අලුත් ගිවිසුම 2023
මාර්තු 27–අප්‍රියෙල් 2. මතෙව් 14; මාර්ක් 6; යොහාන් 5–6: “බිය නොවන්න”


“මාර්තු 27–අප්‍රියෙල් 2. මතෙව් 14; මාර්ක් 6; යොහාන් 5–6: ‘බිය නොවන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මාර්තු 27–අප්‍රියෙල් 2. මතෙව් 14; මාර්ක් 6; යොහාන් 5–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ රොටි කූඩ රැගෙන ගෝලයන් සමඟ ඇවිදිමින්

මාර්තු 27–අප්‍රියෙල් 2

මතෙව් 14; මාර්ක් 6; යොහාන් 5–6

“බිය නොවන්න”

ඔබ මතෙව් 14; මාර්ක් 6; සහ යොහාන් 5–6 කියවන විට; ඔබට අර්ථවත් වන සත්‍යයන් සොයන්න. “මෙම පරිච්ඡේද වල ඇති වාර්තා මට සම්බන්ධ වන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න ඔබට ඔබෙන්ම අසාගත හැකිය. “මගේ ජීවිතය සඳහා මා සොයාගන්නා පණිවිඩ මොනවාද?” හෝ “මගේ පවුලේ අය සමඟ හෝ අන් අය සමඟ බෙදාගැනීමට මා කැමති මොනවාද?”

ඔබේ හැඟීම් සටහන් කරන්න

දරුණු කුණාටුවක් අතරතුර ගලීල මුහුද මැද තම බෝට්ටුවේ ආරක්ෂාව අත්හැරීමට පේත්‍රැස්ව පෙලඹවූයේ කුමක් විය හැකිද? යේසුස්වහන්සේට ජලය මත ඇවිදින්නට පුළුවන් නම් ඔහුටත් පුළුවන් කියා ඔහු විශ්වාස කිරීමට හේතු වූයේ කුමක්ද? අපට නිශ්චිතවම දැනගත නොහැකි නමුත්, සමහරවිට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණියේ මිනිසුන් වෙනුවෙන් පුදුමාකාර දේවල් කිරීමට පමණක් නොව, පේත්‍රැස් වැනි අයටද පුදුමාකාර දේවල් කිරීමට බලය ලබාදීමට බව පේත්‍රැස් තේරුම්ගත්තා විය හැකිය. සියල්ලටම පසු, යේසුස්වහන්සේගේ ආරාධනය වූයේ “එන්න, මා අනුගමනය කරන්න” යන්නයි (ලූක් 18:22). පේත්‍රැස් මෙම ආරාධනය එක් වරක් පිළිගෙන ඇති අතර, ඔහුගේ භීතියට මුහුණදීම සහ කළ නොහැකි දෙයක් කිරීම එයින් අදහස් කළත්, ඔහු එය නැවත පිළිගැනීමට කැමති විය. කුණාටුවක් මධ්‍යයේ බෝට්ටුවකින් බැසීමට හෝ දහස් ගණනක් ආහාර ගැනීමට අවශ්‍ය වූ විට අපගේ කුඩා පාන් ලබාදීමට දායක වන්නැයි ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා නොසිටිනු ඇත, නමුත් අප ඒවා සම්පූර්ණයෙන් තේරුම්නොගත් විට පවා උපදෙස් පිළිගන්නා ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලාසිටිය හැකිය. උන්වහන්සේ අපට කළ ආරාධනාවන් කුමක් වුවත්, ඒවා සමහරවිට පුදුම සහගත හෝ බිය උපදවන දෙයක් ලෙස පෙනෙන්නටද පුළුවන. නමුත් පේත්‍රැස් මෙන් අපත් අපගේ බිය, සැකයන්, සහ අපගේ සීමිත අවබෝධය පසෙකට දමා ඇදහිල්ලෙන් උන්වහන්සේව අනුගමනය කළහොත් හාස්කම් සිදුවිය හැකිය.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 5:16–47

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන්ට ගෞරව කරයි.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ සෑම දරුවෙකුම අතර ඇති සම්බන්ධය පාරිශුද්ධ සම්බන්ධයක් විය යුතුය. මෙම පද වලින්, ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය අනුගමනය කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආනුභාවසම්පන්න ආදර්ශයක් ලබාදුන්නේය. යොහාන් 5:16–47 කියවා පියාණන් යන වචනය යෙදෙන සෑම අවස්ථාවක්ම සලකුණු කරන්න. පුත්‍රයාණන්වහන්සේ පියාණන්වහන්සේට ගෞරව කරන්නේ කෙසේද, එමෙන්ම ඔබට උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? පියාණන්වහන්සේට පුත්‍රයාණන් ගැන හැඟෙන ආකාරය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ඔබගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීමට ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

තවත් බලන්න යොහාන් 17.

රූපය
රොටි සහ මාළු

යේසුස්වහන්සේ මිනිසුන් පන්දහසක් රොටි පහක් හා මාළු දෙකක් සමඟ ආශ්චර්යමත් ලෙස පෝෂණය කළේය.

මතෙව් 14:15–21; මාර්ක් 6:33–44; යොහාන් 6:5–14

ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහා මාගේ නිහතමානී පූජා විශාල කළ හැකිය.

ඔබේ නිවසේදී, ඔබගේ සබඳතා වලදී, හෝ සමාජයේ—ඔබ අවට දකින සියලු අවශ්‍යතා සපුරාලීමට ඔබ ප්‍රමාණවත් නොවන බවක් ඔබට කවදා හෝ දැනී තිබේද? කුසගින්නෙන් පෙළෙන පන්දහසක් පමණ පෝෂණය කරන ලෙස යේසුස්වහන්සේ පැවසූ විට රොටි පහක් සහ මාළු දෙකක් පමණක් තිබියදී, යේසුස්වහන්සේගේ ගෝලයන් එය ප්‍රමාණවත් නැතැයි සිතෙන්නට ඇත. ඊළඟට සිදුවූ ප්‍රාතිහාර්යය ගැන ඔබ කියවන විට, ඔබ අවට සිටින අයට ආශිර්වාද කිරීම සඳහා දෙවියන්වහන්සේ ඔබගේ සේවය කිරීමේ නිහතමානී පූජා භාවිතා කරන්නේ කෙසේදැයි සිතා බලන්න. ඔබ උන්වහන්සේට සේවය කර ඇති පරිදි උන්වහන්සේ ඔබේ උත්සාහය විශාල කර ඇත්තේ කෙසේද? මිචෙල් ඩී. ක්‍රෙග් සහෝදරියගේ මෙම ප්‍රකාශය සලකා බලන්න: “ඔබට සහ මට අප සතු දේ ක්‍රිස්තුස්වහන්සේට දිය හැකි අතර, උන්වහන්සේ අපගේ උත්සාහයන් විශාල කරනු ඇත. ඔබ දෙවියන්වහන්සේගේ කරුණාව මත රඳා සිටින්නේ නම්—ඔබගේ මානව අස්ථිරභාවයන් සහ දුර්වලතා සමඟ පවා—ඔබට පිරිනැමීමට ඇති දේ ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය” (“Divine Discontent,” Liahona, Nov. 2018, 54).

මතෙව් 14:22–33; මාර්ක් 6:45–52; යොහාන් 6:15–21

මගේ බිය හා සැකයන් දුරුකර උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්නට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආරාධනා කරයි.

මතෙව් 14:22–33; මාර්ක් 6: 45–52; සහ යොහාන් 6: 15–21 හි විස්තර කර ඇති දර්ශනයේ විස්තර ඔබේ මනසෙහි මවාගන්න. පේත්‍රැස්ට සහ අනෙක් ගෝලයන්ට හැඟෙන්නට ඇත්තේ කෙසේදැයි සිතා බලන්න. මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් සහ ක්‍රියාවෙන් අනුගාමිකත්වය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? පේත්‍රැස්ගේ වචන වලින් හා ක්‍රියාවෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? (තවත් බලන්න 1 නෙපි 3:7). බෝට්ටුවෙන් ඉවතට අඩිය තැබීමට මෙන් ස්වාමින්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ කුමක් කිරීමටද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ධෛර්යය ලබාදෙන කුමක් මෙම පද වලින් ඔබ සොයාගන්නේද?

යොහාන් 6:22–71

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන්, එය කිරීමට අමාරු වූ විටදී පවා, සත්‍යය විශ්වාස කිරීමට හා පිළිගැනීමට මා කැමති විය යුතුය.

යේසුස්වහන්සේ තමන්ව “ජීවනයේ ආහාරය” (යොහාන් 6:48) ලෙස හැඳින්වූ විට, බොහෝ දෙනෙක් මෙය “තද කියමනක්” (යොහාන් 6:60) ලෙස සැලකූහ. ගැලවුම්කරුවාණන්ගේ දහම පිළිගැනීමට හෝ ජීවත් වීමට අපහසු බව පෙනෙන කාල වලදී යොහාන් 6:68–69 හි පේත්‍රැස්ගේ වචන ඔබට උපකාර කරන්නේ කෙසේද? පේත්‍රැස්ගේ සාක්ෂිය ගැන ඔබව පුදුම කරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට කැපවී සිටීමට ඔබට උපකාර වන “සදාකාල ජීවනයේ වචන” (යොහාන් 6:68) සමහරක් මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 14:15–21.මිනිසුන් පන්දහසක් පෝෂණය කිරීමට කොපමණ පාන් සහ මාළු අවශ්‍ය දැයි සිතාගැනීමට ඔබේ පවුලට උපකාර කළ හැකි ආකාරය සලකා බලන්න. මතෙව් 14:15–21 හි ප්‍රාතිහාර්යය ගැලවුම්කරුවාණන් ගැන අපට උගන්වන්නේ මොනවාද? ඔබට පිරිනැමීමට ප්‍රමාණවත් නොවන බව ඔබට හැඟුණු විට සහ ගැලවුම්කරුවාණන් ඔබේ උත්සාහයන් විශාල කළ අත්දැකීමක් බෙදාගැනීම සලකා බලන්න.

මතෙව් 14:22–33.මෙම පදවල කතාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔබේ පවුලේ අය සතුටු විය හැකිය. ගෝලයන් බියවී සිටියේ ඇයි? තම බිය දුරුකර බෝට්ටුවෙන් පිටවීමට පේත්‍රැස්ට හැකි වූයේ ඇයි? ඔහු ගිලෙන්න පටන්ගත්තත් ඔහු ඇදහිල්ල පෙන්වූයේ කෙසේද? අපි සමහර අවස්ථාවන් වල පේත්‍රැස්ට සමාන වන්නේ කෙසේද?

යොහාන් 5:1–16.මෙම පදවල “නුඹ සුවය ලැබුවෙහිය” යන වාක්‍ය ඛණ්ඩය සඳහන් වන අවස්ථා සටහන් කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මිනිසුන්ව සුවපත් කළ හැක්කේ කුමන ආකාර වලින්ද? උන්වහන්සේ අපව සුවපත් කළේ කවදාද සහ කෙසේද?

යොහාන් 6:28–58.සෑම පවුලේ සාමාජිකයෙකුටම කෑමට පාන් කැබැල්ලක් ලබාදෙන්න, පාන් සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් අපට ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ඡා කරන්න. ඉන්පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “ජීවනදායක කෑම” ලෙස හැඳින්වූයේ මන්දැයි සොයාබලන්න (යොහාන් 6:35). ජීවන ආහාරය “අනුභව කරන්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේම අධ්‍යාත්මික අවබෝධය සොයන්න. ඔබගේ පෞද්ගලික සහ පවුල් අධ්‍යයනයේදී, මෙම පොතෙහි සඳහන් ශුද්ධලියවිලි පද වලට පමණක් සීමා නොවන්න. මෙහි ආවරණය නොවන මෙම පරිච්ඡේද වල ස්වාමින්වහන්සේ ඔබට පණිවිඩ ලබාදී තිබෙන්නට පුළුවන. යාච්ඤාශීලීව ඒවා සොයන්න.

රූපය
යේසුස්වහන්සේ පේත්‍රැස්ව වතුරෙන් ඔසවමින්

ලිස් ලෙමන් ස්වින්ඩල් විසින්, Against the Wind [සුළඟට එරෙහිව]

මුද්‍රණය කරන්න