අලුත් ගිවිසුම 2023
ජූලි 31–අගෝස්තු 6. ක්‍රියා 22–28: “දේවසේවකයෙක් සහ සාක්ශිකරුවෙක්”


“ජූලි 31–අගෝස්තු 6. ක්‍රියා 22–28: ‘දේවසේවකයෙක් සහ සාක්ශිකරුවෙක්,’” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජූලි 31–අගෝස්තු 6. ක්‍රියා 22–28,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පාවුල් සිරගෙය තුළ

ජූලි 31–අගෝස්තු 6

ක්‍රියා 22–28

“දේවසේවකයෙක් සහ සාක්ශිකරුවෙක්”

ශුද්ධාත්මයාණන්වහන්සේගේ හැඟීම් බොහෝවිට නිහඬය සහ සමහරවිට ක්ශණිකය. ඔබේ හැඟීම් සටහන් කිරීම තුළින් ඒවා වඩාත් ගැඹුරින් මෙනෙහි කිරීමට ඔබට ඉඩසලසයි. ඔබ ක්‍රියා 22–28 කියවන විට, ඔබ වෙත පැමිණෙන හැඟීම් සහ අදහස් සටහන් කරගෙන ඒවා මෙනෙහි කිරීමට කාලය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“අපි ස්වාමින්වහන්සේගේ කාර්යය කරන විට, අපට ස්වාමින්වහන්සේගේ උපකාරය හිමිවන බව” සභාපති තෝමස් එස්. මොන්සන් පොරොන්දු විය (“To Learn, to Do, to Be,” Liahona, Nov. 2008, 62). කෙසේවෙතත්, සුමට මාර්ගයක් සහ නිමක් නැති සාර්ථකත්වයේ ප්‍රවාහයක් අපට හිමිවන්නේ නැත. මේ සඳහා සාක්ශියක් වශයෙන්, පාවුල් ප්‍රේරිතවරයාට වඩා වැඩි යමක් අපට අවශ්‍ය වන්නේ නැත. ස්වාමින්වහන්සේගෙන් ඔහුට ලැබුණු කාර්යය වූයේ “මාගේ නාමය අන්‍ය ජාතීන්ද, රජුන්ද, ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්න” යන්නයි (ක්‍රියා 9:15). ක්‍රියා 22–28 පරිච්ඡේද තුළ, පාවුල් මෙම කාර්යය සපුරන විට දම්වැල්, සිරගත කිරීම්, ශාරීරික හිංසනයන්, නැව් ගසාගෙන යෑම්, සහ සර්ප ප්‍රහාරයක් පවා වැනි විශාල විරුද්ධතාවන්ට මුහුණදීම අපි දකිමු. නමුත් යේසුස්වහන්සේ “ඔහු ළඟ සිට, පාවුල්, ධෛර්ය ඇතුව සිටපන්න” කියා පැවසීමද අපි දකිමු (ක්‍රියා 23:11). “[උන්වහන්සේගේ] ශුභාරංචිය ප්‍රීති ප්‍රමෝදයේ හඬකින් ප්‍රකාශ කරන්න” යන ස්වාමින්වහන්සේගේ කැඳවීම මෙම පොරොන්දුව සමඟ එන බවට පාවුල්ගේ අත්දැකීම් ප්‍රබෝධමත් මතක් කිරීමක් වේ: “නුඹලාගේ හදවත් ඔසවා තවද ප්‍රීතිමත් වන්න, මක්නිසාද මම නුඹලා මධ්‍යයේ වන්නෙමි,” (දහම සහ ගිවිසුම් 29:4–5; තවත් බලන්න මතෙව් 28:19–20).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 22:1–2; 26:1–29

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ඔවුන්ගේ සාක්ශිය නිර්භීත ලෙස බෙදාගත්හ.

ක්‍රියා 22 සහ 26 හි සටහන් වන බලවත් සාක්ශි පාවුල් බෙදාගන්නා විට, රෝමානු සොල්දාදුවන් විසින් ඔහුව සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටියෝය. ඔහු කතා කළ මිනිසුන් හට ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමට බලය තිබුණි. එනමුත් ඔහු නිර්භීතව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ඔහුට ලැබුණු “ස්වර්ගික දර්ශනය” පිළිබඳව (ක්‍රියා 26:19) සාක්ශි බෙදාගැනීමට තෝරාගත්හ. ඔහුගේ වචන පිළිබඳව ඔබව පොළඹවන්නේ කුමක්ද? ඔබට ඔබගේ සාක්ශිය බෙදාගැනීමට ඇති අවස්ථාවන් ගැන සලකාබලන්න. නිදසුනක් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ මිතුරන් දන්නවාද? එසේත් නැතිනම් ශුභාරංචිය පිළිබඳව සාක්ශියක් ඔබ ලබාගත් ආකාරය ගැන ඔබගේ පවුලේ අය සමඟ ඔබ අවසාන වරට බෙදාගත්තේ කවදාද?

තරුණ ජෝසෆ් ස්මිත් ඔහුගේ පළමු දර්ශනය ගැන පැවසීම නිසා සමච්චලයට ලක්වූ විට, පාවුල් ඔහුගේ දර්ශනය ගැන සාක්ෂි දුන් ආකාරය ඔහුට පෙළඹවීමක් විය (බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:24–25). ජෝසෆ් ස්මිත් පාවුල්ගෙන් ඉගෙනගත් දේ ඔබ සාරාංශ කරන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න නීල් එල්. ඇන්ඩර්සන්, “අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු,” ලියහෝනා, නොවැ. 2020, 88–91.

ක්‍රියා 23:10–11; 27:13–25, 40–44

ස්වාමින්වහන්සේට සේවය කිරීමට උත්සහ දරන අය සමඟ උන්වහන්සේ සිටින සේක.

අපගේ ජීවිත වල අමාරුකම් දෙවියන්වහන්සේ අපව හෝ අප කරන කාර්යයන් ප්‍රතික්ශේප කරන බවට ලකුණක් නොවන බව පාවුල්ගේ දේවසේවය පැහැදිලිවම පෙන්වාදෙයි. ඇත්තවශයෙන්ම, සමහර වේලාවට අපට උන්වහන්සේගේ සහය වඩාත් ප්‍රබල ලෙස දැනෙන්නේ එම දුශ්කර අවස්ථා වලදීය. පාවුල්ගේ දේවසේවය ගැන ඔබ මෑතකදී කියවූ දේ සමාලෝචනය කිරීම සහ ඔහු විඳදරාගත් දේවල් ලැයිස්තුගත කිරීම සිත්ගන්නාසුළු විය හැකිය (උදාහරණ ලෙස, බලන්න, ක්‍රියා 14:19–20; 16:19–27; 21:31–34; 23:10–11; 27:13–25, 40–44). ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටියේ කෙසේද? උන්වහන්සේ ඔබ සමඟ සිටින්නේ කෙසේද?

ක්‍රියා 24:24–27; 26:1–3, 24–2927

දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ වචන වලට සවන්දීමෙන් ආරක්ෂාව සහ සාමය ලැබෙනු ඇත.

ඔහුගේ දේවසේවය මුළුල්ලේ, පාවුල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳව බලවත් සාක්ශි දැරීය. බොහෝ මිනිසුන් ඔහුගේ සාක්ශිය පිළිගත් නමුත් සෑමකෙනෙක්ම එය පිළිගත්තේ නැත. ඔබ ක්‍රියා 24:24–27 සහ ක්‍රියා 26:1–3, 24–29 කියවන විට, යුදයේ පහත සඳහන් රෝම පාලකයින් පාවුල්ගේ ඉගැන්වීම් වලට ප්‍රතිචාර දැක්වූ ආකාරය පෙන්වන වචන සහ වාක්‍ය ඛණ්ඩ සඳහා සොයන්න.

  • පීලික්ස්

  • පෙස්තුස්

  • අග්‍රිපා රජ

සීසර් විසින් විනිශ්චය වීම සඳහා රෝමයට යාත්‍රා කරමින් සිටියදී, නැවට සහ එහි මගීන්ට “අන්තරාය සහ බොහෝ අලාභ” සිදුවන බව පාවුල් අනාවැකි පළ කළේය (ක්‍රියා 27:10). ඔහුගේ අනතුරු ඇඟවීමට පාවුල්ගේ නැවේ සගයන් ප්‍රතිචාර දැක්වූ ආකාරය දැනගැනීමට 27 වන පරිච්ඡේදය කියවන්න. මෙම අත්දැකීමෙන් ඔබට යම් පාඩමක් තිබේද?

සභාවේ නායකයන්ගේ ඉගැන්වීම් ඇසුණු විට මෙම මිනිසුන් මෙන් ඔබ කවදා හෝ ප්‍රතිචාර දක්වා තිබේද? මෙලෙසින් ප්‍රතිචාර දැක්වීමේ යම් යම් ප්‍රතිවිපාක මොනවාද? ස්වාමින්වහන්සේගේ සේවකයන් තුළින් ලැබෙන උන්වහන්සේගේ උපදේශ පිළිපැදීම පිළිබඳව මෙම වාර්තා වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

තවත් බලන්න 2 නෙපි 33:1–2; “Follow the Living Prophet,” Teachings of Presidents of the Church: Ezra Taft Benson (2014), 147–55.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ක්‍රියා 24:16.හැරී ඒමට පෙර, දෙවියන්වහන්සේට කළ වැරදි පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් පාවුල්ට ඇත. නමුත්, ඔහු පසුතැවිලි වූ නිසා, “දෙවියන්වහන්සේට සහ මිනිසුන් කෙරෙහි වරදක් නොකිරීමට හෘදසාක්ශියක් ඇතිකරගැනීමට මම මෙහිදී අභ්‍යාස කරමි” යැයි කීමට ඔහුට හැකියාව තිබුණි (තවත් බලන්න දහම සහ ගිවිසුම් 135:4–5). දෙවියන්වහන්සේට සහ අන් අයට කරන වැරදි පිළිබඳ අපගේ හෘද සාක්ශියෙන් අපි මිදෙන්නේ කෙසේද?

ක්‍රියා 26:16–18.මෙම වගන්ති වල, ස්වාමින්වහන්සේ කුමන කාර්යයක් කිරීම සඳහා පාවුල් කැඳවූයේද? මේ හා සමාන දේවල් කිරීමට අපට ලැබෙන අවස්ථාවන් මොනවාද?

ක්‍රියා 26:1–9.ඔබේ පවුලේ කිසිවෙකු සර්පයන්ට කැමතිද? ක්‍රියා 28:1–9 ඇති කතන්දරය එම පුද්ගලයාට හෝ පවුලේ වෙනත් සාමාජිකයෙකුට පැවසීමට ඔබට ඉල්ලාසිටිය හැකිය. මෙම කතන්දර චිත්‍රයට නැගීමෙන් හෝ රගපෑමෙන් ඔබේ දරුවන් සතුටුවිය හැකිය. මෙම වාර්තා වලින් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට දුන් පොරොන්දු ඉටුකිරීම එක් පාඩමක් විය හැකිය. උදාහරණයක් ලෙස, ඔබට මාර්ක් 16:18 හි දුන් පොරොන්දු පාවුල්ගේ අත්දැකීම් වල ඉටුවීමත් සමඟ සැසඳිය හැකිය. සමහරවිට ඔබේ පවුලට වඩාත් අර්ථවත්— ස්වාමින්වහන්සේගේ සේවකයෙකු විසින් දුන් පොරොන්දුවක් ඔබට මෑත ප්‍රධාන සම්මන්ත්‍රණයේදී කළ කතාවකින් සොයාගත හැකිය—එමෙන්ම එය ඔබේ නිවසේ ප්‍රදර්ශනය කරන්න. මෙම පොරොන්දුව ඉටුවන බවට අපගේ ඇති විශ්වාසය අපි පෙන්වන්නේ කෙසේද?

රූපය
විෂ සහිත සර්පයා

විෂ සර්පයෙකු පාවුල්ට දෂ්ට කළ විට දෙවියන්වහන්සේ ඔහුව බේරාගත් සේක.

ක්‍රියා 28:22–24.පාවුල්ගේ දවස්වල සභාව මෙන් (“ලබ්ධිය” ලෙස 22 වන පදයේ හඳුන්වා ඇත), අද සභාව පිළිබඳවද “විරුද්ධව කතාකරනු” ලැබෙයි. මිනිසුන් ගැලවුම්කරුවාණන්ට සහ උන්වහන්සේගේ සභාවට විරුද්ධව කතා කළ විට, පාවුල් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? පාවුල්ගේ අත්දැකීමෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔබගේ පවුලට ආශිර්වාද ලැබිය හැකි මූලධර්ම ගැන අවධානය යොමුකරන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ඔබගෙන් මෙසේ අසන්න, “මගේ පවුලට විශේෂයෙන්ම අර්ථවත් වන කුමක් මෙයින් සොයාගත හැකිද?” (බලන්න Teaching in the Savior’s Way, 17).

රූපය
පාවුල් අග්‍රිපා රජු ඉදිරියේ

පාවුල් අග්‍රිපා රජු ඉදිරියේ. ඩැනියෙල් ඒ. ලෙවිස් විසින්, Valiant in the Testimony of Jesus Christ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ශිය තුල නිර්භීතව]

මුද්‍රණය කරන්න