අලුත් ගිවිසුම 2023
ජූලි 10–16. ක්‍රියා 6–9: “ඔබ මට කුමක් කරන්නට කියන්නේද?”


“ජූලි 10–16. ක්‍රියා 6–9: ‘ඔබ මට කුමක් කරන්නට කියන්නේද?,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජූලි 10–16. ක්‍රියා 6–9,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පාවුල් බිම වැටී

මිචෙලන්ගලෝ මෙරිසි ද කරවාග්ගිඕ විසින්, Conversion on the Way to Damascus [දමස්කය වෙත යන මාර්ගයේ හැරීම]

ජූලි 10–16

ක්‍රියා 6–9

“ඔබ මට කුමක් කරන්නට කියන්නේද?”

ක්‍රියා 6–9 කියවීමෙන් ආරම්භ කරන්න. ඔබේම අධ්‍යයනයෙන් ඔබට වෙනත් ඒවා සොයාගත හැකි වුවද, මෙම දළ සටහනෙහි ඇති යෝජනා මගින් මෙම පරිච්ඡේද වල ඇති වැදගත් මූලධර්ම කිහිපයක් හඳුනාගැනීමට ඔබට හැකිවේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යමෙකු හැරීමට නුසුදුසු අපේක්ෂකයෙකු ලෙස පෙනෙන්නට තිබේ නම්, ඒ බොහෝවිට ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම සම්බන්ධයෙන් කීර්තියක් ඇති පරිසිවරයෙකු වූ සාවුල් විය හැකිය. එබැවින් ස්වාමින්වහන්සේ අනනියස් නම් ශ්‍රාවකයෙකුට සාවුල්ව සොයා ආශිර්වාද කරන ලෙස පැවසූ විට, අනනියස් තේරුම්ගත හැකි ලෙස පසුබට විය. එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි මම බොහෝ දෙනෙකුගෙන් ඇසීමි” (ක්‍රියා 9:13). නමුත් ස්වාමින්වහන්සේ සාවුල්ගේ සිත හා ඔහුගේ හැකියාවන් දැනසිටි අතර, උන්වහන්සේගේ සිතේ සාවුල් සඳහා මෙහෙවරක් තිබිණි: “ඔහු මාගේ නාමය අන්‍ය ජාතීන්ද, රජුන්ද, ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය” (ක්‍රියා 9:15). එබැවින් අනනියස් කීකරු වූ අතර, මෙම කලින් පීඩා කළ තැනැත්තා ඔහුට හමුවූ විට, ඔහු ඔහුව “සහෝදර සාවුල්” ලෙස හැඳින්වීය (ක්‍රියා 9:17). සාවුල්ට සම්පූර්ණයෙන්ම වෙනස්විය හැකි නම් සහ අනනියස්ට ඔහුව එතරම් නිදහසේ පිළිගැනීමට හැකි නම්, අපද ඇතුළුව—හැරීම සඳහා අපේක්ෂකයෙකු නොවිය යුතු යැයි කිසිවෙකු ගැනවත් අපි සිතිය යුතුද?

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 6–8

මාගේ සිත “දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිවැරදි” විය යුතුය.

වර්ධනය වන සභාවක් යනු ගෝලයන්ට රාජධානියේ සේවය කිරීම සඳහා වර්ධනය වීමේ අවශ්‍යතාවයයි. ක්‍රියා 6:1–5 ට අනුව, ප්‍රේරිතවරුන් දොළොස්දෙනා ඔවුන් සමඟ සේවය කිරීමට බලාපොරොත්තු වන අයගේ සොයන ගුණාංග මොනවාද? ඔබ ක්‍රියා 6–8 කියවන විට, ස්තේපන් සහ පිලිප් වැනි අය තුළ මෙම ගුණාංග සහ වෙනත් දේ, පෙන්නුම් කළ ආකාරය සැලකිල්ලට ගන්න. සීමොන්ගේ අඩුපාඩුව කුමක්ද, වෙනස්වීමට කැමතිවීම ගැන අපට ඔහුගෙන් ඉගෙනගත හැක්කේ මොනවාද?

ඔබේ හදවත “දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිවැරදි” බව සහතික කිරීම සඳහා වෙනස්වීමට ඔබ පෙලඹී ඇති යමක් තිබේද? (ක්‍රියා 8:21–22). ඔබ දෙවියන්වහන්සේට සේවය කරන විට මෙම වෙනස සිදුකිරීමෙන් ඔබට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද?

ක්‍රියා 6–7

ශුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධවීම ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සේවකයින්වද ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ.

මෙසියස්වහන්සේගේ පැමිණීම සඳහා ජනතාව සූදානම් කිරීමේ වගකීම යුදෙව් නායකයන් සතු විය. නමුත් තවමත් ඔවුන් ගැලවුම්කරුවාණන්ව හඳුනාගැනීමට අපොහොසත් වූ අතර උන්වහන්සේව ප්‍රතික්ෂේප කළහ. මෙය සිදුවූයේ කෙසේද? පිළිතුරෙන් කොටසක් ස්තේපන්ගේ වචන වලින් සොයාගත හැකිය: “නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය” (ක්‍රියා 7:51). ශුද්ධාත්මයාණන්ට විරුද්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් කියා ඔබ සිතන්නේද? ශුද්ධාත්මයාණන්ට විරුද්ධවීම ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සේවකයින්ව ප්‍රතික්ෂේප කිරීමට හේතුවන්නේ ඇයි?

ඔබ ක්‍රියා 6–7 කියවන විට, ස්තේපන් යුදෙව්වන්ට ඉගැන්වූ වෙනත් පණිවිඩ සොයන්න. ඔහු අනතුරු ඇඟවූයේ කුමන ආකල්ප සඳහාද? ඔබ තුළ ඒ හා සමාන ආකල්පයන් ඔබ හඳුනාගෙන තිබේද? ශුද්ධාත්මයාණන්ට විරුද්ධ වීමේ ප්‍රතිවිපාක ගැන ස්තේපන්ගේ වචන ඔබට උගන්වන්නේ කුමක්ද? ඔබට ඔබේ ජීවිතයේ ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් වලට වඩා සංවේදී විය හැක්කේ හා ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේද?

ක්‍රියා 8:26–39

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අන් අයට මගපෙන්වීමට ශුද්ධාත්මයාණන්වහන්සේ මට උපකාර කරනු ඇත.

ක්‍රියා 8:26–39 හි සඳහන් වාර්තාවෙන් ශුභාරංචිය බෙදාගැනීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ශුද්ධාත්මයාණන්වහන්සේ පිලිප්ට උපකාර කළේ කෙසේද? අන් අය සමඟ ශුභාරංචිය බෙදාගැනීම මගපෙන්වන්නෙකු මෙන් වන්නේ කෙසේද? (බලන්න ක්‍රියා 8:31).

වැඩිහිටි උලිසෙස් සෝරෙස් පැවසුවේ මෙම වාර්තාව “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනීමට සහ එකිනෙකාට ඉගැන්වීමට අප සැමට අවශ්‍ය දිව්‍යමය වරම සිහිගැන්වීමක් බවයි. … අපි සමහර වෙලාවට එම ඉතියෝපියානු ජාතිකයා වගේ—අපට ඇදහිලිවන්ත සහ ආදර්ශමත් ගුරුවරයෙකුගේ උපකාරය අවශ්‍යයි; එමෙන්ම අපි තවත් විටෙක පිලිප් වගේ—අපි අන්‍යයන්ට ඔවුන්ගේ හැරීම සඳහා ඔවුන්ට ඉගැන්වීමට සහ ශක්තිමත් කිරීමට අවශ්‍යයි” (“මම තේරුම්ගන්නේ කෙසේද?,” ලියහෝනා, මැයි 2019, 6). වැඩිහිටි සෝරෙස්ගේ පණිවිඩයේ ඉතිරිය කියවීම සහ ශුභාරංචිය වඩා හොඳින් ඉගෙනගන්නෙකු සහ ගුරුවරයෙකු වීමට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේදැයි සිතා බලන්න.

ක්‍රියා 9

මම ස්වාමින්වහන්සේගේ කැමැත්තට යටත්වූ විට, මට උන්වහන්සේගේ දෑතේ ඇති මෙවලමක් බවට පත්විය හැකිය.

සාවුල්ගේ හැරීම ඉතා හදිසියේම වූ බවක් පෙනේ; ඔහු කිතුනුවන් සිරගත කිරීමේ සිට සිනගෝග වල ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දේශනා කිරීම දක්වා ඉක්මණින් ගියේය. ඔබ ඔහුගේ කතාව කියවන විට, ඔහු වෙනස්වීමට එතරම් කැමැත්තක් දැක්වූයේ මන්දැයි සිතා බලන්න. (සාවුල්ගේ හැරීම ගැන ඔහුගේම විස්තරය කියවීමට ක්‍රියා 22:1–16 සහ 26:9–18 බලන්න. මෙම වාර්තා වල සාවුල්ව පාවුල් යන නමින් හඳුන්වන බව සලකන්න [බලන්න ක්‍රියා 13:9].)

සාවුල්ගේ අත්දැකීම අසාමාන්‍ය බව ඇත්ත වුවත්—බොහෝදෙනෙකුට, හැරීම වඩා දිගු ක්‍රියාවලියකි—හැරීම ගැන සාවුල්ගෙන් ඔබට ඉගෙනගත හැකි යමක් තිබේද? සාවුල්ගේ හැරීම ගැන අනනියස් සහ අනෙක් ගෝලයන් ප්‍රතික්‍රියා කළ ආකාරයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? මෙම පාඩම් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමට ඔබ කරන්නේ කුමක්ද? සාවුල් කළාක් මෙන් “ඔබ මට කුමක් කරන්නට කියන්නේද?” කියා යාච්ඤාවෙන් ඇසීමෙන් ඔබට පටන්ගත හැකියි.

ඔබ ක්‍රියා 9:36–42 කියවන විට, තබිතා දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලමක් වූ ආකාරය සලකා බලන්න. ඇයගේ ආදර්ශය ගැන ඔබව පොලඹවන්නේ මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ක්‍රියා 6:8; 7:51–60.ක්‍රියා 6:8 සහ ක්‍රියා 7:51–60 දක්වා ඇති ස්තේපන්ගේ වාර්තා ලූක් 23:1–46 දක්වා ඇති ගැලවුම්කරුවාණන්ගේ වාර්තා සමඟ සසඳන්න. ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ස්තේපන් අනුගමනය කළේ කෙසේද?

ක්‍රියා 7:51–60.ස්තේපන්ට පීඩා කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහුට ආශිර්වාද කළේ කෙසේද? දුෂ්කර කාල වලදී අපට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ශක්තිය ලැබුණේ කවදාද?

ක්‍රියා 9:5.තුඩක් යනු සතුන් පැදවීම සඳහා භාවිතා කරන තියුණු හෙල්ලයකි. බොහෝවිට සතුන්ට එයින් ඇන්න පසු ආපසු පයින් ගසනු ඇත, එමඟින් හෙල්ලය තවදුරටත් සත්වයාගේ මාංශයට ගිලෙනු ඇත. මෙම ප්‍රතිසමය සමහර අවස්ථා වලදී ඔබට අදාළ වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගෙන් ලැබෙන නිවැරදි කිරීම් වඩා හොඳින් පිළිගැනීමට අපට කුමක් කළ හැකිද?

රූපය
පේත්‍රැස් තබිතාව මළවුන්ගෙන් නැගිටුවමින්

සැන්ඩි ෆ්‍රෙකල්ටන් ගැගොන් විසින්, Tabitha Arise [තබිතා නැගිටිමින්]

ක්‍රියා 9:32–43.ක්‍රියා 9:32–43 හි කතා වල පින්තූර ඇඳීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට ආරාධනා කිරීම සලකා බලන්න. මෙම කතා වලින් සැබෑ අනුගාමිකත්වය ගැන අප ඉගෙනගන්නේ මොනවාද? තබිතා මෙන් “යහපත් ක්‍රියා වලින් පිරුණු” කෙනෙකු ස්වාමින්වහන්සේව විශ්වාස කිරීමට අන් අයට උපකාර කරන්නේ කෙසේද? (බලන්න ක්‍රියා 9:36).

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට සමාන කරගන්න. ඔබ කියවන විට, ශුද්ධලියවිලි වල කතා සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන ආකාරය සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ක්‍රියා 9:36–39 හි තබිතා කළාක් මෙන් ඔබට අන් අයට සේවය කිරීමට ඇති අවස්ථා මොනවාද?

රූපය
ස්තේපන්ව මරණයට පත්කරන්නට ගල්ගසමින්

“ඔවුහු ස්තේපන් හට ගල් ගැසූ අතර, ඔහු දෙවියන්වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමින් වූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගන්න” යැයි පැවසීය (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, ක්‍රියා 7:59).

මුද්‍රණය කරන්න