අලුත් ගිවිසුම 2023
ජුනි 12–18. ලූක් 22; යොහාන් 18: “මාගේ කැමැත්ත නොව, එහෙත් ඔබගේ කැමැත්ත ඉටුවේවා”


“ජුනි 12–18. ලූක් 22; යොහාන් 18: ‘මාගේ කැමැත්ත නොව, එහෙත් ඔබගේ කැමැත්ත ඉටුවේවා,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජුනි 12–18. ලූක් 22; යොහාන් 18,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
ක්‍රිස්තුස්වහන්සේ සහ ගෝලයන් ගෙත්සෙමනෙහි

ඩෙරෙක් හෙග්ස්ටෙඩ් විසින්, Gethsemane Grove [ගෙත්සෙමනි වනය]

ජුනි 12–18

ලූක් 22; යොහාන් 18

“මාගේ කැමැත්ත නොව, එහෙත් ඔබගේ කැමැත්ත ඉටුවේවා”

මේ සතියේ ලූක් 22 සහ යොහාන් 18 කියවීමට ඔබේ කාලය ගන්න. ඔබ කියවන දේ ගැන මෙනෙහි කර යාච්ඤා කරන්න. මෙය කිරීමෙන් ශුද්ධලියවිලි සත්‍ය බවට ඔබේ හදවතට සාක්ෂි දැරීමට ආත්මයාණන්ට අවස්ථාව ලබාදිය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගෙත්සෙමනි උයනේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳි බවට සාක්ෂි ලෙස ලෞකික සාක්ෂිකරුවන් තිදෙනෙක් පමණක් සිටි අතර—ඔවුන් බොහෝ දුරට නිදාගත්තෝය. එම උයනේදී හා පසුව කුරුසියේ සිටියදී, ඒ වන විට ජීවතුන් අතර සිටි කිසිවෙකු පාහේ සිදුවන්නේ කුමක්ද යන්න දැනසිටියේ නැති වුවත්, මෙතෙක් ජීවත්වූ සෑම පුද්ගලයෙකුගේම පව්, වේදනා, සහ විඳවීම් යේසුස්වහන්සේ විසින්ම භාරගත්තේය. සදාකාලිකව වැදගත් සිදුවීම් බොහෝවිට ලෞකික අවධානයකින් තොරව සිදුවී යයි. නමුත් දෙවි පියාණන්වහන්සේ දැන සිටියේය. තම ඇදහිලිවන්ත පුත්‍රයාණන්ගේ ආයාචනය උන්වහන්සේට ඇසිණ: “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේව ශක්තිමත් කළේය” (ලූක් 22:42–43). මෙම පරාර්ථකාමීත්වයේ සහ යටත්වීමේ ක්‍රියාව දැකීමට අප එහි නොසිටි නමුත්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සාක්ෂිකරුවන් වෙමු. අප පසුතැවිලි වී අපගේ පව් වලට සමාව ලැබෙන සෑම අවස්ථාවකම, ගැලවුම්කරුවාණන්ගේ ශක්තිමත් කිරීමේ බලය අපට දැනෙන සෑම අවස්ථාවකම, ගෙත්සෙමනි උයනේ සිදුවූ දෙයෙහි සත්‍යතාව පිළිබඳව අපට සාක්ෂි දිය හැකිය.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ලූක් 22:31–34, 54–62; යොහාන් 18:17–27

හැරීම යනු අඛණ්ඩ ක්‍රියාවලියකි.

පේත්‍රැස් ගැලවුම්කරුවාණන් සමඟ ලැබූ අත්දැකීම් ගැන—ඔහු දුටු ප්‍රාතිහාර්යයන් ගැන සහ ඔහු ඉගෙනගත් දහම ගැනත් සිතන්න. එසේනම් ගැලවුම්කරුවාණන් පේත්‍රැස්ට “නුඹ හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ශක්තිමත් කරපන්නැයි” කියා පවසන්නේ ඇයි? (ලූක් 22:32; ඇල අකුරු එකතු කරන ලදි). ඔබ මෙය මෙනෙහි කරන විට, සාක්ෂියක් තිබීම සහ සැබවින්ම පරිවර්තනය වීම අතර වෙනස සලකා බලන්න.

ඔබ ලූක් 22:31–34, 54–62 හි (තවත් බලන්න යොහාන් 18:17–27), පේත්‍රැස්ගේ අත්දැකීම් ගැන කියවන විට, ඔබේම හැරීම ගැන සිතන්න. පේත්‍රැස් මෙන් ඔබත් “[ගැලවුම්කරුවාණන්] සමඟ සිරගෙදරටත් මරණයටත් යාමටත් සූදානම්ව සිටීමට” තරම් කැපවීමක් ඔබට කවදා හෝ දැනී තිබේද? (ලූක් 22:33). එම හැඟීම් සමහරවිට මැකී යන්නේ ඇයි? ගැලවුම්කරුවාණන්ව ප්‍රතික්ෂේප කිරීමට හෝ සාක්ෂි දීමට දිනපතා අවස්ථා තිබේ; උන්වහන්සේගේ දෛනික සාක්ෂිකරුවෙකු වීමට ඔබ කරන්නේ කුමක්ද? පේත්‍රැස්ගේ උදාහරණයෙන් ඔබ ඉගෙනගන්නා වෙනත් පාඩම් මොනවාද?

ඔබ අලුත් ගිවිසුම දිගටම කියවන විට, පේත්‍රැස්ගේ අඛණ්ඩ හැරීම පිළිබඳ සාක්ෂි සඳහා බලන්න. “නුඹේ සහෝදරයන් ශක්තිමත් කරන්න” (ලූක් 22:32; බලන්න ක්‍රියා 3–4) ලෙස වූ ස්වාමින්වහන්සේගේ අවවාදය ඔහු පිළිගත් ආකාරය සලකා බලන්න.

තවත් බලන්න ක්‍රියා 14:27–31.

ලූක් 22:39–46

ගැලවුම්කරුවාණන් ගෙත්සෙමනෙහිදී මා වෙනුවෙන් දුක්විඳි සේක.

සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙසේ ආරාධනා කළේය “ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය ගැන ඉගෙනගැනීමට කාලය ආයෝජනය කරන්න” (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත වලට ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017, 40).

සභාපති නෙල්සන්ගේ ආරාධනය පිළිගැනීමට ඔබ කරන්නේ කුමක්දැයි සලකා බලන්න. මෙම පදවල විස්තර කර ඇති පරිදි, ගෙත්සෙමනේ ගැලවුම්කරුවාණන්ගේ දුක්වේදනා ගැන යාච්ඤාපූර්වකව කල්පනා කිරීමෙන් සහ මතකයට එන පෙළඹවීම් සහ ප්‍රශ්න ලිවීමෙන් ඔබට ආරම්භ කළ හැකිය.

ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ වඩාත් ගැඹුරු අධ්‍යයනයක් සඳහා, මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සඳහා වෙනත් ශුද්ධලියවිලි පද සෙවීමට උත්සහ කරන්න:

ගෙත්සෙමනේ සිදුවූ දේ ගැන ඔබ ඉගෙනගන්නා විට, ගෙත්සෙමන ඔලිව් ගස් වත්තක් බවත් ඔලිව් තලා, ආලෝකය සහ ආහාර මෙන්ම සුවකිරීම සඳහා භාවිතා කරන තෙල් නිස්සාරණය කිරීමට භාවිතා කිරීම සඳහා, ඔලිව් තලන යන්ත්‍රයක් ඇතුළත් බවත් දැනගැනීම සිත්ගන්නා කරුණක් විය හැකිය (බලන්න ලූක් 10:34). ඔලිව් තෙල් නිස්සාරණය කිරීමේ ක්‍රියාවලිය ගැලවුම්කරුවාණන් ගෙත්සෙමනේදී අප වෙනුවෙන් කළ දේ සංකේතවත් කරන්නේ කෙසේද?

තවත් බලන්න මතෙව් 26:36–46; මාර්ක් 14:32–42.

ලූක් 18:28–38

ගැලවුම්කරුවාණන්ගේ “රාජධානිය මේ ලෝකයේ එකක් නොවේ.”

දේශපාලන නායකයෙකු ලෙස, පොන්තියුස් පිලාත් මේ ලෝකයේ බලය සහ රාජ්‍යයන් ගැන හොඳින් දැන සිටියේය. නමුත් යේසුස්වහන්සේ කතා කළේ ඊට හාත්පසින්ම වෙනස් රාජ්‍යයක් ගැනය. ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය ගැන ඔබ කියවා ඇති දේ ගැන නැවත සිතා බලන විට, උන්වහන්සේගේ “රාජ්‍යය මෙලොව එකක් නොවන” බවට ඔබ දකින සාක්ෂි මොනවාද? (යොහාන් 18:36). මේ දේවල් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? යේසුස්වහන්සේ පිලාත්ට පැවසූ වදන් වලින් ඔබට කැපීපෙනෙන තවත් දේ මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ලූක් 22:31–32.යේසුස්වහන්සේ ඔහු ගැන සහ ඔහුගේ ඇදහිල්ල වෙනුවෙන් යාච්ඤා කළ බව දැනගැනීම පේත්‍රැස්ට කෙසේ හැඟෙන්නට ඇද්ද? “[ඔවුන්ගේ] ඇදහිල්ල අසාර්ථක නොවන ලෙස” අපට යාච්ඤා කළ හැක්කේ කා වෙනුවෙන්ද? (32 වන පදය).

ලූක් 22:39–46.ගෙත්සෙමනෙහි ගැලවුම්කරුවාණන්ගේ දුක් විඳීම ගැන ඉගෙනගැනීම ඔබේ පවුලට ශුද්ධ වූ අත්දැකීමක් විය හැකිය. ඔබ ලූක් 22:39–46 අධ්‍යයනය කරන විට ගෞරවාන්විත හා නමස්කාරක ආත්මයක් ඇතිකිරීමට ඔබට කළ හැකි දේ සලකා බලන්න. ඔබට ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ පවුලේ ප්‍රියතම ගීතිකා හෝ ළමා ගීත කිහිපයක් එකට වාදනය කිරීමට හෝ ගායනා කිරීමට හෝ අදාළ කලා කෘති දෙස බැලීමට හැකිය. ඔබ මෙම පද කියවන විට, පවුලේ සාමාජිකයින්ට ඔවුන්ට විශේෂයෙන් අර්ථවත් වන ඡේද—සමහරවිට ඔවුන්ට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය දැනීමට උපකාර වන ඡේදයක් බෙදාගත හැකිය (තවත් බලන්න මතෙව් 26:36–46; මාර්ක් 14:32–42). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි බෙදාගැනීමටද ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය.

ලූක් 22:42.“මාගේ කැමැත්ත නොව, එහෙත් ඔබගේ කැමැත්ත ඉටුවේවා” යැයි කීමට ඔවුන් ඉගෙනගත් අවස්ථා පිළිබඳ අත්දැකීම් පවුලේ සාමාජිකයන්ට බෙදාගත හැකිය.

ලූක් 22:50–51; යොහාන් 18:10–11.මෙම පද වලින් යේසුස්වහන්සේ ගැන අප ඉගෙනගන්නේ මොනවාද?

රූපය
ක්‍රිස්තුස්වහන්සේ සේවකයාගේ කන සුවකරමින්

වෝල්ටර් රනේ විසින්, Suffer Ye Thus Far [නුඹ මෙතෙක් දුර විඳෙව්වේය]

යොහාන් 18:37–38.“සත්‍යය යනු කුමක්ද?” යන පිලාත්ගේ ප්‍රශ්නයට අප පිළිතුරු දෙන්නේ කෙසේද? (38 වන පදය). අදහස් සඳහා, බලන්න යොහාන් 8:32; දහම සහ ගිවිසුම් 84:45; 93:23–28.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතවරුන්ගේ වචන අධ්‍යයනය කරන්න. ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් සත්‍යයන් පිළිබඳව පසුදවස් වල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වා ඇති දේ කියවන්න. නිදසුනක් ලෙස, ලියහෝනා හි නවතම ප්‍රධාන සම්මන්ත්‍රණ කලාප වල, ඔබට “වන්දිගෙවීම” සඳහා මාතෘකා දර්ශක සෙවිය හැකිය (බලන්න Teaching in the Savior’s Way, 21).

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

වෝල්ටර් රනේ විසින්, Not My Will, but Thine [මාගේ කැමැත්ත නොව, එහෙත් ඔබගේ කැමැත්ත ඉටුවේවා]

මුද්‍රණය කරන්න