අලුත් ගිවිසුම 2023
කුඩා දරුවන්ට ඉගැන්වීම


“කුඩා දරුවන්ට ඉගැන්වීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“කුඩා දරුවන්ට ඉගැන්වීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

කුඩා දරුවන්ට ඉගැන්වීම

ඔබේ පවුල තුළ ඔබට කුඩා දරුවන් සිටීනම්, ඔවුන්ට ඉගෙනගැනීමට උපකාර කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න:

  • ගායනා කරන්න. Children’s Songbook හි ඇති ගීතිකා සහ ගීත දහම බලවත්ව උගන්වයි. එම ගීත වල පණිවිඩ ඔවුන්ගේ ජීවිත සමඟ සම්බන්ධ කිරීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. (මෙම පොතෙහි ඇති “ඔබගේ ශුභාරංචි ඉගෙනීමට ශුද්ධ වූ සංගීතය ඇතුළත් කරගන්න” කොටස බලන්න.)

  • කතාවකට සවන්දෙන්න හෝ රඟ දක්වන්න. ශුද්ධලියවිලි වලින්, ඔබේ ජීවිතයෙන්, සභා ඉතිහාසයෙන්, හෝ ඔබේ පවුල් ඉතිහාසයෙන්, සහ සභා සඟරා වලින් ලබාගන්නා—කතන්දර වලට කුඩා දරුවන් කැමතියි. කතන්දර කීමේදී ඔවුන්ව සම්බන්ධ කරගත හැකි ක්‍රම සොයන්න. ඔවුන්ට පින්තූර හෝ භාණ්ඩ ඔසවා තබාගත හැකියි, ඔවුන්ට ඇසෙන දේවල් වල පින්තූර ඇඳිය හැකියි, එම කතාව රඟදැක්වීමට, හෝ කතාව පැවසීමට උදව් කළ හැකියි. ඔබ බෙදාගන්නා කතා වල ඇති ශුභාරංචි සත්‍යන් හඳුනාගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න.

  • ශුද්ධලියවිල්ලක් කියවන්න. කුඩා දරුවන්ට එතරම් කියවීමට නොහැකි වියහැකි නමුත්, ඔබට තවමත් ඔවුන්ව ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට සම්බන්ධ කරගත හැකිය. ඔබට තනි පදයක්, ප්‍රධාන වාක්‍ය ඛණ්ඩයක්, හෝ වචනයක් කෙරෙහි අවධානය යොමුකිරීමට අවශ්‍ය විය හැකිය. කිහිපවතාවක් නැවත නැවත කියවීම තුළින් ශුද්ධලියවිලි වල කෙටි වාක්‍ය කටපාඩම් කිරීමට පවා දරුවන්ට හැකිවිය හැකිය. ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය ඇසෙන විට, ඔවුන්ට ආත්මයාණන්වහන්සේව දැනෙනු ඇත.

  • පින්තූරයක් දෙස බලන්න හෝ වීඩියෝවක් නරඹන්න. ශුභාරංචි මූලධර්මයකට හෝ ශුද්ධලියවිලි කතාවකට අදාළ පින්තූරයක් හෝ වීඩියෝවක් ඔබ ඔබේ දරුවන්ට පෙන්වන විට, ඔවුන් දකින දෙයින් ඉගෙනගැනීමට ඔවුන්ට උපකාර වන ප්‍රශ්න ඔවුන්ගෙන් අසන්න. උදාහරණයක් ලෙස, ඔබට මෙසේ ඇසිය හැකිය, “මෙම පින්තූරයේ හෝ වීඩියෝවේ සිදුවන්නේ කුමක්ද? එය ඔබට දැනෙන්නේ කෙසේද?”

  • නිර්මාණය කරන්න. දරුවන්ට ඔවුන් ඉගෙනගන්නා කතාවට හෝ මූලධර්මයට සම්බන්ධ යමක් තැනීම, ඇඳීම, හෝ වර්ණගැන්වීම කළ හැකිය.

  • භාණ්ඩ සහිත පාඩම් වලට සහභාගී වන්න. තේරුම්ගැනීමට අපහසු ශුභාරංචි මූලධර්මයක් තේරුම්ගැනීමට සරල භාණ්ඩ සහිත පාඩමක් ඔබේ දරුවන්ට උපකාර කරයි. භාණ්ඩ සහිත පාඩම් භාවිතා කරන විට, ඔබේ දරුවන්ට සහභාගී වීමට ඉඩ සලසන ක්‍රම සොයන්න. නිරූපණයක් නැරඹීමට වඩා අන්තර්ක්‍රියාකාරී අත්දැකීමකින් ඔවුන් බොහෝ දේ ඉගෙනගනු ඇත.

  • භූමිකා රංගනය. දරුවන්ට සැබෑ ජීවිතයේදී මුහුණදීමට සිදුවිය හැකි තත්වයක් රඟපාන විට, ශුභාරංචි මූලධර්මයක් ඔවුන්ගේ ජීවිත වලට අදාළ වන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔවුන්ට හැකිවේ.

  • ක්‍රියාකාරකම් නැවත නැවතත් සිදුකරන්න. කුඩා දරුවන්ට ඒවා තේරුම්ගැනීමට එම සංකල්ප කිහිපවතාවක්ම ඇසීමට අවශ්‍ය විය හැකිය. බොහෝවිට කතන්දර හෝ ක්‍රියාකාරකම් නැවත නැවත කිරීමට බිය නොවන්න. නිදසුනක් වශයෙන්, ශුද්ධලියවිලි වලින් කියවීම, ඔබේම වචන වලින් සාරාංශ කිරීම, වීඩියෝවක් පෙන්වීම, කතාව පැවසීමට ඔබේ දරුවන්ගේ උදවු ලබාගැනීම, කතාව රඟපෑමට ඔවුන්ට ආරාධනා කිරීම යනාදිය මගින්—ඔබට ශුද්ධලියවිලි කතන්දර කිහිපවතාවක් විවිධ ආකාර වලින් බෙදාගත හැකිය.

රූපය
පවුලක් ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

මුද්‍රණය කරන්න