අලුත් ගිවිසුම 2023
අගෝස්තු 21–27. 1 කොරින්ති 1–7: “පරිපූර්ණව එකට එකතු වන්න”


“අගෝස්තු 21–27. 1 කොරින්ති 1–7: ‘පරිපූර්ණව එකට එකතු වන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අගෝස්තු 21–27. 1 කොරින්ති 1–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පුරාණ කොරින්තිය

Corinth, Southern Greece, the Forum and Civic Center, [කොරින්තිය, දකුණු ග්‍රීසිය, සංසදය, සහ සිවිල් මධ්‍යස්ථානය] බැලේජ්ගේ සිතුවමකි Balogh/www.ArchaeologyIllustrated.com

අගෝස්තු 21–27

1 කොරින්ති 1–7

“පරිපූර්ණව එකට එකතු වන්න”

ඔබ 1 කොරින්ති 1–7 කියවන අතරතුර ඔබේ හැඟීම් සටහන් කරන්න. අදහසක් තවදුරටත් හැදෑරීමට පෙළඹවීමක්, ඔබ ඉගෙනගන්නා දෙයක් අන් අය සමඟ බෙදාගැනීමක්, හෝ ඔබේ ජීවිතයේ වෙනස්කම් කිරීමක් මෙම හැඟීම් වල ඇතුළත් විය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් කොරින්තියේ ගතකළ මාස වලදී, “කොරින්තිවරුන්ගෙන් බොහෝදෙනෙක්ද [ඔහුව] අසා අදහාගෙන, බව්තීස්ම කරනු ලැබුවෝය” (ක්‍රියා 18:8). අවුරුදු කිහිපයකට පසු, කොරින්ති ශුද්ධවන්තයන් අතර “බෙදීම්” සහ “මතභේද” ඇතිවූ බවත්, ඔහු නොමැති විට ඔවුන් “මේ ලෝකයේ ප්‍රඥාවට” අවනත වීමට පටන්ගත් බවත් පාවුල්ට දැනගන්නට ලැබීම හද කම්පා කරවන්නක් විය (1 කොරින්ති 1:10–11, 20). ඊට ප්‍රතිචාර වශයෙන්, පාවුල් අප දැන් 1 කොරින්ති යනුවෙන් හඳුන්වන ලිපිය ලිවීය. එය ගැඹුරු ඉගැන්වීම් වලින් පිරී ඇති අතර, ඒ අතරම, තමාට දීමට අවශ්‍ය සියලු දහම් පිළිගැනීමට ශුද්ධවන්තයන් සූදානම් නොවීම ගැන පාවුල් කලකිරීමට පත්ව ඇති බව පෙනේ. “මට, සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්ට නොහැකිය,” ඔහු විලාප තැබීය, “මක්නිසාද නුඹලා තවම මාංසිකය” (1 කොරින්ති 3:1–3). පාවුල්ගේ වචන කියවීමට අප සූදානම් වනවිට—ආත්මයාණන්ට අවනත වීමට සහ අපගේ පවුල් තුළ, අපගේ සෙසු ශුද්ධවන්තයන් හා දෙවියන්වහන්සේ සමඟ එක්සත්වීමට උත්සහ කිරීම ඇතුළුව, සත්‍යය ලැබීමට ඇති අපගේ සූදානම පරීක්ෂාකර බැලීම ප්‍රයෝජනවත් විය හැකිය.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 කොරින්ති 1:10–17; 3:1–11

ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එක්සත් වීමට උත්සහ කරති.

කොරින්ති ශුද්ධවන්තයන් අතර එක්සත්කම නොමැතිකම පිළිබඳ සියලු විස්තර අපි නොදනිමු, නමුත් අපගේම සම්බන්ධතා වල එකමුතුවක් නොමැතිවීම ගැන අපි දනිමු. ඔබේ ජීවිතයේ වඩා එකමුතුකමින් ප්‍රයෝජන ගතහැකි සම්බන්ධතාවයක් ගැන සිතන්න; කොරින්ති ශුද්ධවන්තයන් අතර එක්සත්කම නොමැතිකම ගැන 1 කොරින්ති 1:10–17; 3:1–11 හි පාවුල් ඉගැන්වූ දේ සොයාබලන්න. අන් අය සමඟ වඩා හොඳ එක්සත්කමක් ඇතිකරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට ලබාගත හැකි අවබෝධය කුමක්ද?

තවත් බලන්න මොසායා 18:21; 4 නෙපි 1:15–17; දහම සහ ගිවිසුම් 38:23–27; 105:1–5.

1 කොරින්ති 1:17–312

දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට, මට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යය.

එය යහපත් නම්—අපට සොයාගත හැකි ඕනෑම තැනක ප්‍රඥාව සෙවීමට—ධෛර්යමත් කර ඇත (බලන්න 2 නෙපි 9:29; දහම සහ ගිවිසුම් 88:118), අඩුපාඩු සහිත මිනිස් ප්‍රඥාව පිළිබඳව පාවුල් දැඩිලෙස අනතුරු ඇඟවීම් කීපයක් දුන් අතර, එය “මෙම ලෝකයේ ප්‍රඥාව” ලෙස ඔහු හඳුන්වයි. ඔබ 1 කොරින්ති 1:17–25 කියවන විට, මෙම වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක්දැයි සිතාබලන්න. “දෙවියන්වහන්සේගේ ප්‍රඥාව” යනුවෙන් පාවුල් අදහස් කළේ කුමක්යැයි ඔබ සිතන්නේද? දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට අපට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඇයි?

දෙවියන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමේදී ඔබගේ වගකීම් ඉටුකිරීමට ඔබ දරන උත්සාහයේදී, කොරින්ති ශුද්ධවන්තයන්ට ඉගැන්වූ විට පාවුල්ට දැනුණු “භීතිය සහ… බොහෝ වෙව්ලීම” ඔබ කවදා හෝ අත්විඳ තිබේද? (1 කොරින්ති 2:3). ඔබට ධෛර්යය ලබාදෙන කුමක් 1 කොරින්ති 2:1–5 හි ඔබ සොයාගන්නේද? “මිනිසුන්ගේ ප්‍රඥාවට” වඩා “දෙවියන්වහන්සේගේ බලය” විශ්වාස කරන බව ඔබට පෙන්විය හැකි ආකාරය සලකා බලන්න.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 1:17–28.

1 කොරින්ති 2:9–16

දෙවියන්වහන්සේගේ දේවල් තේරුම්ගැනීමට මට ශුද්ධාත්මයාණන්වහන්සේ අවශ්‍යයි.

ඔබට මෝටර් රථ යාන්ත්‍ර විද්‍යාව හෝ මධ්‍යකාලීන ගෘහ නිර්මාණ ශිල්පය වැනි දේ ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍ය නම්, ඔබ එය කරන්නේ කෙසේද? 1 කොරින්ති 2:9–16 ට අනුව, “දෙවියන්වහන්සේගේ දේවල්” ඉගෙනගැනීම “මිනිසෙකුගේ දේවල්” ඉගෙනීමට වඩා වෙනස්වන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ දේවල් තේරුම්ගැනීමට අපට ශුද්ධාත්මයාණන් සිටිය යුත්තේ ඇයි? මෙම පද කියවීමෙන් පසු, අධ්‍යාත්මික දේ වඩාත් හොඳින් වටහාගැනීමට ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබට හැඟෙන්නේද? ඔහුගේ හෝ ඇයගේ සාක්ෂිය සමඟ පොරබදින කෙනෙකුට පාවුල්ගේ වචන උපකාර කරන්නේ කෙසේද?

1 කොරින්ති 6:13–20

මගේ ශරීරය පාරිශුද්ධයි.

ලිංගික දුරාචාරය පිළිගත හැකි බවත් ඔවුන්ගේ ශරීර සෑදී ඇත්තේ මූලික වශයෙන් විනෝදය සඳහා බවත් කොරින්තියේ බොහෝ මිනිසුන්ට හැඟුණි. වෙනත් වචන වලින් කිවහොත්, කොරින්තිය අද ලෝකයට වඩා වෙනස් නොවේ. ඔබට නිර්මල ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ඇයි කියා අන් අයට පැහැදිලි කිරීමට උදව් වන කුමක් 1 කොරින්ති 6:13–20 හි පාවුල් ඉගැන්වූයේද?

නෙල්සන් සහෝදරියට අනුව, ප්‍රේමය සහ සමීපභාවය සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ ප්‍රමිති වලට අනුව ජීවත් වීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?

1 කොරින්ති 7:29–33

විවාහයට වඩා අවිවාහක වීම හොඳ බව පාවුල් ඉගැන්වූවාද?

1 කොරින්ති 7 හි සඳහන් පද කිහිපයකින් පෙනී යන්නේ විවාහය පිළිගත හැකි වුවත් තනිකඩව සිටීම සහ ලිංගික සම්බන්ධතා වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම වඩාත් සුදුසු බවයි. කෙසේවෙතත්, ජෝසෆ් ස්මිත් පරිවර්තනය, 1 කොරින්ති 7:29–33 හි ඔවුන්ගේ ධර්මදූත මෙහෙවර අතරතුර තනිකඩව සිටියහොත් ඔවුන්ට වඩා හොඳින් දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔවුන්ට හැකි වූ බව නිරීක්ෂණය කරමින්, පාවුල් පූර්ණ කාලීන ධර්මදූතයින් ලෙස හැඳින්වූ අය ගැන සඳහන් කළ බව තේරුම්ගැනීමට අපට උපකාර කරයි. විවාහය උන්වහන්සේගේ සදාකාලික සැලැස්මේ කොටසක් බවත්, එය උත්කර්ෂය සඳහා අවශ්‍ය බවත් ස්වාමින්වහන්සේ පාවුල් ඇතුළු තම සේවකයන් තුළින් උගන්වා ඇත (බලන්න 1 කොරින්ති 11:11; දහම සහ ගිවිසුම් 131:1–4).

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 කොරින්ති 1:10–17; 3:1–11.ඔබගේ පවුලේ සාමාජිකයන් මෙම පද කියවන විට, ඔවුන්ට වඩාත් එක්සත් වීමට උපකාරී වන අදහස් සොයාගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න.

1 කොරින්ති 3:1–2.සමහරවිට කිරි සහ මස් ආහාරයට ගන්නා අතරතුර මේ පද ටික ඔබට කියවිය හැකිය. අපි ආධ්‍යාත්මිකව වර්ධනය වන ආකාරය සමඟ ළදරුවන් වැඩිහිටියන් බවට පත්වන ආකාරය ඔබට සංසන්දනය කළ හැකිය.

1 කොරින්ති 3:4–9.පාවුල් බීජ සිටුවීමට තම ධර්මදූත උත්සහය සසඳා බැලීය. ශුභාරංචිය බෙදාගැනීම ගැන ඔහුගේ සංසන්දනය අපට උගන්වන්නේ කුමක්ද?

1 කොරින්ති 6:19–20.පාවුල් කළාක් මෙන් අපගේ ශරීර දේවමාළිගා සමඟ සන්සන්දනය කිරීම අපගේ ශරීරයේ පාරිශුද්ධභාවය ගැන ඉගැන්වීමට ඵලදායී ක්‍රමයක් විය හැකිය. සමහරවිට ඔබට මෙම දළ සටහන සමඟ ඇති දේවමාළිගා වල පින්තූර පෙන්විය හැකිය. දේවමාළිගා පූජනීය වන්නේ ඇයි? අපේ ශරීර දේවමාළිගා මෙන් වන්නේ කෙසේද? අපගේ ශරීර වලට දේවමාළිගා මෙන් සැලකීමට අපට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබ සමඟ ඉවසිලිවන්ත වන්න. අප ශුභාරංචිය ඉගෙනගන්නා විට කිරි, මස් වලට පෙර පැමිණෙන බව පාවුල් ඉගැන්වීය (බලන්න 1 කොරින්ති 3:1–2). සමහර මූලධර්ම දැන් තේරුම්ගැනීමට අපහසු බව ඔබ සොයාගන්නේ නම්, ඉවසිලිවන්ත වන්න. ඔබ ඇදහිල්ලෙන් හා උනන්දුවෙන් අධ්‍යයනය කරන විට පිළිතුරු ලැබෙනු ඇතැයි විශ්වාස කරන්න.

රූපය
දේවමාළිගා හතරක්

පාවුල් අපගේ ශරීර දේවමාළිගාවේ පාරිශුද්ධභාවයට සමාන කළේය. ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව: බ්‍රසීලයේ කුරිතිබා දේවමාළිගාව, මෙක්සිකෝවේ මෙක්සිකෝ නගර දේවමාළිගාව, ජපානයේ ටෝකියෝ දේවමාළිගාව, ඝානා හි අක්රා දේවමාළිගාව.

මුද්‍රණය කරන්න