අලුත් ගිවිසුම 2023
මැයි 22–28. මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21: “මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත”


“මැයි 22–28. මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21: ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මැයි 22–28. මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
දෙවන පැමිණීම

හැරී ඇන්ඩර්සන් විසින්, The Second Coming [දෙවන පැමිණීම]

මැයි 22–28

මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21

“මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත”

ඔබ මතෙව් 24–25; මාර්ක් 12–13; සහ ලූක් 21, කියවන විට ඔබට මෙසේ ඇසිය හැකිය, “මෙම පරිච්ඡේද වල මා වෙනුවෙන් ඇති පණිවිඩ මොනවාද? මගේ පවුල වෙනුවෙන්? මගේ කැඳවීම සඳහා?”

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගේ අනාවැකි පුදුම සහගත බව නිසැකවම සොයාගන්නට ඇත: යුදෙව් ජනයාගේ අධ්‍යාත්මික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූ, යෙරුසලමේ බලවත් දේවමාළිගාව, කෙතරම් විනාශ වී යනු ඇත්දයත්, … එක ගලක්වත් ඉතිරි නොවනු ඇත.” ස්වාභාවිකවම ගෝලයන්ට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය විය. “මේවා සිදුවන්නේ කවදාද?” ඔවුන් ඇසුවෝය. “එමෙන්ම ඔබවහන්සේගේ පැමිණීමේ ලකුණ කුමක්ද?” (බලන්න ජෝසෆ් ස්මිත්—මතෙව් 1:2–4). ගැලවුම්කරුවාණන්ගේ පිළිතුරු වලින් හෙළිවූයේ ක්‍රි.ව. 70 දී ඉටුවූ අනාවැකියක් වන—යෙරුසලමට පැමිණෙන මහා විනාශය—අන්තිම දවස්වල උන්වහන්සේගේ පැමිණීමේ ලකුණු හා සසඳන විට සාපේක්ෂව කුඩා බවය. සූර්යයා, සඳ, තරු, ජාතීන් සහ මුහුද වැනි—යෙරුසලමේ දේවමාළිගාවට වඩා ස්ථාවර යැයි පෙනෙන දේවල් තාවකාලික බව ඔප්පුවනු ඇත. එසේම ස්වර්ගයේ බලයන් පවා සොලවනු ලැබෙනු ඇත (බලන්න ජෝසෆ් ස්මිත්—මතෙව් 1:33). අප අධ්‍යාත්මිකව දැනුවත්ව සිටීනම්, මෙම කැලඹීම මගින් සත්‍ය වශයෙන්ම ස්ථිර දෙයක් කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඉගැන්විය හැකිය. යේසුස්වහන්සේ පොරොන්දු වූ පරිදි, “අහසත් පොළොවත් පහව යනු ඇත; එහෙත් මාගේ වචන පහව යන්නේ නැත. … එසේම මාගේ වචනය අගය කරන කවරෙකු වුවද, රැවටීමට ලක්වන්නේ නැත” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:35, 37).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ජෝසෆ් ස්මිත්—මතෙව් යනු කුමක්ද?

ජෝසෆ් ස්මිත්—මතෙව්, අගනා මුතු ඇටය පොතෙහි පිහිටා ඇත, එය මතෙව් 23 හි අවසාන පදයේ සහ මතෙව් 24 හි සියලුම පද වල ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනයයි. ජෝසෆ් ස්මිත්ගේ දේවානුභාවයෙන් කරන ලද සංශෝධන මගින් නැතිවූ වටිනා සත්‍යයන් නැවත ලබාදේ. 12–21 දක්වා පද පුරාණ යෙරුසලමේ විනාශය ගැන සඳහන් කරයි; 21–55 දක්වා පද වල අවසාන දවස් පිළිබඳ අනාවැකි අඩංගු වේ.

ජෝසෆ් ස්මිත්—මතෙව් 1:21–37; මාර්ක් 13:21–37; ලූක් 21:25–38

ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම පිළිබඳ අනාවැකි වලට අනාගතයට ඇදහිල්ලෙන් මුහුණදීමට මට උපකාර කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට තුඩුදෙන සිදුවීම් ගැන කියවීම නොසන්සුන් විය හැකිය. නමුත් යේසුස්වහන්සේ මේ සිදුවීම් ගැන අනාවැකි පැවසූ විට උන්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ මෙලෙසයි “කරදර නොවන්න” (මතෙව් 24:6). භූමිකම්පා, යුද්ධ, රැවටීම්, සහ සාගත ගැන ඇසෙන විට ඔබ “කරදර නොවන්නේ” කෙසේද? ඔබ මෙම පද කියවන විට මෙම ප්‍රශ්නය ගැන සිතන්න. ඔබ සොයාගන්නා සැනසිලිදායක උපදෙස් සලකුණු කරන්න.

මතෙව් 24:27–28, 32–35; මතෙව් 25:1–13; ලූක් 21:29–36

ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා මම සැමවිටම සූදානමින් සිටිය යුතුය.

දෙවියන්වහන්සේ “මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙන දවසවත් හෝ වේලාවවත්” එළිදරව් කර නැත (මතෙව් 25:13). නමුත් “නොදැනුවත්ව” එම දවස අප වෙත පැමිණීම උන්වහන්සේගේ කැමැත්ත නොවේ (ලූක් 21:34), එබැවින් සූදානම් වියයුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ අපට උපදෙස් දී ඇත.

ඔබ මෙම පද කියවන විට, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සැමවිටම සූදානම්ව සිටීම සඳහා අපට ඉගැන්වීමට භාවිතා කළ උපමා සහ වෙනත් සැසඳීම් හඳුනාගන්න. ඔබ ඒවාගෙන් ඉගෙනගන්නේ කුමක්ද? ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද?

උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට ඔබගේ උපකාරය ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ කෙසේදැයි ඔබට සලකා බැලිය හැකිය. ගැලවුම්කරුවාණන් පැමිණෙන විට උන්වහන්සේව පිළිගැනීමට සූදානමින් සිටීම ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “අනාගතය ඇදහිල්ලෙන් යුතුව විඳින්න,” ලියහෝනා, නොවැ. 2020, 73–76.

මතෙව් 25:14–30

ස්වර්ගික පියාණන්වහන්සේ බලාපොරොත්තු වන්නේ මම උන්වහන්සේගේ තලෙන්ත ඥාණවන්තව භාවිතා කිරීමයි.

ගැලවුම්කරුවාණන්ගේ උපමාවේ, “තලෙන්ත” යනුවෙන් අදහස් කරන්නේ මුදල් සඳහාය. නමුත් තලෙන්ත පිළිබඳ උපමාව මුදල් පමණක් නොව අපගේ ඕනෑම ආශිර්වාදයක් අප භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන මෙනෙහි කිරීමට අපව පොලඹවයි. මෙම උපමාව කියවීමෙන් පසු, ස්වර්ගික පියාණන්වහන්සේ ඔබව විශ්වාස කර ලබාදී ඇති ආශිර්වාද සහ වගකීම් කිහිපයක ලැයිස්තුවක් ඔබට සාදාගත හැකිය. මෙම ආශිර්වාද සමඟ ඔබ කුමක් කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරයිද? ඔබට මෙම දීමනා වඩාත් ඥාණවන්තව භාවිතා කළ හැක්කේ කෙසේද?

මතෙව් 25:31–46

මම අන් අයට සේවය කරන විට, මම දෙවියන්වහන්සේට සේවය කරමි.

ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතය විනිශ්චය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කර ඇත්නම්, බැටළුවාගේ හා එළුවන්ගේ උපමාව කියවන්න. අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම දෙවියන්වහන්සේගේ “රාජ්‍යය උරුම කරගැනීමට” ඔබව සූදානම් කිරීමට උපකාර වනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?

මෙම උපමාව මතෙව් 25 හි අනෙක් දෙකට සමාන වන්නේ කෙසේද? මෙම තුනෙහි පොදුවේ ඇති පණිවිඩ මොනවාද?

තවත් බලන්න මොසායා 2:17; 5:13.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 24මෙම පරිච්ඡේදය ගවේෂණය කිරීමට ඔබගේ පවුලට උදව් කිරීම සඳහා, ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා අපට සූදානම් වියහැකි ආකාරය පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම් සොයාබැලීමට ඔවුන්ට ආරාධනා කරන්න (උදාහරණ සඳහා, බලන්න, 5–13, 42–46 පද). මෙම උපදෙස පිළිපැදීමට ඔබට කුමක් කළ හැකිද? ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම කෙබඳු වේදැයි ඔවුන් සිතන ආකාරය පිළිබඳ පින්තූර ඇඳීමෙන් ඔබේ පවුලේ අය සතුටු විය හැකිය.

මතෙව් 24:24රැවටීමෙන් වැළකීමට අපට කුමක් කළ හැකිද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 45:57).

මතෙව් 25:1–13.සාකච්ඡා කිරීමට මෙම දළ සටහන සමඟ එන කන්‍යාවන් දස දෙනාගේ පින්තූරය ඔබට භාවිතා කළ හැකිය මතෙව් 25:1–13. මෙම පදවල විස්තර කර ඇති පින්තූරයේ අපි දකින විස්තර මොනවාද?

ඔබට තෙල් බිංදු ස්වරූපයෙන් කඩදාසි කපා ඔබේ නිවස වටා එම බිංදු සැඟවිය හැකිය. ඔබට එම බිංදු ශුද්ධලියවිලි වල හෝ දේවමාළිගාවේ පින්තූරයක් වැනි වස්තූන් වෙත ඇමිණිය හැකිය. පවුලේ සාමාජිකයින් එම බිංදු සොයාගත් විට, මෙම කරුණු අපට දෙවන පැමිණීම සඳහා සූදානම් වීමට උපකාර වන ආකාරය සාකච්ඡා කළ හැකිය.

මාර්ක් 12:38–44; ලූක් 21:1–4ගැලවුම්කරුවාණන් අපගේ පිදුම් දෙස බලන ආකාරය ගැන මෙම පද වලින් උගන්වන්නේ මොනවාද? ස්වාමින්වහන්සේට දසයෙන් කොටස සහ නිරාහාර පිදුම් ගෙවන ආකාරය ඔබේ පවුලේ අයට පෙන්වන්න. මෙම පිදුම් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට උපකාරී වන්නේ කෙසේද? අපට “[අපට ඇති] සියල්ල” ස්වාමින්වහන්සේට පිරිනැමිය හැකි වෙනත් ක්‍රම මොනවාද? (මාර්ක් 12:44).

රූපය
කාන්තාවක් පෙට්ටියකට කාසියක් දමමින්

සැන්ඩ්‍රා රාස්ට් විසින්, Widow’s Mite [වැන්දඹුවගේ කාසිය]

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේ වටපිටාවන් සූදානම් කරන්න. “අපගේ වටපිටාව සත්‍යය ඉගෙනගැනීමට සහ දැනීමට ඇති හැකියාව කෙරෙහි තදින්ම බලපායි” (Teaching in the Savior’s Way, 15). ශුද්ධාත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරන ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට ස්ථානයක් සොයාගැනීමට උත්සාහ කරන්න. නඟාසිටුවන සංගීතය හා පින්තූර වලටද ආත්මයාණන්වහන්සේට ආරාධනා කළ හැකිය.

රූපය
කාන්තාවන් පහන් අල්ලාගෙන සිටිමින්

වෝල්ටර් රනේ විසින්, Five of Them Were Wise [ඔවුන්ගෙන් පස්දෙනෙක් ඥාණවන්තය]

මුද්‍රණය කරන්න