අලුත් ගිවිසුම 2023
අප්‍රියෙල් 24–30. යොහාන් 7–10: “මම යහපත් බැටළු එඬේරාය”


“අප්‍රියෙල් 24–30. යොහාන් 7–10: ‘මම යහපත් බැටළු එඬේරාය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අප්‍රියෙල් 24–30. යොහාන් 7–10,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
බිම වැටී සිටින කාන්තාව සමඟ යේසුස්වහන්සේ

ඊවා කොලේවා තිමොති විසින්, Neither Do I Condemn Thee [මමද නුඹව හෙළානොදකින්නෙමි]

අප්‍රියෙල් 24–30

යොහාන් 7–10

“මම යහපත් බැටළු එඬේරාය”

ඔබ යොහාන් 7–10 කියවන විට, මෙම පරිච්ඡේද තුළ ඇති දහමේ මූලධර්ම පිළිබඳව හැඟීම් ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙනු ඇත. ඔබගේ හැඟීම් සටහන් කරගැනීම ඒවා මත ක්‍රියාකිරීමට ඔබට සැලැස්මක් සදාගැනීමට උපකාර වනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ “මිනිසුන් අතරෙහි සමාදානය [සහ] හොඳ හිත” (ලූක් 2:14) ගෙන ඒමට වුවත්, “උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය” (යොහාන් 7:43). එම එකම සිදුවීම් දුටු මිනිසුන් යේසුස්වහන්සේ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ නිගමන වලට එලඹුනහ. සමහරුන්, “ඔහු සත්පුරුශයෙක්” යැයි නිගමනය කළ අතර, තවත් සමහරුන් “ඔහු සමූහයා මුළාකරන්නේය” යැයි කීවෝය (යොහාන් 7:12). උන්වහන්සේ සබත් දවසෙහි අන්ධ මනුෂ්‍යයෙකු සුවකළ විට, සමහරුන් “ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ” යැයි තරයේ කියා සිටි අතර, තවත් සමහරෙක් “පව්කාර මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්නට පුළුවන් කොහොමද?” යැයි ඇසුවෝය. (යොහාන් 9:16). සියලුම ව්‍යාකූලතා අතරේදී වුවද, සත්‍ය සෙවූ අය උන්වහන්සේගේ වචන වල බලය හඳුනාගත්හ, මක්නිසාද “කිසිකලක මනුෂ්‍යයෙකූ මෙසේ කතා කර තිබුණේ නැත” (යොහාන් 7:46). යුදෙව්වරු උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ දැයි “පැහැදිලිව අපට කිව මැනවයි” යේසුස්වහන්සේගෙන් ඇසූවිට, සත්‍ය දෝෂයෙන් වෙන්කර හඳුනාගැනීමට අපට උපකාර වියහැකි මූලධර්මයක් උන්වහන්සේ අනාවරණය කළේය: “මගේ බැටළුවෝ මගේ හඬ අසති,” උන්වහන්සේ පැවසීය, “මමද ඔවුන් අඳුනමි, ඔවුහු මා පස්සේ එති” (යොහාන් 10:27).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 7:14–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ සත්‍යයන් අනුව මම ජීවත් වන විට, ඒවා සත්‍යය බව දැනගැනීමට මම පැමිණෙන්නෙමි.

අවම වශයෙන්, ඔවුන්ට හුරුපුරුදු ආකාර වලින්වත්—යේසුස්වහන්සේ ඉගෙනගෙන නොතිබූ බැවින් උන්වහන්සේ බොහෝ දේ දැනසිටීම ගැන යුදෙව්වන් බොහෝ මවිතයට පත්විය (බලන්න 15 වන පදය). යේසුස්වහන්සේගේ ප්‍රතිචාර වලදී, අධ්‍යාපනය හෝ පසුබිම නොසලකා, සෑමකෙනෙකුටම ලබාගත හැකි සත්‍යය දැනගැනීමේ වෙනස්ම ආකාරයක් උන්වහන්සේ ඉගැන්වීය. යොහාන් 7:14–17 අනුව, යේසුස්වහන්සේ ඉගැන්වූ දහම සත්‍යය බව ඔබට දැනගත හැකිවන්නේ කෙසේද? ශුභාරංචිය තුළ ඔබගේ සාක්ෂිය වැඩිදියුණු කරගැනීමට මෙම ක්‍රියාවලිය ඔබට උපකාර වී ඇත්තේ කෙසේද?

යොහාන් 8:2–11

ගැලවුම්කරුවාණන්ගේ කරුණාව සෑම කෙනෙකුටම ලබාගත හැකිය.

කාමමිථ්‍යාචාරය කල ස්ත්‍රීය සමග ගැලවුම්කරුවාණන්ගේ ගණුදෙණුව පිළිබඳව කතාකරන විට, වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ පැවසුවේය: “සැබවින්ම, ගැලවුම්කරුවාණන්වහන්සේ කාමමිථ්‍යාචාරය අනුමත කළේ නැත. නමුත් උන්වහන්සේ එම ස්ත්‍රීයව හෙළා දුටුවේද නැත. උන්වහන්සේ ඇයගේ ජීවිතය නැවත හැඩගස්වාගැනීමට ඇයව දිරිමත් කළේය. උන්වහන්සේගේ දයානුකම්පාව සහ කරුණාව නිසා වෙනස්වීමට ඇය පෙළඹුණි. ජෝසෆ් ස්මිත්ගේ බයිබල් පරිවර්තනය ඇයගේ අනුගාමිකත්වය එහි ප්‍රතිඵලයක් නිසා ඇතිවූ බව සහතික වෙයි: තවද එම ස්ත්‍රිය ඒ පැයේ සිට දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ අතර, තවද උන්වහන්සේගේ නාමය මත විශ්වාස කළාය [බලන්න යොහාන් 8:11] (“Our Good Shepherd,” Liahona, May 2017, 30).

ගැලවුම්කරුවාණන්ගේ හෙළාදැකීම වෙනුවට දයාව ලැබුණු ස්ත්‍රීය මෙන් ඔබට හැඟුනේ කවදාද? ඔබ පව් නොමැතිව නොසිටින විටදීත්, ලියන්නන් සහ පරිසිවරු මෙන්, අන් අයට චෝදනා කරමින් සහ විනිශ්චය කරමින් සිටියේ කවදාද? (බලන්න යොහාන් 8:7). ලියන්නන්, පරිසිවරුන්, සහ කාමමිථ්‍යාචාරය කළ ස්ත්‍රීය සමඟ ගැලවුම්කරුවාණන්ගේ ගණුදෙණුව තුළින් ඔබට තව ඉගෙනගත හැක්කේ මොනවාද? මෙම පද කියවන විට ගැලවුම්කරුවාණන්ගේ සමාවදීම පිළිබඳව ඔබ ඉගෙනගත්තේ මොනවාද?

යොහාන් 9

අපට ඇදහිල්ල තිබේ නම්, දෙවියන්වහන්සේට අපගේ දුක් වේදනා වලදී උන්වහන්සේව ප්‍රකාශ කළ හැකිය.

යොහාන් 9:1–3 හි ජීවිතයේ අභියෝග සහ පීඩාවන් ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? ඔබ යොහාන් 9 කියවන විට, අන්ධව ඉපදුණු මිනිසාගේ ජීවිතයේ “දෙවියන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ [වූයේ]“ කෙසේද කියා මෙනෙහි කරන්න. ඔබේ පීඩා තත්වයන් ඇතුළුව—ඔබේ ජීවිතයේ ඒවා ප්‍රකාශ වී ඇත්තේ කෙසේද?

යොහාන් 10:1–30

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු යහපත් එඬේරාණන්ය.

ඔබට බැටළුවන් සහ එඬේරුන් ගැන හුරුපුරුදු නැති වුවද, ගැලවුම්කරුවාණන් විසින් “මම යහපත් එඬේරා වෙමි” යැයි පවසන යොහාන් 10 කියවීමෙන්, උන්වහන්සේ පිළිබඳ වැදගත් සත්‍යයන් ඔබට ඒ තුළින් ඉගැන්විය හැකිය. මෙම සත්‍යයන් සොයාගැනීමට, යහපත් එඬේරෙකු කෙබඳුද යන්න විස්තර කරන වාක්‍ය ඛණ්ඩ සොයා බලා එම වාක්‍ය ඛණ්ඩ ගැලවුම්කරුවාණන්ට අදාළ වන ආකාරය සලකා බලන්න. උදාහරණ කිහිපයක් පහත දැක්වේ:

  • 3 වන පදය: “ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි.”

  • 11 වන පදය: ඔහු “තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.”

  • 16 වන පදය: “එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.”

මෙම පරිච්ඡේදය ගැන මෙනෙහි කිරීමට ඔබට උපකාර කිරීමට අමතර ප්‍රශ්න කිහිපයක් මෙන්න: යේසුස්වහන්සේ දොරක් මෙන් වන්නේ කෙසේද? (7–9 පද බලන්න). උන්වහන්සේ ඔබට “ජීවිතය … වඩාත් අධික ලෙස” ලබාදී ඇත්තේ කෙසේද? (10 වන පදය). උන්වහන්සේ ඔබව පුද්ගලිකව හඳුනන බව ඔබට හැඟී ඇත්තේ කවදාද? (14 වන පදය බලන්න). යහපත් එඬේරාගේ කටහඬ ඔබ හඳුනාගන්නේ කෙසේද? (27 වන පදය බලන්න).

තවත් බලන්න ගීතාවලිය 23; එසකියෙල් 34; ඇල්මා 5:37–39; 3 නෙපි 15:21–16:5; ජෙරිට් ඩබ්. ගොන්ග්, “යහපත් එඬේරා, දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්,” ලියහෝනා, මැයි 2019, 97–101.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

යොහාන් 7:24.යොහාන් 7:24 හි යේසුස්වහන්සේගේ ඉගැන්වීම් තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, පිටතින් පෙනෙන නමුත් ඇතුළතින් වෙනස් දෙයක් ඔබට පෙන්විය හැකිය. එසේත් නැතිනම් බාහිර පෙනුමෙන් විනිශ්චය නොකිරීමට ඉගැන්වූ අත්දැකීම් පවුලේ සාමාජිකයන්ට බෙදාගත හැකිය. පවුලේ සෑම සාමාජිකයෙකුගේම ඇසට නොපෙනෙන ගුණාංගද ඔබට ලැයිස්තුගත කළ හැකිය (තවත් බලන්න 1 සාමුවෙල් 16:7).

යොහාන් 8:31–36.“පාපයේ සේවකයෙකු” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (තවත් බලන්න මොරෝනි 7:11). යේසුස්වහන්සේ විසින් ඉගැන්වූ කවර සත්‍යයන්ට අපව නිදහස් කළ හැකිද?

රූපය
ක්‍රිස්තුස්වහන්සේ අන්ධ මනුෂ්‍යයෙකු සුවපත් කරමින්

කාර්ල් හෙයින්රිච් බ්ලොච් විසින්, Jesus Healing the Blind [යේසුස්වහන්සේ අන්ධයෙකු සුවපත් කරමින්]

යොහාන් 9.යොහාන් 9 හි යේසුස්වහන්සේ අන්ධ මනුෂ්‍යයාව සුවපත් කිරීමේ කතාව දෘශ්‍යමාන කිරීමට ඔබේ පවුලට උපකාර කළ හැක්කේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරී ඒම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද වැනි, මෙම කතාවෙන් ඔවුන් ඉගෙනගත් ඕනෑම පාඩමක් සටහන් කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න.

යොහාන් 10:1–18, 27–29.යහපත් එඬේරාගේ උපමාවෙන් ඉගෙනගැනීමට පවුලේ සාමාජිකයන්ව හවුල්කර ගැනීමට, පහත සඳහන් දේ වලින් එක් දෙයක් චිත්‍රයට නගන ලෙස ඔවුන් එක් එක්කෙනාගෙන් ඉල්ලා සිටින්න: හොරෙක්, දොරක්, එඬේරෙක්, කුලීකරුවෙක් (කුලියට ගත් සේවකයෙක්), වෘකයෙක්, සහ බැටළුවෙක්. යොහාන් 10:1–18, 27–29 කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න, පසුව ඔවුන් චිත්‍රයට නැගූ දේවල් පිළිබඳව ගැලවුම්කරුවාණන් ඉගැන්වූයේ කුමක්ද කියා පවුලක් ලෙස සාකච්ඡා කරන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

පෙළඹවීම් ඇතිකළ හැකි වචන සහ පාඨ සොයන්න. ඔබ කියවන විට, ඔබේ සිත තුලට කාවද්දන සහ පොළඹවන හෝ ඔබ වෙනුවෙන්ම ලියා ඇති බවක් පෙනෙන යම් යම් වචන සහ වාක්‍ය ඛණ්ඩ ආත්මයාණන්වහන්සේ විසින් ඔබේ අවධානයට ගෙන එනු ඇත. යොහාන් 7–10 හි ඔබේ සිතට කාවැදෙන ඕනෑම වචන හෝ වාක්‍ය ඛණ්ඩ සටහන් කිරීම සලකා බලන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ බැටළු පැටවකු සමග

ග්‍රෙග් කේ ඕල්සන් විසින්, Lost No More [තවදුරටත් නැතිවී නැත]

මුද්‍රණය කරන්න