අලුත් ගිවිසුම 2023
මැයි 8–14. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18: “මට තව අඩු කුමක්ද?”


“මැයි 8–14. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18: ‘මට තව අඩු කුමක්ද?,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මැයි 8–14. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
මිදි වත්තක සේවකයන්

මැයි 8–14

මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18

“මට තව අඩු කුමක්ද?”

ඔබට ලැබෙන පෙළඹවීම් වලට අවධානය යොමුකරමින්, මතෙව් 19–20; මාර්ක් 10; සහ ලූක් 18, කියවා මෙනෙහි කරන්න. එම පෙළඹවීම් සටහන් කර, ඒවා තුළ ක්‍රියාකරන්නේ කෙසේද කියා සටහන් කරගන්න.

ඔබේ හැඟීම් සටහන් කරගන්න

ඔබට ගැලවුම්කරුවාණන්ගෙන් ප්‍රශ්ණයක් ඇසීමට අවස්ථාවක් හිමිවුවහොත්, එය කුමක් වේවිද? එක් පොහොසත් තරුණයෙකු ගැලවුම්කරුවාණන්ව පළමු වරට මුණගැසුන විට, “සදාකාල ජීවනය ලබන පිණිස, මොන යහපත් දෙයක් කරම්දැයි” ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය?” (මතෙව් 19:16). තරුණයා දැනටමත් කර ඇති යහපත් දේ අගය කිරීමක් සහ තවත් යහපත් දේ කිරීමට යන දෙක සඳහාම කළ ආදරණීය දිරිගැන්වීමක් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කළේය. සදාකාල ජීවනය ලැබීමේ හැකියාව ගැන අප මෙනෙහි කරන විට, අපිත් ඒ ආකාරයෙන්ම තවත් කළ යුතු බොහෝ දේ ඇත්දැයි කල්පනා කළ හැකිය. අපේම ආකාරයෙන් “මට තව අඩු කුමක්ද”? කියා අසන විට” (මතෙව් 19:20), එම ධනවත් තරුණයාට දැක්වූ ප්‍රතිචාරය තරම්ම පෞද්ගලික පිළිතුරු ස්වාමින්වහන්සේට අපට දිය හැකිය. ස්වාමින්වහන්සේ අපෙන් කුමක් ඉල්ලා සිටියත්, උන්වහන්සේගේ පිළිතුර මත ක්‍රියාකිරීමට සෑමවිටම අපගේ ධර්මිෂ්ඨකමට වඩා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය (බලන්න ලූක් 18:9–14) සහ “දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළිගැනීම” (ලූක් 18:17; තවත් බලන්න නෙපි 9:22) අවශ්‍ය වේ.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 19:3–9; මාර්ක් 10:2–12

මිනිසෙකු සහ ගැහැණියක අතර විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද්දකි.

ගැලවුම්කරුවාණන් සහ පරිසිවරුන් අතර මෙම හුවමාරුව ගැලවුම්කරුවාණන් විවාහය ගැන විශේෂයෙන් ඉගැන්වූ වාර්තාගත අවස්ථා කිහිපයෙන් එකකි. මතෙව් 19:3–9 සහ මාර්ක් 10:2–12 කියවූ පසු, විවාහය පිළිබඳව ස්වාමින්වහන්සේගේ අදහස් සාරාංශගත කර ඇතැයි ඔබට සිතෙන ප්‍රකාශ කිහිපයක ලැයිස්තුවක් සාදන්න. පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම පිළිබඳ ඔබේ දැනුම විවාහය ගැන ඔබ සිතන හා ඔබට දැනෙන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

මතෙව් 19:3–9; මාර්ක් 10:2–12

දික්කසාදය කිසිවිටෙකත් පිළිගත නොහැකි බව හෝ දික්කසාද වූ අය නැවත විවාහ නොවිය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්නුවේද?

දික්කසාදය පිළිබඳ කතාවකදී, සභාපති ඩැලන් එච්. ඕක්ස් ඉගැන්වූයේ විවාහ සම්බන්ධතාවය සදාකාලික වීමට ස්වර්ගික පියාණන්වහන්සේ අදහස් කරන බවයි. කෙසේවෙතත්, දික්කසාදය සමහර අවස්ථා වල අවශ්‍ය බව දෙවියන්වහන්සේද තේරුම්ගනී. සභාපති ඕක්ස් පැහැදිළි කළේ “උතුම් නීතියේ දක්වා ඇති දුරාචාරයේ පැල්ලමක් නොමැතිව දික්කසාද වූ අයට නැවත විවාහ වීමට ස්වාමින්වහන්සේ අවසර දී ඇති බවයි. දික්කසාද වූ සාමාජිකයෙක් බරපතල වැරදි සිදුකර ඇත්නම් හැර, ඔහුට හෝ ඇයට අනෙකුත් සාමාජිකයන්ට අදාල වන හා සමාන සුදුසුකමේ ප්‍රමිතීන් යටතේ දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය” (“Divorce,” Liahona, May 2007, 70).

මතෙව් 19:16–22; මාර්ක් 10:17–22; ලූක් 18:18–23

සදාකාලික ජීවනය උරුම කරගැනීමට කුමක් කළ යුතුද කියා මම ස්වාමින්වහන්සේගෙන් ඇසුවොත්, උන්වහන්සේ මට උගන්වනු ඇත.

පොහොසත් තරුණයාගේ වාර්තාව ජීවිත කාලය පුරාම, ඇදහිලිවන්ත ගෝලයාට පවා විරාමයක් ලබාදිය හැක. ඔබ මාර්ක් 10:17–22 කියවන විට, තරුණයාගේ ඇදහිලිවන්තභාවය සහ අවංකභාවය පිළිබඳව ඔබට සොයාගත හැකි සාක්ෂි මොනවාද? මේ තරුණයා ගැන ස්වාමින්වහන්සේට හැඟුණේ කොහොමද?

“මට තව අඩු කුමක්ද?” ඇසීමට මෙම වාර්තාව ඔබව පොළඹවනු ඇත (මතෙව් 19:20). අපට ඇති අඩුව සඳහා ස්වාමින්වහන්සේ අපට උපකාර කරන්නේ කෙසේද? (බලන්න ඊතර් 12:27). උන්වහන්සේගේ නිවැරදි කිරීම් සහ අප දියුණු වීමට උත්සාහ කරන විට උපකාර පිළිගැනීමට අපව සූදානම් කිරීමට අපට කුමක් කළ හැකිද?

මතෙව් 20:1–16

කවදා ශුභාරංචිය පිළිගත්තද, සෑමකෙනෙකුටම සදාකාලික ජීවනයේ ආශිර්වාදය ලබාගත හැකිය.

මිදිවත්තේ සිටින ඕනෑම සේවකයෙකුගේ අත්දැකීම් සමඟ ඔබට සම්බන්ධ විය හැකිද? මෙම ඡේදයේ ඔබට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් ඉගැන්වූයේ මෙම උපමාව “දෙවියන්වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ ඉවසීම සහ සමාවදීම, සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ කතාවක් බවයි. එය ත්‍යාගශීලීත්වය සහ දයාව පිළිබඳ කතාවකි. එය කරුණාව පිළිබඳ කතාවකි” (“The Laborers in the Vineyard,” Liahona, May 2012, 32–33) වැඩිහිටි හොලන්ඩ්ගේ ඉගැන්වීම් වලින් ඔබ ලබාගන්නා අමතර අවබෝධයන් මොනවාද? ආත්මයාණන් ඔබට ලබාදෙන අමතර පෙලඹවීම් මොනවාද?

රූපය
නිහතමානී මිනිසා සහ පරිසිවරයා

ෆ්‍රෑන්ක් ඇඩම්ස් විසින්, The Repentant Publican and the Self-Righteous Pharisee in the Temple [දේවමාළිගාවේ පසුතැවිලි වූ සාමාන්‍ය පුද්ගලයා සහ ස්වයං-ධාර්මික පරිසිවරයා]

ලූක් 18:9–14

මම විශ්වාස කළ යුත්තේ දෙවියන්වහන්සේගේ දයාව මිස, මගේම ධර්මිෂ්ඨකම නොවේ.

මෙම උපමාවේ යාච්ඤා කරන දෙදෙනා අතර ඇති වෙනස්කම් ඔබ සාරාංශ කරන්නේ කෙසේද? මෙම කතාවේ වැඩි වශයෙන් සාමාන්‍ය පුද්ගලයා මෙන් වීමටත් පරිසිවරයා මෙන් නොවීමටත් ඔබ කළ යුතු යැයි ඔබට හැඟෙන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න.

තවත් බලන්න පිලිප්පි 4:11–13; ඇල්මා 31:12–23; 32:12–16.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මාර්ක් 10:13–16; ලූක් 18:15–17. යේසුස්වහන්සේ ආශිර්වාද කළ දරුවන් අතර සිටීම මොන වගේ දෙයක් වෙන්නට ඇත්ද? “කුඩා දරුවෙකු ලෙස දෙවියන්වහන්සේගේ රාජ්‍යය ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මාර්ක් 10:15).

මාර්ක් 10:23–27.ධනය තිබීම සහ ධනය කෙරෙහි විශ්වාසය තැබීම අතර වෙනස කුමක්ද? (බලන්න මාර්ක් 10:23–24). ධනය කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ට [දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමට] නොහැකිය; එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සහ ස්වාමින්වහන්සේ උදෙසා සියලු [ධනය] අත්හැර යන මිනිසුන්ට කළ නොහැක්කක් නොවේ, මන්ද එවැනි මිනිසුන්ට [දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන] මේ සියල්ල කළ හැකිය (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මාර්ක් 10:26 බලන්න). අපි ද්‍රව්‍යමය දේවලට වඩා දෙවියන්වහන්සේව විශ්වාස කරන බව පවුලක් වශයෙන් අපි පෙන්වන්නේ කෙසේද?

මතෙව් 20:1–16.මතෙව් 20:1–16 තුළ ඇති මූලධර්ම නිදර්ශනය කිරීම සඳහා, කෙටි දුර දිවීමක් වැනි, සරල තරඟයක් තැබිය හැකිය. සෑමකෙනෙකුම තරඟය අවසන් කිරීමෙන් පසු, අවසානයටම තරඟය අවසන් කළ පුද්ගලයාගෙන් ආරම්භ වී ප්‍රථමයෙන් තරඟය අවසන් කළ පුද්ගලයාගෙන් අවසන් වන පරිදි, සෑමකෙනාටම එකම ත්‍යාගය ප්‍රධානය කරන්න, ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ සදාකාලික ජීවිතයේ ආශිර්වාද ලැබෙන්නේ කාටද යන්න පිළිබඳව මෙය අපට උගන්වන්නේ කුමක්ද?

මතෙව් 20:25–28; මාර්ක් 10:42–45“නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමතිනම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය” යන වැකියේ තේරුම කුමක්ද? (මතෙව් 20:27). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම මූලධර්මය නිදර්ශනය කළේ කෙසේද? අපි අපගේ පවුලේ, අපගේ කොට්ඨාශයේ හෝ ශාඛාවේ, සහ අපගේ වටපිටාවේ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?

ලූක් 18:1–14.මෙම වගන්ති වල උපමා දෙකෙන් යාච්ඤාව පිළිබඳව අපි ඉගෙනගන්නේ කුමක්ද?

පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම

ඔබට පහසු වේලාවක් තෝරාගන්න. ඔබට බාධාවකින් තොරව ශුද්ධලියවිලි අධ්‍යයනය කළ හැකිවිට එය ඉගෙනගැනීම වඩාත් පහසු කරවයි. ඔබට සුදුසු වේලාවක් සොයාගෙන, සෑමදිනකම එම වේලාව තුළ නොකඩවාම අධ්‍යයනයේ යෙදීමට ඔබගේ උපරිමය කරන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණයා

හෙයින්රිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා]

මුද්‍රණය කරන්න