අලුත් ගිවිසුම 2023
ජුනි 19–25. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19: “එය අවසානයි”


“ජුනි 19–25. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19: ‘එය අවසානයි,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජුනි 19–25. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පිලාත් ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේ

ඇන්ටෝනියෝ සිසේරි විසින්, Ecce Homo [එක්කේ හෝමෝ]

ජුනි 19–25

මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19

“එය අවසානයි”

මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; සහ යොහාන් 19 හි ගැලවුම්කරුවාණන්ගේ ලෞකික ජීවිතයේ අවසාන පැය පිළිබඳ විස්තර ඇතුළත් වේ. උන්වහන්සේගේ පරිත්‍යාගය හා මරණය ගැන අධ්‍යයනය කරන විට උන්වහන්සේ ඔබ කෙරෙහි ඇති ප්‍රේමය දැනීමට උත්සහ කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

සැබෑ ප්‍රේමය ලෙස පාවුල් හැඳින්වූ—නිර්මල ප්‍රේමය සෑම වචනයකින්ම හා ක්‍රියාවකින්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිදර්ශනය කළේය (බලන්න 1 කොරින්ති 13). ගැලවුම්කරුවාණන්ගේ ලෞකික ජීවිතයේ අවසාන පැය ගණනට වඩා මෙය කිසිවිටෙකත් පැහැදිලි නොවීය. බොරු චෝදනා හමුවේ උන්වහන්සේගේ ගෞරවනීය නිශ්ශබ්දතාව පෙන්නුම් කළේ උන්වහන්සේ “පහසුවෙන් කෝප නොවන” බවයි (1 කොරින්ති 13:5). උන්වහන්සේගේ වධ වේදනා අවසන් කිරීමට ඇති බලය වළක්වාලමින්—මහත් පීඩාව, සමච්චල් කිරීම, හා කුරුසියේ ඇණගැසීම වැනි දේවලට යටත්වීමට උන්වහන්සේ දැක්වූ කැමැත්ත—උන්වහන්සේ “දිගු කාලයක් දුක් දරන” බවත් “සියල්ල දරාසිටින” බවත් පෙන්නුම් කළේය (1 කොරින්ති 13: 4,7). උන්වහන්සේගේම අසමසම දුක් වේදනා වලදී පවා—උන්වහන්සේගේ මව කෙරෙහි උන්වහන්සේ දැක්වූ දයානුකම්පාව සහ කුරුසපත්කරුවන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ දයාව—උන්වහන්සේ “[උන්වහන්සේගේම] තමාගේම දේ සොයන්නේ නැති” බව පෙන්නුම් කළේය (1 කොරින්ති 13:5). යේසුස්වහන්සේ පොළොවේ ගතකළ අවසාන මොහොතේ, උන්වහන්සේගේ ලෞකික දේවසේවය පුරාම උන්වහන්සේ කළ දේ කරමින් සිටියේය—එනම් අපට එය පෙන්වාදෙමින් ඉගැන්වූවේය. ඇත්තවශයෙන්ම, සැබෑ ප්‍රේමය යනු “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි” (මොරෝනි 7:47).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන්නේ පියාණන්වහන්සේ හා අප සියල්ලන් කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමයයි.

ගැලවුම්කරුවාණන්ට “දේවදූතයන්ගේ සේනාවන්” කැඳවීමට බලය තිබුණද (මතෙව් 26:53), අයුක්ති සහගත පීඩා, කුරිරු සමච්චල් කිරීම්, සහ සිතාගත නොහැකි ශාරීරික වේදනා විඳදරාගැනීමට උන්වහන්සේ ස්වෙච්ඡාවෙන් තෝරාගත්තේය. උන්වහන්සේ එය කළේ ඇයි? “උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව නිසාත්, මනුෂ්‍ය දරුවන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ බොහෝ ඉවසිලිවන්තකම නිසාත්” බව නෙපි සාක්ෂි දැරීය (1 නෙපි 19:9).

රූපය
ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය උසුලාගෙන යමින්

“උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, ගොල්ගොතා යැයි කියන ලද ස්ථානයට පිටත්ව ගිය සේක” (යොහාන් 19:17).

1 නෙපි 19:9 කියවීමෙන් ඔබට ගැලවුම්කරුවාණන්ගේ අවසාන පැය කීපය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කළ හැකිය. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; සහ යොහාන් 19 හි යේසුස්වහන්සේ දුක්විඳින බව නෙපි පැවසූ සෑමදෙයකටම උදාහරණ ඔබ සොයාගෙන තිබේද?

  • “[ඔවුන්] උන්වහන්සේව නිෂ්ඵල දෙයක් ලෙස විනිශ්චය කළෝය”

  • “ඔව්හු උන්වහන්සේව මහත් පීඩාවට පත්කළහ”

  • “ඔව්හු උන්වහන්සේට පහර දුන්හ”

  • “ඔව්හු උන්වහන්සේට කෙළ ගැසූහ”

ඔබ කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ “ප්‍රේමණීය කරුණාව” දැනීමට ඔබට උපකාර වන ඡේද මොනවාද? මෙම කතා කියවන විට ඔබට ඇතිවන වෙනත් සිතුවිලි සහ හැඟීම් මොනවාද? ඒවා ලිවීම හෝ වෙනත් අයෙකු සමඟ බෙදාගැනීම සලකා බලන්න.

මතෙව් 27:27–49, 54; මාර්ක් 15:16–32; ලූක් 23:11, 35–39; යොහාන් 19:1–5

සමච්චල් කිරීමෙන් සත්‍යය වෙනස් කළ නොහැක.

යේසුස්වහන්සේ තම දේවසේවය පුරාම සමච්චල් කිරීම විඳදරාගත් අතර, උන්වහන්සේගේ දුක්විඳීමේදී හා කුරුසියේ ඇණ ගැසීමේදී එය වඩාත් තීව්‍ර විය. නමුත් මෙම සමච්චලයට සත්‍යය වෙනස් කළ නොහැක: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ය. යේසුස්වහන්සේ විඳදරාගත් නින්දාව ගැන ඔබ කියවන විට, අද මුහුණදෙන විරුද්ධවාදිකම් සහ උන්වහන්සේගේ කාර්යය සමච්චල් කිරීම් ගැන සිතන්න. විරුද්ධත්වය විඳදරාගැනීම පිළිබඳව ඔබ ලබාගන්නා අවබෝධය කුමක්ද? මතෙව් 27:54 හි මුලාදෑනියාගේ වචන ගැන කුමක් ඔබව පොළඹවයිද?

මතෙව් 27:46; මාර්ක් 15:34

යේසුස් ක්‍රිස්තුන්වහන්සේ තනිවම දුක්විඳි නිසා මට එය කිරීමට අවශ්‍ය නැත.

කුරුසියේ උන්වහන්සේගේ වඩාත්ම තියුණු මොහොතකදී, සෑමවිටම තම ස්වර්ගීය පියාණන්වහන්සේ මත විශ්වාසය තැබූ යේසුස්වහන්සේට, හදිසියේම අත්හැර දැමූ බවක් දැණුනි. මේ ගැන කියවීමෙන් ඔබට දෙවියන්වහන්සේගෙන් ඈත් වී ඇති බවක් හැඟෙන අවස්ථා ගැන සිතීමට මගපෑදිය හැක. කුරුසිය මත ගැලවුම්කරුවාණන්ගේ පූජාව ඔබට එම දුරස් බව ජයගැනීමට හැකියාව ලබාදෙන්නේ කෙසේදැයි ඔබට මෙනෙහි කළ හැකිය. වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සාක්ෂි දුන් පරිදි, “යේසුස්වහන්සේ මෙතරම් දිගු, හුදකලා මාවතක සම්පූර්ණයෙන්ම තනිව ගමන් කළ නිසා, අපට එසේ කිරීමට අවශ්‍ය නැත. … කල්වාරි කඳු මුදුනේ සිට හොරණෑවෙන් ශබ්ද වන සත්‍යය නම්, සමහරවිට අපට එලෙස හැඟුණත්, අපව කිසිවිටෙක තනිව හෝ අතහැර දමා නොසිටින බවයි” (“None Were with Him,” Liahona, May 2009, 88). ඔබ වැඩිහිටි හොලන්ඩ්ගේ පණිවිඩයේ ඉතිරි කොටස කියවන විට ගැලවුම්කරුවාණන් ඔබට තනිකම ජයගැනීමට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන්න.

ලූක් 23:34

සමාවදීම සඳහා අපගේ හොඳම උදාහරණය ගැලවුම්කරුවාණන්ය.

ලූක් 23:34 හි ගැලවුම්කරුවාණන්ගේ වචන කියවන විට ඔබට හැඟෙන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන්ගේ වචන ගැන සඳහන් කරමින් සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වීය: “අපව අමනාප කරන අයට අප සමාව දියයුතු අතර කිසිඳු ද්වේශයක් තබා නොගත යුතුය. ගැලවුම්කරුවාණන් කුරුසියේ සිට එම ආදර්ශය තැබීය. … අපව අමනාප කරන අයගේ හදවත් අපි නොදනිමු” (“That We May Be One,” Ensign, May 1998, 68). ඔබට යමෙකුට සමාවදීමට අපහසු නම් මෙම පදයට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19. මෙම පරිච්ඡේද වල විස්තර කර ඇති සිදුවීම් ගැන ඔබ කියවීමෙන් පසු, ඔවුන්ගේම වචන වලින් එම කතන්දර නැවත කියන්නට ඔබට දරුවන්ට ආරාධනා කළ හැකිය. ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් දුක්වින්ද දේ නිසා පවුලේ සාමාජිකයන්ට උන්වහන්සේ කෙරෙහි ඔවුන්ට හැඟෙන ආකාරය බෙදාගත හැකිය.

මතෙව් 27:11–26; මාර්ක් 15:1–15; ලූක් 23:12-25; යොහාන් 19:1–16.යේසුස්වහන්සේ නිර්දෝෂී බව දැනසිටියත්, පිලාත් යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගසන්නට යැව්වේ ඇයි? හරි යැයි අප දන්නා දේ වෙනුවෙන් පෙනීසිටීම ගැන පිලාත්ගේ අත්දැකීම් වලින් අප ඉගෙනගන්නේ මොනවාද? හරි දේ වෙනුවෙන් නැගීසිටීමට පුරුදු වීමට ඉඩ සලසන අවස්ථාවන් භූමිකාවන් ලෙස රඟදැක්වීම ඔබේ පවුලට ප්‍රයෝජනවත් විය හැකිය.

මතෙව් 27:46; ලූක් 23:34, 43, 46; යොහාන් 19:26–28, 30.සමහරවිට ඔබට මෙම පදවල දක්නට ලැබෙන, ගැලවුම්කරුවාණන් කුරුසිය මත කළ ප්‍රකාශ වලින් එකක් හෝ කිහිපයක් කියවීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම පැවරිය හැකිය. ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ ධර්මදූතය ගැන මෙම ප්‍රකාශ වලින් ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

මාර්ක් 15:39.කුරුසියේ ඇණ ගැසීම ගැන කියවීම යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” බවට ඔබගේ සාක්ෂි ශක්තිමත් කර ඇත්තේ කෙසේද?

ලූක් 19:25–27.පවුලේ සාමාජිකයන්ට ආදරය හා සහයෝගය දැක්වීමට හැකි ආකාරය ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ මොනවාද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය අනුකරණය කරන්න. “ගැලවුම්කරුවාණන් ඉගැන්වූ ආකාර, එනම් උන්වහන්සේ භාවිතා කළ ක්‍රම, සහ උන්වහන්සේ පැවසූ දේ අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වේ. නමුත් අන් අයට ඉගැන්වීමට හා ඔසවා තැබීමට ගැලවුම්කරුවාණන්ගේ බලය පැමිණියේ උන්වහන්සේ ජීවත් වූ ආකාරය සහ උන්වහන්සේ කෙබඳු පුද්ගලයෙක්ද යන්න මතයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත්වීමට ඔබ වෑයම් කරන තරමට, උන්වහන්සේ මෙන් ඉගැන්වීමට ඔබට හැකිවනු ඇත” (Teaching in the Savior’s Way, 13).

රූපය
කුරුසිය මත සිටින ක්‍රිස්තුස්වහන්සේ

කාර්ල් හෙන්‍රිච් බ්ලොච් විසින්, Christ on the Cross [කුරුසිය මත සිටින ක්‍රිස්තුස්වහන්සේ]

මුද්‍රණය කරන්න