අලුත් ගිවිසුම 2023
ජූලි 3–9. ක්‍රියා 1–5: “නුඹලා මට සාක්ෂිකරුවන් වනු ඇත”


“ජූලි 3–9. ක්‍රියා 1–5: ‘නුඹලා මට සාක්ෂිකරුවන් වනු ඇත,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජූලි 3–9. ක්‍රියා 1–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
ගඟේ බව්තීස්ම වූ සහ ගං ඉවුරේ සිටින විශාල පිරිස

සිඩ්නි කින්ග් විසින්, Day of Pentecost [පෙන්තකොස්ත දිනය]

ජූලි 3–9

ක්‍රියා 1–5

“නුඹලා මට සාක්ෂිකරුවන් වනු ඇත”

ඔබ ක්‍රියා 1–5 අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ ජීවිතයට අදාළ සත්‍යයන් සොයාගැනීමට ඔබව පොළඹවනු ඇත. ඔබව විශ්මයට පත්කරන පද සැලකිල්ලට ගන්න, ඔබ ඉගෙනගන්නා දේ බෙදාගැනීමට අවස්ථා සොයන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස්වහන්සේ තම පියාණන්වහන්සේ වෙතට නැගෙද්දී පේත්‍රැස්, වෙනත් ප්‍රේරිතයන් සමඟ “ස්වර්ගය දෙස ස්ථිරව බැලූ විට” ඔහු සිතුවේ කුමක්ද සහ ඔහුට හැඟුනේ කෙසේද කියා ඔබ කෙදිනක හෝ සිතුවාද? (ක්‍රියා 1:10). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විසින් පිහිටුවන ලද සභාව දැන් පවතින්නේ පේත්‍රැස්ගේ රැකවරණය යටතේය. “සියලු ජාතීන්ට ඉගැන්වීමේ” ප්‍රයත්නයට නායකත්වය දීමේ කාර්යය දැන් රඳාපවතින්නේ ඔහු මතය (මතෙව් 28:19). නමුත් ඔහුට ප්‍රමාණවත් නොමැති බවක් හෝ බියක් දැනුනේ නම්, ඒ පිළිබඳ කිසිඳු සාක්ෂියක් ක්‍රියා පොතේ අපට හමුනොවේ. අපි සොයාගන්නා දේවල් වන්නේ, නිර්භීත සාක්ෂිය සහ හැරීමේ ආශ්චර්යමත් සුවකිරීම්, අධ්‍යාත්මික ප්‍රකාශනයන්, සහ සභාවේ සැලකිය යුතු වර්ධනයේ උදාහරණයි. මෙය තවමත් ගැලවුම්කරුවාණන්ගේ සභාවයි, තවමත් උන්වහන්සේ විසින් එය මෙහෙයවනු ලැබේ. ඇත්තවශයෙන්ම, ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා පොත උන්වහන්සේගේ ප්‍රේරිතයන් හරහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ලෙසද හැඳින්විය හැකිය. ආත්මයාණන්ගේ වැගිරීමෙන් මගපෙන්වනු ලැබූ පේත්‍රැස්, තවදුරටත් ගලීල මුහුදේ වෙරළ තීරයේ යේසුස්වහන්සේ විසින් සොයාගත් නූගත් ධීවරයෙකු නොවීය. සති කිහිපයකට පෙර ඔහු නාසරෙත්හි යේසුස්වහන්සේව හඳුනන බව පවා ප්‍රතික්ෂේප කළ නිසා දැඩි ලෙස හඬා වැලපුණු මිනිසාද නොවීය.

ක්‍රියා පොතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ශුභාරංචිය ගැනත් ප්‍රබල ප්‍රකාශ ඔබ කියවනු ඇත. එම ශුභාරංචිය ඔබද ඇතුළුව—මිනිසුන්ව—ධෛර්යසම්පන්න අනුගාමිකයන් බවට පත්කරන්නේ කෙසේදැයි ඔබ දකිනු ඇත.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 1:1–8, 15–26; 2:1–42; 4:1–13, 31–33

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධාත්මයාණන් හරහා උන්වහන්සේගේ සභාව මෙහෙයවයි.

ගැලවුම්කරුවාණන්ගේ ස්වර්ගාරෝහණයෙන් පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිහිටුවීමට ප්‍රේරිතවරුන් දැරූ උත්සාහයන් ක්‍රියා පොතෙහි වාර්තා වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තවදුරටත් පොළොවේ නොසිටියද, උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ හරහා එළිදරව් කිරීම මගින් සභාව මෙහෙයවීය. ඔබ පහත සඳහන් ඡේද සමාලෝචනය කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නව නායකයින්ට මගපෙන්වූ ආකාරය සලකා බලන්න: ක්‍රියා 1:1–8, 15–26; 2:1–42; 4:1–13, 31–33.

අද ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වශයෙන්, අප සෑම කෙනෙකුටම ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යයට සහභාගී වීමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමට, අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමට, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස අන් අයට ආරාධනා කිරීමට, සහ සදාකාලිකව පවුල් එක්සත් කිරීමට—වගකීමක් ඇත (බලන්න ප්‍රධාන අත්පොත1.2). ඔබගේ ප්‍රයත්නයන්ට මගපෙන්වීම සඳහා ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේ මත විශ්වාසය තැබිය හැකි ආකාරය පිළිබඳව මෙම මුල් ප්‍රේරිතවරුන්ගෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

ක්‍රියා 2:36–47; 3:13–21

ශුභාරංචියේ මූලධර්ම හා නියෝග ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට මට උපකාර කරයි.

පෙන්තකොස්ත දවසේදී යුදෙව්වන් මෙන් “අනින ලද සිත්” ඇති බවක් ඔබට කවදා හෝ දැනී තිබේද? (ක්‍රියා 2:37). සමහරවිට ඔබ කණගාටු වන දෙයක් කළා විය හැකිය, නැතහොත් සරලව ඔබේ ජීවිතය වෙනස්කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔබට මෙම හැඟීම් ඇතිවිට ඔබ කළ යුත්තේ කුමක්ද? පේත්‍රැස් යුදෙව්වන්ට දුන් උපදෙස් ක්‍රියා 2:38 හි සොයාගත හැකිය. ක්‍රියා 2:37–47 හි සඳහන් පරිදි ශුභාරංචියේ පළමු මූලධර්ම හා නියෝග (ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව—හෝ සමහරවිට ක්‍රිස්තුස්වහන්සේගේ දහම ලෙස හඳුන්වනු ලබන එය ඇතුළුව) මෙම හැරුණු අයට බලපෑ ආකාරය සැලකිල්ලට ගන්න.

ඔබ දැනටමත් බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබාගෙන ඇති නිසා ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ දහම දිගටම ක්‍රියාත්මක කරන්නේ කෙසේද? වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ්ගේ මෙම වචන සලකා බලන්න: “නැවත නැවතත්… [ක්‍රිස්තුස්වහන්සේ] කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්, පසුතැවිලි වීමෙන්, බව්තීස්මයෙහි ගිවිසුම් හා ආශිර්වාද අලුත් කිරීම සඳහා සක්‍රමේන්තුවට සහභාගි වීමෙන්, සහ වැඩි වැඩියෙන් ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර සහකාරීත්වය ලැබීම තුළින් අපට පරිපූර්ණ විය හැකිය. අප එසේ කරන විට, අපි ක්‍රිස්තුස්වහන්සේට වඩාත් සමාන වන අතර, ඒ සියල්ලම සමඟ අවසානය දක්වා විඳදරාගත හැකි වනු ඇත (“Latter-day Saints Keep on Trying,” Liahona, May 2015, 56).

ක්‍රියා 3:19–21

“ප්‍රබෝධමත් කාලය” සහ “සියල්ල නැවත පිහිටුවීමේ කාලය” යනු කුමක්ද?

“ප්‍රබෝධමත් කාලය” යන්නෙන් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන සහස්‍රයයි. “සියල්ල නැවත පිහිටුවීමේ කාලය” යන්නෙන් අදහස් කරන්නේ, සහස්‍රය සඳහා ලෝකය සූදානම් කරන ශුභාරංචිය නැවත පිහිටුවීමයි.

ක්‍රියා 3; 4:1–31; 5:12–42

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේගේ නාමයෙන් හාස්කම් කිරීමට බලය ලබාදී ඇත.

කොර වූ මිනිසා දේවමාළිගාවට පැමිණි අයගෙන් මුදල් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් ස්වාමින්වහන්සේගේ සේවකයෝ ඔහුට තවත් බොහෝ දේ ලබාදුන්හ. ඔබ ක්‍රියා 3; 4:1–31; සහ 5:12–42 කියවන විට, පසුව සිදුවූ ප්‍රාතිහාර්ය මෙම ජනතාවට බලපෑ ආකාරය සලකා බලන්න:

  • කොර මිනිසා

  • පේත්‍රැස් සහ යොහාන්

  • දේවමාළිගාවේ සිටි සාක්ෂිකරුවන්

  • උත්තම පූජකයන් සහ පාලකයන්

  • අනෙකුත් ශුද්ධවන්තයින්

රූපය
පේත්‍රැස් මිනෙසෙකුව සුවකරමින්

වෝල්ටර් රනේ විසින්, Such as I Have I Give Thee [මම නුඹලාට ලබාදුන්නා මෙන්]

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ක්‍රියා 1:21–26.ක්‍රියා 1:21–26 කියවීමෙන් අද දින ප්‍රේරිතවරුන් පොළොවේ සිටීමෙන් ලැබෙන ආශිර්වාද ගැන ඔබේ පවුලට සාකච්ඡා කළ හැකිය. අද දින සිටින ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ බවට ඔවුන් සාක්ෂියක් ලබාගත් ආකාරය පවුලේ සාමාජිකයින්ට බෙදාගත හැකිය. මෙම සාක්ෂිය තිබීම වැදගත් වන්නේ ඇයි?

ක්‍රියා 2:37.“අනින ලද සිත් ඇතිව” යන වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක්ද? අපට ඒ හා සමාන දෙයක් දැනී ඇත්තේ කවදාද? අපට එවැනි හැඟීම් ඇති විට “අප කුමක් කළ යුතුද?” යනුවෙන් පැවසීම වැදගත් වන්නේ ඇයි?

ක්‍රියා 3:1–10.මෙම පදවල ඇති කතාව රඟ දැක්වීමෙන් ඔබේ පවුලේ අය සතුටු විය හැකිය. දේවමාළිගාවේ සිටි මිනිසා බලාපොරොත්තු වූවාට වඩා වෙනස් ආකාරයකින් ආශිර්වාද ලැබුවේ කෙසේද? ස්වර්ගික පියාණන්වහන්සේගේ ආශිර්වාදය අනපේක්ෂිත ආකාරයකින් අප වෙත එන ආකාරය අප දැක ඇත්තේ කෙසේද?

ක්‍රියා 3:12–26; 4:1–21; 5:12–42.පේත්‍රැස්ගේ සහ යොහාන්ගේ ඇදහිලිවන්ත බව ගැන ඔබව පුදුමයට පත්කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි වලින් අපට නිර්භීත විය හැක්කේ කෙසේද? කුඩා දරුවන්ට ඔවුන්ගේ සාක්ෂි බෙදාගැනීමට උපකාර කිරීම ගැන සලකා බලන්න.

ක්‍රියා 4:315:4.ක්‍රියා 4:31–37 හි විස්තර කර ඇති ආකාරයට අපට අපගේ පවුලට, කොට්ඨාශයට, හෝ ප්‍රජාවට උපකාර කළ හැක්කේ කෙසේද? “එකම හදවතකින් සහ එකම ප්‍රාණයකින්” සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි සමහරවිට අපගේ දායකත්වයන් “[පසුපසට කර] තබාගන්නේ” කුමන ආකාර වලින්ද? එසේ කිරීම “දෙවියන්වහන්සේට [බොරු කිරීම]” හා සමාන වන්නේ ඇයි? (ක්‍රියා 5:2, 4). වංකකම අපට ආත්මිකව බලපාන්නේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

මාතෘකාවක් තෝරාගන්න. එකට එක්ව පාඩම් කිරීම සඳහා ක්‍රියා 1–5 දක්වා මාතෘකාවක් තෝරාගැනීමට පවුලේ සාමාජිකයින්ට ඉඩදෙන්න.

රූපය
ප්‍රේරිතවරුන් දෙදෙනෙකු වටා ඉහළට යොමුවන දේවදූතයන්

හැරී ඇන්ඩර්සන් විසින්, The Ascension [ස්වර්ගාරෝහණය]

මුද්‍රණය කරන්න