අලුත් ගිවිසුම 2023
ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්


“ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
මවක් සහ දරුවෙක් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්

නිතිපතා පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය ඔබගේ පවුලට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනීමට සහ ශුභාරංචිය ඉගෙනගැනීමට ප්‍රබල ක්‍රමයකි. කොපමණ ප්‍රමාණයක් සහ කොපමණ කාලයක් ඔබ පවුලක් හැටියට කියවා ඇතිද යන්න ඔබගේ උත්සහයන් හි ස්ථාවර වනවාට වඩා වැදගත් නැත. ඔබ ශුද්ධලියවිලි අධ්‍යනය ඔබගේ පවුල් ජීවිතයේ වැදගත් කොටසක් කරගත් විට, ඔබගේ පවුලේ සාමාජිකයින්ට ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආසන්නයට පැමිණීමට සහ දෙවියන්වහන්සේගේ වචනයේ අත්තිවාරම මත ඔවුන්ගේ සාක්ශීන් ගොඩනැගීමට ඔබ උදව් වෙයි. පහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් එකට උපදේශනය කිරීම සලකා බලන්න:

  • ශුද්ධලියවිලි තනි තනිව අධ්‍යයනය කිරීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට එකිනෙකාව දිරිගැන්විය හැක්කේ කෙසේද?

  • තමන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට එක් එක් පුද්ගලයා දිරිමත් කිරීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට කළ හැක්කේ කුමක්ද?

  • අලුත් ගිවිසුමේ එදිනෙදා ඉගැන්වීමේ අවස්ථාවන්හීදී ඔබ ඉගෙනගන්නා මූලධර්ම අවධාරණය කරන්නේ කෙසේද?

ශුභාරංචිය ඉගෙනගැනීමට වඩාත් සුදුසුම ස්ථානය නිවස බව මතක තබාගන්න. සභාවේ පන්තියක කළ නොහැකි ආකාර වලින් ඔබට නිවසේදී ශුභාරංචිය ඉගෙනගැනීමට සහ ඉගැන්වීමට හැකිය. ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට ඔබේ පවුලට උපකාර කළ හැකි ක්‍රම ගැන ඔබ සිතන විට නිර්මාණශීලී වන්න. ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා පහත සඳහන් අදහස් කිහිපයක් සලකා බලන්න.

රූපය
පවුලක් සහ සභාවේ නායකයින් නිවසක එකට ගායනා කරමින්

සංගීතය භාවිතා කරන්න

ශුද්ධලියවිලි වල උගන්වන මූලධර්ම ශක්තිමත් කරන ගීත ගායනා කරන්න. යෝජිත ගීතිකාවක් හෝ ළමා ගීතයක් සෑම සතිපතා දළ සටහනකම ලැයිස්තුගත කර ඇත. එම ගීත වල වචන හෝ වාක්‍ය ඛණ්ඩ ගැන ඔබට පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න ඇසීමට හැකිය. ගායනයට අමතරව, ඔබේ පවුලට එම ගීත සමඟ සම්බන්ධ ඉරියව් ඉදිරිපත් කළ හැකිය නැතිනම් ඔවුන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදෙන අතරතුර පසුබිම් සංගීතය ලෙස එම ගීත වලට සවන්දීමට හැකිය. තවත් අදහස් සඳහා, මෙම පොතෙහි “ඔබේ ශුභාරංචි ඉගෙනීමේදී ශුද්ධ වූ සංගීතය ඇතුළත් කිරීම” කොටස බලන්න.

අර්ථවත් ශුද්ධලියවිලි බෙදාගන්න

ඔවුන්ගේ පුද්ගලික අධ්‍යයනය අතරතුරදී ඔවුන්ට අර්ථවත් යැයි සොයාගන්නා ලද ශුද්ධලියවිලි පද බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ට කාලය ලබාදෙන්න.

ඔබගේම වචන භාවිතා කරන්න

ඔබ අධ්‍යයනය කරන ලද ශුද්ධලියවිලි වලින් ඔවුන් ඉගෙනගත්තේ කුමක්ද කියා ඔවුන්ගේම වචන වලින් සාරාංශ කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

ඔබේ ජීවිතයට ශුද්ධලියවිලි අදාළ කරගන්න.

ශුද්ධලියවිලි පාඨයක් කියවූ පසු, ඔවුන්ගේ ජීවිත වලට එම පාඨය අදාළ කරගතහැකි ආකාර බෙදාගනීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

ප්‍රශ්ණ අසන්න

පවුලේ සාමාජිකයෙකුට ශුභාරංචි ප්‍රශ්ණයක් ඇසීමට ආරාධනා කරන්න, පසුව එම ප්‍රශ්ණයට පිළිතුරු දීමට උපකාර කළ හැකි පද සෙවීමට කාලය ගතකරන්න.

පින්තූරයක් ප්‍රදර්ශනය කරන්න

ඔබට අර්ථවත් යැයි හැඟෙන පදයක් තෝරා, පවුලේ සාමාජිකයන්ට එය සැමවිටම නෙත ගැටෙන ස්ථානයක ප්‍රදර්ශනය කරන්න. ශුද්ධලියවිල්ලක් මාරුවෙන් මාරුවට ප්‍රදර්ශනය කිරීමට අනෙක් පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

රූපය
මවක් සහ දරුවන් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ශුද්ධලියවිලි ලැයිස්තුවක් සාදන්න

එළඹෙන සතිය තුළ සාකච්ඡා කිරීමට කැමති ශුද්ධලියවිලි පද කිහිපයක්, පවුලක් ලෙස තෝරාගන්න.

ශුද්ධලියවිලි කටපාඩම් කරන්න

ඔබේ පවුලට අර්ථවත් වන ශුද්ධලියවිලි පාඨයක් තෝරාගෙන, දිනපතාම එය නැවත නැවතත් කියවීම තුළින් හෝ කටපාඩම් කිරීමේ ක්‍රීඩාවක් කිරීමෙන් එය කටපාඩම් කිරීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

භාණ්ඩ භාවිතා කරමින් කෙරෙන පාඩම් බෙදාගන්න

ඔබ පවුලක් ලෙස කියවන ශුද්ධලියවිලි වල ඇති ශුභාරංචි මූලධර්ම වලට අදාළ භාණ්ඩ සොයන්න. ශුද්ධලියවිලි වල ඉගැන්වීම් වලට එක් එක් භාණ්ඩය සම්බන්ධ වන ආකාරය පිළිබඳව කතාකිරීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

මාතෘකාවක් තෝරාගන්න

පවුල තුළ එකට අධ්‍යයනය කිරීමට මාතෘකාවක් තෝරාගැනීමේදී වාර ලබාගැනීමට පවුලේ සාමාජිකයින්ට ඉඩදෙන්න.

පින්තූරයක් අඳින්න

පවුලක් ලෙස පද කිහිපයක් කියවා, ඔබ කියවූ දෙයට සම්බන්ධ යමක් ඇඳීමට පවුලේ සාමාජිකයන්ට කාලය ලබාදෙන්න. එකිනෙකාගේ චිත්‍රය ගැන සාකච්ඡා කරමින් කාලය ගතකරන්න.

කතන්දරයක් රඟදක්වන්න

කතන්දරයක් කියවීමෙන් පසුව, එය රඟදැක්වීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න. පසුව, පවුලක් ලෙස සහ පුද්ගලයෙකු ලෙස ඔබ අත්දකින දේවල් වලට කතන්දරය සම්බන්ධ වන්නේ කෙසේද කියා කතාබහේ යෙදෙන්න.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවේය: ඔබගේ නිවස ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ඔබ උනන්දුවෙන් කටයුතු කරන විට, කාලයත් සමඟ ඔබේ සබත් දින සැබවින්ම සතුටට කරුණක් වනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට සහ ඒවා අනුව ජීවත් වීමට ඔබේ දරුවන් උනන්දු වනු ඇත, එමෙන්ම ඔබේ ජීවිතය සහ ඔබේ නිවෙස් තුළ විරුද්ධවාදියාගේ බලපෑම අඩු වනු ඇත. ඔබේ පවුලේ වෙනස්කම් නාටකාකාර හා තිරසාර වනු ඇත” (“ආදර්ශවත් පසුදවස් වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113).

මුද්‍රණය කරන්න