අලුත් ගිවිසුම 2023
අගෝස්තු 28–සැප්තැම්බර් 3. 1 කොරින්ති 8–13: “නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වෙති”


“අගෝස්තු 28–සැප්තැම්බර් 3. 1 කොරින්ති 8–13: ‘නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වෙති,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අගෝස්තු 28–සැප්තැම්බර් 3. 1 කොරින්ති 8–13,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
සක්‍රමේන්තු රැස්වීම

අගෝස්තු 28–සැප්තැම්බර් 3

1 කොරින්ති 8–13

“නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වෙති”

ඔබ යාච්ඤා පූර්වකව 1 කොරින්ති 8–13 කියවන විට, ශුද්ධාත්මයාණන් ඔබට සියුම් ආකාර වලින් කථා කරනු ඇත (බලන්න 1 රාජාවලිය 19:11–12). මෙම හැඟීම් සටහන් කිරීම ඔබේ අධ්‍යයනයේදී ඔබට ඇතිවූ හැඟීම් සහ සිතුවිලි සිහිපත් කිරීමට උපකාරී වේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල්ගේ කාලයේදී, රෝම අධිරාජ්‍යයේ සෑමතැනකම පදිංචිකරුවන් සමඟ කොරින්තිය ධනවත් වෙළඳ මධ්‍යස්ථානයක් විය. නගරයේ විවිධ සංස්කෘතීන් සහ ආගම් රාශියක් සමඟ කොරින්තියේ සභාවේ සාමාජිකයන් සමගිය පවත්වාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල තුළ සමගිය ඇතිකරගැනීමට පාවුල් ඔවුන්ට උදව් කිරීමට උත්සහ කළේය. මෙම එකමුතුව සාමකාමී සහජීවනයකට වඩා වැඩි යමක් විය; පාවුල් ඔවුන්ගෙන් ඉල්ලාසිටියේ හුදෙක් එකිනෙකාගේ වෙනස්කම් ඉවසීමට නොවේ. ඒවෙනුවට ඔහු ඉගැන්වූයේ, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට සම්බන්ධ වන විට “එක ශරීරයකට බෞතිස්ම වන බව” සහ ශරීරයේ සෑම කොටසක්ම අවශ්‍ය වන බවය (1 කොරින්ති 12:13). එක් සාමාජිකයෙකු අහිමිවූ විට, එය අවයවයක් අහිමි වීමක් වැනි දෙයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය දුර්වල වේ. එක් සාමාජිකයෙකු දුක්විඳින විට, අප සැමට එය දැනිය යුතු අතර එය සමනය කිරීම සඳහා අපගේ කොටස කළ යුතුය. මේ ආකාරයේ එකමුතුවක් තුළ, වෙනස්කම් හුදෙක් පිළිගැනීම පමණක් නොව නමුත් ඒවා ආදරයෙන් පිළිගනු ලැබේ, මන්ද විවිධ දීමනා සහ හැකියාවන්ගෙන් යුත් සාමාජිකයන් නොමැතිව ශරීරය සීමිත වනු ඇත. ඔබ සැමවිටම සභාවේ නිවසේ සිට ඇති බවක් ඔබට දැනුනත් ඔබ සැබවින්ම අයිති දැයි ඔබ කල්පනා කළත්, පාවුල් ඔබට දෙන පණිවිඩය නම්, එකමුතුකම සමානකමක් නොවන බවයි. ඔබට ඔබේ සෙසු ශුද්ධවන්තයින් අවශ්‍යයි, ඔබේ සෙසු ශුද්ධවන්තයින්ට ඔබව අවශ්‍යයි.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 කොරින්ති 10:1–13

පරීක්ෂාවෙන් ගැලවීමට දෙවියන්වහන්සේ ක්‍රමයක් සපයයි.

අධ්‍යාත්මික අත්දැකීම්, ආශ්චර්යමත් ඒවා පවා “මිනිසාට පොදු” වන පරීක්ෂාවන්ගෙන් අපව නිදහස් නොකරයි (1 කොරින්ති 10:13). මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරු බලවත් ප්‍රාතිහාර්යයන් දුටුවද ඔවුන් පරීක්ෂාවන්ට මුහුණදුන් ආකාරය ගැන පාවුල් ලියූ එක් හේතුවක් එය විය හැකිය (බලන්න නික්මයාම 13:21; 14:13–31). ඔබ 1 කොරින්ති 10:1–13 කියවන විට, ඊශ්‍රායෙල්වරුන්ගේ අත්දැකීම් තුළ ඔබට අදාළ යැයි පෙනෙන අනතුරු ඇඟවීම් මොනවාද? පරීක්ෂාවෙන් ගැලවීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට ලබාදී ඇත්තේ කවර ආකාරයේ “ගැලවීමක්ද”? (තවත් බලන්න ඇල්මා 13:27–30; 3 නෙපි 18:18–19).

1 කොරින්ති 10:16–17; 11:16–30

සක්‍රමේන්තුව අපව ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින් ලෙස එක්සත් කරයි.

සක්‍රමේන්තුව සඳහා ඔබ සහ ස්වාමින්වහන්සේ අතර පුද්ගලික කැපවීමක් ඇතුළත් වුවද, එය ඔබ අන් අය සමඟ බෙදාගන්නා අත්දැකීමක්ද වේ. අපි සෑමවිටම පාහේ ශුද්ධවන්තයන් සමූහයක් ලෙස සක්‍රමේන්තුවට සහභාගී වෙමු. සක්‍රමේන්තුව ගැන පාවුල් ඉගැන්වූ දේ කියවා, “බොහෝ දෙනෙකුට” ක්‍රිස්තුස්වහන්සේ තුළ “එකෙකු” වීමට මෙම පාරිශුද්ධ නියෝගය උපකාර කරන්නේ කෙසේදැයි සිතා බලන්න (1 කොරින්ති 10:17). සක්‍රමේන්තුවට සහභාගී වීම ක්‍රිස්තුස්වහන්සේට සහ අනෙකුත් ඇදහිලිවන්තයන්ට සමීප වීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? සක්‍රමේන්තුව සහ ඔබ ඒ සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ ඔබේ හැඟීම් වලට මෙම පද බලපාන්නේ කෙසේද?

1 කොරින්ති 11:11

දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ, පිරිමින්ට සහ කාන්තාවන්ට එකිනෙකා අවශ්‍ය වේ.

1 කොරින්ති 11:4–15 හි, පාවුල් අද අප අනුගමනය නොකරන සංස්කෘතික සිරිත් විරිත් ගැන සඳහන් කළේය. කෙසේවෙතත්, පාවුල් විසින් 11 වන පදයේ ඇති සදාකාලයටම අදාළ වන වැදගත් සත්‍යයක්ද ඉගැන්වීය. ඔබ සිතන ආකාරයට මෙම පදයේ තේරුම කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයි? වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූයේය, “පිරිමියා සහ ස්ත්‍රිය එකිනෙකාගෙන් ඉගෙනගැනීමට, ශක්තිමත් කිරීමට, ආශිර්වාද කිරීමට, සහ සම්පූර්ණ කිරීමට අදහස් කරයි” (“We Believe in Being Chaste,” Liahona, May 2013, 42). මෙම සත්‍යය විවාහයකට බලපාන්නේ කෙසේද? සභාවේ අප සේවය කරන ආකාරය කෙරෙහි එය බලපාන්නේ කෙසේද?

තවත් බලන්න ජීන් බී. බින්ගම්, “දෙවියන්වහන්සේගේ කාර්යයන් ඉටුකිරීමට එක්සත්වී,” ලියහෝනා, මැයි 2020, 60–63.

1 කොරින්ති 12–13

අධ්‍යාත්මික දීමනා ලබාදෙන්නේ ස්වර්ගික පියාණන්ගේ සියලු දරුවන්ට ප්‍රයෝජනවත් වීම සඳහාය.

1 කොරින්ති 12–13 හි ඇති අධ්‍යාත්මික දීමනා ලැයිස්තුව පරිපූර්ණ නොවේ. නමුත් ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට දී ඇති අධ්‍යාත්මික දීමනා හඳුනාගෙන මෙනෙහි කිරීමට එය ආරම්භයකි. ඔබ පාවුල්ගේ දීමනා ලැයිස්තුව කියවන විට, ඔබට අන් අය තුළ, ඔබ තුළ, හෝ ශුද්ධලියවිලි වල සිටින පුද්ගලයන් තුළ ඔබ දැක ඇති සමහරක් එයට එකතු කළ හැකිය. ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් තිබේ නම්, එහි ඔබගේ අධ්‍යාත්මික දීමනා කිහිපයක් සඳහන් විය හැකිය. මෙම දීමනා ඔබට අන් අයට ආශිර්වාද කිරීමට උපකාර කරන්නේ කෙසේද? “අවංකවම වඩා උතුම් දීමනා” ඔබ සොයන්නේ කෙසේද කියා සලකා බලන්න (1 කොරින්ති 12:31).

තවත් බලන්න 1 කොරින්ති 14; මොරෝනි 10:8–21, 30; දහම සහ ගිවිසුම් 46:8–26; ඇදහිල්ලේ කරුණු 1:7.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 කොරින්ති 9:24–27.පාවුල් ශුභාරංචිය ජීවත්වීම තරඟයක් හා සැසඳූ හෙයින්, ඔහුගේ අදහස පැහැදිලි කිරීම සඳහා ඔබට පවුලේ තරඟයක් පැවැත්විය හැකිය. තරඟය අවසන් කරන සැමට ඔටුන්නක් ප්‍රදානය කරන්න, මේ ජීවිතයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව උනන්දුවෙන් අනුගමනය කරන සියල්ලන්ට “නොදිරන” ත්‍යාගයක් ලැබෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන්න (1 කොරින්ති 9:25; තිමොති 4:7–8). තරඟයක් සඳහා සූදානම් වීමට ධාවකයෙකු කුමක් කරයිද? ස්වර්ගික පියාණන්වහන්සේ වෙත නැවත යාමට සූදානම් වීමට අපට කුමක් කළ හැකිද?

රූපය
ධාවන පථයක ධාවකයන්

පාවුල් ශුභාරංචියට අනුව ජීවත්වීම තරඟයක් හා සමාන කළේය.

1 කොරින්ති 12:1–11.මෙම පද එකට එක්ව කියවීමෙන් පසුව, පවුලේ සාමාජිකයෙකුගේ නම සමඟ, කඩදාසි කැබැල්ලක් සෑමකෙනෙකුටම ලබාදීම ගැන සලකා බලන්න. එම පුද්ගලයා සතුව ඇති අධ්‍යාත්මික දීමනා ලැයිස්තුගත කිරීමට සෑම කෙනෙකුටම පවසන්න. සෑම පවුලේ සාමාජිකයෙකුගේම දීමනා ගැන ලිවීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලැබෙන තුරු ඔබට එම කඩදාසි කැබැල්ල රවුමක් ආකාරයෙන් යැවිය හැකිය.

1 කොරින්ති 12:3.යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂියක් ලබාගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේව අවශ්‍ය වන්නේ ඇයි? උන්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි ශක්තිමත් කරගැනීමට ශුද්ධාත්මයාණන්වාහන්සේට ආරාධනා කිරීමට අපට කුමක් කළ හැකිද?

1 කොරින්ති 12:12–27.ශරීරය පිළිබඳ පාවුල්ගේ ප්‍රතිසමතාව පවුල් සමගිය ගැන සාකච්ඡා කිරීමට අමතක නොවන ක්‍රමයක් විය හැකිය. උදාහරණයක් වශයෙන්, පවුලේ සාමාජිකයින්ට ඇස් හෝ කන් වලින් පමණක් සාදන ලද ශරීරයක් ඇඳීමට උත්සහ කළ හැකිය (බලන්න 17 වන පදය). පවුලේ සාමාජිකයන් ලෙස අපි එකිනෙකාට සැලකිය යුතු ආකාරය ගැන මෙම පද වලින් යෝජනා කරන්නේ කුමක්ද?

1 කොරින්ති 13:4–8.නිර්මල ප්‍රේමය පිළිබඳ පාවුල්ගේ අර්ථදැක්වීම, ඔබේ පවුලට ආනුභාව සම්පන්න ආදර්ශ පාඨයක් විය හැකිය. 4–8 පදයන්හි වාක්‍යයක් අධ්‍යයනය කර, එම වාක්‍ය නිර්වචන, උදාහරණ, සහ පුද්ගලික අත්දැකීම් භාවිතා කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පවුලේ අනෙක් අයට ඉගැන්වීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම පැවරිය හැකිය. ගැලවුම්කරුවාණන් මෙම ගුණාංග වලට උදාහරණයක් වන්නේ කෙසේද? ඔබට මෙම සෑම වාක්‍ය ඛණ්ඩයක් සඳහාම පෝස්ටර් සාදා ඒවා ඔබේ නිවස පුරා ප්‍රදර්ශනය කළ හැකිය. නිර්මාණශීලී වන්න!

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිල්ලක් ප්‍රදර්ශණය කරන්න. ඔබට අර්ථවත් යැයි පෙනෙන පදයක් පවුලේ සාමාජිකයන් නිතර දකින ස්ථානයක ප්‍රදර්ශනය කරන්න. ප්‍රදර්ශනය කිරීම සඳහා ශුද්ධලියවිලි පදයක් තෝරාගැනීමට වාරයක් ලබාගැනීමට අනෙක් පවුලේ සාමාජිකයින්ටත් ආරාධනා කරන්න.

රූපය
සක්‍රමේන්තු රැස්වීම

“අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගී කමක් නොවේද? කුමක්හෙයින්ද බොහෝදෙනෙක් වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය” (1 කොරින්ති 10:16–17).

මුද්‍රණය කරන්න