අලුත් ගිවිසුම 2023
ඔක්තෝම්බර් 23–29. 1 සහ 2 තිමෝති; තීතස්; පිලෙමොන්: “අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න”


“ඔක්තෝම්බර් 23–29. 1 සහ 2 තිමෝති; තීතස්; පිලෙමොන්: ‘අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔක්තෝම්බර් 23–29. 1 සහ 2 තිමෝති; තීතස්; පිලෙමොන්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
දේවමාළිගාවෙන් පිටත කාන්තාවන් තිදෙනෙක් ඇවිදයමින්

ඔක්තෝම්බර් 23–29

1 සහ 2 තිමෝති; තීතස් ; පිලෙමොන්

“අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න”

සමහරවිට ප්‍රශ්ණ එකක් හෝ කිහිපයක් මනසේ තබාගෙන ඔබගේ ශුද්ධලියවිලි අධ්‍යයනයට ප්‍රවේශ වීම ප්‍රයෝජනවත් වේ. ඔබ අධ්‍යයනය කරන විට පිළිතුරු දීමට ඔබට මගපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේට ආරධනා කරන්න, ඒවගේම ඔබට ලැබෙන ඕනෑම පෙළඹවීමක් සටහන් කරගන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් තිමෝතිට, තීතස්ට, සහ පිලෙමොන්ට ලියූ ලිපි වල, අපට ස්වාමින්වහන්සේගේ සේවකයෙකුගේ හදවත දැකගත හැකිවේ. පාවුල්ගේ මුළු සභාවටම ලියන වෙනත් ලිපි මෙන් නොව, මේවා ලියා ඇත්තේ පාවුල්ගේ කිට්ටු මිතුරන් හා දෙවියන්වහන්සේගේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන්ටය—එමෙන්ම ඒවා කියවීම සංවාදයකට සවන්දෙනවා හා සමාන වේ. සභා නායකයන් දෙදෙනෙකු වන තිමෝති සහ තීතස්, සභාවේ සේවය කිරීමේදී , පාවුල් විසින් ධෛර්යමත් කළ බව අපට පෙනේ. සෙසු ශුද්ධවන්තයෙකුට සමාව දී ශුභාරංචියේ සහෝදරයෙකු මෙන් සලකන ලෙස ඔහු තම මිතුරා වූ පිලෙමොන්ට ආයාචනා කිරීම අපට පෙනේ. පාවුල්ගේ වචන අපට කෙලින්ම ආමන්ත්‍රණය නොකළ අතර, බොහෝ අය කවදා හෝ ඒවා කියවනු ඇතැයි ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සේවයෙහි අපගේ පුද්ගලික දේවසේවය කුමක් වුවත්, මෙම ලිපි වලින් අපට උපදේශ සහ දිරිගැන්වීම් හමුවේ.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

තිමෝති සහ තීසස් යනු කවුරුන්ද?

තිමෝති සහ තීතස් පාවුල් සමඟ ඔහුගේ සමහර ධර්මදූත ගමන් වලදී සේවය කළහ. ඔවුන්ගේ සේවයන් වලදී, ඔවුන් පාවුල්ගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත්හ. පසුකාලීනව තිමෝතිව එපීසයේ සභාවේ නායකයා ලෙස, සහ තීතස්ව ක්‍රීතෙහි සභාවේ නායකයා ලෙසද කැඳවීය. මෙම ලිපි වල, පාවුල් තිමෝති සහ තීතස්ට ශුභාරංචිය ඉගැන්වීම සහ සභානායකයන් ලෙස සේවය කිරීමට පුද්ගලයන් කැඳවීමද ඇතුලුව, ඔවුන්ගේ වගකීම් සම්බන්ධයෙන් උපදෙස් සහ දිරිගැන්වීම් ලබාදුන්නේය.

රූපය
ධර්මදූතයින් පිරිමියෙකු සමඟ කතාකරමින්

“නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න” (1 තිමෝති 4:12).

1 තිමෝති 4:10–16

“අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න”

තිමෝති සාපේක්ශව තරුණවියේ පසුවිය, නමුත් ඔහුගේ තරුණකම නොසලකා ඔහුට සභාවේ ශ්‍රේෂ්ට නායකයෙකු වියහැකි බව පාවුල් දැනසිටියේය. 1 තිමෝති 4:10–16 හි පාවුල් තිමෝතිට ලබාදුන් උපදෙස කුමක්ද? අන් අයව ගැලවුම්කරුවාණන් වෙත සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත යොමුකිරීමට මෙම උපදෙස ඔබට උපකාරී වන්නේ කෙසේද?

තවත් බලන්න ඇල්මා 17:11.

2 තිමෝති

“දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයෙත් හික්මවීමේත් ආත්මයක්ය”.

2 තිමෝති පාවුල් ලියූ අවසාන ලිපිය බවට විශ්වාසයක් තිබෙන අතර, පොළොව තුළ ඔහුගේ කාලය කෙටි බවට ඔහු දැනසිටි බවක් පෙනේ (බලන්න 2 තිමෝති 4:6–8). තම විශ්වාසවන්ත උපදේශකයා සහ නායකයාව, ලඟදීම තමාට අහිමි විය හැකි බව දැනසිටීම තිමෝතිට කෙසේ හැඟෙන්න ඇද්ද? ඔහුව දිරිමත් කිරීමට පාවුල් පැවසුවේ කුමක්ද? ඔබට ඔබේම අභියෝග සහ බිය මනසේ තබාගෙන කියවිය හැකිය. 2 තිමෝති තුළ ස්වාමින්වහන්සේට ඔබ වෙනුවෙන් ඇති බලාපොරොත්තු සහ දිරිගැන්වීමේ පණිවිඩ මොනවාද?

තවත් බලන්න කෙලී ආර්. ජොන්සන්, “විඳදරාගැනීමේ බලය,” ලියහෝනා, නොවැ. 2020, 112–14.

2 තිමෝති 3

ශුභාරංචිය තුළ ජීවත්වීම අවසාන දවස්වල අධ්‍යාත්මික අන්තරායන්ගෙන් ආරක්ශාව සපයයි.

අප ජීවත්වන්නේ පාවුල් කතා කළ “අවසාන දවස්වල” වන අතර, “අන්තරා සහිත කාලවල්” පැමිණ ඇත (2 තිමෝති 3:1). ඔබ 2 තිමෝති 3, කියවන අතරතුර, සඳහන්ව ඇති අවසාන කාලයේ උපද්‍රව සටහන් කරගන්න (බලන්න 1 තිමෝති 4:1–3).

ඔබගේම ජීවිතයේ හෝ—ඔබ අවට ලෝකයේ මෙම උපද්‍රව පිළිබඳ උදාහරණ ගැන ඔබට සිතිය හැකිද? 6 වන පදයෙහි විස්තර කර ඇති අය මෙන් මෙම උපද්‍රව, “[ඔබේ නිවෙස්] වලට ඇතුලුවී, [ඔබව] වහල්කමට ගෙනයන” අය මෙන් වන්නේ කෙසේද? මෙම අධ්‍යාත්මික අන්තරා වලින් ඔබව සහ ඔබේ පවුලේ අයව ආරක්ශා කරගැනීමට 2 තිමෝති 3 හි, සහ මෙම ලිපි වල වෙනත් තැනක, ඔබට සොයාගත හැකි උපදෙස් මොනවාද? (උදාහරණ ලෙස, බලන්න, 1 තිමෝති 1:3–11; 2 තිමෝති 2:15–16; තීතස් 2:1–8).

පිලෙමොන් යනු කවුරුන්ද?

පිලෙමොන් යනු පාවුල් විසින් ශුභාරංචියට හරවන ලද කිතුනුවෙකි. පිලෙමොන්ට ඔනේසිමස් නම් වහලෙක් සිටි අතර ඔහු රෝමයට පලාගියේය. එහිදී ඔනේසිමස් පාවුල්ව මුණගැසී ශුභාරංචියට හැරිණි. පාවුල් ඔනේසිමස්ව නැවත පිලෙමොන් වෙත යැව්වේ ඔනේසිමස්ව “දැන් සේවකයෙකු ලෙස නොව, සේවකයෙකුට වඩා ප්‍රේමණීය සහෝදරයෙකු ලෙස” පිළිගැනීමට පිලෙමොන්ව දිරිගන්වමින් ලිපියක් සමඟිනි (පිලෙමොන් 1:16).

පිලෙමොන්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් එකිනෙකාට සලකන්නේ සහෝදර සහෝදරියන්ට ලෙසය.

ඔබ පාවුල් පිලමොන්ට ලියූ ලිපිය කියවන විට, අන් අය සමඟ ඔබේ සබඳතා වලට ඔහුගේ උපදෙස් අදාළ කරගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබට සලකා බැලිය හැකි ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ:

  • 1–7 දක්වා පද: “හවුල් කම්කරුවා” සහ “හවුල් සොල්දාදුවා” වැනි වචන වලින් ශුද්ධවන්තයන් අතර සබඳතා ගැන ඔබට යෝජනා කරන්නේ කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින සහෝදරයෙකු හෝ සහෝදරියකගෙන් ඔබට “ප්‍රබෝධයක්” දැනුණේ කවදාද?

  • 8–16 දක්වා පද: “අණ කිරීම” සහ “ආයාචනා කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පිලෙමොන්ට අණ කරනවාට වඩා ඔහුගෙන් ආයාචනා කිරීමට පාවුල් තීරණය කළේ ඇයි? ඔනේසිමස්ව නැවත පිලෙමොන් වෙත යැවීමෙන් පාවුල් බලාපොරොත්තු වූයේ කුමක්ද?

  • 16 වන පදය: “ස්වාමින්වහන්සේ තුළ ප්‍රේමණීය සහෝදරයෙක් [හෝ සහෝදරියක්]” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ආකාරයෙන් ඔබ ලැබිය යුතු කෙනෙකුව ඔබ දන්නවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 තිමෝති 2:9–10.“යහපත් ක්‍රියා වලින් [අපව] සැරසීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම සතියේ අපේ පවුලට කළ හැකි යහපත් වැඩ සමහරක් මොනවාද?

1 තිමෝති 4:12.“ඇදහිලිවන්තයන්ගේ ආදර්ශයක්” වීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා, ඔවුන්ට හොඳ ආදර්ශ වූ පුද්ගලයන්ව චිත්‍රයට නැගීමට ආරාධනා කිරීම සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට මෙම පුද්ගලයන් අපව පොළඹවා ඇත්තේ කෙසේද?

1 තිමෝති 6:7–12.“මුදලට ඇති ආදරය” “සියලු නපුරේ මුල” වන්නේ ඇයි? අපගේ ජීවිතය මුදල් හෝ ධනය කෙරෙහි යොමුකිරීමේ අන්තරායන් මොනවාද? අපට ඇති ආශිර්වාද සමඟ අප තෘප්තියට පත්වන්නේ කෙසේද?

2 තිමෝති 3:14–17මෙම පද වලට අනුව, ශුද්ධලියවිලි දන්නා සහ අධ්‍යයනය කරන අයට ලැබෙන ආශිර්වාද මොනවාද? සමහරවිට පවුලේ සාමාජිකයින්ට ඔවුන්ට “ප්‍රයෝජනවත්” ලෙස සොයාගත් ශුද්ධලියවිලි පද බෙදාගත හැකිය.

පිලෙමොන් 1:17–21.ඔනෙසිමස් වෙනුවෙන් පාවුල් කිරීමට කැමති වූයේ කුමක්ද? මෙය ගැලවුම්කරුවාණන්වහන්සේ කැමැත්තෙන්ම අප වෙනුවෙන් කළ දෙයට සමාන වන්නේ කෙසේද? (තවත් බලන්න 1 තිමෝති 2:5–6; දහම සහ ගිවිසුම් 45:3–5). පාවුල්ගේ සහ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අප අනුගමනය කරන්නේ කෙසේද?

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

පැහැදිලි සහ සරල දහම උගන්වන්න. ශුභාරංචිය එහි සරල බවින් ලස්සන වේ (බලන්න දහම සහ ගිවිසුම් 133:57). බොහෝ ලෙස සූදානම් වීමට අවශ්‍ය වන පාඩම් තුළින් ඔබගේ පවුල විනෝද කිරිමට උත්සහ කරනවා වෙනුවට, පිරිසිඳු සහ සරල දහම් ඉගැන්වීමට වෙහෙසවන්න (බලන්න 1 තිමෝති 1:3–7).

රූපය
ශුද්ධලියවිලි අධ්‍යනය කරන දරුවන් දෙදෙනෙක්

“ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැලවීම පිණිස නුඹව නැණවත් කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිට ඇත” (2 තිමෝති 3:15).

මුද්‍රණය කරන්න