අලුත් ගිවිසුම 2023
දෙසැම්බර් 26–ජනවාරි 1. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතු වෙමු


“දෙසැම්බර් 26–ජනවාරි 1. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතු වෙමු,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“දෙසැම්බර් 26–ජනවාරි 1. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතු වෙමු,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පවුලක් ඡායාරූප ඇල්බමයක් බලමින්

දෙසැම්බර් 26–ජනවාරි 1

අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතු වෙමු

ශුද්ධලියවිලි වල අරමුණ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශුභාරංචියට වඩාත් ගැඹුරින් පරිවර්තනය වීමට ඔබට උපකාර කිරීමයි. එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා මගින් ඔබට ශුද්ධලියවිලි තේරුම්ගැනීමට සහ ඔබට සහ ඔබේ පවුලට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය සොයාගැනීමට උපකාරී වේ. එවිට, ඔබේ සහාවේ පන්ති වලදී, අදහස් බෙදාගැනීමට සහ ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබගේ සෙසු ශුද්ධවන්තයන් දරන උත්සහයන් වලදී ඔවුන්ව දිරිමත් කිරීමට ඔබට අවස්ථා ලැබෙනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“නුඹලා සොයන්නේ කුමක්දැයි?” යේසුස්වහන්සේ යොහාන් බව්තීස්තගේ ගෝලයන්ගෙන් ඇසුවේය (යොහාන් 1:38). ඔබටත් එම ප්‍රශ්නයම ඔබගෙන් අසාගත හැකිය—මක්නිසාදයත් මේ වසරේ අලුත් ගිවිසුමේ ඔබ සොයාගන්නා දේ බොහෝ සෙයින් රඳාපවතින්නේ ඔබ සොයන දේ මතය. “සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ” යනු ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුවයි (මතෙව් 7:7). එබැවින් ඔබ අධ්‍යයනය කරන විට ඔබේ මනසට එන ප්‍රශ්න අසන්න, ඉන්පසු පිළිතුරු සඳහා උනන්දුවෙන් සොයන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ ප්‍රබල අධ්‍යාත්මික අත්දැකීම් ගැන අලුත් ගිවිසුමේ ඔබ කියවනු ඇත. ගැලවුම්කරුවාණන්ගේ ඇදහිලිවන්ත ගෝලයෙකු ලෙස, “එන්න, මා අනුගමනය කරන්න” යන මෙම ශුද්ධ වූ වෙළුම පුරාම දක්නට ලැබෙන, ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගන්නා විට, ඔබේම බලවත් අධ්‍යාත්මික අත්දැකීම් ඔබට ලබාගත හැකිය (ලූක් 18:22).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ගැලවුම්කරුවාණන්ගෙන් සැබවින්ම ඉගෙනගැනීමට නම්, “එන්න, මා අනුගමනය කරන්න” යන උන්වහන්සේගේ ආරාධනය මා විසින් පිළිගත යුතුය.

අප ගෝලයන් වීමේ මාවතේ අලුත් අයද නැතහොත් අපගේ ජීවිත කාලය පුරාම එහි ගමන්කර තිබේද යන්න නොසලකමින්—ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය වන, “එන්න, මා අනුගමනය කරන්න” යන්න සියල්ලන්ටම අදාළ වේ. ආඥා පිළිපැදීමට වෑයම් කළ ධනවත් තරුණයෙකුට උන්වහන්සේ කළ ආරාධනය මෙයයි (බලන්න මතෙව් 19:16–22; ලූක් 18:18–23). එම තරුණයා ඉගෙනගත් දෙය හා—අප සියල්ලන්ම ඉගෙනගත යුතුම දෙය නම්—ගෝලයෙකු වීම යනු අපගේ මුළු ප්‍රාණයම ස්වර්ගික පියාණන්වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ලබාදිය යුතුය යන බවයි. අපට නැති දේ හඳුනාගැනීමෙන්, වෙනස්කම් කිරීමෙන්, සහ ඒවා වඩාත් හොඳින් අනුගමනය කිරීමට උත්සහ කිරීමෙන් අපි අපගේ අනුගාමිකත්වය තුළ ප්‍රගතියක් ලබන්නෙමු.

ගැලවුම්කරුවාණන්ගෙන් ඉගෙනීම ආරම්භ වන්නේ උන්වහන්සේ ඉගැන්වූ දේ තේරුම්ගැනීමට අප උත්සහ කරන විටය. නිදසුනක් වශයෙන්, ඔබ පහත සඳහන් කරුණු ගවේෂණය කරන විට යටහත්පහත් බව පිළිබඳ ඔබේ අවබෝධය ගැඹුරු වන්නේ කෙසේද?

  • ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් (බලන්න මතෙව් 18:1–5; ලූක් 18:9–14)

  • උන්වහන්සේගේ ජීවිතයෙන් උදාහරණයක් (බලන්න යොහාන් 13:1–15)

ඔබට තවත් ඉගෙනගැනීමට අවශ්‍ය නම්, ආදරය හෝ සමාවදීම වැනි, තවත් ශුභාරංචි මූලධර්මයක් සමඟ මෙම ක්‍රියාකාරකම උත්සහ කරන්න.

මගේ ඉගෙනීම සඳහා මම වගකිව යුතු වෙමි.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූයේය: “කැපවූ අනුගාමිකයන් වීමට සහ අවසානය දක්වා නිර්භීතව විඳදරා ගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම සංවිධානයක් වශයෙන් සභාව ඉගැන්විය යුතු යැයි බලාපොරොත්තු වීම අපි නොකළ යුතු වෙමු. ඒ වෙනුවට, අපගේ පෞද්ගලික වගකීම වන්නේ අප ඉගෙනගත යුතු දේ ඉගෙනීම, අපි ජීවත් වියයුත්තේ කෙසේද කියා අප දන්නා ලෙස ජීවත් වීම, සහ අපගේ ස්වාමියාණන් අපි වෙනවාට බලාපොරොත්තු වන ලෙස පත්වීමයි. එමෙන්ම ඉගෙනීමට, ජීවත්වීමට, සහ ඒ බවට පත්වීම සඳහා අපගේ නිවෙස් එම අවශ්‍ය වන සැකසුමයි” (“අවශ්‍ය සෑමදෙයක්ම ලබාගැනීමට සූදානම් වන්න,” ලියහෝනා, මැයි 2019, 102).

ඔබේම ඉගෙනීමේ වගකීම භාරගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වැඩිහිටි බෙඩ්නර්ගේ ප්‍රකාශයේ සහ පහත සඳහන් ශුද්ධලියවිලි පද තුළින් පිළිතුරු සොයා බලන්න: යොහාන් 7:17; 1 තෙසලෝනික 5:21; යාකොබ් 1:5–6, 22; 2:17; 1 නෙපි 10:17–19; 2 නෙපි 4:15; ඇල්මා 32:27; සහ දහම සහ ගිවිසුම් 18:18; 58:26–28; 88:118. ශුභාරංචිය ඉගෙනගැනීමට වඩාත් ක්‍රියාශීලී වීමට ඔබව පොළඹවන්නේ මොනවාද?

මට මා සඳහා සත්‍යය දැනගැනීමට අවශ්‍යයි.

ඔවුන්ගේ ජීවිතයේ කුමක් සිදුවුවද, කිසිවිටෙකත් ඔවුන්ගේ ඇදහිල්ල නැති නොවන බවක් පෙනෙන ඔබ දන්නා මිනිසුන් සිටිය හැකිය. ගැලවුම්කරුවාණන්ගේ උපමාවේ බුද්ධිමත් කන්‍යාවන් පස්දෙනා ගැන ඔවුන් ඔබට මතක්කරදෙනු ඇත (බලන්න මතෙව් 25:1–13). ඔබ නොදකින දෙය විය හැක්කේ සත්‍යය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි ශක්තිමත් කිරීමට ඔවුන් දරන උත්සහයයි.

අපි අපේම සාක්ෂි ලබාගෙන ඒවා පෝෂණය කරන්නේ කෙසේද? ඔබ පහත සඳහන් ශුද්ධලියවිලි පද ගැන මෙනෙහි කරන විට ඔබේ අදහස් ලියන්න: ලූක් 11:9–13; යොහාන් 5:39; 7:14–17; ක්‍රියා 17:10–12; 1 කොරින්ති 2:9–11; සහ ඇල්මා 5:45–46.

රූපය
තරුණ ගැහැණු ළමයෙකු ගමන් මගක

අපි සෑමකෙනෙකුම අප වෙනුවෙන් සාක්ෂියක් ලබාගත යුතු වෙමු.

මට ප්‍රශ්න ඇතිවිට මා කළ යුත්තේ කුමක්ද?

ඔබ අධ්‍යාත්මික දැනුම ලබාගන්නා විට, ප්‍රශ්න ඔබේ මනසට පැමිණෙනු ඇත. පහත සඳහන් මූලධර්ම මගින් ඇදහිල්ල සහ සාක්ෂිය ගොඩනංවන ආකාරයෙන් එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකිය:

  • දෙවියන්වහන්සේ තුළින් අවබෝධය සොයන්න. දෙවියන්වහන්සේ සියලු සත්‍යයේ උල්පත වන අතර, උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින්, ශුද්ධලියවිලි තුළින්, සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතවරුන් තුළින් සත්‍යය හෙළිකරයි.

  • ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න. පිළිතුරු එකවරම නොපැමිණෙන්නේ නම්, නියමිත වේලාවට ස්වාමින්වහන්සේ පිළිතුරු හෙළිකරනු ඇතැයි විශ්වාස කරන්න. මේ අතරතුර, ඔබ දැනටමත් දන්නා සත්‍යය අනුව ජීවත්වන්න.

  • සදාකාලික ඉදිරි දර්ශනයක් තබාගන්න. ලෝකය දකින ආකාරයට නොව, ස්වාමින්වහන්සේ දකින ආකාරයට දේවල් දැකීමට උත්සාහ කරන්න. ඔබගේ ප්‍රශ්න අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ සම්බන්ධය තුළින් බලන්න.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 13:1–23.මේ වසරේ අලුත් ගිවිසුමෙන් ඉගෙනගැනීමට සූදානම් වීමට ඔබේ පවුලට උපකාර කිරීමට, ඔබට වපුරන්නාගේ උපමාව කියවිය හැකිය. පිටතට ගොස් උපමාවේ විස්තර කර ඇති විවිධ බිම් කොටස් සොයමින් ඔබේ පවුලට සතුටු විය හැකිය. යේසුස්වහන්සේ විස්තර කළ “සරු බිම” මෙන් අපි අපේ හදවත් සාදාගන්නේ කෙසේද? (මතෙව් 13:8).

ගලාති 5:22–23; පිලිප්පි 4:8.“[ඔබේ] නිවස ඇදහිල්ලේ ශුද්ධස්ථානයක් බවට පරිවර්තනය කරන ලෙසත්” එමෙන්ම “ශුභාරංචිය ඉගෙනීමේ මධ්‍යස්ථානයක් ලෙස ඔබේ නිවස ප්‍රතිසංස්කරණය කරන ලෙසත්” සභාපති රසල් එම්. නෙල්සන් ඔබට ආරාධනා කර ඇත. මේ දේවල් කරන අයට, ඔහු මෙසේ පොරොන්දු වී ඇත: “ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට සහ ඒවා අනුව ජීවත් වීමට ඔබේ දරුවන් උනන්දු වනු ඇත, එමෙන්ම ඔබේ ජීවිතය සහ ඔබේ නිවෙස් තුළ විරුද්ධවාදියාගේ බලපෑම අඩු වනු ඇත. ඔබේ පවුලේ වෙනස්කම් නාටකාකාර හා තිරසාර වනු ඇත” (“ආදර්ශවත් පසුදවස් වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113).

නව වසරේ ආරම්භය ඔබේ නිවස “ඇදහිල්ලේ සංචිතයක්” සහ “ශුභාරංචිය ඉගෙනීමේ මධ්‍යස්ථානයක්” බවට පත්කිරීම පිළිබඳව පවුල් රැස්වීමක් පැවැත්වීමට හොඳ කාලයකි. අපි ගලාති 5:22–23 සහ පිලිප්පි 4:8 කියවන විට මෙය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ මනසට පැමිණෙන අදහස් මොනවාද? සමහරවිට ඔබේ පවුලට එළඹෙන වසරේදී අලුත් ගිවිසුම හැදෑරීම සඳහා පෞද්ගලික හා පවුල් ඉලක්ක තැබිය හැකිය. අපේ අරමුණු ගැන මතක්කර ගැනීමට අපට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

මූලධර්ම සඳහා සොයන්න. මූලධර්මයක් යනු සදාකාලික, වෙනස් නොවන සත්‍යයකි. සභාපති බොයිඩ් කේ. පැකර් මෙලෙස ප්‍රකාශ කළේය, “අවබෝධ කරගත්, සැබෑ මූලධර්ම, ආකල්ප හා හැසිරීම වෙනස් කරයි” (“Little Children,” Ensign, Nov. 1986, 17). ඔබ සහ ඔබේ පවුලේ අය ශුද්ධලියවිලි අධ්‍යනය කරන විට, ගැලවුම්කරුවාණන් මෙන් ජීවත්වීමට ඔබට උපකාර කළ හැකි සත්‍යයන් සොයන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

බ්‍රෙන්ට් බෝරප් විසින්, Light of the World [ලෝකයේ ආලෝකය]

මුද්‍රණය කරන්න