අලුත් ගිවිසුම 2023
ඔබේ ශුභාරංචි ඉගෙනීමේදී ශුද්ධ වූ සංගීතය ඇතුළත් කිරීම


“ඔබේ ශුභාරංචි ඉගෙනීමේදී ශුද්ධ වූ සංගීතය ඇතුළත් කිරීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔබේ ශුභාරංචි ඉගෙනීමේදී ශුද්ධ වූ සංගීතය ඇතුළත් කිරීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

ඔබේ ශුභාරංචි ඉගෙනීමේදී ශුද්ධ වූ සංගීතය ඇතුළත් කිරීම

ප්‍රාථමික ගීත සහ ගීතිකා ගායනා කිරීමෙන් ඔබට සහ ඔබේ පවුලට බොහෝ ආකාර වලින් ආශිර්වාද ලැබිය හැකිය. ඔබ ශුභාරංචිය ඉගෙනගැනීමට සහ ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරන විට මෙම අදහස් ඔබට පාරිශුද්ධ සංගීතය භාවිතා කිරීමට උපකාරී වේ.

  • ධාර්මික මූලධර්ම ඉගෙනගන්න. ඔබ ගායනා කරන හෝ අසන ගීත වල උගන්වන සත්‍යයන් සොයන්න. දවස පුරා මෙම සත්‍යයන් පිළිබඳ ශුභාරංචි සාකච්ඡා කිරීම් වලට මෙය හේතුවිය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන උගන්වන ප්‍රාථමික ගීත හෝ ගීතිකා ගායනා කරන්න හෝ සවන්දෙන්න. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ශුද්ධාත්මයාණන් සාක්ෂි දෙන ආකාරය ගැන අවධානය යොමුකරන්න.

  • සංගීතයේ බලය හඳුනාගන්න. ප්‍රාථමික ගීත සහ ගීතිකා ගායනා කිරීම හෝ සවන්දීම අවශ්‍ය අවස්ථා වලදී ආශිර්වාදයක් විය හැකිය. නිදසුනක් වශයෙන්, ගීතයක් ගායනා කිරීමෙන් නින්දට යන විට දරුවෙකුව සන්සුන් කළ හැකිය, ඔබේ පවුලේ අය එකට වැඩ කරන විට ප්‍රීතිය ඇතිකළ හැකිය, අසනීපයෙන් සිටින අසල්වැසියෙකු නඟා සිටුවීමට හෝ කනස්සල්ලෙන් සිටින කෙනෙකුව සැනසවිය හැකිය.

  • අත්දැකීම් බෙදාගන්න. එම ගීත වල පණිවිඩ වලට අදාළ පුද්ගලික සහ පවුල් අත්දැකීම් බෙදාගන්න. ඔබට ඒවාට අදාළ ශුද්ධලියවිලි කථාද බෙදාගත හැකිය.

  • ඔබේ පවුල සම්බන්ධ කරගන්න. ඔබේ පවුලේ අය ක්‍රියාශීලීව සහභාගී වන්නේ නම් ගීත වලින් තවත් බොහෝ දේ ඉගෙනගනු ඇත. පවුලේ සාමාජිකයන්ව සම්බන්ධ කරගැනීම සඳහා, ඔබට බාල සහෝදර සහෝදරියන්ට ගීතයක් ඉගැන්වීමට උදව් කිරීමට වැඩිහිටි දරුවෙකුට ආරාධනා කළ හැකිය, නැතහොත් ප්‍රාථමිකයේදී ඔවුන් ඉගෙනගත් ගීතයක් පවුලට ඉගැන්වීමට දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔබට පවුලේ සාමාජිකයින්ට ගීතයක් මෙහෙයවීමට මාරුවෙන් මාරුවට ඉඩදිය හැකිය.

  • නිර්මාණශීලී වන්න. පවුලක් ලෙස ශුද්ධ වූ සංගීතය ඉගෙනගැනීමට විවිධ ක්‍රම භාවිතා කරන්න. නිදසුනක් වශයෙන්, ඔබට ගීතයක වචන සහ වාක්‍ය ඛණ්ඩ සමඟ ගැලපෙන ක්‍රියා කළ හැකිය. එසේත් නැතිනම් පවුලේ අනෙක් සාමාජිකයන් ගීතය අනුමාන කිරීමට උත්සාහ කරන විට ඔබට ගීතයක කොටස් මාරුවෙන් මාරුවට රඟ දැක්විය හැකිය. ඔබේ පවුලේ අය විවිධ වේගයන් හෝ වෙළුම් වලින් ගීත ගායනා කිරීමට කැමති විය හැකිය. ඔබට සවන්දීමට ශුද්ධ වූ සංගීතයේ ධාවන ලැයිස්තුද සෑදිය හැකිය.

මුද්‍රණය කරන්න