අලුත් ගිවිසුම 2023
ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්


“ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
කාන්තාවක් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්

ශුද්ධලියවිලි වල දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබගේ අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා සරල ක්‍රම කිහිපයක් මෙන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයන් සොයන්න

සෑම දෙයක්ම ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන බව ශුද්ධලියවිලි අපට උගන්වයි (බලන්න 2 නෙපි 11:4; මෝසෙස් 6:63), එබැවින් ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේව අනුගමනය කරන ආකාරය ගැන උගන්වන පද සටහන් කිරීම හෝ සලකුණු කිරීම සලකා බලන්න.

පොළඹවන සුළු වචන සහ වැකි බලන්න

ශුද්ධලියවිලි වල ඇති ඇතැම් වචන සහ වාක්‍ය ඛණ්ඩයන් ඔබ වෙනුවෙන් විශේෂයෙන් ලියා ඇති ආකාරයට ඔබව විශ්මයට පත්කරන බව ඔබට පෙනී යා හැකිය. ඒවා පුද්ගලිකව අදාළ යැයි හැඟෙන අතර ඔබව පෙලඹවීමට හා උද්යෝගීමත් කිරීමට හැකිය. ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ අධ්‍යයන පොතක ලිවීම සලකා බලන්න.

ශුභාරංචි සත්‍යයන් සොයන්න

සමහරවිට ශුභාරංචි සත්‍යයන් (බොහෝවිට දහම හෝ මූලධර්ම ලෙස හැඳින්වේ) කෙලින්ම ප්‍රකාශ වන අතර සමහරවිට ඒවා නිදසුනක් හෝ කතාවක් මගින් ගම්‍ය වේ. “මෙම පද වල උගන්වා ඇති සදාකාලික සත්‍යයන් මොනවාද?” කියා ඔබෙන්ම අසාගන්න.

ආත්මයාණන්වහන්සේට සවන්දෙන්න

ඔබේ සිතුවිලි සහ හැඟීම් ඔබ කියවන දෙයට සම්බන්ධ නැති වුවද ඒවා කෙරෙහි අවධානය යොමුකරන්න. එම හැඟීම් ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේට ඔබ ඉගෙනගැනීමට අවශ්‍ය දේම විය හැකිය.

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට සමාන කරගන්න

ඔබ කියවන කතන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, “මම කියවන දෙයට සමාන මට ඇති අත්දැකීම් මොනවාද?” හෝ “ශුද්ධලියවිලි වල මෙම පුද්ගලයාගේ ආදර්ශය මම අනුගමනය කරන්නේ කෙසේද?” කියා ඔබෙන්ම මෙසේ අසාගත හැකිය.

ඔබ අධ්‍යයනය කරන විට ප්‍රශ්ණ අසන්න

ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ප්‍රශ්න මනසට ඒමට හැකිය. මෙම ප්‍රශ්ණ ඔබ කියවන දේට හෝ පොදුවේ ඔබේ ජීවිතයට සම්බන්ධ විය හැකිය. ඔබ දිගටම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්ණ ගැන මෙනෙහි කර පිළිතුරු සොයන්න.

රූපය
පිරිමි ළමයෙක් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ශුද්ධලියවිලි වල සම්බන්ධය සලකා බලන්න

ශුද්ධලියවිලි වල සම්බන්ධය හෝ ශුද්ධලියවිලි වල තත්වයන් හෝ පසුබිම සලකා බැලුවහොත් ඔබට එහි අර්ථවත් අවබෝධයක් සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘවරයෙකු විසින් කතා කළ මිනිසුන්ගේ පසුබිම සහ විශ්වාසයන් දැනගැනීම, ඔහුගේ වචන වල අභිප්‍රාය තේරුම්ගැනීමට ඔබට උපකාරී වේ.

ඔබගේ සිතිවිලි සහ හැඟීම් සටහන් කරන්න

ඔබ අධ්‍යයනය කරන විට ඇතිවන හැඟීම් වාර්තා කිරීමට විවිධ ක්‍රම තිබේ. නිදසුනක් වශයෙන්, ඔබට අර්ථවත් වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් සලකුණු කර, ඔබේ සිතුවිලි ඔබේ ශුද්ධලියවිලි වල සටහනක් ලෙස වාර්තා කළ හැකිය. ඔබට ලැබෙන පෙළඹවීම්, හැඟීම් සහ සංකල්පනා පිළිබඳ පොතක්ද ඔබට තබාගත හැකිය.

පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතවරුන්ගේ වචන අධ්‍යයනය කරන්න

ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් මූලධර්ම ගැන පසුදවස් වල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වා ඇති දේ කියවන්න (උදාහරණයක් ලෙස, බලන්න, conference.ChurchofJesusChrist.org සහ සභා සඟරා).

අදහස් බෙදාගන්න

ඔබේ පුද්ගලික අධ්‍යයනයෙන් ලබාගත් අදහස් සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීමට හොඳ ක්‍රමයක් පමණක් නොව, ඔබ කියවා ඇති දේ පිළිබඳ ඔබේ අවබෝධය ශක්තිමත් කිරීමටද එය උපකාරී වේ.

ඔබ ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන්න

ශුද්ධලියවිලි අධ්‍යයනය අපව පොළඹනවා පමණක් නොව, අප ජීවත් වන ආකාරය වෙනස් කිරීමටද අපව යොමුකරයි. ඔබ කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින දෙයට සවන්දෙන්න, ඉන්පසු එම ඉල්ලීම් ඉටුකිරීමට කැපවන්න.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පැවසීය: “අපි සභාව ගැන, අපට කැපවූ ගෝලයන් වීමට සහ අවසානය දක්වා නිර්භීතව විඳදරාගැනීමට අප දැනගත යුතු සහ කළ යුතු සියල්ල අපට උගන්වන හෝ පවසන සංවිධානයක් ලෙස බලාපොරොත්තු නොවිය යුතුය [බලන්න දහම සහ ගිවිසුම් 121:29]. ඒ වෙනුවට, අපගේ පුද්ගලික වගකීම වන්නේ අප ඉගෙනගත යුතු දේ ඉගෙනීම, අපි ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි දන්නා ලෙස ජීවත් වීම, සහ අපගේ ස්වාමියාණන් අපි වෙනවාට බලාපොරොත්තු වන කෙනා බවට පත්වීමයි. එමෙන්ම ඉගෙනීමට, ජීවත්වීමට සහ ඒ බවට පත්වීම සඳහා අපගේ නිවෙස් එම අවශ්‍ය වන සැකසුමයි” (“අවශ්‍ය සෑමදෙයක්ම ලබාගැනීමට සූදානම් වන්න,” ලියහෝනා, මැයි 2019, 102).

මුද්‍රණය කරන්න