අලුත් ගිවිසුම 2023
සැප්තැම්බර් 25–ඔක්තෝම්බර් 1. ගලාති: “ආත්ම‍යාණන්ගෙන් යුතුව ගමන් කරන්න”


“සැප්තැම්බර් 25–ඔක්තෝම්බර් 1. ගලාති: ‘ආත්ම‍යාණන්ගෙන් යුතුව ගමන් කරන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“සැප්තැම්බර් 25–ඔක්තෝම්බර් 1. ගලාති,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

රූපය
සිරගෙදර සිටින පාවුල්ට ක්‍රිස්තුස්වහන්සේ පෙනීසිටිමින්

මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් පාවුල්ව බැලීමට සිරගෙදරට ගියේය (බලන්න ක්‍රියා 23:11). යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව “දාසකම නැමති වියගහෙන්” නිදහස් කළ හැකිය (ගලාති 5:1).

සැප්තැම්බර් 25–ඔක්තෝම්බර් 1

ගලාති

“ආත්ම‍යාණන්ගෙන් යුතුව ගමන් කරන්න”

ඔබ ගලාති කියවන විට, ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. එසේ කිරීමෙන් ඔබට අනාගතයේදී ඒවා මතකතබාගැනීමට සහ මෙනෙහි කිරීමට උපකාරී වේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යාත්මික බැඳීමෙන් නිදහස්වීම පිරිනමයි. නමුත් සමහර අවස්ථා වලදී ශුභාරංචියේ නිදහස අත්විඳ ඇති අය එයින් ඉවතට හැරී “නැවත වහල්භාවයට පත්වීමට ආශා කරති” (ගලාති 4:9). ගලාතියේ සමහර ශුද්ධවන්තයන් කළේ මෙයයි—ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට දුන් නිදහසෙන් ඉවතට යමින් සිටියහ (ගලාති 1:6 බලන්න). පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපිය, “ක්‍රිස්තුස්වහන්සේ අපව නිදහස් කළ නිදහස” වෙත නැවත පැමිණීමේ හදිසි කැඳවීමකි (ගලාති 5:1). මෙම ඇමතුම අප සවන්දිය යුතු සහ අවධානය යොමුකළ යුතු කරුණකි, මන්දයත් තත්වයන් වෙනස්වන විට, නිදහස හා වහල්භාවය අතර අරගලය නියතය. පාවුල් ඉගැන්වූ පරිදි, “නිදහසට කැඳවීම” පමණක් ප්‍රමාණවත් නොවේ (ගලාති 5:13); ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන්, අපත් එහි “ස්ථීරව නැගී” සිටිය යුතුමය (ගලාති 5:1).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ගලාති 1–5

ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව මා නිදහස් කරයි.

ව්‍යාජ ඉගැන්වීම් වලින් ඔවුන්ව නොමග යවන බව දැනගත් පාවුල් ගලාති ශුද්ධවන්තයන්ට ලිපියක් යැව්වේය (බලන්න ගලාති 1:6–9). මෙම ඉගැන්වීම් වලින් එකක් නම් ගැලවීම ලැබීමට නම්, ශුභාරංචිය පිළිගත් අන්‍ය ජාතීන් චර්මච්ඡේදනය කිරීමට හා මෝසෙස්ගේ නීතියේ වෙනත් සම්ප්‍රදායන් පිළිපැදීම අවශ්‍ය බවය (බලන්න ගලාති 2). පාවුල් මෙම සම්ප්‍රදායන් හැඳින්වූයේ “දාසකම නැමති වියගහ” ලෙසය (ගලාති 5:1). පාවුල් ගලාතිවරුන්ට දුන් උපදෙස ඔබ කියවන විට, සැබෑ නිදහස යනු කුමක්දැයි තේරුම්ගැනීමට උපකාරවත් වන මූලධර්ම සොයන්න. ඔබේ ජීවිතයේ පැවතිය හැකි ව්‍යාජ සම්ප්‍රදායන් සහ අනෙකුත් දාසකම නැමති වියගස් මොනවාදැයි ඔබට මෙනෙහි කළ හැකිය. ශුභාරංචිය ලබාදෙන නිදහස අත්විඳීමෙන් ඔබව වළක්වන කිසිවක් තිබේද? ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය “ඔබව නිදහස් කර ඇත්තේ කෙසේද”? (ගලාති 5:1).

තවත් බලන්න 2 නෙපි 2:27; 9:10–12.

ගලාති 3

මම ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශිර්වාද වල උරුමක්කාරයෙක් වෙමි.

සමහර ගලාති ශුද්ධවන්තයන් කනස්සලු වූයේ ඔවුන් ඇත්තෙන්ම ආබ්‍රහම්ගේ පැවත එන්නන් (“බීජය”) නොවන නිසා, සහ උත්කර්ෂය ඇතුළුව ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශිර්වාද නොලැබෙන නිසාය. ගලාති 3:7–9, 13–14, 27–29 ට අනුව, පුද්ගලයෙකු “ආබ්‍රහම්ගේ බීජය” වීමට සුදුසුකම් ලබන්නේ කුමක් මගින්ද?

ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශිර්වාද ඔබට වැදගත් වන්නේ ඇයි?

ගලාති 3:6–25

ආබ්‍රහම්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තිබිණි.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ පැහැදිලි කළේය: “ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර මෙන්ම එතැන් සිටම, මෙතෙක් ගැලවීම ලැබූ සියල්ලන්ම ගැලවීම ලැබුවේ මෙම මිදීමේ මහා සැලැස්මේ බලයෙන් බව, සෑම යුගයකම පැරැන්නන් ස්වර්ග පද්ධතිය ගැන නොදැන සිටි බව අපට විශ්වාස කළ නොහැකි වීමට හේතුවකි. … ආබ්‍රහම් පූජා ඔප්පු කළ අතර, එසේ තිබියදීත්, ශුභාරංචිය ඔහුට දේශනා කරන ලදි” (“The Elders of the Church in Kirtland to Their Brethren Abroad,” The Evening and the Morning Star, Mar. 1834, 143, JosephSmithPapers.org). ආබ්‍රහම් සහ අනෙකුත් පුරාණ අනාගතවක්තෘවරුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තිබූ බව පාවුල්ගේ කාලයේ සිටි ශුද්ධවන්තයන්ට වැදගත් වූ බව ඔබ සිතන්නේ ඇයි? මෙ‍ය දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? (බලන්න හිලමන් 8:13–20; මෝසෙස් 5:58–59; 6:50–66.)

ගලාති 5:13–26; 6:7–10

මම “ආත්මයාණන් තුළ ගමන් කරන්නේ නම්” මට “ආත්මයේ ඵල” ලැබෙනු ඇත.

මෙම පද අධ්‍යයනය කිරීමෙන් ඔබ ආත්මයාණන් තුළ කෙතරම් දුරට ගමන් කරනවාද යන්න තක්සේරු කරගැනීමට උපකාර කරයි. 22–23 පද වල සඳහන් ආත්මයාණන්ගේ ඵල ඔබ අත්විඳිනවාද? අධ්‍යාත්මික ජීවත්වීමේ ඔබ දැක ඇති වෙනත් ඵල හෝ ප්‍රතිඵල මොනවාද? මෙම ඵල වඩාත් හොඳින් වගාකිරීම සඳහා ඔබ කළ යුතු දේ ගැන මෙනෙහි කරන්න. මෙම ඵල වගාකිරීම ඔබේ ජීවිතයේ වැදගත් සබඳතා වැඩිදියුණු කරන්නේ කෙසේද?

රූපය
ගසක් මත ඇපල්

මම මගේ ජීවිතයේ “ආත්මයාණන්ගේ ඵල” සෙවිය යුතුය.

ඔබ ආත්මයාණන් තුළ ගමන් කිරීමට උත්සහ කරන නමුත් ඔබේ උත්සහය පොරොන්දු වූ ඵල දරන බවක් නොපෙනේ නම්, ගලාති 6:7–10 කියවන්න. මෙම පද වලින් ස්වාමින්වහන්සේ ඔබට දී ඇති පණිවිඩය කුමක් ලෙස ඔබට හැඟෙනවාද?

තවත් බලන්න ඇල්මා 32:28, 41–43; දහම සහ ගිවිසුම් 64:32–34.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ගලාති 3:11.“ඇදහිල්ලෙන් ජීවත්වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි පවුලක් ලෙස ඇදහිල්ලෙන් යුතුව ජීවත් වන්නේ කෙසේද?

ගලාති 4:1–7.රජෙකුගේ සේවකයන් සහ ඔහුගේ දරුවන් අතර ඇති වෙනස්කම් සාකච්ඡා කිරීමෙන් ඔබට ගලාති 4 හඳුන්වාදිය හැකිය. සේවකයෙකුට නොලැබෙන රජෙකුගේ දරුවෙකුට ඇති අවස්ථා හෝ හැකියාවන් මොනවාද? ඔබ එකට එක්ව 1–7 පද කියවන විට මේ ගැන සිතන්න. ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය ගැන මෙම පද වලින් උගන්වන්නේ මොනවාද?

ගලාති3:5:16–26.“මාංසයේ ක්‍රියා” සහ “ආත්මයේ ඵල” අතර ඇති වෙනස සාකච්ඡා කිරීම සලකා බලන්න. ඔබේ සාකච්ඡාවට යම් විනෝදයක් එක් කිරීමට, ආත්මයාණන්ගේ ඵල විස්තර කිරීමට පාවුල් භාවිතා කළ වචන වලින් ඔබේ පවුලට විවිධ පළතුරු ලේබල් කළ හැකිය. එවිට පවුලේ සෑම සාමාජිකයෙකුටම එකක් තෝරාගෙන, එය නිර්වචනය කර, එම ඵලයට ආදර්ශයක් දෙන කෙනෙකු ගැන කතා කළ හැකිය. ආත්මයාණන්ට ඔබගේ නිවසට ආරාධනා කර මෙම ඵල වර්ධනය කළහැකි ආකාරය පිළිබඳ ඔබේ පවුලේ සාකච්ඡාවකට මෙය මගපෑදිය හැකිය. සාකච්ඡාවෙන් පසු, ඔබට එකට එක්ව පලතුරු සලාදයක් රස විඳිය හැකිය.

ගලාති 6:1–2.ඔබේ පවුලේ කෙනෙකු “වරදක් අභිබවා ගිය” අවස්ථා තිබෙන්නට පුළුවන්. එවැනි තත්වයකදී කුමක් කළ යුතුද යන්න පිළිබඳව ගලාති 6:1–2 හි ඔබ සොයාගන්නා උපදෙස් මොනවාද?

ගලාති 6:7–10.ඔබේ පවුල කවදා හෝ එකට එක්ව යමක් සිටුවා ඇත්නම්, “මිනිසෙකු වපුරන ඕනෑම දෙයක් ඔහු නෙළාගනු ඇත” (7 වන පදය) යන මූලධර්මය විදහා දැක්වීමට ඔබට එම අත්දැකීම භාවිතා කළ හැකිය. නැතහොත් ඔබට පවුලේ සාමාජිකයින්ගෙන් ඔවුන්ගේ ප්‍රියතම පලතුරු හෝ එළවළු ගැන විමසා එම ආහාර නිපදවන ශාකයක් වගාකිරීමට කළයුතු දේ ගැන කතා කළ හැකිය. (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය බලන්න.) එවිට ඔබේ පවුලේ අය බලාපොරොත්තු වන ආශිර්වාද සහ එම ආශිර්වාද “නෙලාගන්නේ කෙසේද” යන්න පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි තමන්ට අදාළ කරගැනීමට ඔබේ පවුලට උදව් කරන්න. නෙපි මෙසේ පැවසුවේය, “මම සියලු ශුද්ධලියවිලි අපට අදාළ කළේ, ඒවා අපගේ ලාභය හා ඉගෙනීම සඳහා වන පිණිසය” (1 නෙපි 19:23). ඔබේ පවුලට මෙය කිරීමට උදව් වීමට, ගලාති 5:22–23 හි විස්තර කර ඇති ආත්මයාණන්ගේ ඵල ඔවුන් අත්විඳ ඇති අවස්ථා ගැන මෙනෙහි කිරීමට ඔබේ පවුලේ අයට උපකාර කිරීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. (බලන්න Teaching in the Savior’s Way21.)

රූපය
ගසක් මත පෙයාර්ස්

පාවුල් ඉගැන්වූයේ අප ආත්මයාණන් තුළ ගමන් කරන විට, අපි අපගේ ජීවිත තුළ “ආත්මයාණන්ගේ ඵල” අත්විඳින බවයි.

මුද්‍රණය කරන්න