අලුත් ගිවිසුම 2023
ජූලි 24–30. ක්‍රියා 16–21: “ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත”


“ජූලි 24–30. ක්‍රියා 16–21: ‘ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජූලි 24–30. ක්‍රියා 16-21,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පාවුල් කන්දක් මත උගන්වමින්

ජූලි 24–30

ක්‍රියා 16–21

“ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත”

ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් දැරූ උත්සහයන් ගැන ඔබ කියවන විට, ආත්මයාණන් ඔබව සිතුවිලි හෝ හැඟීම් මගින් පොළඹවනු ලබයි. මෙම පෙළඹවීම් ලියා, ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ස්වාමින්වහන්සේ සිය ප්‍රේරිතයන්ට දුන් අවසාන වදන් අතර මෙසේ විය “එබැවින් ඔබ ගොස් සියලු ජාතීන්ට උගන්වන්න, පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බව්තීස්ම කරන්න: මා ඔබට ආඥා කර තිබෙන සෑමදෙයක්ම පිළිපැදීමට ඔවුන්ට උගන්වන්න” (මතෙව් 28:19–20). ප්‍රේරිතයින්ට සියලුම ජාතීන් හට එය ලබාදීමට හැකි නොවූවත්, ක්‍රියා 16–21 දක්වා ඇත්තේ පාවුල් සහ ඔහුගේ සගයන් සභාව පිහිටුවීමේදී කැපීපෙනෙන දියුණුවක් ලබා ඇති බවයි. ඔව්හු ඉගැන්වූහ, බව්තීස්ම කළහ, එමෙන්ම ශුද්ධාතමයාණන්ගේ ත්‍යාගය ලබාදුන්හ. ඔවුන් ප්‍රාතිහාර්යයන් සිදුකළ අතර, එලෙසම මිනිසෙකුව මළවුන්ගෙන් නැගිටුවනු ලැබීය, සහ මහා ඇදහිල්ලෙන් වැටීම ගැන පුරෝකථනය කළහ (ක්‍රියා 20:7–12, 28–31). ඔවුන් ආරම්භ කළ කාර්යය අද ජීවමාන ප්‍රේරිතවරුන් සමඟ මෙන්ම, ගැලවුම්කරුවාණන්ගේ නියමය ඉටුකිරීමට පාවුල්ට කිසිවිටෙකත් සිතාගත නොහැකි ආකාරයෙන් උපකාර කරන ඔබ වැනි කැපවූ අනුගාමිකයන් සමඟද දිගටම සිදුවෙමින් පවතී. සමහරවිට ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේව හෝ උන්වහන්සේගේ ශුභාරංචිය නොදන්නා අය ගැන ඔබ දන්නවා ඇති. සමහරවිට උන්වහන්සේ ගැන ඔබ දන්නා දේ ඔවුන් සමඟ බෙදාගැනීම සඳහා ඔබේ “ආත්මය [ඔබ] තුළ චංචල වූ” බව ඔබට හැඟෙනවා ඇත (ක්‍රියා 17:16). ශුභාරංචිය බෙදාගැනීමේදී නිහතමානිකම සහ නිර්භීතකම පිළිබඳ පාවුල්ගේ ආදර්ශය ඔබ අනුගමනය කරන්නේ නම්, “ස්වාමින්වහන්සේ විසින් සිත විවර කළ” කෙනෙකුව ඔබට පෙනෙනු ඇත (ක්‍රියා 16:14).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 16–21

ශුභාරංචිය බෙදාගැනීමට මා ගන්නා උත්සාහයේදී ආත්මයාණන්වහන්සේ මට මගපෙන්වනු ඇත.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ප්‍රකාශ කළේය, “ශුද්ධාත්මයාණන් නොමැතිව කිසිම මිනිසෙකුට ශුභාරංචිය දේශනා කළ නොහැක” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 332). ඔබ ක්‍රියා 16–21 කියවන විට, අනාගතවක්තෘවරයාගේ ප්‍රකාශය සත්‍ය වන්නේ මන්දැයි සලකා බලන්න. ආත්මයාණන් පාවුල්ට සහ ඔහුගේ සහකරුවන්ට උපකාර කළ අවස්ථා සැලකිල්ලට ගන්න. ඔවුන් ආත්මයාණන්ව අනුගමනය කළ නිසා ලැබුණු ආශිර්වාද මොනවාද? ශුභාරංචිය බෙදාගැනීමට ඔබ ගන්නා උත්සහය තුළ ආත්මයාණන්වහන්සේ ඔබව පොළඹවන බව ඔබට දැනී ඇත්තේ කවදාද?

ක්‍රියා 16–21

සෑම තත්වයකදීම මට ශුභාරංචිය ප්‍රකාශ කළ හැකිය.

ශුභාරංචිය දේශනා කිරීම නිසා සිරගතකරනු ලැබීම දේශනා කිරීම නැවැත්වීමට තේරුම්ගත හැකි හේතුවක් සේ පෙනේ. නමුත් පාවුල්ට හා සීලස්ට, සිරකරුවෙකුව හැරවීමට මෙය අවස්ථාවක් විය (බලන්න ක්‍රියා 16:16–34). ක්‍රියා 16–21 පුරාම, තම සාක්ෂිය සෑමකෙනෙකු සමඟම බෙදාගැනීමට පාවුල් දක්වන කැමැත්ත පිළිබඳ වෙනත් උදාහරණ සොයන්න. ඔහු එතරම් නිර්භීත හා නොබිය යැයි ඔබ සිතන්නේ ඇයි? පාවුල්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රියා 16–21 හි ශුභාරංචිය බෙදාගැනීම පිළිබඳව තවත් බොහෝ පණිවිඩ තිබේ. ඔබ මෙම පරිච්ඡේද අධ්‍යයනය කරන විට, ඔබට විශේෂයෙන් අදාළ වන ඒවා සොයන්න.

තවත් බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “ධර්මදූත සේවය: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම,” ලියහෝනා, මැයි 2019, 15–18.

රූපය
බිළිඳෙකුව වඩාගෙන සිටිමින්

අපි සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙකි.

ක්‍රියා 17:16–34

“අපි දෙවියන්වහන්සේගේ දූදරුවෝ වන්නෙමු.”

ඇතන්ස් හිදී, පාවුල්ට විවිධ මත හා ආගමික අදහස් ඇති ජනතාවක් හමුවිය. ඔවුන් නිතරම උත්සහ කළේ “අලුත් දෙයක් අසන්නටය,” එමෙන්ම පාවුල් ඉදිරිපත් කළ දෙය අනිවාර්යයෙන්ම ඔවුන්ට අලුත් දෙයක් විය (බලන්න ක්‍රියා 17:19–21). ඔවුන් “නොදන්නා දෙවියන්” (ක්‍රියා 17:23) ඇතුළු බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළෝය, එමෙන්ම එම දෙවිවරුන් ජීවමාන නොවන, පුද්ගල ජීවීන් නොවන, එමෙන්ම විශේෂයෙන්ම අපගේ පියාණන් නොවන, බලයන් හෝ බලවේගයන් බව ඔවුන් විශ්වාස කළහ. දෙවියන්වහන්සේව දැන හඳුනාගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා පාවුල් පැවසූ දේ ගැන මෙනෙහි කරන්න. “දෙවියන්වහන්සේගේ දූදරුවන්” වීම යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? (ක්‍රියා 17:29). ඔබේ මතය අනුව, දෙවියන්වහන්සේගේ දරුවෙකු වීම උන්වහන්සේගේ එක් නිර්මාණයක් වීමට වඩා වෙනස් වන්නේ කෙසේද? මෙම සත්‍ය අවබෝධ කරගැනීම ඔබ ඔබව සහ අන් අයව දකින ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පාවුල් සාක්ෂි දෙනවිට ඔබ ඔහු ළඟ සිටගෙන සිටියා නම්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ගැන පුරාණ ග්‍රීකයන්ට ඔබ කියන්නේ කුමක්ද? ඔබේ සාක්ෂිය ඇසීමෙන් ප්‍රයෝජන ගතහැකි කෙනෙකුව ඔබ දන්නවාද?

තවත් බලන්න රෝම 8:16; 1 යොහාන් 5:2.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ක්‍රියා 16–21.ක්‍රියා 16–21 පිළිබඳ ඔබේ පවුලේ අයගේ අවබෝධය ගැඹුරු කිරීම සඳහා, මෙම පරිච්ඡේද වල පාවුල් ශුභාරංචිය දේශනා කළ නගර සොයමින් ඔබට මෙම දළ සටහනේ අවසානයේ ඇති සිතියම අධ්‍යයනය කළ හැකිය. සියලුම ජාතීන්ට ශුභාරංචිය ගෙන ඒමට උපකාර කිරීමට අද අපට ඇති සම්පත් මොනවාද?

ක්‍රියා 17:10–12; 18:24–28.අපට වඩ වඩාත් මෙම පදවල සිටිනා ශුධවන්තයන් මෙන් විය හැක්කේ කෙසේද? “සිතේ මුළු කැමැත්තෙන් වචනය [ලැබීම]” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ක්‍රියා 17:11). “ශුද්ධලියවිල්ලෙහි බලවත්” වීමට අපට කුමක් කළ හැකිද? (ක්‍රියා 18:24).

ක්‍රියා 19:1–7.බව්තීස්ම වීමේ සහ තහවුරු වීමේ වැදගත්කම ගැන සාකච්ඡා කිරීමට මෙම පද ඔබේ පවුලේ අයට උපකාර කරයි. ක්‍රියා 19:1–7 හි සත්‍යයන් වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා, බැටරියක් නොමැති ජංගම දුරකථනයක් වැනි, වෙනත් දෙයක් නොමැතිව නිෂ්ඵල දේවල් කිහිපයක් ගැන ඔබට සාකච්ඡා කළ හැකිය. නැතහොත් ඔබට අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ මෙම ඉගැන්වීම බෙදාගත හැකිය: “ජලයෙන් බව්තීස්ම වීම බව්තීස්මයෙන් අඩක් වන අතර, අනෙක් භාගය නොමැතිව එය කිසිවකට හොඳ නැත—එනම් ඒ ශුද්ධාත්මයාණන්ගේ බව්තීස්මයයි” (Teachings: Joseph Smith95). ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබා නොගෙන බව්තීස්මය “කිසිවක් සඳහා හොඳ නැත්තේ” ඇයි? (බලන්න 3 නෙපි 27:19–20; මෝසෙස් 6:59–61).

ක්‍රියා 19:18–20.ඔබ ක්‍රියා 19:18–20 කියවන විට, ශුභාරංචිය වැලඳගැනීම සඳහා මිනිසුන් අත්හැරීමට කැමැත්තෙන් සිටි දේපළ වල වටිනාකම සැලකිල්ලට ගන්න (19 වන පදය බලන්න). ස්වර්ගීය ආශිර්වාද ලබාගැනීම සඳහා අප අත්හැරිය යුතු ලෞකික වස්තූන් හෝ ක්‍රියාකාරකම් තිබේද?

ක්‍රියා 20:32–35.“ලැබීමට වඩා දීම භාග්‍යයක්” යන ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම ඔබේ පවුලේ අය අත්දැක ඇත්තේ කවදාද? (ක්‍රියා 20:35). ඔබේ පවුලට දිය හැකි සේවයන්, වේලාවෙන්, හෝ තෑගි වලින් ප්‍රයෝජන ගතහැකි අයෙක් සිටීද? පවුලක් වශයෙන්, සමහර අදහස් සාකච්ඡා කර යමෙකුට සේවය කිරීමට සැලැස්මක් සාදන්න. අප අන් අයට සේවය කරන විට අපට හැඟෙන්නේ කෙසේද? ලැබීමට වඩා දීම වඩා භාග්‍යවන්ත වන්නේ ඇයි?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

අදහස් වාර්තා කරන්න. “ඔබ අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන විට, ඔබ දෙවියන්වහන්සේගේ මගපෙන්වීම අගය කරන බව පෙන්වන අතර, නිතර නිතර එළිදරව් කිරීම් වලින් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත” (Teaching in the Savior’s Way12; see also page 30).

රූපය
පාවුල්ගේ ධර්මදූත චාරිකා සිතියම

ප්‍රේරිත පාවුල්ගේ ධර්මදූත චාරිකා.

මුද්‍රණය කරන්න