අලුත් ගිවිසුම 2023
ඔක්තෝම්බර් 30–නොවැම්බර් 5. හෙබ්‍රෙව් 1–6: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ‘සදාකාලික ගැලවීමේ කතෘ’”


“ඔක්තෝම්බර් 30–නොවැම්බර් 5. හෙබ්‍රෙව් 1–6: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “සදාකාලික ගැලවීමේ කතෘ,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔක්තෝම්බර් 30–නොවැම්බර් 5. හෙබ්‍රෙව් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

රූපය
ක්‍රිස්තුස්වහන්සේ තරුණ ගැහැණු ළමයෙකු සමඟ සිටගෙන සිටිමින්

ඇනී හෙන්රි විසින්, Balm of Gilead [ගිලියද්හි ආලේපය]

ඔක්තෝම්බර් 30–නොවැම්බර් 5

හෙබ්‍රෙව් 1–6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “සදාකාලික ගැලවීමේ කතෘ”

අධ්‍යාත්මික හැඟීම් වාර්තා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඉගැන්වීමට කැමති දේ හඳුනාගැනීමට උපකාරී වේ. ඔබේ හැඟීම් මත ක්‍රියාකිරීමෙන් පෙන්නුම් කරන්නේ එම ඉල්ලීම් සැබෑවක් බවට ඇති ඔබේ ඇදහිල්ලයි.

ඔබේ හැඟීම් සටහන් කරන්න

නරක පුරුදු, වැරදි විශ්වාසයන්, අහිතකර ආශ්‍රයන්, හෝ වෙනත් දෙයක් වැනි—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගැනීම සඳහා අප එකිනෙකා යමක් අත්හැරිය යුතුය. මුල් ක්‍රිස්තියානි සභාවේ අන්‍ය ජාතිකයන් සඳහා, හැරීම යනු බොහෝ විට ව්‍යාජ දෙවිවරුන් අත්හැරීමයි. කෙසේවෙතත්, හෙබ්‍රෙව්වරුන්ට (හෝ යුදෙව්වන්ට) හැරීම වඩා දුෂ්කර නැතිනම්, එය ටිකක් සංකීර්ණ බව ඔප්පු විය. ඇත්තවශයෙන්ම, ඔවුන්ගේ ආදරණීය විශ්වාසයන් හා සම්ප්‍රදායන් මුල්බැස ඇත්තේ සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් තුළය, එය වසර දහස් ගණනක් පුරාවට දිවයයි. නමුත් ප්‍රේරිතවරුන් ඉගැන්වූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණ වී ඇති බවත් උසස් නීතියක් දැන් ඇදහිලිවන්තයන්ට ප්‍රමිතියක් බවත්ය. ක්‍රිස්තියානි දහම පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ හෙබ්‍රව්වරු ඔවුන්ගේ පෙර විශ්වාසයන් හා ඉතිහාසය අත්හැරිය යුතු බවද? මෝසෙස්ගේ නීතිය, අනාගතවක්තෘවරුන්, හා නියෝග සියල්ලම වැදගත් බවත්, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊටත් වඩා උසස් බවත් ඉගැන්වීමෙන් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය මගින් එවැනි ප්‍රශ්ණ විසඳීමට සෙවීය (බලන්න හෙබ්‍රෙව් 1:1–4; 3:1–6; 7:23–28). ඇත්තවශයෙන්ම, මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙසත් යුදෙව්වන් බලාසිටි පොරොන්දු වූ මෙසියස් ලෙසත් පෙන්වාදෙයි.

හැරීම යනු, ඒ මුල් කාලයේත් සහ අදත්, අපගේ නමස්කාරයේ සහ අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බවට පත්කිරීමයි. එහි තේරුම සත්‍යය තදින් අල්ලාගෙන සිටීම සහ අපව උන්වහන්සේගෙන් ඈත්කරන දේ අත්හැරීමයි, මන්ද උන්වහන්සේ “තමන්වහන්සේට කීකරු වෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැලවීමේ කර්තෘ වූ සේක” (හෙබ්‍රෙව් 5:9).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හෙබ්‍රෙව් ලිපිය ලිව්වේ කවුද?

සමහර විශාරදයන් පාවුල් හෙබ්‍රෙව්වරුන්ගේ ලිපිය ලිව්වාදැයි ප්‍රශ්න කර තිබේ. හෙබ්‍රෙව් පොතේ භාෂාවේ සාහිත්‍ය ශෛලිය පාවුල්ගේ අනෙක් ලිපි වලට වඩා තරමක් වෙනස් වන අතර පාඨයන්හි මුල්ම අනුවාදයේ කතුවරයකු නම්කර නැත. කෙසේවෙතත්, හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශ වන අදහස් පාවුල්ගේ වෙනත් ඉගැන්වීම් වලට අනුකූල වන හෙයින්, පසුදවස් වල ශුද්ධවන්තයන්, ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුකූලව, මෙම ලිපිය ලිවීමට පාවුල් අවම වශයෙන් සම්බන්ධ වී ඇති බව සාමාන්‍යයෙන් පිළිගෙන තිබේ.

හෙබ්‍රෙව් 1–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගික පියාණන්ගේ “ප්‍රකාශිත රූපය” වේ.

බොහෝ යුදෙව්වන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස පිළිගැනීම දුෂ්කර විය. හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය උන්වහන්සේ ගැන සාක්ෂි දරන ආකාරය සැලකිල්ලට ගන්න. ඔබ හෙබ්‍රෙව් පළමු පරිච්ඡේද පහ කියවන විට, ඔබ සඳහන් කළ පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නම්, භූමිකාවන්, ගුණාංග, සහ කාර්යය ලැයිස්තුවක් ඔබට තබාගත හැකිය. ගැලවුම්කරුවාණන් ගැන මේ දේවල් ඔබට උගන්වන්නේ මොනවාද? ස්වර්ගික පියාණන්වහන්සේ ගැන ඒවා ඔබට උගන්වන්නේ මොනවාද?

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පහත දැක්වෙන ප්‍රකාශය මෙම පරිච්ඡේද වල ඉගැන්වීම් පිළිබඳ ඔබේ අවබෝධයට එකතු කරන්නේ මොනවාද? “යේසුස්වහන්සේ… පැමිණියේ දෙවියන්වහන්සේ පිළිබඳව මනුෂ්‍යයාගේ දෘෂ්ටිය වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සැමවිටම සහ ඉදිරියටත් සැමවිටම ප්‍රේම කරන ලෙසටම උන්වහන්සේටත් ප්‍රේම කරන ලෙස අයැදීමටය. … එබැවින් කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කිරීම, රෝගීන් සුව කිරීම, කුහකකමට තරවටු කිරීම, ඇදහිල්ල ඉල්ලා සිටීම—මෙලෙස ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මාර්ගය අපට පෙන්වයි” (“The Grandeur of God,” Liahona, Nov. 2003, 72).

හෙබ්‍රෙව් 2:9–18; 4:12–16; 5:7–8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු දුක් වින්දේ මා දුක්විඳින විට උන්වහන්සේට එය තේරුම්ගැනීමට සහ මට උපකාර කිරීමට හැකිවන පිණිසයි.

ඔබට “නිර්භීතව කරුණාවේ සිංහාසනය වෙතට පැමිණ” දයාව සෙවිය හැකියි කියා ඔබට හැඟෙනවාද? (හෙබ්‍රෙව් 4:16). හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද එක් පණිවිඩයක් නම්, අපගේ පාප හා දුර්වලතා තිබියදීත්, දෙවියන්වහන්සේට ලඟාවිය හැකි අතර උන්වහන්සේගේ කරුණාව අත්කරගත හැකි බවය. ඔබගේ ලෞකික අභියෝගයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරයි යන විශ්වාසය ශක්තිමත් කරන කුමක් ඔබට හෙබ්‍රෙව් 2:9–18; 4:12–16; 5:7–8 තුළින් සොයාගත හැකිද? ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් කර ඇති දේ පිළිබඳ ඔබේ සිතුවිලි සහ හැඟීම් දිනපොතක වාර්තා කිරීම සලකා බලන්න.

තවත් බලන්න මොසායා 3:7–11; ඇල්මා 7:11–13; 34; මැතිව් එස්. හොලන්ඩ්, “පුත්‍රයාණන්ගේ උත්කර්ශවත් දීමනාව,” ලියහෝනා, නොවැ. 2020, 45–47.

හෙබ්‍රෙව් 3:74:11

“[ඔවුන්ගේ] හදවත් දැඩිකර නොගන්නා” අයට දෙවියන්වහන්සේගේ ආශිර්වාද තිබේ.

පුරාණ ඊශ්‍රායෙලිතයන්ගේ කථාව නැවත ප්‍රකාශ කිරීමෙන්, ඔවුන්ගේ මුතුන්මිත්තන්, අවිශ්වාසය නිසා දෙවියන්වහන්සේගේ ආශිර්වාද ප්‍රතික්ෂේප කිරීමෙන්—කළ වැරැද්දෙන් වැළකී සිටීමට යුදෙව්වන්ව පොළඹවාගැනීමට පාවුල් බලාපොරොත්තු විය. (ගණන් කථාව 14:1–12, 26–35 දක්වා පාවුල් සඳහන් කළ කතාව ඔබට කියවිය හැකිය.)

හෙබ්‍රෙව් 3:74:11 ඔබට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. මෙය සිදුකිරීම සඳහා, ඔබට මෙවැනි ප්‍රශ්න මෙනෙහි කළ හැකිය:

  • ඊශ්‍රායෙල්වරුන් ස්වාමින්වහන්සේව කෝපගැන්වූයේ කෙසේද? (හෙබ්‍රෙව් 3:8–11 බලන්න). දැඩි හදවතක් තිබීමේ ප්‍රතිවිපාක මොනවාද?

  • මගේ හදවත දැඩිවීමට මා ඉඩදුන්නේ කවදාද? දෙවියන්වහන්සේ මට ලබාදීමට කැමති නමුත් මගේ ඇදහිල්ලේ මදිකම නිසා මට නොලැබෙන ආශිර්වාද තිබේද?

  • මෘදු හා විචක්ෂණශීලී හදවතක් ඇතිකරගැනීමට මට කුමක් කළ හැකිද? (බලන්න ඊතර් 4:15; හිතෝපදේශ 3:5–6; ඇල්මා 5:14–15).

තවත් බලන්න 1 නෙපි 2:16; 15:6–11; යාකොබ් 1:7–8; ඇල්මා 12:33–36.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

හෙබ්‍රෙව් 1:8–9.යේසුස්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන බවත් අයුක්තියට වෛර කරන බවත් පෙන්වාදී ඇත්තේ කිනම් ආකාර වලින්ද? අපට අධර්මිෂ්ඨ ආශාවන් තිබේ නම්, ඒවා වෙනස් කිරීමට අපට කුමක් කළ හැකිද?

හෙබ්‍රෙව් 2:1-4.“අප අසා ඇති” ශුභාරංචි සත්‍යයන් තදින් අල්ලාගෙන සිටීම යන්නෙහි තේරුම ඔබේ පවුලේ අයට තේරුම්ගැනීමට උපකාර වන භාණ්ඩයක් යොදාගත් පාඩමක් ගැන ඔබට සිතිය හැකිද? ඔබට මෙය අල්ලාගැනීමට අපහසු භාණ්ඩයක් සමග නිදර්ශනය කළ හැකිය. මෙම භාණ්ඩ අල්ලාගැනීම හා රඳවාගැනීම වැනි අපගේ සාක්ෂිය පවත්වාගැනීමට අප ගන්නා උත්සාහයන් කෙසේද? “අප අසා ඇති දේවල්” අපෙන් ඉවතට ලිස්සා නොයන බවට අපට සහතික විය හැක්කේ කෙසේද? (1 වන පදය).

හෙබ්‍රෙව් 2:9–10.“ඔවුන්ගේ ගැලවීමේ කපිතාන්වරයා” යන වාක්‍ය ඛණ්ඩය ගවේෂණය කිරීම සඳහා කපිතාන්වරයෙකු යනු කවුරුන්ද යන්න සාකච්ඡා කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකිය. ගැලවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප හා අපගේ ගැලවීම සඳහා කපිතාන්වරයෙකු වන්නේ කෙසේද?

හෙබ්‍රෙව් 5:1–5.අධිකාරියක් ඇති කෙනෙකු තුළින් දෙවියන්වහන්සේගෙන් කැඳවීමක් ලැබීම ලෙස හැඳින්වීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පද ඔබට උපකාර කරයි. කැඳවීම් ලැබීම හා ඉටුකිරීම පිළිබඳව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

රූපය
මෝසෙස් ආරොන්ව නියම කරමින්

“තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්නා අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය” (හෙබ්‍රෙව් 5:4). හැරී ඇන්ඩර්සන් විසින්, Moses Calls Aaron to the Ministry [මෝසෙස් ආරොන්ව දේවසේවයට කැඳවමින්]

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

විවිධ ප්‍රවේශයන් උත්සාහ කරන්න. සෑමවිටම එකම ආකාරයකින් ශුද්ධලියවිලි අධ්‍යයනය කරනවා වෙනුවට විවිධ අධ්‍යයන අදහස් සලකා බලන්න. යම් යම් අදහස් සඳහා, මෙම ආකෘතිය ආරම්භයේ “ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්” බලන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

වෝල්ටර් රනේ විසින්, Light of the World [ලෝකයේ ආලෝකය]

මුද්‍රණය කරන්න