අලුත් ගිවිසුම 2023
අප්‍රියෙල් 10–16. මතෙව් 15–17; මාක් 7–9: “නුඹවහන්සේ ක්‍රිස්තුස්ය”


“අප්‍රියෙල් 10–16. මතෙව් 15–17; මාර්ක් 7–9: ‘නුඹවහන්සේ ක්‍රිස්තුස්ය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අප්‍රියෙල් 10–16. මතෙව් 15–17; මාර්ක් 7–9,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
ක්‍රිස්තුස්වහන්සේ අන්වෙසක් වීම

කාර්ල් හෙන්‍රිච් බ්ලොච් විසින්, The Transfiguration [අන්වෙසක් වීම]

අප්‍රියෙල් 10–16

මතෙව් 15–17; මාර්ක් 7–9

“නුඹවහන්සේ ක්‍රිස්තුස්ය”

ශුද්ධලියවිලි කියවීමෙන් ශුද්ධාත්මයාණන්ට ඔබගේ ජීවිතයට ආරාධනා කරයි. ශුද්ධාත්මයාණන්ගේ එක් වැදගත් මෙහෙවරක් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමයි. ඔබ මෙම සතියේ ශුද්ධලියවිලි කියවන විට, ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ සාක්ෂිය ශක්තිමත් කරන ආත්මික හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“ස්වර්ගයෙන් ලකුණක්” ඔවුන්ට පෙන්වන ලෙස පරිසිවරුන් සහ සද්දුසිවරුන් යේසුස්වහන්සේගෙන් ඉල්ලාසිටීම පුදුමයක් නොවේද? උන්වහන්සේගේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රාතිහාර්යයන් ප්‍රමාණවත් නොවේද? උන්වහන්සේගේ බලවත් ඉගැන්වීම් ගැන හෝ පුරාණ අනාවැකි ඉටුකළ විවිධ ක්‍රම ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ ඉල්ලීමට හේතු වූයේ සංඥා හිඟකම නොව “සංඥා හඳුනාගෙන” ඒවා පිළිගැනීමට ඇති අකමැත්තයි. (බලන්න මතෙව් 16:1–4.)

පේත්‍රැස්, පරිසිවරුන් හා සද්දුසිවරුන් මෙන්, ගැලවුම්කරුවාණන්ගේ ප්‍රාතිහාර්යයන් දුටු අතර උන්වහන්සේගේ ඉගැන්වීම් අසා සිටියේය. නමුත් පේත්‍රැස්ගේ නියත සාක්ෂිය, “ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය” යන්න ඔහුගේ ලෞකික සංවේදනයන් තුළින්—ඔහුගේ “මාංසය සහ රුධිරයෙන්” නොපැමිණියේය. ඔහුගේ සාක්ෂිය අපගේ “ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ” විසින් ඔහුට එළිදරව් කරන ලදි.” එළිදරව්ව යනු ගැලවුම්කරුවාණන් එවකට හා දැන් තම සභාව ගොඩනගන ලද පර්වතයයි—එනම් ස්වර්ගයේ සිට තම සේවකයන්ට ලබාදෙන එළිදරව්ය. අපගේ අනුගාමිකත්වය ගොඩනගාගත හැකි පර්වතය මෙයයි—එනම් යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත් උන්වහන්සේගේ සේවකයන් “රාජධානියේ යතුරු” ඔසවාගෙන සිටින බවටත් එළිදරව්වයි. අප මෙම අත්තිවාරම මත ගොඩනැගෙන විට, “නිරයේ දොරටු [අපට] විරුද්ධව නොපවතිනු ඇත” (මතෙව් 16:15–19).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 16:13–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියක් පැමිණෙන්නේ එළිදරව්වෙනි.

“මනුෂ්‍ය පුත්‍රයාණන් වන මම කවුරුන් කියා මිනිසුන් පවසනවාද?” කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද මිනිසුන්ගෙන් ඇසුවේ නම්, ඔවුන් කුමක් පවසයිද? “මම කව්දැයි කියා ඔබ කියන්නේද?” කියා යේසුස්වහන්සේ ඔබෙන් ඇසුවොත් ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? (බලන්න මතෙව් 16:13–15.)

ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ සාක්ෂිය සහ ඔබට එය ලැබුණු ආකාරය ගැන මෙනෙහි කරන්න. එය ශක්තිමත් කළ හැකි කුමක් ඔබ මතෙව් 16: 15–17 දක්වා ඉගෙනගන්නේද? සාක්ෂිය සහ පෞද්ගලික එළිදරව් කිරීම් ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති නම්, මෙම ශුද්ධලියවිලි ගවේෂණය කරන්න: යොහාන් 15:26; 2 නෙපි 31:17–18; ඇල්මා 5:45–48; සහ දහම සහ ගිවිසුම් 8:2–3.

මතෙව් 16:13–19; 17:1–9; මාර්ක් 9:2–9

“ස්වර්ග රාජ්‍යයේ යතුරු” අද පොළොවෙහි තිබේ.

ගැලවුම්කරුවාණන් පේත්‍රැස්ට දීමට පොරොන්දු වූ “ස්වර්ග රාජ්‍යයේ යතුරු” පූජකත්වයේ යතුරු වේ (මතෙව් 16:19). පූජකත්ව යතුරු යනු මොනවාද? අපට ඒවා අවශ්‍ය ඇයි? ඔබ මතෙව් 16:13–19 හි ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දු ගැන සහ මතෙව් 17:1–9; මාර්ක් 9:2–9 හි ඒවායේ ඉටුවීම ගැන කියවන විට මෙම ප්‍රශ්න පිළිබඳ මෙනෙහි කරන්න.

දහම සහ ගිවිසුම් 65:2; 107:18–20; 110:11–16; 128:9–11 යන පද ඇතුළු අනෙකුත් සම්පත් ඔබට පූජකවර යතුරු පිළිබඳ ඉගෙනගැනීමට උපකාර වේ. මෙම පොත අධ්‍යයනය කරන අතරතුර, පූජකවර යතුරු සහ ඒවායින් ලැබෙන ආශිර්වාද ගැන ඔබ ඉගෙනගන්නා දේ ලැයිස්තුවක් සෑදීම සලකා බලන්න. පූජකවර සේවය මෙහෙයවීමේ අයිතිය සඳහා යතුරක් හොඳ සංකේතයක් යැයි ඔබ සිතන්නේ ඇයි?

රූපය
යතුරු රඳවාගෙන සිටින පේත්‍රැස්ගේ පිළිරුව

පූජකවර යතුරු යනු පූජකත්වය භාවිතා කිරීම මෙහෙයවීමේ අධිකාරියයි.

මතෙව් 17:14–21; ලූක් 9:14–29

වැඩි ඇදහිල්ලක් සොයන විට, මා තුළ ඇති ඇදහිල්ලෙන් මට පටන්ගත හැකිය.

මතෙව් 17 සහ මාර්ක් 9 හි සඳහන් පියාට යේසුස්වහන්සේට තම පුත්‍රයාව සුවකළ හැකි බව පිළිබඳ අස්ථිර වීමට හේතු තිබුණි. තම පුත්‍රයාව සුවකරන ලෙස ඔහු යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ට එය කළ නොහැකි විය. නමුත් ඔහු ගැලවුම්කරුවාණන්ගෙන් ප්‍රාතිහාර්යයක් ඉල්ලා සිටි විට, ඔහු ඇදහිල්ල පෙන්වීමට තෝරාගත්තේය. “ස්වාමිනි, මම විශ්වාස කරමි,” යැයි ඔහු කීවේය. ඉන්පසු, ඔහුගේ ඇදහිල්ල පරිපූර්ණ නොවන බව පිළිගැනීමෙන් පසුව, ඔහු මෙසේ කීය, “ඔබවහන්සේ මාගේ අවිශ්වාසයට උදව් කළ මැනව.”

මෙම ප්‍රාතිහාර්යය ගැන කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබට උගන්වන්නේ මොනවාද? ඔබේ ඇදහිල්ල වැඩිකරගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? ඔබට දැනටමත් ඇති ඇදහිල්ල මත ගොඩනැගීමට ඔබට කුමක් කළ හැකිද? සමහරවිට ඔබට ඔබේ ඇදහිල්ල ශක්තිමත් කළ ශුද්ධලියවිලි පද, සම්මන්ත්‍රණ පණිවිඩ, හෝ අත්දැකීම් ලැයිස්තුවක් සම්පාදනය කළ හැකිය.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 15:7–9; මාර්ක් 7:6–7.අපගේ තොල් වලින් හෝ වචන වලින් දෙවියන්වහන්සේට ගෞරව කිරීම සහ අපගේ හදවතින් උන්වහන්සේට ගෞරව කිරීම අතර වෙනස කුමක්ද?

මතෙව් 15:17–20; මාර්ක් 7:18–23.අපේ කටින් පිටවන දේ ගැන අපි කල්පනාකාරී විය යුත්තේ ඇයි? මෙම පදවල යේසුස්වහන්සේ ඉගැන්වූ දේ මත පදනම්ව, අපගේ කටින් සහ—අපගේ හදවත් වලින් පිටවන දේ ගැන අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඇයි? අපට අපගේ හදවත් පිරිසිඳුව තබාගත හැක්කේ කෙසේද?

මතෙව් 16:15–17.යේසුස්වහන්සේ “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන, ක්‍රිස්තුස්වහන්සේ” බව දෙවියන්වහන්සේ අපට එළිදරව් කරන්නේ කෙසේද? (16 වන පදය). උන්වහන්සේගෙන් මෙම එළිදරව්ව ලැබීමට අප සූදානම් විය යුත්තේ කෙසේද?

මතෙව් 16:13–19; 17:1–9. පූජකවර යතුරු ගැන දරුවන්ට ඉගැන්වීම සඳහා, නිවස, මෝටර් රථය හෝ වෙනත් අගුල් විවෘත කිරීමට යතුරු භාවිතා කිරීමට ඔබට ඔවුන්ට ඉඩදිය හැකිය. සභාවේ සභාපතිවරයාගේ පින්තූරයක් පෙන්වා සහ පේත්‍රැස් මෙන්ම ඔහුත් සියලු පූජකවර යතුරු උසුලන බවට සාක්ෂි දැරීම සලකා බලන්න.

මතෙව් 17:20.යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති අනාගතවක්තෘවරුන් සැබවින්ම කඳු චලනය කර ඇත (බලන්න යාකොබ් 4:6; මෝසෙස් 7:13). නමුත් සාමාන්‍යයෙන්, එය අපට අවශ්‍ය ප්‍රාතිහාර්යය නොවේ. සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ ඉගැන්වූයේය: “අපට අබ ඇටයක් තරම් කුඩා ඇදහිල්ලක් තිබේ නම්, පවුලේ සාමාජිකයන්, සභාවේ සාමාජිකයන්, සහ තවමත් සභාවේ සාමාජිකයින් නොවූ අය ඇතුළු දෙවියන්වහන්සේගේ දරුවන් සමඟ අප සේවය කරන විට, අප ඉදිරියේ ඇති කාර්යයන් අධෛර්යමත් කිරීමේ සහ සැකයේ කඳු ඉවත් කිරීමට ස්වාමින්වහන්සේට අපට උපකාර කළ හැකිය” (“දෙවියන්වහන්සේගෙන් වටිනා තෑගි,” ලියහෝනා, මැයි 2018, 10). චලනය කළ යුතු අපේ ජීවිතයේ ඇති සමහර කඳු මොනවාද? මෙම කඳු ඉවත්කිරීමට අපට උපකාර කිරීමට දෙවියන්වහන්සේගේ බලය කෙරෙහි අපට ඇදහිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

නිතිපතා එක්රැස් වන්න. සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වීය: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගෙනගැනීමට දරුවන් එක්රැස් කිරීමේ අවස්ථාවක් කිසිවිටෙකත් අතපසු නොකරන්න. සතුරාගේ උත්සාහයන්ට සාපේක්ෂව එවැනි අවස්ථා ඉතා දුර්ලභය” (“The Power of Teaching Doctrine,” Ensign, May 1999, 74).

රූපය
යේසුස්වහන්සේ ඉදිරියේ රෝගී පුතෙකු සමඟ සිටින මිනිසා

වෝල්ටර් රනේ විසින්, Master, I Have Brought unto Thee My Son [ස්වාමිනී, මාගේ පුත්‍රයා ඔබ වෙත ගෙනාවෙමි]

මුද්‍රණය කරන්න