අලුත් ගිවිසුම 2023
එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා භාවිතය


එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා භාවිතය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, භාවිතය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා භාවිතය

මෙම පොත කා සඳහාද?

මෙම පොත සභාවේ සෑම පුද්ගලයෙක්ම සහ පවුලක්ම සඳහා වේ. එය සැලසුම් කර ඇත්තේ ඔබ විසින්ම හෝ ඔබගේ පවුලේ අය සමඟ—ශුභාරංචිය ඉගෙනගැනීමට ඔබට උපකාර කිරීම සඳහාය. ඔබ අතීතයේදී ශුභාරංචිය නිතිපතා අධ්‍යයනය කර නොමැති නම්, ආරම්භ කිරීමට මෙම පොත ඔබට උපකාරී වේ. ඔබට දැනටමත් ශුභාරංචි අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දක් තිබේනම්, මෙම පොත ඔබට වඩාත් අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට උපකාරී වේ.

රූපය
ස්වාමිපුරුෂයා සහ භාර්යාව ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

මම මෙම පොත භාවිතා කළ යුත්තේ කෙසේද?

ඔබට ප්‍රයෝජනවත් වන ඕනෑම ආකාරයකින් මෙම පොත භාවිතා කරන්න. පුද්ගලික සහ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා මගපෙන්වීමක් හෝ ආධාරයක් ලෙස ඔබට එය ප්‍රයෝජනවත් විය හැකිය. ඔබට එය නිවාස සන්ධ්‍යාව සඳහාද භාවිතා කළ හැකිය. මෙම ආකෘති අලුත් ගිවිසුමෙහි ඇති වැදගත් මූලධර්ම ඉස්මතු කර, පුද්ගලයන් සහ පවුල් සඳහා අධ්‍යයන අදහස් සහ ක්‍රියාකාරකම් යෝජනා කරයි, සහ ඔබේ හැඟීම් සටහන් කිරීමට ස්ථාන සපයයි.

එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා මගින් ශුභාරංචිය ඉගෙනීම සඳහා ඔබ කරන අනෙකුත් යහපත් දේ ප්‍රතිස්ථාපනය කිරීමට හෝ තරඟ කිරීමට අදහස් නොකෙරෙයි. දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබේම අධ්‍යයනයට ප්‍රවේශ වන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කරන්න.

සභාවේ සිදුවන දෙයට මෙම පොත සම්බන්ධ වන්නේ කෙසේද?

මෙම පොතේ ආකෘති සතිපතා කියවීමේ කාලසටහනකට අනුව සංවිධානය කර ඇත. ප්‍රාථමිකය, ඉරිදා පාසල සඳහා සහ ආරෝනික පූජකවර ගණපූරණ සහ තරුණ කාන්තා පන්ති සඳහා වන එන්න, මා අනුගමනය කරන්න පොත් එකම කාලසටහනක් අනුගමනය කරයි. නිවසේදී ශුභාරංචිය ඉගෙනගැනීමට හා ජීවත්වීමට ඔබ දරන උත්සාහයට සහය දැක්වීම සඳහා, සභාවේ සිටින ඔබේ ගුරුවරුන් ඔබ නිවසේදී ඉගෙනගෙන ඇති ශුද්ධලියවිලි පිළිබඳ ඔබේ අත්දැකීම්, සිතුවිලි, සහ ප්‍රශ්න බෙදාගැනීමට අවස්ථාව ලබාදෙනු ඇත.

ඉරිදා පාසල උගන්වනු ලබන්නේ මසකට දෙවරක් පමණක් බැවින්, ඉරිදා පාසල් ගුරුවරුන්ට සතිපතා කාලසටහනට අනුකූලව ආකෘති මගහැරීමට හෝ ඒකාබද්ධ කිරීමට තෝරාගත හැකිය. ස්ටේක සම්මන්ත්‍රණ හෝ වෙනත් හේතූන් මත නිතිපතා සභාවේ රැස්වීම් නොපැවැත්වෙන සති වලදීද (ඉරිදා පාසල් සහ ප්‍රාථමිකය යන දෙකටම) මෙය අවශ්‍ය විය හැකිය. මෙම සති වලදී ඔබට නිවසේදී අලුත් ගිවිසුම දිගටම අධ්‍යයනය කිරීමට ආරාධනා කරනු ලැබේ.

මම එම කාලසටහන අනුගමනය කළ යුතුද?

වසර අවසාන වන විට අලුත් ගිවිසුම කියවා අවසන් කිරීමට එම කාලසටහන ඔබට උපකාරී වනු ඇත. ඊට අමතරව, අනෙක් අය මෙන් එකම කාලසටහන අනුගමනය කිරීමෙන් නිවසේ, සභාවේ, සහ වෙනත් ස්ථාන වලදී අර්ථවත් අත්දැකීම් සඳහා තුඩුදිය හැකිය. නමුත් කාලසටහනට බැඳී ඇති බවක් හෝ සෑම පදයක්ම කියවීමට බල කිරීමක්වත් දැනෙන්නට සලස්වන්න එපා, කාලසටහන සරලව ඔබට ඔබ විසින්ම ගමන් කිරීම සඳහා උපකාර වන මාර්ගෝපදේශයකි. වැදගත්ම දෙය නම් ඔබ තනි තනිව සහ පවුලක් ලෙස ශුභාරංචිය ඉගෙනගැනීමයි.

මුද්‍රණය කරන්න