අලුත් ගිවිසුම 2023
ජනවාරි 9–15. මතෙව් 2; ලූක් 2: උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපි ආවෙමු


“ජනවාරි 9–15. මතෙව් 2; ලූක් 2: උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපි ආවෙමු,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජනවාරි 9–15. මතෙව් 2; ලූක් 2,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
ඔටුවන් මත ගමන් කරන ශාස්තෘවරු

ඩානා මාරියෝ වුඩ් විසින්, Let Us Adore Him [අපි උන්වහන්සේට නමස්කාර කරමු]

ජනවාරි 9–15

මතෙව් 2; ලූක් 2

උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපි ආවෙමු

ඔබ මතෙව් 2 සහ ලූක් 2, කියවන විට, ඔබට ලැබෙන ඕනෑම ආත්මික පෙළඹවීමකට අවධානය යොමුකරන්න. මෙම දළ සටහනෙහි ඇති අධ්‍යයන අදහස් මෙම පරිච්ඡේද වල ඇති වැදගත් සහ අර්ථවත් මූලධර්ම හඳුනාගැනීමට ඔබට උපකාරී වේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේ ඉපදුන දා පටන්ම, යේසුස්වහන්සේ සාමාන්‍ය දරුවෙකු නොවන බව පැහදිලි විය. යේසුස්වහන්සේගේ ළදරු අවධිය අද්විතීය කළේ, අහසේ නව තාරකාව හෝ ප්‍රීතිමත් දේවදූත ප්‍රකාශය පමණක් නොවේ. විවිධ ජාතීන්, වෘත්තීන් සහ පසුබිම් වලින් පැමිණි ඇදහිලිවන්ත පුද්ගලයින්—වහාම උන්වහන්සේ වෙතට ඇදී යන බවක් දැනීමද—ඒ සඳහා හේතු කාරණයක් විය. “එන්න, මා අනුගමනය කරන්න,” කියා උන්වහන්සේගේ ආරාධනය ප්‍රකාශ කිරීමට පෙර සිටම ඔවුන් පැමිණියෝය (ලූක් 18:22). ඇත්තවශයෙන්ම, සෑම කෙනෙකුම උන්වහන්සේ වෙත පැමිණියේ නැත. උන්වහන්සේව සැලකිල්ලට නොගත් බොහෝදෙනෙක් එහි සිටි අතර, ඊර්ෂ්‍යා කළ පාලකයෙක් උන්වහන්සේගේ ජීවිතය පවා සෙව්වේය. නමුත් නිහතමානී, නිර්මල, කැපවූ ධර්මිෂ්ඨයන්, උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වී තිබූ මෙසියස්වහන්සේ ආකාරයට—උන්වහන්සේව දුටුවෝය. ඔවුන්ගේ භක්තිය අපව පොළඹවයි, මක්නිසාද එඬේරුන් වෙත ගෙනඑන ලද “මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි” “සියලු ජනයා සඳහා විය,” එමෙන්ම “ගැලවුම්කරුවාණන් වන, ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේ” එදින අප සැම වෙනුවෙන්ම උපත ලැබීය (බලන්න ලූක් 2:10–11).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ලූක් 2:1–7

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබුවේ නිහතමානී තත්වයන් යටතේය.

“ලෝකයට පෙර සිටම” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන් වන දෙවියන්වහන්සේ සමඟ මහිමයට පත්වුවද (යොහාන් 17:5), උන්වහන්සේ පහළ මට්ටමක ඉපදී මිහිපිට අප අතර ජීවත්වීමට කැමති විය. ඔබ ලූක් 2:1–7 කියවන විට, උන්වහන්සේගේ උපත පිළිබඳ මෙම වාර්තාවෙන් උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. ඔබ මීට පෙර නොදැන සිටි මෙම කතාවේ විස්තර හෝ අවබෝධයන් හඳුනාගැනීමට උත්සහ කරන්න. මේ දේවල් දැකීමෙන් උන්වහන්සේ කෙරෙහි ඔබේ හැඟීම් වලට එය කෙසේ බලපායිද?

මතෙව් 2:1–12; ලූක් 2:8–38

ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ බොහෝ සාක්ෂි තිබේ.

ක්‍රිස්තුස්වහන්සේගේ උපත සහ ළදරු කාලය විවිධ තරාතිරමේ සාක්ෂිකරුවන් සහ නමස්කාර කරන්නන් විසින් සනිටුහන් කරන ලදි. ඔබ ඔවුන්ගේ කථා ගවේෂණය කරන විට, ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීමේ හා සාක්ෂි දැරීමේ ක්‍රම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය

ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය

එඬේරුන් (ලූක් 2:8–20)

ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය

සිමියොන් (ලූක් 2:25–35)

ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය

ආනා (ලූක් 2:36–38)

ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය

ශාස්තෘවරුන් (මතෙව් 2:1–12)

ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

තවත් බලන්න 1 නෙපි 11:13–23; 3 නෙපි 1:5–21.

මතෙව් 2:13–23

තම පවුල ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන්ට එළිදරව් ලබාගත හැකිය.

ස්වර්ගයේ උදව් නොමැතිව—ළමා කාලය තුළ යේසුස්වහන්සේව ආරක්ෂා කරන ලෙස—ඉල්ලා සිටි දේ යෝසෙප්ට කෙදිනවත් කළ නොහැකි වන්නට තිබුණි. ශාස්තෘවරුන්ට මෙන්, ඔහුටද අනතුරු ඇඟවීමක් කළ එළිදරව්වක් ලැබුණි. ඔබ මතෙව් 2:13–23 හි යෝසෙප්ගේ අත්දැකීම් ගැන කියවන විට, අද අප මුහුණදෙන ශාරීරික හා අධ්‍යාත්මික අන්තරායන් ගැන සිතන්න. ඔබව සහ ඔබගේ ආදරණීයයන්ව ආරක්ෂා කිරීමේදී දෙවියන්වහන්සේගේ මගපෙන්වීම ඔබට දැනුණු අත්දැකීම් මෙනෙහි කරන්න. මෙම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීම ගැන සලකා බලන්න. අනාගතයේදී එවැනි මගපෙන්වීමක් ලබාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

ලූක් 2:40–52

යෞවනයෙකු වශයෙන් වුවද, යේසුස්වහන්සේ තම පියාගේ කැමැත්ත කිරීම කෙරෙහි අවධානය යොමුකළේය.

තරුණ පිරිමි ළමයෙකු ලෙස, ගැලවුම්කරුවාණන් ශුභාරංචිය කෙතරම් ප්‍රබල ලෙස ඉගැන්වූවාද යත්, දේවමාළිගාවේ ගුරුවරුන් පවා උන්වහන්සේගේ “නුවණ සහ පිළිතුරු” පිළිබඳ මවිත විය (ලූක් 2:47). තරුණ පිරිමි ළමයෙකු ලෙස ගැලවුම්කරුවාණන් පිළිබඳ මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ දන්නා තරුණ පුද්ගලයින් “[ඔවුන්ගේ] පියාගේ කටයුතු වල යෙදී සිටීමට” උත්සහ කරන්නේ කෙසේද? (ලූක් 2:49). ශුභාරංචිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට යෞවනයින් හා දරුවන් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? ලූක් 2:40–52 හි යේසුස්වහන්සේගේ ළමා කාලයේ ආදර්ශයෙන් ඔබට තව ඉගෙනගත හැක්කේ මොනවාද?

රූපය
යේසුස්වහන්සේ පිරිමි ළමයෙකු ලෙස දේවමාළිගාවේ පණ්ඩිතයන් සමඟ

“මාගේ පියාණන්වහන්සේගේ කටයුතු වල යෙදීසිටීමට ඕනෑ බව නුඹලා දැනසිටියේ නැතිද?” (ලූක් 2:49).

ජෝසෆ් ස්මිත් පරිවර්තනය යනු කුමක්ද?

ශතවර්ෂ ගණනාවක් පුරා බයිබලයෙන් “බොහෝ පැහැදිලි සහ අනර්ඝ” සත්‍යයන් බොහොමයක් නැතිවී ඇති හෙයින් (1 නෙපි 13:28; තවත් බලන්න මෝසෙස් 1:41), ස්වාමින්වහන්සේ බයිබලය දේවානුභාවයෙන් සංශෝධනය කරන ලෙස ජෝසෆ් ස්මිත්ට ආඥා කරන ලදි, එය ජෝසෆ් ස්මිත් පරිවර්තනය ලෙස හැඳින්වේ. අනාගතවක්තෘවරයා විසින් කරන ලද මෙම බොහෝ සංශෝධන පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සංස්කරණයේ ශුද්ධලියවිලි උපග්‍රන්තයේ ඇතුලත් කර ඇත. ජෝසෆ් ස්මිත්—මතෙව් ලෙස හැඳින්වෙන ජෝසෆ් ස්මිත්ගේ මතෙව් 24 හි පරිවර්තනය අනගි මුතු ඇටයයෙහි සොයාගත හැකිය.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ලූක් 2.ලූක් 2 හි විස්තර කර ඇති පුද්ගලයෙකු තෝරාගෙන, එම පුද්ගලයා ගැලවුම්කරුවාණන් සමඟ තිබූ සම්බන්ධකම් ගැන පද කිහිපයක් කියවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල වැඩිකරන ඔවුන් ඉගෙනගත් දෙයක් බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන ඔබේ සාකච්ඡාව පින්තූර මඟින් කෙසේ වැඩිදියුණු කළ හැකිදැයි සලකා බලන්න. (උදාහරණ සඳහා, බලන්න Gospel Art Book or history.ChurchofJesusChrist.org/exhibit/birth-of-Christ.)

මතෙව් 2:1–12.ඥානවන්තයින්ගේ ආදර්ශයෙන් ගැලවුම්කරුවාණන් සෙවීම සහ සොයාගැනීම ගැන අප ඉගෙනගන්නේ මොනවාද?

ලූක් 2:41–49.“පියාණන්ගේ කටයුතු” යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? (ලූක් 2:49; බලන්න මෝසෙස් 1:39). ලූක් 2:41–49 හි කතාවෙන් එම කටයුතු ගැන අප ඉගෙනගන්නේ කුමක්ද? ඔබේ පවුලට පියාණන්ගේ කටයුතු වලට සහභාගී විය හැකි ක්‍රම කිහිපයක් ලියා ඒවා බඳුනකට දමා තැබීම සලකා බලන්න. ලබන සතිය තුලදී, ඔබගේ පවුල ස්වර්ගික පියාණන්වහන්සේගේ කාර්යයන් වලට උදව් කිරීමට ආකාර සොයන විට, බඳුන තුලින් අදහසක් තෝරාගැනීමට ඔවුන්ට හැකිය. ඔබේ අත්දැකීම් බෙදාගැනීමට වේලාවක් සැලසුම් කරගන්න.

ලූක් 2:52.යේසුස්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ වර්ධනය වූ ආකාරය පිළිබඳව ලූක් 2:52 හි අපට ඉගෙනගත හැක්කේ මොනවාද? “ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද” වැඩීමට අපට තැබිය හැකි පුද්ගලික හා පවුල් අරමුණු මොනවාද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි අධ්‍යයනය උපකාරය භාවිතා කරන්න.

රූපය
මරියා, යෝසෙප් සහ යේසු බිළිඳු

ලෝකයේ ගැලවුම්කරුවාණන් බැහැපත් තත්වයන් යටතේ ලෝකයට පැමිණි සේක.

මුද්‍රණය කරන්න