු සහ හෙල් පහත්කරනු ලබන්නේය; ඇද තැන් ඇදහරිනු ලැබ රළු මාවත් සමතලා වන්නේය” (ලූක් 3:5; තවත් බලන්න යෙසායා 40:4). ඔවුන්ට වෙනස්විය නොහැකියැයි සිතන අයටද ඇතුළුව, මෙය අප සැමට පණිවිඩයකි. කන්දක් තරම් ස්ථීර දෙයක් සමතලා කළහැකි නම්, නියත වශයෙන්ම ස්වාමින්වහන්සේට අපගේම වක්‍ර මාර්ග නිවැරදි කිරීමට අපට උපකාර කළ හැකිය (බලන්න ලූක් 3:4–5). පසුතැවිලි වී වෙනස්වීමට යොහාන් බව්තීස්තගේ ආරාධනය අප පිළිගන්නා විට, අපිත් “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමට” හැකිවන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීමට අපගේ මනස හා හදවත් සූදානම් කරමු (ලූක් 3:6).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මාර්ක් යනු කවුද?

සුවිශේෂ වල කතුවරුන් අතර, මාර්ක් ගැන අපි දන්නේ අවම වශයෙනි. ඔහු පාවුල්, පේත්‍රැස් සහ තවත් ධර්මදූතයින් කිහිපදෙනෙකුගේ ධර්මදූත සහායකයෙක් බව අපි දනිමු. බොහෝ බයිබලානුකූල විශාරදයින් විශ්වාස කරන්නේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සිදුවීම් වාර්තා කරන ලෙස පේත්‍රැස් මාර්ක්ට උපදෙස් දුන් බවයි. මාර්ක්ගේ සුවිශේෂය අනෙක් තිදෙනාට පෙර ලියා තිබෙන්නට ඇත.

මතෙව් 3:1–12; මාර්ක් 1:1–8; ලූක් 3:2–18

පසුතැවීම යනු මනසේ හා හදවතේ විශාල වෙනසකි.

යොහාන් බව්තීස්තගේ මෙහෙවර වූයේ ගැලවුම්කරුවාණන් පිළිගැනීමට හා වඩ වඩාත් උන්වහන්සේ හා සමාන වීමට ජනතාවගේ හදවත් සූදානම් කිරීමයි. ඔහු එය කළේ කෙසේද? “පසුතැවිලි වෙයල්ලා” ඔහු ප්‍රකාශ කළේය (මතෙව් 3:2). එමෙන්ම පසුතැවිලි වීම ගැන ඉගැන්වීමට ඔහු ඵල සහ ධාන්‍ය වැනි රූපක භාවිතා කළේය (බලන්න ලූක් 3:9, 17).

යොහාන් බව්තීස්තගේ දේවසේවයේ වාර්තා වල ඔබ දකින වෙනත් රූපක මොනවාද? (බලන්න මතෙව් 3:1–12; මාර්ක් 1:1–8; ලූක් 3:2–18). ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ ඒ හා සම්බන්ධ පින්තූර ඇඳීම සලකා බලන්න. පසුතැවිලිවීමේ මූලධර්මය හා අවශ්‍යතාවය ගැන මෙම රූපක වලින් උගන්වන්නේ මොනවාද?

සැබෑ පසුතැවීම යනු “මනසේ වෙනසක් ඇතිකරගැනීම, දෙවියන්වහන්සේ ගැන, තමා ගැන, සහ ලෝකය ගැන නැවුම් දෘෂ්ටියක් ලබාගැනීමයි. … [එයින් අදහස් කරන්නේ] හදවත හා කැමැත්ත දෙවියන්වහන්සේ වෙත හැරවීමයි” (Bible Dictionary, “Repentance”). ලූක් 3:7–14 හි, ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීමට සූදානම් වන ලෙස කුමන වෙනස්කම් කිරීමට යොහාන් ජනතාවට ආරාධනා කළේද? මෙම උපදෙස් ඔබට අදාළ වන්නේ කෙසේද? ඔබ සැබවින්ම පසුතැවිලි වූ බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද? (බලන්න ලූක් 3:8).

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්,” ලියහෝනා, මැයි 2019, 67–69; ඩැලන් එච්. ඕක්ස්, “පසුතැවීම මගින් පවිත්‍ර කරනු ලැබ,” ලියහෝනා, මැයි 2019, 91–94.

මතෙව් 3:7; ලූක් 3:7

පරිසිවරුන් සහ සද්දුසිවරුන් යනු කවුද?

පරිසිවරුන් යුදෙව් ආගමික කොට්ටාශයක සාමාජිකයන් වූ අතර මෝසෙස්ගේ නීතිය සහ එහි වත්පිළිවෙත් තදින් පිළිපැදීම ගැන ආඩම්බර වූහ. සද්දුසිවරුන් ඉතා බලවත් ආගමික හා දේශපාලන බලපෑමක් ඇති ධනවත් යුදෙව් පන්තියක් විය; ඔවුන් නැවත නැගිටීමේ මූලධර්මය විශ්වාස කළේ නැත. මෙම කණ්ඩායම් දෙකම දෙවියන්වහන්සේගේ නීතියේ මුල් අරමුණෙන් ඈත් වී සිටියහ.

තවත් බලන්න මතෙව් 23:23–28.

මතෙව් 3:11, 13–17; මාර්ක් 1:9–11; ලූක් 3:15–16, 21–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව්තීස්ම වූයේ “සියලු ධර්මිෂ්ඨකම සම්පූර්ණ කිරීමටය.”

ඔබ බව්තීස්ම වූ විට, ඔබ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළේය. ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය පිළිබඳ මෙම වාර්තා වලින් ඔබ ඉගෙනගන්නා දේ ඔබගේ බව්තීස්මයේදී සිදුවූ දේ සමඟ සසඳන්න.

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

මගේ බව්තීස්මය

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

යේසුස්වහන්සේව බව්තීස්ම කළේ කවුද, සහ ඔහු දැරූ අධිකාරීත්වය කුමක්ද?

මගේ බව්තීස්මය

ඔබව බව්තීස්ම කළේ කවුද, සහ ඔහු දැරූ අධිකාරීත්වය කුමක්ද?

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ කොහේද?

මගේ බව්තීස්මය

ඔබ බව්තීස්ම වූයේ කොහේද?

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ කෙසේද?

මගේ බව්තීස්මය

ඔබ බව්තීස්ම වූයේ කෙසේද?

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ ඇයි?

මගේ බව්තීස්මය

ඔබ බව්තීස්ම වූයේ ඇයි?

ස්වාමින්වහන්සේගේ බව්තීස්මය

ස්වර්ගික පියාණන්වහන්සේ යේසුස්වහන්සේ ගැන සතුටු වූ බව පෙන්වූයේ කෙසේද?

මගේ බව්තීස්මය

ඔබ බව්තීස්ම වූ විට ස්වර්ගික පියාණන්වහන්සේ ඔබ ගැන සතුටු වූ බව පෙන්වූයේ කෙසේද? එතැන් සිට උන්වහන්සේගේ අනුමැතිය උන්වහන්සේ පෙන්වූයේ කෙසේද?

තවත් බලන්න 2 නෙපි 31; මොසායා 18:8–11; දහම සහ ගිවිසුම් 20:37, 68–74.

මතෙව් 3:16–17; මාර්ක් 1:9–11; ලූක් 3:21–22

දේවශීර්ෂයේ සාමාජිකයන් වෙනම ජීවීන් තිදෙනෙකි.

දේවශීර්ෂයේ සාමාජිකයන් වෙනම ජීවීන් තිදෙනෙකු බවට බයිබලයේ බොහෝ සාක්ෂි තිබේ. ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය පිළිබඳ වාර්තා ඒ සඳහා එක් උදාහරණයකි. ඔබ මෙම වාර්තා කියවන විට, දේවශීර්ෂය පිළිබඳ ඔබ ඉගෙනගන්නා දේවල් මෙනෙහි කරන්න. මෙම මූලධර්ම ඔබට වැදගත් වන්නේ ඇයි?

තවත් බලන්න උත්පත්ති 1:26; මතෙව් 17:1–5; යොහාන් 17:1–3; ක්‍රියා 7:55–56; දහම සහ ගිවිසුම් 130:22.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 3.යොහාන් බව්තීස්ත ආරෝනික පූජකත්වය දැරීය. ආරෝනික පූජකවරයේ අරමුණු ගැන යොහාන්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? ආරෝනික පූජකවරය නිසා අපට ලැබෙන ආශිර්වාද මොනවාද? ඔබේ පවුලේ තරුණ පිරිමි ළමයෙකු සිටී නම්, අන් අයට ආශිර්වාද කිරීම සඳහා ඔහුට ආරෝනික පූජකවරය භාවිතා කළ හැක්කේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔහුට උපකාර කිරීමට ඔබට යම් කාලයක් ගතකළ හැකිය. (තවත් බලන්න දහම සහ ගිවිසුම් 13:1; 20:46–60.)

රූපය
තරුණ පිරිමි ළමයෙකු තවත් කෙනෙකුව බව්තීස්ම කරමින්

අප බව්තීස්ම වූ විට, අපගේ පාප සෝදාහරිනු ලැබෙයි.

මතෙව් 3:11–17; මාර්ක් 1:9–11; ලූක් 3:21–22.යමෙකු බව්තීස්ම වීම හෝ සභාවේ සාමාජිකයෙකු ලෙස තහවුරු වීම ඔබේ පවුලේ සාමාජිකයන් දැක තිබේද? පවුලේ සාමාජිකයින්ට දැනුනේ කුමක්ද? බව්තීස්ම වීමේ සහ තහවුරු කිරීමේ සංකේතය ගැන සමහරවිට ඔබට ඔවුන්ට ඉගැන්විය හැකිය. බව්තීස්ම වීම සහ තහවුරු වීම නව උපතක් මෙන් වන්නේ කෙසේද? අපි බව්තීස්ම වන විට අපිව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වන්නේ ඇයි? අපි බව්තීස්ම වන විට අපි සුදු ඇඳ සිටින්නේ ඇයි? ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව “ගින්නෙන් බව්තීස්මය” ලෙස විස්තර කරන්නේ ඇයි? (දහම සහ ගිවිසුම් 20:41).

මතෙව් 3:17; මාර්ක් 1:11; ලූක් 3:22.දෙවියන්වහන්සේ අප ගැන සතුටු වූ බව අපට දැනී ඇත්තේ කවදාද? දෙවියන්වහන්සේව සතුටු කිරීමට පවුලක් ලෙස අපට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ස්වාමින්වහන්සේගෙන් උපකාර ඉල්ලන්න. ශුද්ධලියවිලි ලබාදී ඇත්තේ එළිදරව්වෙන් වන අතර, ඒවා සැබවින්ම තේරුම්ගැනීමට අපට පෞද්ගලික එළිදරව් අවශ්‍ය වේ. ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වී ඇත, “ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ” (මතෙව් 7:7).

රූපය
යොහාන් යේසුස්වහන්සේව බව්තීස්ම කරමින්

ග්‍රෙග් කේ. ඔල්සන් විසින්, John the Baptist Baptizing Jesus [යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව බව්තීස්ම කරමින්]

මුද්‍රණය කරන්න