අලුත් ගිවිසුම 2023
ජනවාරි 2–8. මතෙව් 1; ලූක් 1: “ඔබවහන්සේගේගේ වචනයට අනුව එය මට සිදුවේවා”


“ජනවාරි 2–8. මතෙව් 1; ලූක් 1: ‘ඔබවහන්සේගේගේ වචනයට අනුව එය මට සිදුවේවා,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජනවාරි 2–8. මතෙව් 1; ලූක් 1,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
මරියා සහ එලිසබෙත්

ජනවාරි 2–8

මතෙව් 1; ලූක් 1

“ඔබවහන්සේගේගේ වචනයට අනුව එය මට සිදුවේවා”

ඔබ මතෙව් 1 සහ ලූක් 1 කියවා මෙනෙහි කරද්දී, ඔබට ලැබෙන අධ්‍යාත්මික පෙළඹවීම් සටහන් කරන්න. ඔබ සොයාගත් මූලධර්ම සත්‍යයන් මොනවාද? ඔබට සහ ඔබේ පවුලේ අයට වඩාත්ම වැදගත් විය හැකි පණිවිඩ මොනවාද? මෙම ආකෘතියෙහි ඇති අධ්‍යයන අදහස් ඔබට අමතර අවබෝධයක් සොයාගැනීමට උපකාරී වේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ලෞකික දෘෂ්ටි කෝණයකින්, එය කළ නොහැක්කක් විය. කන්‍යාවකට පිළිසිඳ ගැනීමට නොහැකිය—එමෙන්ම දරුවෙක් දරන කාලය බොහෝ පසුකළ වඳ ස්ත්‍රියකටද එසේ නොහැකිය. නමුත් දෙවියන්වහන්සේට තම පුත්‍රයාණන්ගේ උපත සහ යොහාන් බව්තීස්තගේ උපත සඳහා සැලැස්මක් තිබිණි, එබැවින් මරියා සහ එලිසබෙත් යන දෙදෙනාම ලෞකික ගැටලු වලට එරෙහිව මව්වරුන් වූහ. කළ නොහැකි දෙයකට අප මුහුණදෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ආශ්චර්යමත් අත්දැකීම් මතකතබාගැනීම ප්‍රයෝජනවත් වේ. අපට අපගේ දුර්වලතා ජයගත හැකිද? ප්‍රතිචාර නොදක්වන පවුලේ සාමාජිකයෙකුගේ හදවත ස්පර්ශ කිරීමට අපට හැකිද? “දෙවියන්වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේ යැයි” (ලූක් 1:37) මරියාට මතක්කළ විට ගාබ්‍රියෙල් පහසුවෙන්ම අපට කතා කළා විය හැකිය. එමෙන්ම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත හෙළිකරන විට අපගේ ප්‍රතිචාරයද, මරියාගේ ප්‍රතිචාරය මෙන් විය හැකිය: “ඔබගේ වචනය ලෙස මට වේවා” (ලූක් 1:38).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් සහ ලූක් යනු කවුද?

යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන්ගෙන් කෙනෙකු ලෙස කැඳවනු ලැබූ, මතෙව් යනු යුදෙව් අයබදුකරුවෙකි, නැතහොත් බදු එකතු කරන්නෙකි (බලන්න මතෙව් 10:3). මතෙව් සිය ශුභාරංචිය ප්‍රධාන වශයෙන් සෙසු යුදෙව්වන්ට ලිවීය; එමනිසා, යේසුස්වහන්සේගේ ජීවිතය හා දේවසේවය තුළින් ඉටුවූ මෙසියස් පිළිබඳව පරණ ගිවිසුමේ අනාවැකි අවධාරණය කිරීමට ඔහු තෝරාගත්තේය.

ලූක් යනු පාවුල් සමඟ ගමන් කළ අන්‍යජාතික (යුදෙව් නොවන) වෛද්‍යවරයෙකි. ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් පසු ඔහු සිය ශුභාරංචිය ලිව්වේ මූලික වශයෙන් යුදෙව් නොවන ප්‍රේක්ෂකයන්ටය. අන්‍යජාතීන්ගේ හා යුදෙව්වන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔහු සාක්ෂි දුන්නේය. ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සිදුවීම් පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඔහු වාර්තා කළ අතර, අනෙක් ශුභාරංචියන්ට සාපේක්ෂව කාන්තාවන් සම්බන්ධ තවත් කථා ඔහු ඇතුළත් කළේය.

මතෙව් 1:18–25; ලූක් 1:26–35

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුණේ මැරෙන සුළු මවකගෙන් සහ අමරණීය පියෙකුගෙනි.

මතෙව් 1:18–25 සහ ලූක් 1:26–35 හි, මතෙව් සහ ලූක් යේසුස්වහන්සේගේ උපත පිළිබඳ ආශ්චර්යය විස්තර කළ ආකාරය බලන්න. ඔවුන්ගේ විස්තර ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද? යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සහ මරියාගේ පුත්‍රයාණන් බව දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?

සභාපති රසල් එම්. නෙල්සන් පැහැදිලි කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සඳහා “මරණයට පත්නොවන අමරණීය පුද්ගලයෙකුගේ පුද්ගලික පරිත්‍යාගයක් අවශ්‍ය බවයි. එහෙත් උන්වහන්සේ මියගොස් නැවත තම ශරීරය ගත යුතුය. මෙය කළ හැකි එකම තැනැත්තා ගැලවුම්කරුවාණන් පමණක් විය. උන්වහන්සේගේ මවගෙන් උන්වහන්සේට මරණයට පත්වීමට බලය උරුම විය. උන්වහන්සේ තම පියාණන්ගෙන් මරණය ජයගැනීමට බලය ලබාගත්තේය” (“Constancy amid Change,” Ensign, Nov. 1993, 34).

ලූක් 1:5–25, 57–80

දෙවියන්වහන්සේගේ ආශිර්වාද පැමිණෙන්නේ උන්වහන්සේගේ කාලයට අනුවය.

ඔබට ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන් සිටීමට සිදුවුවහොත් හෝ දෙවියන්වහන්සේ ඔබගේ යාච්ඤා වලට සවන්නොදෙන බවක් පෙනේ නම්, එලිසබෙත් සහ සෙකරියස්ගේ කතාව උන්වහන්සේ ඔබව අමතක කර නැති බවට මතක්කිරීමක් විය හැකිය. වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් මෙසේ පොරොන්දු වූවේය: “අපගේ සමහර යාච්ඤා සඳහා වැඩ කරමින් එකට එක්ව පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, සමහරවිට ඒ අවස්ථාවේ හෝ අපට අවශ්‍ය ආකාරයට නොවී වුවත්, ඒවා ඇසෙන අතර ඒවාට පිළිතුරු ලැබෙනු ඇති බවට මම ඔබට මගේ ප්‍රේරිත පොරොන්දුව ඉදිරිපත් කරනවා. නමුත් ඒවාට සෑමවිටම පිළිතුරු සපයනු ලබන්නේ සර්වඥාන හා සදාකාලික දයානුකම්පිත දෙමාපියෙකු ඒවාට පිළිතුරු දිය යුතු වේලාවට සහ ආකාරයටයි” (“ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම,” ලියහෝනා, නොවැ. 2020, 115–16). සෙකරියස් සහ එලිසබෙත් ඇදහිලිවන්තව සිටියේ කෙසේද? (බලන්න ලූක් 1:5–25, 57–80). ඔබ ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන් සිටිනවාද? ඔබට දැනෙන ලෙස ඔබ බලාසිටින අතරතුර ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

රූපය
එලිසබෙත් සහ සෙකරියස් ළදරු යොහාන් සමඟ

ඇදහිලිවන්තව බලාසිටීමෙන් පසු, එලිසබෙත් සහ සෙකරියස් පුතෙකුගෙන් ආශිර්වාද ලැබීය.

මතෙව් 1:18–25; ලූක් 1:26–38

ඇදහිලිවන්තයන් කැමැත්තෙන්ම දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්වේ.

මරියා මෙන්, අපගේ ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ සැලසුම් අප සැලසුම් කළ දෙයට වඩා බෙහෙවින් වෙනස් බව සමහර අවස්ථාවන් හිදී අපට පෙනීයයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම ගැන ඔබ මරියාගෙන් ඉගෙනගන්නේ කුමක්ද? පහත වගු වල, ඔවුන්ගේ ප්‍රකාශ වලින් ඔබට ලැබෙන පණිවිඩ සමඟ, දේවදූතයාගේ සහ මරියාගේ ප්‍රකාශ ලියන්න (ලූක් 1:26–38 බලන්න):

දේවදූතයා මරියාට පැවසූ වචන

මා සඳහා වූ පණිවිඩය

දේවදූතයා මරියාට පැවසූ වචන

“ස්වාමින්වහන්සේ නුඹ සමග සිටින සේක” (28 වන පදය).

මා සඳහා වූ පණිවිඩය

ස්වාමින්වහන්සේ මාගේ තත්වය හා අරගල ගැන දන්නා සේක.

දේවදූතයා මරියාට පැවසූ වචන

මා සඳහා වූ පණිවිඩය

දේවදූතයා මරියාට පැවසූ වචන

මා සඳහා වූ පණිවිඩය

මරියාගේ ප්‍රතිචාරය

මා සඳහා වූ පණිවිඩය

මරියාගේ ප්‍රතිචාරය

“මෙය සිදුවෙන්නේ කෙසේද?” (34 වන පදය).

මා සඳහා වූ පණිවිඩය

දෙවියන්වහන්සේගේ කැමැත්ත හොඳින් අවබෝධ කරගැනීම සඳහා ප්‍රශ්න ඇසීම සුදුසුය.

මරියාගේ ප්‍රතිචාරය

මා සඳහා වූ පණිවිඩය

මරියාගේ ප්‍රතිචාරය

මා සඳහා වූ පණිවිඩය

මතෙව් 1:18–25 හි යෝසෙප්ගේ ධර්මිෂ්ඨ ආදර්ශය ගැන කියවන විට, දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? සෙකරියස් සහ එලිසබෙත්ගේ අත්දැකීම් තුළින් ඔබ ඉගෙනගන්නා අමතර අවබෝධයන් මොනවාද? (බලන්න ලූක් 1).

ලූක් 1:46–55

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මදූතය ගැන මරියා සාක්ෂි දෙයි.

ලූක් 1:46–55 හි මරියාගේ වචන ගැලවුම්කරුවාණන්ගේ ධර්මදූතයෙහි අංගයන් පුරෝකථනය කර ඇත. මරියාගේ ප්‍රකාශ වලින් ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? ඔබට මෙම පද 1 සාමුවෙල් 2:1–10 හි හැනාගේ වචන සමඟ සහ මතෙව් 5:3–12 හි යේසුස්වහන්සේගේ ආශිර්වාද වාක්‍ය සමඟ සැසඳිය හැකිය. ඔබ මෙම පද ගැන මෙනෙහි කරන විට ආත්මයාණන්වහන්සේ ඔබට උගන්වන්නේ මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 1:1–17.ඔබේ පවුල යේසුස්වහන්සේගේ වංශකතාව කියවන විට, ඔබට ඔබේම පවුල් ඉතිහාසය ගැන සාකච්ඡා කර ඔබේ මුතුන් මිත්තන් ගැන කතන්දර කිහිපයක් හුවමාරු කරගත හැකිය. ඔබගේ පවුල් ඉතිහාසය ගැන දැනගැනීම ඔබේ පවුලට ආශිර්වාද කරන්නේ කෙසේද?

මතෙව් 1:20; ලූක් 1:11–13, 30.මෙම පද වල සිටින මිනිසුන් බිය වූයේ ඇයි? අපට බියක් දැනීමට හේතුවන්නේ මොනවාද? “බිය නොවන්න” කියා දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ කෙසේද?

ලූක් 1:37.“දෙවියන්වහන්සේ සමඟ කළ නොහැක්කක් නොමැත” යන ඇදහිල්ල ගොඩනගාගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඔබට එකට එක්ව ලූක් 1 හි දෙවියන්වහන්සේ කළ නොහැකි දේ කළ අවස්ථාද සෙවිය හැකිය. ශුද්ධලියවිලි හෝ අපේම ජීවිත වලින්—කළ නොහැකි දේවල් දෙවියන්වහන්සේ විසින් ඉටුකළ අවස්ථා පිළිබඳ—අපට බෙදාගත හැකි කතන්දර මොනවාද?

ලූක් 1:46–55.ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇති සමහරක් “ශ්‍රේෂ්ඨ දේවල්” මොනවාද? අපගේ ප්‍රාණයන් “ස්වාමින්වහන්සේව මහිමවත් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ශුද්ධලියවිලි ඡේදයක් කියවීමෙන් පසු, එය ඔවුන්ගේ ජීවිත වලට අදාළ කරගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න (බලන්න Teaching in the Savior’s Way21). නිදසුනක් වශයෙන්, ස්වාමින්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම ගැන මතෙව් 1 සහ ලූක් 1 තුළින් ඔවුන් ඉගෙනගන්නා දේවල් පවුලේ සාමාජිකයන්ට අදාළ කරගත හැක්කේ කෙසේද?

රූපය
ගාබ්‍රියෙල් මරියාට පෙනීසිටිමින්

වෝල්ටර් රනේ විසින්, Blessed Art Thou among Women [කාන්තාවන් අතර ඔබ භාග්‍යවන්තය]

මුද්‍රණය කරන්න