අලුත් ගිවිසුම 2023
ජූලි 17–23. ක්‍රියා 10–15: “දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය”


“ජූලි 17–23. ක්‍රියා 10–15: ‘දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජූලි 17–23. ක්‍රියා 10–15,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පේත්‍රැස් කොර්නේලියස් සමඟ කතා කරමින්

ජූලි 17–23

ක්‍රියා 10–15

“දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය”

සිතුවිලි හා හැඟීම් ඇතිකිරීමට ආත්මයාණන්ට කාලය ලබාදෙමින්, ක්‍රියා 10–15 පරෙස්සමින් කියවන්න. මෙම පරිච්ඡේද වලින් ඔබට ඉගෙනගැනීමට ඇත්තේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ ලෞකික දේවසේවයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ විට මිනිසුන්ගේ දිගුකාලීන සම්ප්‍රදායන් සහ විශ්වාසයන්ට අභියෝග කළේය. ඔහු ස්වර්ගයට නැගීමෙන් පසුව මෙය නතර වූයේ නැත, මන්ද ඔහු තම සභාවට එළිදරව් මගින් දිගටම මගපෙන්වූ බැවිනි. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේගේ ගෝලයන් ශුභාරංචිය දේශනා කළේ සෙසු යුදෙව්වන්ට පමණි. නමුත් ගැලවුම්කරුවාණන් මියගොස් පේත්‍රැස් මෙම පොළොවේ සභාවේ නායකයා බවට පත්වූ විගස, යුදෙව් නොවන අයට ශුභාරංචිය දේශනා කිරීමට කාලය සුදුසු බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පේත්‍රැස්ට එළිදරව් කළේය. අන්‍ය ජාතීන් සමග ශුභාරංචිය බෙදාගැනීමේ අදහස අද පුදුමයට කරුණක් නොවේ, එබැවින් මෙම වර්තාවේ අපට ඇති පාඩම කුමක්ද? සමහරවිට එක් පාඩමක් නම්, පුරාණ හා නවීන සභාව යන දෙකම තුළ, ප්‍රේමණීය ගැලවුම්කරුවෙකු විසින් උන්වහන්සේගේ තෝරාගත් නායකයින්ට මගපෙන්වන බවයි (බලන්න ආමොස් 3:7; දහම සහ ගිවිසුම් 1:38). නොනවත්වා ලැබෙන එළිදරව් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ හා ජීවමාන සභාවේ වැදගත් ලකුණකි. පේත්‍රැස් මෙන්, අඛණ්ඩ එළිදරව් පිළිගෙන “දෙවියන්වහන්සේගේ සෑම වචනයකටම අනුව” ජීවත්වීමට අප සූදානම් විය යුතුය (ලූක් 4:4), “[උන්වහන්සේ] එළිදරව් කළ සියල්ල ඇතුළුව, උන්වහන්සේ දැන් එළිදරව් කරන සියල්ල” සහ “බොහෝ ශ්‍රේෂ්ට සහ වැදගත් දේවල්” උන්වහන්සේ “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළව” එළිදරව් කරනු ඇත (ඇදහිල්ලේ කරුණු 1:9).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 10

“දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.”

පරම්පරා ගණනාවක් තිස්සේ, යුදෙව්වන් විශ්වාස කළේ “ආබ්‍රහම්ගේ වංශය” හෝ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලැබූ සහ තෝරාගෙන ඇති බවයි (බලන්න ලූක් 3:8). අනෙක් කිසිවෙකුත් දෙවියන්වහන්සේ විසින් නොපිළිගත් “අපවිත්‍ර” අන්‍ය ජාතිකයෙකු ලෙස ඔවුන් සලකනු ලැබීය. ක්‍රියා 10 හි කවුරු “උන්වහන්සේට ප්‍රසන්න” දැයි පිළිබඳ ස්වාමින්වහන්සේ පේත්‍රැස්ට ඉගැන්වූයේ මොනවාද? (ක්‍රියා 10:35). කොර්නේලියස්ගේ ජීවිතය ස්වාමින්වහන්සේට පිළිගත හැකි බවට මෙම පරිච්ඡේදයෙන් ඔබ සොයාගන්නා සාක්ෂි මොනවාද? “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න (34 වන පදය; තවත් බලන්න 1 නෙපි 17:35). මෙම සත්‍ය දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?

ආබ්‍රහම්ගේ වංශයට අයත් නොවන අයව පහත් කොට සැලකූ යුදෙව්වන් මෙන්, ඔබට වඩා වෙනස් කෙනෙකු ගැන අකාරුණික හෝ නොදැනුවත්වම උපකල්පන කිරීමට ඔබ කවදා හෝ හසුවී තිබේද? මෙම ප්‍රවණතාවයෙන් ඔබ මිදෙන්නේ කෙසේද? ඉදිරි දින කිහිපය සඳහා සරල ක්‍රියාකාරකමක් අත්හදාබැලීම සිත්ගන්නාසුළු විය හැකිය: ඔබ යමෙකු සමඟ කටයුතු කරන සෑමවිටම, “මෙම පුද්ගලයා දෙවියන්වහන්සේගේ දරුවෙකි” කියා සිතීමට උත්සහ කරන්න. ඔබ මෙය කරන විට, ඔබ අන් අය ගැන සිතන හා ක්‍රියා කරන ආකාරයෙහි ඔබ දකින වෙනස්කම් මොනවාද?

තවත් බලන්න 1 සාමුවෙල් 16:7; 2 නෙපි 26:13, 33; රසල් එම්. නෙල්සන්, “දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92–95.

ක්‍රියා 10; 11:1–1815

ස්වර්ගික පියාණන්වහන්සේ මට එළිදරව්වෙන් පේළියෙන් පේළිය උගන්වයි.

ක්‍රියා 10 හි විස්තර කර ඇති දර්ශනය පේත්‍රැස් දුටු විට, එය තේරුම්ගැනීමට මුලදී මහත් වෙහෙසක් දැරූ අතර “එහි තේරුම කුමක්දැයි තමා තුළම සැක පහළ විය” (17 පදය). නමුත් පේත්‍රැස් බලාපොරොත්තු වූ පරිදි ස්වාමින්වහන්සේ පේත්‍රැස්ට වැඩි අවබෝධයක් ලබාදුන්නේය. ක්‍රියා 10, 11, සහ 15 කියවන විට, පේත්‍රැස්ගේ දැක්ම පිළිබඳ අවබෝධය කාලයත් සමග ගැඹුරු වූ ආකාරය සැලකිල්ලට ගන්න. ඔබට ප්‍රශ්න ඇති විට ඔබ දෙවියන්වහන්සේගෙන් වැඩි අවබෝධයක් සොයා එය ලබාගත්තේ කෙසේද?

ක්‍රියා 10, 11, සහ 15 හි ස්වාමින්වහන්සේ තම සේවකයන්ව එළිදරව් කිරීම තුළින් මගපෙන්වූ අවස්ථා විස්තර කරයි. ඔබ මෙම පරිච්ඡේද කියවන විට එළිදරව් සම්බන්ධයෙන් ඔබ ඉගෙනගන්නා දේ සටහන් කිරීම උපකාර වනු ඇත. ආත්මයාණන්වහන්සේ ඔබට කථා කරන්නේ කුමන ආකාර වලින්ද?

ක්වින්ටින් එල්. කුක්, “අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලබීමේ ආශිර්වාදය,” ලියහෝනා, මැයි 2020, 96–100.

ක්‍රියා 11:26

මම කිතුනුවකු වන්නේ මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කර අනුගමනය කරන බැවිනි.

පුද්ගලයෙකුව කිතුනුවකු ලෙස හැඳින්වීමෙහි ඇති වැදගත්කම කුමක්ද? (බලන්න ක්‍රියා 11:26). ඔබව කිතුනුවකු ලෙස හඳුන්වනු ලැබීමෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? නම් වල වැදගත්කම සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ඔබගේ පවුලේ නම ඔබට කෙතරම් වටිනවාද? සභාවේ නම ඔබට වැදගත් වන්නේ ඇයි? (බලන්න දහම සහ ගිවිසුම් 115:4). ගිවිසුමක් මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ මත ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න දහම සහ ගිවිසුම් 20:77).

තවත් බලන්න මොසායා 5:7–15; ඇල්මා 46:13–15; 3 නෙපි 27:3–8; රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැ. 2018, 87–90.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ක්‍රියා 10:17, 20.අපට කවදා හෝ අධ්‍යාත්මික අත්දැකීම් ලැබී ඇති අතර පසුව අපට දැනුණු හෝ ඉගෙනගත් දේ ගැන සැක පහළවී තිබේද? අපගේ සැකයන් දුරුකරගැනීමට උපකාරී වන එකිනෙකාට අපට දිය හැකි උපදෙස් මොනවාද? (බලන්න නීල් එල්. ඇන්ඩර්සන්, “අධ්‍යාත්මිකව නිර්වචනය කළ මතකයන්,” ලියහෝනා, මැයි 2020, 18–22.)

ක්‍රියා 10:34–35.“දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්” බව ඔබට ඔබේ පවුලට ඉගැන්විය හැක්කේ කෙසේද? (ක්‍රියා 10:34). සමහරවිට ඔබේ පවුලේ අය මෙම පද කියවන අතරතුර ඔබට විවිධ පසුබිම් සහ සංස්කෘතීන් වල පුද්ගලයන්ගේ පින්තූර පෙන්විය හැකිය. මෙම පදවල ඇති සත්‍යයන් අපගේ ක්‍රියාවන්ට බලපෑම් කළ යුත්තේ කෙසේද?

ක්‍රියා 12:1–17.පේත්‍රැස්ව සිරගත කිරීම සහ සභාවේ සාමාජිකයන් එක්රැස් වී ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම පිළිබඳ කතාව ඔබේ පවුලේ අයට රඟදක්විය හැකිය. අපි යාච්ඤාවෙන් ආශිර්වාද ලබා ඇත්තේ කවදාද? යමෙකු වෙනුවෙන් යාච්ඤා කිරීමට අපි පෙළඹී සිටින සභාවේ නායකයෙකු හෝ ආදරණීය කෙනෙකු වැනි අයෙකු ඇත්ද? “නොනවත්වා” යාච්ඤා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ක්‍රියා 12:5; තවත් බලන්න ඇල්මා 34:27).

රූපය
පේත්‍රැස් සිරගෙයින් නිදහස් විය

ඒ. එල්. නෝක්ස් විසින්, Peter Delivered from Prison [පේත්‍රැස් සිරගෙයින් නිදහස් විය]

ක්‍රියා 14.ඔබ මෙම පරිච්ඡේදය එකට එක්ව කියවන විට, සමහර පවුලේ සාමාජිකයන්ට ගෝලයන්ට හා සභාවට ලැබුණු ආශිර්වාද සටහන් කළ හැකිය. අනෙක් පවුලේ සාමාජිකයින්ට විරුද්ධකම් හෝ ගෝලයන් අත්විඳින පීඩා සටහන් කළ හැකිය. ධර්මිෂ්ඨ මිනිසුන්ට දුෂ්කර දේ සිදුවීමට දෙවියන්වහන්සේ ඉඩදෙන්නේ ඇයි?

ක්‍රියා 15:1–21.චර්මච්ඡේදනය ඇතුළු මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපැදීමට ආගමට හැරෙන්නන්ට අවශ්‍යද යන්න පිළිබඳව සභාවේ ඇතිව තිබූ මතභේදයක් මෙම පද වලින් විස්තර කෙරේ. මෙම එකඟ නොවීම සම්බන්ධයෙන් ප්‍රේරිතවරුන් කළේ කුමක්ද? සභාවේ නායකයන් සභාවේ වැඩකටයුතු මෙහෙයවන ආකාරය ගැන මෙම උදාහරණයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

පින්තූරයක් අඳින්න පවුලේ සාමාජිකයන්ට ශුද්ධලියවිලිමය ඉගැන්වීම් සහ කතන්දර දෘශ්‍යමාන කිරීමට පින්තූර වලට උපකාරයක් විය හැකිය. ක්‍රියා 10 හි පේත්‍රැස්ගේ දර්ශනය වැනි, ඔබ කියවන දේවල පින්තූර ඇඳීමට ඔබට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කළ හැකිය.

රූපය
පේත්‍රැස් සහ කොර්නේලියස්

පේත්‍රැස් සහ කොර්නේලියස්ගේ අත්දැකීම් වලින් පෙනීයන්නේ “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්” බවයි (ක්‍රියා 10:34).

මුද්‍රණය කරන්න