අලුත් ගිවිසුම 2023
ජුනි 26–ජූලි 2. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21: “උන්වහන්සේ උත්ථාන වී ඇත”


“ජුනි 26–ජූලි 2. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21: ‘උන්වහන්සේ උත්ථාන වී ඇත,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජුනි 26–ජූලි 2. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

රූපය
යේසුස්වහන්සේ මුහුදු වෙරළේ සිට පේත්‍රැස්ට කතා කරමින්

කැමිල් කොරී විසින්, Feed My Sheep [මාගේ බැටළුවන් පෝෂණය කරන්න]

ජුනි 26–ජූලි 2

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21

“උන්වහන්සේ උත්ථාන වී ඇත”

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම නිසා ඔබට ඇති ප්‍රීතිය ගැන සිතමින් යාච්ඤාපූර්වකව මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; සහ යොහාන් 20–21 කියවන්න. මෙම සිදුවීම පිළිබඳ ඔබේ සාක්ෂිය ඇසීමෙන් ආශිර්වාද ලැබිය හැක්කේ කාටද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

බොහෝ නිරීක්ෂකයින්ට, නාසරෙත්හි යේසුස්වහන්සේගේ මරණය විශිෂ්ට ජීවිතයකට උපහාසාත්මක අවසානයක් සේ පෙනෙන්නට ඇත. ලාසරස්ව මළවුන්ගෙන් නැවත නැගිටවූ මිනිසා ඔහු නොවේද? වරින් වර පරිසිවරුන්ගේ මිනීමරු තර්ජනයන්ට උන්වහන්සේ ඔරොත්තු දුන්නේ නැද්ද? අන්ධභාවය, ලාදුරු රෝගය, සහ අංශභාගය සුවකිරීමට උන්වහන්සේ බලය ප්‍රදර්ශනය කර තිබුණි. සුළං හා මුහුද උන්වහන්සේට කීකරු විය. එහෙත් තවත්, උන්වහන්සේ කුරුසියේ එල්ලී, “එය තීන්දු වුණේය” (යොහාන් 19:30) ලෙස ප්‍රකාශ කළේය. “ඔහු අනෙක් අයව ගලවා ගත්තේය; ඔහුට ඔහුව ගැලවීමට නොහැකි විය” (මතෙව් 27:42) යන සමච්චල් සහගත වචන වල අවංක පුදුමයක් ඇති වන්නට ඇත. නමුත් යේසුස්වහන්සේගේ මරණය කතාවේ අවසානය නොවන බව අපි දනිමු. සොහොන් ගෙයෙහි නිහඬ බව තාවකාලික බවත් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ කාර්යය ආරම්භ වූ බවත් අපි දනිමු. උන්වහන්සේව අද “මළවුන් අතර” නොව ජීවත්ව සිටින අය අතර දක්නට ලැබේ (ලූක් 24:5). උන්වහන්සේගේ ඉගැන්වීම් නිහඬ නොවනු ඇත, මක්නිසාද උන්වහන්සේ “ලෝකයේ අවසානය දක්වාම [ඔවුන්] සමඟ සැමවිටම සිටින” බවට දුන් පොරොන්දුව විශ්වාස කරමින් (මතෙව් 28:19–20) උන්වහන්සේගේ විශ්වාසවන්ත ගෝලයන් “සියලු ජාතීන් තුළ” ශුභාරංචිය දේශනා කරනු ඇත.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක.

මෙම ඡේද වල, මානව වර්ගයාගේ ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වන: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ගැන ඔබ කියවනු ඇත. ඔබ කියවන විට, මරණයෙන් නැවත නැගිටීම අවට සිදුවීම් දුටු මිනිසුන් වෙනුවට ඔබව එතැන තබන්න. ඔවුන්ගේ අත්දැකීම් වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ඔබ ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම ගැන කියවන විට ඔබට හැඟෙන්නේ කෙසේද? එය ජීවිතය පිළිබඳ ඔබේ දැක්මට, ඔබේ සබඳතා වලට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ලට සහ අනෙකුත් ශුභාරංචි සත්‍යයන් කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ලට—බලපා ඇති ආකාරය සලකා බලන්න.

ලූක් 24:13–35

“[මා] සමඟ රැඳී සිටින්න” කියා ගැලවුම්කරුවාණන්ට මට ආරාධනා කළ හැකිය.

මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්ව හමුවූ සංචාරක ගෝලයන් දෙදෙනාගේ අත්දැකීම් ඔබ කියවන විට, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ඔබේ අත්දැකීම් වලට ඒ හා ඇති සමානකම් සොයන්න. ඔබ අද උන්වහන්සේ සමඟ ගමන්කර තව ටික වේලාවක් “රැඳී සිටීමට” උන්වහන්සේට ආරාධනා කරන්නේ කෙසේද? (ලූක් 24:29). ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ පැමිණීම ඔබ හඳුනාගන්නේ කෙසේද? ශුද්ධාත්මයාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳව ඔබට සාක්ෂි දී ඇත්තේ කිනම් ආකාර වලින්ද?

ලූක් 24:36–43; යොහාන් 20

මරණයෙන් නැවත නැගිටීම යනු ආත්මය ශරීරය සමඟ ස්ථිරව නැවත එක්වීමයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ වාර්තා ඔබට මරණයෙන් නැවත නැගිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට උපකාර කරයි. නිදසුනක් වශයෙන්, ලූක් 24:36–43 සහ යොහාන් 20 හි මරණයෙන් නැවත නැගිටි ශරීර පිළිබඳව ඔබ සොයාගන්නා සත්‍යයන් මොනවාද? ඔබට 1 කොරින්ති 15:35–44; පිලිප්පි 3:20–21; 3 නෙපි 11:13–15; දහම සහ ගිවිසුම් 88:27–31; 110:2–-3; 130:1, 22, වැනි මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ වෙනත් ශුද්ධලියවිලිද ගවේෂණය කළ හැකිය.

යොහාන් 20:19–29

“දැක නැති නමුත්, විශ්වාස කළ අය භාග්‍යවන්තයෝය.”

“බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි” (යොහාන් 20:25) පැවසූ තෝමස් මෙන් සමහරවිට යම් පුද්ගලයින්ට හැඟෙන්නට පුළුවන. ඔබේ මතය අනුව, නොදැක විශ්වාස කිරීම ආශිර්වාදයක් වන්නේ ඇයි? (බලන්න යොහාන් 20:29). ඔබට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම නිසා ඔබ ආශිර්වාද ලත් ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබට ගැලවුම්කරුවාණන්ව නොපෙනෙන විට පවා උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තබාගැනීමට උපකාර වන්නේ මොනවාද? ඔබ “නොපෙනෙන නමුත්, සත්‍යය වන දේ” කෙරෙහි ඔබේ ඇදහිල්ල තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද? (බලන්න ඇල්මා 32:16–21; ඊතර් 12:6). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට ඔබට උපකාර වූ අත්දැකීම් දිනපොතක සටහන් කිරීම සලකා බලන්න, නැතහොත් ඒවා ඔබ දන්නා කෙනෙකු සමඟ බෙදාගන්න.

යොහාන් 21:1–17

ගැලවුම්කරුවාණන් තම බැටළුවන්ව පෝෂණය කිරීමට මට ආරාධනා කරයි.

ගැලවුම්කරුවාණන් යොහාන් 21 හි තම ප්‍රේරිතයන් සමඟ කළ ගණුදෙනු, ලූක් 5:1–11 හි වාර්තා කර ඇති උන්වහන්සේ ඔවුන්ගේ දැල් දමන්නට පළමුව කළ ආඥාව හා සමඟ සන්සන්දනය කිරීම සිත්ගන්නාසුළු විය හැකිය. ඔබ සොයාගන්නා සමානකම් හා වෙනස්කම් මොනවාද? අනුගාමිකත්වය පිළිබඳව ඔබ සොයාගන්නා අවබෝධයන් මොනවාද?

ගැලවුම්කරුවාණන් යොහාන් 21:15–17 හි පේත්‍රැස්ට පැවසූ වචන ඔබට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. ස්වාමින්වහන්සේගේ බැටළුවන්ට දේවසේවය කිරීමෙන් ඔබව වළක්වන කිසියම් යමක් තිබේද? “ඔබ මට ප්‍රේම කරන්නේද” කියා ස්වාමින්වහන්සේ ඔබෙන් ඇසුවොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේද? ස්වාමින්වහන්සේ කෙරෙහි ඔබේ ප්‍රේමය පෙන්විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

තවත් බලන්න 1 පේත්‍රැස් 5:2–4, 8.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ලූක් 24:5–6.සභාපති තෝමස් එස්. මොන්සන් ලූක් 24:5–6 ගැන මෙසේ පැවසුවේය, “ක්‍රිස්තියානි ලෝකයේ කිසිම වචනයක් මට මීට වඩා වැදගත් නොවේ” (“He Is Risen!,” Liahona, May 2010, 89). මෙම වචන ඔබට සහ ඔබේ පවුලේ අය සඳහා අදහස් කරන්නේ කුමක්ද?

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21.ඔබේ පවුලේ අය මෙම පරිච්ඡේද කියවන විට, සෑම කතාවකම යේසුස්වහන්සේ සමඟ කටයුතු කළ අය කෙරෙහි අවධානය යොමුකරන්න. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ සොහොන් ගෙය නැරඹීමට ගිය මිනිසුන් ගැන ඔබේ සිත් ඇදගන්නා දේ කුමක්ද? ප්‍රේරිතයන්ගේ හෝ එම්මාවුස් වෙත යන මාර්ගයේ සිටින ගෝලයන්ගේ වචන වලින් හෝ ක්‍රියා වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

මියගිය ඔබේ පවුලේ අය දන්නා කෙනෙකු ගැන කතා කර, මෙම පරිච්චේද වල ඇති සත්‍යයන් සහනය ගෙනදෙන ආකාරය සාකච්ඡා කරන්න.

රූපය
යේසුස්වහන්සේ මිනිසුන් දෙදෙනෙකු සමඟ පාරක ඇවිද යමින්

වෙන්ඩි කෙලර් විසින්, Road to Emmaus [එමාඕස් කරා යන මාර්ගය]

මතෙව් 28:16–20; මාර්ක් 16:14–20; ලූක් 24:44–53.මෙම පද වල, යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන්ගෙන් ඉල්ලා සිටියේ කුමක් කිරීමටද? මෙම කාර්යය ඉටුකිරීමට අපට උදව් කළ හැක්කේ කෙසේද? උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහා “ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වැඩ කරන” බව පවුලේ සාමාජිකයින්ට දැණුනු අත්දැකීම් ඔවුන්ට බෙදාගත හැකිය (මාර්ක් 16:20).

යොහාන් 21:15–17.එකට ආහාර ගැනීමේදී මෙම පද කියවීම සලකා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ “මගේ බැටළුවන් පෝෂණය කරන්න” යන වචන වලට මෙය යම් අර්ථයක් එක් කළ හැකිය. අලුත් ගිවිසුමේ බැටළුවන් ගැන යේසුස්වහන්සේ ඉගැන්වූ දේ පදනම් කරගෙන (උදාහරණයක් ලෙස බලන්න මතෙව් 9:35–36; 10:5–6; 25:31–46; ලූක් 15 4–7; යොහාන් 10:1–16), බැටළුවන් පෝෂණය කිරීම දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම පෙන්වාදීම සඳහා හොඳ ආකාරයක් වන්නේ ඇයි? ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට අප ගැන හැඟෙන ආකාරය ගැන මෙම ප්‍රතිසමය උගන්වන්නේ කුමක්ද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ආත්මයාණන්ට ආරාධනා කිරීමට සහ දහම ඉගෙනගැනීමට සංගීතය භාවිතා කරන්න. ගැලවුම්කරුවාණන් ගැන ගීතිකා ඇසීමෙන් හෝ ගායනා කිරීමෙන් ආත්මයාණන්ට ආරාධනා කළ හැකි අතර උන්වහන්සේ ගැන ඉගෙනගැනීමට ඔබට උපකාර කරයි.

රූපය
සොහොන් ගෙය අසල මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේව දකින කාන්තාව

වෝල්ටර් රනේ විසින්, The Resurrected Christ [මරණයෙන් නැවත නැගිටි යේසුස්වහන්සේ]

මුද්‍රණය කරන්න