අලුත් ගිවිසුම 2023
අගෝස්තු 7–13. රෝම 1–6: “ගැලවීම පිණිස දෙවියන්වහන්සේගේ බලය”


“අගෝස්තු 7–13. රෝම 1–6: ‘ගැලවීම පිණිස දෙවියන්වහන්සේගේ බලය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අගෝස්තු 7–13. රෝම 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පාවුල් සංදේශයක් ලියමින්

අගෝස්තු 7–13

රෝම 1–6

“ගැලවීම පිණිස දෙවියන්වහන්සේගේ බලය”

පෙළඹවීම් සටහන් කිරීම ආත්මයාණන් ඔබට උගන්වන දේ මතක තබාගැනීමට උපකාරී වේ. මෙම පෙළඹවීම් පිළිබඳව ඔබට හැඟෙන ආකාරය සටහන් කිරීමද සලකා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

විවිධාකාර යුදෙව්වන් සහ අන්‍ය ජාතිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වූ, රෝම සභා සාමාජිකයන් වෙත පාවුල් ඔහුගේ සංදේශය ලියන කාලය වන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගලීලයේ සිට පැමිණි කුඩා ඇදහිලිවන්තයන් පිරිසකට වඩා ඔබ්බට වර්ධනය වී තිබුණි. ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීමෙන් වසර 20 කට පමණ පසු, බලවත් අධිරාජ්‍යයක අගනුවර වන රෝමයද ඇතුලුව, ප්‍රේරිතවරුන්ට සාධාරණව ගමන්කළ හැකි සෑමතැනකම පාහේ කිතුනුවන්ගේ සභා තිබුණි. තවමත්, රෝම අධිරාජ්‍යයේ විශාලත්වය හා සසඳන විට, සභාව කුඩා වූ අතර බොහෝ විට පීඩාවට ලක්විය. එවැනි තත්වයන් තුළ, ඇතැමුන්ට “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ලැජ්ජාවක්” දැනෙන්නට ඇත—නමුත්, ඇත්තවශයෙන්ම, පාවුල්ට එසේ නොවුණි. සැබෑ බලය, “ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය,” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ඇති බව ඔහු දැන සිටි අතර ඒ ගැන සාක්ෂි දුන්නේය (රෝම 1:16).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

සංදේශ යනු මොනවාද, සහ ඒවා සංවිධානය කර ඇත්තේ කෙසේද?

සංදේශ යනු ලෝකයේ විවිධ කොටස් වල ශුද්ධවන්තයන් වෙත සභාවේ නායකයන් විසින් ලියන ලද ලිපිය. රෝම ආරම්භයේ සිට හෙබ්‍රෙව් වලින් අවසන් වන තෙක්ම—අලුත් ගිවිසුමේ බොහෝ සංදේශ ලියන ලද්දේ පාවුල් ප්‍රේරිතවරයා විසින්ය. හෙබ්‍රෙව් හැර ඔහුගේ ලිපි දිග අනුව සංවිධානය කර ඇත. අලුත් ගිවිසුමේ පළමු සංදේශය රෝම වුවත්, එය ඇත්තටම ලියා ඇත්තේ පාවුල්ගේ ධර්මදූත ගමනේ අගභාගය ආසන්නයේය.

රෝම 1–6

“ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය.”

පහත සඳහන් අර්ථදැක්වීම් රෝමවරුන්ට ලියන ලද සංදේශය වඩාත් හොඳින් හඳුනාගැනීමට ඔබට උපකාරී වනු ඇත:

ව්‍යවස්ථාව.පාවුල් “ව්‍යවස්ථාව” ගැන ලියන විට, ඔහු සඳහන් කළේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැනය. පාවුල්ගේ ලියවිලි වල “ක්‍රියා” යන වචනය මෝසෙස්ගේ ව්‍යවස්ථාව හා සම්බන්ධ බාහිර ක්‍රියා වලට යොමුවෙයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව සහ ඒ යටතේ අවශ්‍ය කරන ක්‍රියා රෝම 3:23–31 හි විස්තර කර ඇති “ඇදහිල්ලේ ව්‍යවස්ථාවට” වඩා වෙනස් වන්නේ කෙසේදැයි සලකා බලන්න.

චර්මච්ඡේදනය, අචර්මච්ඡේදනය.පුරාණයේ, චර්මච්ඡේදනය යනු දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇතිකරගත් ගිවිසුමේ ටෝකනය හෝ සංකේතයකි. පාවුල් “චර්මච්ඡේදනය යන යෙදුම යුදෙවුවන් සඳහා සහ “අචර්මච්ඡේදනය යන යෙදුම අන්‍ය ජාතීන් සඳහාද භාවිතා කළේය. දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ වීම යන්නෙහි සැබෑ අර්ථය ගැන රෝම 2:25–29 හි උගන්වන දේ ගැන මෙනෙහි කරන්න. චර්මච්ඡේදනය තවදුරටත් දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ ඇති කරගත් ගිවිසුමේ සංකේතයක් නොවන බව සලකන්න (බලන්න ක්‍රියා 15:23–29).

සාධාරණීකරණය, සාධාරණ, යුක්ති සහගත.මෙම යෙදුම් පව්කමාව හෝ සමාවදීම යන බව අදහස් කෙරේ. අප සාධාරණීකරණය වූ විට, අපට සමාව දී, නිර්දෝශී බව ප්‍රකාශ කර, අපගේ පාප වල සදාකාලික දඬුවමින් නිදහස් වේ. ඔබ මෙම වචන දකින විට, සාධාරණීකරණය කළ හැකි දේ ගැන පාවුල් ඉගැන්වූ දේ සැලකිල්ලට ගන්න. රෝම වල, ධර්මිශ්ඨ සහ ධර්මිශ්ඨකම යන වචන සාධාරණ සහ සාධාරණීකරණය යන වචන සඳහා සමාන පද ලෙස දැකිය හැකිය.

කරුණාව.කරුණාව යනු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්ලෝභී අදරය සහ දයාව තුළින් දෙනු ලබන දිව්‍යමය … බලය සහ උපකාරයයි.” කරුණාව තුළින්, සියලුම මිනිසුන් මරණයෙන් නැවත නැගිටවනු ලබන අතර අමරණීයත්වය ලබාගනිති. ඊට අමතරව, “කරුණාව යනු පුරුශයන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේම උපරිම උත්සහයන් දැරීමෙන් පසු සදාකාලික ජීවිතය සහ අමරණීයත්වය සඳහා ඉඩ සලසන බලයකි. අපගේම උත්සහයෙන් අප කරුණාව උපයා නොගනී; ඒ වෙනුවට, “අපට වෙනත් ආකාරයකින් නඩත්තු කිරීමට නොහැකි යහපත් ක්‍රියා කිරීමට ශක්තිය සහ සහය ලබාදෙන්නේ කරුණාවයි” (තවත් බලන්න 2 නෙපි 25:23). ඔබ රෝම කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ කරුණාව ගැන ඔබ ඉගෙනගන්නා දේ සටහන් කරන්න.

රෝම 2:17–29

මගේ ක්‍රියාවන් තුළින් මගේ හැරීම පිළිඹිබු විය යුතු අතර එය වර්ධනය කළ යුතුය.

රෝමයේ සිටි සමහර යුදෙව් ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතියේ චාරිත්‍ර වාරිත්‍ර වලින් ගැලවීම ගෙන එන බව තවමත් විශ්වාස කළහ. අප මෝසෙස්ගේ නීතිය අනුව ජීවත්නොවන බැවින් මෙය අදාළ නොවන ගැටලුවක් සේ පෙනිය හැකිය. නමුත් ඔබ පාවුල්ගේ ලියවිලි කියවන විට, විශේෂයෙන්ම රෝම 2:17–29 කියවන විට, ශුභාරංචිය තුළ ජීවත්වීමට ඔබ දරන උත්සහයන් ගැන සිතන්න. සක්‍රමේන්තුව ලබාගැනීම හෝ දේවමාළිගාවට යෑම වැනි ඔබගේ භාහිර ක්‍රියා, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහ ඔබගේ හැරීම ගැඹුරු කිරීමට ඔබව යොමුකරනවාද? (බලන්න ඇල්මා 25:15–16.) ඔබේ බාහිර ක්‍රියාවන් හදවතේ වෙනසක් ඇතිකිරීමට ඔබව පෙළඹවීම සඳහා ඔබ වෙනස් කළ යුතු යමක් තිබේද?

රෝම 3:10–31; 5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, මට මාගේ පවු වලට සමාව ලබාගත හැකිය.

“ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත” යන පාවුල්ගේ නිර්භීත ප්‍රකාශය නිසා සමහර මිනිසුන් අධෛර්යයට පත්විය හැකිය (රෝම 3:10). නමුත් රෝම පොතේ බලාපොරොත්තු සහගත පණිවිඩද තිබේ. 3 සහ 5 පරිච්ඡේද වල එම පණිවිඩ ගැන සොයාබලා, “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23) යන්න මතකතබාගැනීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් “බලාපොරොත්තුවෙහි ප්‍රීති වීමට” (රෝම 5:2) ඉගෙනගැනීමේ වැදගත් පියවරක් වන්නේ කෙසේදැයි සලකා බලන්න.

රෝම 6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ජීවිතයේ අලුත්කමින් හැසිරෙන පිණිස” මා හට ආරාධනා කරන සේක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විසින් අප ජීවත්වන ආකාරය වෙනස් කළ යුතු බව පාවුල් උගන්වනු ලැබුවේය. ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීම ඔබට “ජීවිතයේ අලුත් බවකින් ගමන් කිරීමට” (4 වන පදය) උපකාර වී ඇති ආකාරය විස්තර කරන රෝම 6 හි සඳහන් ප්‍රකාශ මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

රෝම 1:16–17.අප “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ලැජ්ජා නොවන බව” පෙන්වන්නේ කෙසේද?

රෝම 3:23–28.ඔබ මෙම පද කියවන විට, අපට කිසිදා කළ නොහැකි දෙවියන්වහන්සේගේ කරුණාව “උපයා ගැනීම” සහ අප විසින් කළ යුතු, එය ලැබීම අතර වෙනස ඔබට සාකච්ඡා කළ හැකිය. දෙවියන්වහන්සේගේ කරුණාව අපට දැනුණේ කවදාද? අපට එය වඩාත් සම්පූර්ණයෙන් ලබාගත හැක්කේ කෙසේද?

රෝම 5:3–5.අප අත්විඳ ඇති පීඩා මොනවාද? ඉවසීම, අත්දැකීම්, සහ බලාපොරොත්තුව වර්ධනය කරගැනීමට පීඩා අපට උදවු කර ඇත්තේ කෙසේද?

රෝම 6:3–6.බව්තිස්මයේ සංකේතය පිළිබඳව පාවුල් මෙම පදවල පැවසුවේ කුමක්ද? සමහරවිට ඔබගේ පවුලේ අයට එළඹෙන්නාවූ බව්තිස්මයකට සහභාගී වීමට සැලසුම් කළ හැකිය. නැතිනම් ඔබේ පවුලේ කෙනෙකු හට ඔහුගේ හෝ ඇයගේ බව්තිස්මයේ පින්තූර හෝ මතකයන් බෙදාගත හැකිය. බව්තිස්ම ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම “ජීවිතයේ අලුත් බවින් හැසිරීමට” අපට උපකාර කරන්නේ කෙසේද?

රූපය
මිනිසෙකු තවත් කෙනෙකුව විලක බව්තිස්ම කරමින්

බව්තිස්මය සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස්වහන්සෙගේ ගෝලයෙකු ලෙස නව ජීවිතයක් ආරම්භ කිරීමයි.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

අධ්‍යයනය කරන අතරතුර ප්‍රශ්ණ අසන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ප්‍රශ්ණ මතකයට එනු ඇත. මෙම ප්‍රශ්ණ මෙනෙහි කර පිළිතුරු සොයන්න. උදාහරණයක් ලෙස, රෝම 1–6 හි “කරුණාව යනු කුමක්ද?” යන ප්‍රශ්ණයට ඔබට පිළිතුරු සෙවිය හැකිය.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දිය පහරකින් ගැහැණු ළමයෙකුව ඔසවමින්

ග්‍රෙග් කේ ඕල්සන් විසින්, Be Not Afraid [බිය නොවන්න]

මුද්‍රණය කරන්න