අලුත් ගිවිසුම 2023
සැප්තැම්බර් 18–24. 2 කොරින්ති 8–13: “දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන්නන්ට ප්‍රේම කරන සේක”


“සැප්තැම්බර් 18–24. 2 කොරින්ති 8–13: ‘දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන්නන්ට ප්‍රේම කරන සේක,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“සැප්තැම්බර් 18–24. 2 කොරින්ති 8–13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ කුඩා දරුවෙකුට කතා කරමින්

සැප්තැම්බර් 18–24

2 කොරින්ති 8–13

“සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක”

අධ්‍යාත්මික හැඟීම් වාර්තා කිරීම ශුද්ධලියවිලි අධ්‍යයනයේදී ඔබ ඉගෙනගත් දේ මතක තබාගැනීමට උපකාරී වේ. ඔබට අධ්‍යයන සඟරාවක ලිවීමට, ඔබේ ශුද්ධලියවිලි පදවල මායිම් වල සටහන් කිරීමට, ඔබගේ ශුභරංචි පුස්තකාල යෙදුමේ සටහන් එකතු කිරීමට හෝ ඔබේ සිතුවිලි හඬපට ලෙස පටිගත කිරීමට හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

වෙනත් ප්‍රදේශයක ශුද්ධවන්තයින්ගේ සභාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ඔබට අසන්නට ලැබුනොත් ඔබ කරන්නේ කුමක්ද? කොරින්ති ශුද්ධවන්තයින්ට 2 කොරින්ති 8–9 දක්වා පාවුල් විස්තර කළ තත්වය මෙයයි. කොරින්තියේ ශුද්ධවන්තයින් ඔවුන්ගේ සමෘද්ධිමත් බව සමහරක් අවශ්‍යතා ඇති ශුද්ධවන්තයින්ට පරිත්‍යාග කිරීමට පෙළඹවීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් පරිත්‍යාග ඉල්ලීමකට වඩා, දීම පිළිබඳ ගැඹුරු සත්‍යයන්ද පාවුල්ගේ වචන වල අඩංගු වේ: “කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා: මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක” (2 කොරින්ති 9:7). අපේ කාලයේ, උපකාර අවශ්‍ය ශුද්ධවන්තයින් ලොව පුරා තවමත් සිටිති. සමහරවිට අපට ඔවුන් වෙනුවෙන් බොහෝවිට කළහැකි දේ නම් නිරාහාරව සිටීම සහ උපවාස පිදුම් පරිත්‍යාග කිරීමයි. වෙනත් අවස්ථා වලදී, අපගේ දීම වඩාත් සෘජු හා පෞද්ගලික විය හැකිය. අපගේ පරිත්‍යාගයන් කුමන ආකාර වලින් ගත්තද, ලබාදීම සඳහා අපගේ අභිප්‍රේරණයන් පරීක්ෂා කිරීම වටී. අපගේ පරිත්‍යාගයන් ප්‍රේමයේ ප්‍රකාශයන්ද? සෑමදෙයකින්ම පසුව, ලබාදෙන්නෙකුව ප්‍රීතිමත් කරන්නේ ආදරයයි.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

2 කොරින්ති 8:1–15; 9:5–15

දුප්පතුන්ට සහ අගහිඟකම් ඇති අයට ආශිර්වාද කිරීමට මට ඇති දේ සතුටු සිතින් බෙදාගත හැකිය.

ලොව පුරා අවශ්‍යතා ඇති බොහෝදෙනෙක් සිටිති. අපට ඇත්තෙන්ම වෙනසක් කළ හැක්කේ කෙසේද? වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙම උපදේශය ලබාදුන්නේය: “දුප්පත් හෝ පොහොසත් වුවත්, අනෙක් අය අවශ්‍යතාවයකින් යුතුව සිටියදී ‘අපට හැකි දේ කිරීම’ අප කළ යුතුය [බලන්න මාර්ක් 14:6, 8]. … ඔබ හෘද සාක්ෂියට එකඟව හා යාච්ඤා කරමින්, උන්වහන්සේ අපට නැවත නැවතත් දී ඇති ආඥාවක් පිළිපැදීමට මාර්ග සොයන්නේ නම් [දෙවියන්වහන්සේ] ඔබට දයානුකම්පිත අනුගාමිකත්ව ක්‍රියා සඳහා උපකාර කරමින්, මගපෙන්වනු ඇත” (“Are We Not All Beggars?,” Liahona, Nov. 2014, 41).

2 කොරින්ති 8:1–15; 9:6–15 දක්වා කියවා, දුප්පතුන් හා අගහිඟකම් ඇති අයව රැකබලාගැනීම ගැන පාවුල් ඉගැන්වූ ප්‍රතිපත්ති සටහන් කරගන්න. පාවුල්ගේ උපදෙස් ගැන ඔබව පොලඹවන්නේ මොනවාද? අවශ්‍යතා ඇති කෙනෙකුට ආශිර්වාද කිරීම සඳහා ඔබට කළහැකි දේ පිළිබඳව මගපෙන්වීමක් ඉල්ලා ඔබට යාච්ඤා කළ හැකිය. ඔබට ලැබෙන ඕනෑම හැඟීමක් වාර්තා කර ඒවා ක්‍රියාත්මක කිරීමට වගබලාගන්න.

තවත් බලන්න මොසායා 4:16–27; ඇල්මා 34:27–29; රසල් එම්. නෙල්සන්, “දෙවන උතුම් ආඥාව,” ලියහෝනා, නොවැ. 2019, 96–100.

2 කොරින්ති 11:1–6, 13–15; 13:5–9

“නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලාපල්ලා.”

පාවුල්ගේ කාලයේ මෙන් අදත්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරලත්වයෙන්” අපව ඈත් කිරීමට උත්සහ කරන අය සිටිති (2 කොරින්ති 11:3). එම හේතුව නිසා, පාවුල් යෝජනා කළ දේ කිරීම ඉතා වැදගත් වේ: “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලාපල්ලා” (2 කොරින්ති 13:5). “ඇදහිල්ලේ සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන සිතා බැලීමෙන් ඔබට මෙම ක්‍රියාවලිය ආරම්භ කළ හැකිය. ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි ඔබ දැනගන්නේ කෙසේද? ඔබට ඔබවම පරීක්ෂා කර බැලීමට ඇති අවස්ථා සොයන්න.

ඔබගේ පරික්ෂා කර බැලීමේ කොටසක් ලෙස, “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව” (2 කොරින්ති 11:3) යන වාක්‍ය ඛණ්ඩයද ඔබට මෙනෙහි කළ හැකිය. ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළ ඔබ සරල බව සොයාගෙන ඇත්තේ කෙසේද? ඔබේ මනස “[එම] සරල බවෙන් දූෂිත” විය හැක්කේ කෙසේද? 2 කොරින්ති 11:1–6, 13–15 හි ඔබ සොයාගන්නා ප්‍රයෝජනවත් උපදෙස් මොනවාද?

සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් ගේ මෙම උපදෙසද සලකා බලන්න: “ශුභාරංචිය ඔබට එතරම් හොඳින් ක්‍රියා නොකරයි යැයි ඔබ කවදා හෝ සිතන්නේ නම්, මම ඔබට ආරාධනය කරන්නේ ඉහළ තලයක සිට ඔබේ ජීවිතය දෙස බලා, ගෝලයන් වීමට ඔබේ ප්‍රවේශය සරල කිරීමටයි. ශුභාරංචියේ මූලික දහම, මූලධර්ම, සහ යෙදුම් කෙරෙහි අවධානය යොමුකරන්න. තෘප්තිමත් ජීවිතයක් කරා යන ඔබේ මාවතට දෙවියන්වහන්සේ ඔබට මගපෙන්වමින් ආශිර්වාද කරන බවටත්, එමෙන්ම ශුභාරංචිය අනිවාර්යයෙන්ම ඔබගේ යහපත සඳහා ක්‍රියා කරනු ඇති බවටත් මම පොරොන්දු වෙනවා” (“It Works Wonderfully!,” Liahona, Nov. 2015, 22).

2 කොරින්ති 12:5–10

මගේ දුර්වලකමේදී ශක්තිය සොයාගැනීමට ගැලවුම්කරුවාණන්ගේ කරුණාව ප්‍රමාණවත්ය.

පාවුල්ගේ “මාංසයේ ඇති කටුව” කුමක්දැයි අපි නොදනිමු, නමුත් දෙවියන්වහන්සේ අපගේ ජීවිතයෙන් ඉවත් කරනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන අපගේම කටු අප සැමට ඇත. ඔබ 2 කොරින්ති 12:5–10 කියවන විට ඔබේ කටු ගැන සිතන්න, මෙම පදවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරන්න. පීඩා සහ දුර්වලකම ගැන පාවුල් මෙම පද වලින් ඉගැන්වූයේ කුමක්ද? දෙවියන්වහන්සේගේ “කරුණාව ප්‍රමාණවත්ය” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

තවත් බලන්න මොසායා 23:21–24; 24:10–15; ඊතර් 12:27; මොරෝනි 10:32–33.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

2 කොරින්ති 8–9.දුප්පත්කම හා අවශ්‍යතා ඇති අය වෙත ලඟාවීමට අපට අනුබල දෙන මෙම පරිච්ඡේද වලින් අපි සොයාගන්නා දේ මොනවාද? අවශ්‍යතා ඇති අයෙකු සඳහා පවුලක් ලෙස සේවා ක්‍රියාවක් සැලසුම් කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය.

2 කොරින්ති 9:6–7.“සතුටු සිතින් දෙන තැනැත්තා” ලෙස හැඳින්විය හැකි අයෙකුව ඔබේ පවුලේ අය දන්නවාද? අන් අයට ලබාදෙන අපගේ සේවය වඩා සතුටු සිතින් කළ හැක්කේ කෙසේද? පවුලේ බාල සාමාජිකයන්ට “මම සතුටු සිතින් දෙන කෙනෙක්” යනුවෙන් ලාංඡන සෑදිය හැකිය. පවුලේ සාමාජිකයන් සතුටු සිතින් එකිනෙකාට සේවය කරන බව ඔබ දකින සෑමවිටම ඔබට ලාංඡන ප්‍රදානය කළ හැකිය.

2 කොරින්ති 10:3–7.දුෂ්ටකමට එරෙහි අපගේ “යුද්ධය” ගැන ඔබ ඔබේ පවුලට උගන්වන්නේ කෙසේද? පුටු සහ බ්ලැන්කට් සහිත පවුරක් හෝ බලකොටුවක් තැනීමට ඔබේ පවුලේ අය කැමතිද? මෙය දෙවියන්වහන්සේගෙන් අපව ඉවත්කරන සියල්ල විසිකර දමා “ක්‍රිස්තුස්වහන්සේගේ කීකරුකමට සෑම සිතුවිල්ලක්ම වහල්භාවයට ගෙන එන්නේ කෙසේද” යන්න පිළිබඳව සාකච්ඡාවකට මගපෑදිය හැකිය. අපගේ සිතුවිලි පාලනය කිරීම සඳහා අප භාවිතා කරන අධ්‍යාත්මික “ආයුධ” මොනවාද? (බලන්න එපීස 6:11–18).

2 කොරින්ති 11:3.“ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව” කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට ඔබේ පවුලට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

හැඟීම් සටහන් කරන්න. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ පැවසුවේය: “දැනුම ප්‍රවේශමෙන් සටහන් කරගැනීම යනු අවශ්‍ය වේලාවට ලබාගත හැකි දැනුමයි. … [අධ්‍යාත්මික මගපෙන්වීම වාර්තා කිරීම] ඔබට තවදුරටත් ආලෝකය ලැබීමේ සම්භාවිතාව වැඩි කරයි” (“Acquiring Spiritual Knowledge,” Ensign, Nov. 1993, 88; see also Teaching in the Savior’s Way, 1230).

රූපය
සේවා ව්‍යාපෘතියකට සහාය වන තරුණ තරුණයින්

“කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා: මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක” (2 කොරින්ති 9:7).

මුද්‍රණය කරන්න