අලුත් ගිවිසුම 2023
සැප්තැම්බර් 11–17. 2 කොරින්ති 1–7: “නුඹලා දෙවියන්වහන්සේ සමඟ සමගිවන්න”


“සැප්තැම්බර් 11–17. 2 කොරින්ති 1–7: ‘නුඹලා දෙවියන්වහන්සේ සමඟ සමගිවන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“සැප්තැම්බර් 11–17. 2 කොරින්ති 1–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

සැප්තැම්බර් 11–17

2 කොරින්ති 1–7

“නුඹලා දෙවියන්වහන්සේ සමඟ සමගිවන්න”

කොරින්තිවරුන්ට ලියූ පාවුල්ගේ ලිපි ඔබ අධ්‍යයනය කරන විට, ඔබ සොයාගත් ශුභාරංචි මූලධර්ම කිහිපයක් ලියා ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

සමහරවිට, සභාවේ නායකයෙකු වීම යනු දුෂ්කර දේවල් පැවසීමට සිදුවීමයි. මෙය අද මෙන් පාවුල්ගේ දවසේදීත් සත්‍යයක් විය. පෙනෙන විදිහට පාවුල් කොරින්තියේ ශුද්ධවන්තයන්ට පෙර ලියූ ලිපියක දඬුවම් කිරීම් හා සිත් රිදවීම්ද ඇතුලත් විය. 2 කොරින්ති බවට පත්වූ ලිපියෙන් ඔහුගේ රළු වචන වලට පෙලඹවීම වූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට ඔහු උත්සහ කළේය: “මක්නිසාද බොහෝ දුක් වලින්ද හෘදයේ වේදනාවෙන්ද බොහෝ කඳුලෙන්ද යුක්තව නුඹලාට ලිවීමි; එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය” (2 කොරින්ති 2:4). ඔබ නායකයෙකුගෙන් යම් නිවැරදි කිරීමක් ලබමින් සිටින විට, එය ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් ලද පෙළඹවීමක් බව දැනගැනීම නියත වශයෙන්ම උපකාරී වේ. එය එසේ නොවන අවස්ථාවන්හිදී පවා, පාවුල්ට දැනුණු ආකාරයේ ප්‍රේමයක් ඇතිව අන්‍යයන්ව දැකීමට අප කැමති නම්, ඕනෑම සිත්රිදවීමකට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම පහසුය. වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් උපදෙස් දුන් පරිදි, “ස්වේච්ඡා, ලෞකික පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් මෙහෙයවනු ලබන සභාවක ඔබේ මෙන්ම ඔබ සමඟ සේවය කරන අයගේද මිනිස් දුර්වලකම් ගැන කාරුණික වන්න. උන්වහන්සේගේ එකම පරිපූර්ණ පුත්‍රයාණන් හැරුණු විට, දෙවියන්වහන්සේට මෙතෙක් වැඩ කිරීමට සිදුවී ඇත්තේ අසම්පූර්ණ මිනිසුන් සමඟය” (“Lord, I Believe,” Liahona, May 2013, 94).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

2 කොරින්ති 1:3–7; 4:6–10, 17–18; 7:4–7

මගේ පීඩා ආශිර්වාදයක් විය හැකියි.

පාවුල් ඔහුගේ ජීවිත කාලය තුළ මුහුණදුන් සෑම දෙයක්ම සැලකිල්ලට ගත්විට, ඔහු පීඩාවේ අරමුණු සහ ආශිර්වාද ගැන බොහෝ දේ ලිවීම පුදුමයක් නොවේ. ඔබ 2 කොරින්ති 1:3–7; 4:6–10, 17–18; 7:4–7 කියවන විට, ඔබේ පීඩා ආශිර්වාදයක් විය හැකි ආකාරය ගැන සිතා බලන්න,. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේ “[ඔබේ] සියලු පීඩා වලදී [ඔබව] සනසන” ආකාරය ඔබට මෙනෙහි කළ හැකි අතර එලෙසම “කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට” ඔබට හැකි ආකාරයද මෙනෙහි කළ හැකිය (2 කොරින්ති 1:4). එසේත් නැතිනම් ඔබ “කරදරකාරී බවට” සහ “ව්‍යාකූලත්වයට” පත්වූ විට පවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ඔබේ හදවතේ “බැබළුණේ” කෙසේද යන්න පිළිබඳව ඔබට අවධානය යොමුකළ හැකිය (2 කොරින්ති 4:6, 8).

තවත් බලන්න මොසායා 24:13–17; හෙන්රි බී. අයිරින්, “පරීක්ෂා කර, ඔප්පුකර, ඔපදමා ඇත,” ලියහෝනා, නොවැ. 2020, 96–99.

2 කොරින්ති 2:5–11

සමාවදීම යනු මට දිය හැකි සහ ලබාගත හැකි ආශිර්වාදයකි.

2 කොරින්ති 2:5–11 හි පාවුල් සඳහන් කළ මිනිසා ගැන අපි වැඩි යමක් නොදනිමු—ඔහු වරදක් කර ඇති බවත් (5–6 පද බලන්න) සහ ශුද්ධවන්තයන් ඔහුට සමාව දීම පාවුල්ට අවශ්‍ය වූ බවත් පමණක් දනිමු (7–8 පද බලන්න). අපව අමනාප කර ඇති ආදරණීයයෙකු කෙරෙහි “[අපගේ] ප්‍රේමය තහවුරු කිරීමට” අප සමහර අවස්ථාවන්හි අසමත් වන්නේ ඇයි? (8 වන පදය). සමාව දීමෙන් වැළකී සිටීම අන් අයට හා අපට හානිකරන්නේ කෙසේද? (7, 10–11 පද බලන්න). සමාව දීමෙන් වැළකී සිටීම “සාතන්ට … අප කෙරෙහි වාසියක්” ලබාදෙන්නේ කෙසේද? (11 වන පදය).

තවත් බලන්න දහම සහ ගිවිසුම් 64:9–11.

2 කොරින්ති 5:14–21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මට දෙවියන්වහන්සේ සමඟ සමගි විය හැකිය.

ඕනෑම කෙනෙකු මෙන්, “අලුත් මැවිල්ලක්” වීම කෙබඳු දැයි පාවුල් දැනසිටියේය (2 කොරින්ති 5:17). ඔහු කිතුනුවන්ට පීඩා කරන්නෙකු ලෙස සිට ක්‍රිස්තුස්වහන්සේගේ නිර්භීත ආරක්ෂකයෙකු දක්වා ගියේය. ඔබ 2 කොරින්ති 5:14–21 කියවන විට, මෙවැනි ප්‍රශ්න ගැන සිතන්න: සමගි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “දෙවියන්වහන්සේ සමඟ සමගි වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවියන්වහන්සේගෙන් ඔබව වෙන්කරන්නේ කුමක් දැයි සිතා බලන්න. උන්වහන්සේ සමඟ වඩාත් සම්පූර්ණයෙන් සමගි වීමට ඔබ කළ යුත්තේ කුමක්ද? ගැලවුම්කරුවාණන් එය කළේ කෙසේද?

“සමගි කිරීමේ දේවසේවයේ” “ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝ” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබට මෙනෙහි කළ හැකිය (18, 20 පද).

තවත් බලන්න 2 නෙපි 10:23–25.

2 කොරින්ති 7:8–11

දේව ශෝකය පසුතැවිල්ලට මගපාදයි.

අපි සාමාන්‍යයෙන් ශෝකය හොඳ දෙයක් ලෙස නොසිතන්නෙමු, නමුත් පාවුල් “දේවභක්තික ශෝකය” (2 කොරින්ති 7:10) පසුතැවිලි වීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස කථා කළේය. පහත සඳහන් දේවලින් දේවභක්තික ශෝකය ගැන ඔබ ඉගෙනගන්නා දේ සලකා බලන්න: 2 කොරින්ති 7:8–11; ඇල්මා 36:16–21; මොර්මොන් 2:11–15; සහ මිෂෙල් ඩී. ක්‍රෙග් සහෝදරියගේ පණිවිඩය “දිව්‍යමය නොසන්සුන්තාව” (ලියහෝනා, නොවැ. 2018, 52–55). ඔබට දේවභක්තික ශෝකය දැනී ඇත්තේ කවදාද, සහ එය ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

2 කොරින්ති 3:1–3.රැකියාවකට හෝ පාසැල් අයදුම්පතක් සඳහා නිර්දේශ ලිපියක් ලිවීමට ඔබේ පවුලේ සාමාජිකයන් කවදා හෝ යමෙකුගෙන් ඉල්ලා තිබේද? මෙම අත්දැකීම ගැන කතා කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ශුද්ධවන්තයන්ගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සඳහා නිර්දේශ ලිපි හා සමාන බව පාවුල් ඉගැන්වූ අතර, ඒවා ලියා ඇත්තේ “තීන්ත වලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ය.” ඔබ 2 කොරින්ති 3:1–3 එකට එක්ව කියවන විට, අපගේ උදාහරණ ශුභාරංචියේ සත්‍යය සහ වටිනාකම විදහා දක්වන “සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවන” ලිපි මෙන් වන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න. සමහරවිට පවුලේ සෑම සාමාජිකයෙකුටම තවත් පවුලේ සාමාජිකයෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස හොඳ ආදර්ශයක් වී ඇති ආකාරය පැහැදිලි කරමින් ලිපියක් හෝ “සන්දේශයක්” ලිවිය හැකියි. ඔවුන්ගේ ලිපි පවුලේ අයට කියවා ඔවුන් ලියූ පවුලේ සාමාජිකයාට ඒවා ලබාදිය හැකිය. අපගේ ජීවිත “ක්‍රිස්තුස්වහන්සේගේ ලිපි” බව තේරුම්ගැනීම වැදගත් වන්නේ ඇයි?

2 කොරින්ති 5:6–7.“පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද? අපට ගැලවුම්කරුවාණන්ව නොපෙනුනත් අප උන්වහන්සේව විශ්වාස කරන බව පෙන්වීමට අප කරන්නේ මොනවාද?

2 කොරින්ති 5:17.කැපීපෙනෙන පරිවර්තනයන් හරහා ගොස් නව ජීවීන් බවට පත්වන දේවල ස්වභාවය පිළිබඳ උදාහරණ සොයාගැනීමට හෝ සිතීමට ඔබේ පවුලට හැකිද? (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපව වෙනස් කරන්නේ කෙසේද?

2 කොරින්ති 6:1–10.2 කොරින්ති 6:1–10 ට අනුව, “දෙවියන්වහන්සේගේ දේවසේවකයන්” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (4 වන පදය). දෙවියන්වහන්සේගේ දේවසේවකයෙකුට තිබෙන ගුණාංග මොනවාද?

2 කොරින්ති 6:14–18.අප අවට සිටින අයට ප්‍රේම කරන අතරම, “[අධර්මිෂ්ඨන්ගෙන්] පිටතට පැමිණ ඔබ වෙන්ව සිටින්න” යන පාවුල්ගේ උපදෙස් අනුගමනය කරන්නේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. වන්දිගෙවීම වැනි, සමහර ශුභාරංචි සංකල්ප තේරුම්ගැනීමට අපහසු විය හැකිය. ශුද්ධලියවිල්ලෙහි ඔබ සොයාගන්නා මූලධර්ම තේරුම්ගැනීමට ඔබගේ පවුලට උපකාර කළ හැකි පින්තූර හෝ භාණ්ඩ භාවිතා කිරීම සලකා බලන්න.

රූපය
දළඹුවා, පිලාකෝෂය, සහ සමනලයා

අපි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරුණු විට, අපගේ පරිවර්තනය කොතරම් ගැඹුරුද යත්, එය “නව මැවිල්ලක්” බවට පත්වීමක් ලෙස පාවුල් විස්තර කළේය (2 කොරින්ති 5:17).

මුද්‍රණය කරන්න